Thursday, September 6, 2018

හාමුදුරුවන්ගෙ ගෑණු ප්රස්නය




ස්වාමීන්වහන්සේ මහණවීමට හේතුවූ ගෑණු ප්රශ්ණය 

එම ආරණ්‍ය සේනාසනයේ සිරි නරඹමින් සිටි අපට දැකගන්නට ලැබුනු ස්වාමීන් වහන්සේලා ඉතා ප්රසන්න මනා රූප ශෝභාවෙන් යුත් අය වූහ ඉතා පිරිසිදු නීරෝගි පෙනුමෙන් යුතු කඩවසම් අයවූහ ඒ අතර සිටි සමහර භික්ෂූන් වහන්සේලා දුටු අපට මේ තරම් හැඩරුවින් යුත් මේතරම් තරුණ මෙම ස්වාමීන් වහන්සේලා මෙම වයසේදී පැවිදිවූයේ ඇයිදැයි  ප්රස්නයක් ඇතිවිය

ඉතා තරුණ එක් ස්වාමීන්වහන්සේ නමක් වෙත ගිය මගේ මිතුරකු උන්වහන්සේට වැද අවසරයි ස්වාමීන්වහන්ස අපට පොඩි ප්රශ්ණයක් තියනව ඹබ වහන්සේගෙන් එයට පිළිතුරක් ලබාගත හැකිදැයි විමසා සිටියේය අහන්න මහත්තයො ඹ්න ප්රශ්ණයක් දන්න දෙයක් නම් කියල දෙන්නම් යයි එවිට උන්වහන්සේ පැවසීය



අවසරයි ස්වාමීන්වහන්ස, ඹබවහන්සේ මෙතරම් තරුණ කාලයේදී පැවිදි දිවියට ඇතුල්වුනේ ඇයි ඹබ වහන්සේට පැවිදි දිවියට ඇතුල්වෙන්න හේතුවුන කරුණු මොනවද කියල අපට දැනගන්නට පුලුවන්ද  විමසා සිටියේය


මද සිනහ පහල කල උන්වහන්සේ මහත්තයො මට ගෑණු ප්රස්නයක් තිබුන මුදල් ප්රස්නයක් තිබුන යානවාහන ප්රස්නයක් තිබුන ආහාර ප්රස්නයක් තිබුන ඉඩකඩම් ප්රස්නයක් තිබුන ඒ නිසා මම මහණ වුනා යයි කීවාය 

අපිට අන් සියල්ලටම වඩා දැනගන්නට අවශ්‍ය වූයේ උන්වහන්සේට තිබුන ගෑණු ප්රස්ණය කුමක්ද යන්නයි එබැවින් මගේ මිත්රයා  ඒ ගැණ නැවතත් විමසා සිටියේය මහත්තයෝ මම හුගක් පෝසත් පවුලක කෙනෙක් මට ගෙවල්දොරවල් යානවාහන මිලමුදල් ඹක්කොම අඩු නැතුව තිබුන මා සමග විවාහවෙන්න කැමති ඉතාම ලස්සන උගත් බුද්ධිමත් යුවතියන්ද හිටිය

ඉතින් අපේ හාමුදුරුවනේ ඉතින් මොකදවුනේ මගේ මිතුරා විමසීය


ඉතින් මහත්තයො ඒ සියල්ලම එහෙම උනත් මට ටිකින්ටික තේරුම් ගියා ලෝකෙ ඉන්න හොදම ගැහැණිය ගත්තත් ගෑනු ගැන මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිවුන ගෑණු ප්රස්නය 

මට තේරුම් ගියා කොයි තරම් මිලමුදල් ලැබුනත් මිලමුදල් ගැන මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිබුන මිලමුදල් ප්රස්නය 

මට තේරුම් ගියා ලෝකෙ තියන හොදම වාහනය ගත්තත්  වාහන ගැන මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිබුන යානවාහන ප්රස්නය 

හොදම ඉඩකඩම් ගේදොර තිබුනත් ඉඩකඩම් ගේදොර ගැන  මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිබුන  ඉඩකඩම් ගේදොර ප්රස්නය අනිත් ප්රස්නත් ඒ වගේ තමයි 

ඉතින් මහත්තයො මට තේරුනා මේ බාහිර දේවල් අත්පත් කර ගැනීමෙන් නම් කවදාවත් මේ ප්රස්න කෙලවරක් කරගන්න බැහැ කියල විසදුමක් ලැබෙන්නෙ නැහැ සංසිදෙන්න නැහැ කියල ඇයි එකක් අත්පත්කර ගන්නකොට තවතවත් ඹ්න වෙනවනෙ 

ඉතින් මම මේ ප්රස්න වලට උත්තර සොයන අතරෙ මම අදුනන ස්වාමීන්වහන්සේලාගෙනුත් මේ ගැන විමසුව උන්වහන්සේලා තමයි මට කියල දුන්නෙ කවදාවත් බාහිර දේවල් අත්පත්කර ගනිමින් ගිහින් මෙයට විසදුමක් හොයාගන්න බැහැ  එයින් වෙන්නෙ නොයකුත් දුක්විදිමින් කෙලවරක් නැති  හරි විසදුමක් නොලැබෙන ගමනක් යන එක විතරයි කියනඑක එමෙන්ම මෙම ප්රස්න හරියාකාරව විසදගන්න නම් කරන්න ඹ්න බාහිර වස්තූන් වැඩිවැඩියෙන් අත්පත්කර ගන්න එක නොවෙයි එම කාම වස්තූන්ට තමන් තුල තියන ආශාව ඉවත් කරගන්න එකබව 

ඉතින් මටත් ටිකින්ටික තේරුණා බුද්ධධර්මයෙ පෙන්වාදී තිබෙන එම මග තමයි

මෙයට තියන නිවැරදි එකම මග කියල එයින් තමයි කවදහරි නිවැරදි විසදුමක් සැනසිල්ලක් ලැබෙන්නෙ කියල ඉතින් මම ඒ දහසක් ප්රස්න කෙලවර කරගන්න කවදහරි සැබෑ සැප ලබන්න කවදහරි සැබෑ සැනසිල්ලක් ලබන්න අර බොරු සැප ඔක්කොම අතහැරදාල මේ ආරණ්‍ය සේනාසනයට ඇවිත් මහණ වුනා




උන්වහන්සේගේ කථාව අවසන් වනවිට අප සියලු දෙනාගේම ඇස් කදුලින් තෙත්වී තිබුනි අප ඒ කදුලින් උන්වහන්සේ ගේ දෙපා දෝවනය කර උන්වහන්සේ වැද නමස්කාරකර ආපසු පැමිණියෙමු