Sunday, May 19, 2019

ආනන්තරික පාප කර්ම




අංගුත්තර නිකායෙ දශක නිපාතයෙ සංඝභේද සූත්රයෙ එමෙන්ම අංගුත්තර නිකායෙ පරිකුප්ප සූත්රයෙ එමෙන්ම අංගුත්තර නිකායෙ දුතියසික්ඛාපද සූත්රයෙ එමෙන්ම අංගුත්තර නිකායෙ වොරෝපිත සූත්රයෙ එමෙන්ම අංගුත්තර නිකායෙ පඨම ආනන්ද සූත්රයෙ ආදී සූත්ර ගණනාවක ආනන්තරික පාපකර්ම පහක් ගැන එනම් පංචානන්තරිය පාප කර්ම ගැන විස්තර කරල තියනව 
ආනන්තරික පාප කර්ම පහක් ගැන සදහන් කරල තියනව

1 මව මැරීම
2 පියා මැරීම
3 රහතුන් මැරීම
4 දුෂ්ඨ චේතනාවෙන් බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම
5 සංඝ භේදය

ආනන්තරික පාප කර්මයක් කල කෙනෙකුට වෙනත් කර්මයක් පලදෙන්නට ඉඩ නොතබා එම පාප කර්මයෙහි විපාක අතරක් නැතුව විදින්නට වෙනව කියන එකයි සදහන්ව තියෙන්නෙ අන් - අන්තරික අන් කියන්නෙ වෙනත්, අන්තරික කියන්නෙ ඉඩක් නැතුව කියන එකයි ඒ කියන්නෙ වෙනත් පුණ්‍ය කර්මයකට හරි පාප කර්මයකට හරි පලදෙන්න විපාක දෙන්න ඉඩ නොදී ආනන්තරික පාප කර්මයේ විපාක විදින්න වෙනව කියන එකයි එයට හේතුව එම පාපය බලවත්කම වැඩිකමයි  අනිවාර්යයෙන්ම සතර අපා ගතවෙලා ඒ පාප කර්මයෙහි පාප ශක්තිය ගෙවිල යනතුරු අනන්ත කාලයක් දුක් විදින්නට වෙනව කියන එකයි
පංචානන්තරිය පාප කර්මයක් කල කෙනෙකුට සදහටම නිර්වාණය වැහෙනව කියල ධර්මයේ සදහන්ව නැහැ සිදුවන්නෙ ආනන්තරික පාප කර්මයෙ විපාක ගෙවිල යනතුරු වෙනත් කිසිම කර්මයක විපාක පල නොදී අනන්ත දුක් සහිත එම පාප කර්මයේ විපාක ගෙවා අවසන් වනතුරු අනන්ත කාලයක් දුක්පලදීමයි අනන්ත කාලයකට සුගතියකට පැමිණීමක් නොවීමයි අනන්ත කාලයකට සද්ධර්මය ඇසීමට අවස්ථාවක් නොලැබීමයි  නිර්වාණ අවබෝධයට අනන්ත කාලයකට අවස්ථාවක් නොලැබීමයි

1 මව මැරීම 2 පියා මැරී‍ම 3 රහතුන් මැරීම 4 දුෂ්ඨ චේතනාවෙන් බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම කියන ඒව ශිෂ්ඨ සමාජයක මනුෂ්‍යයෙක් අතින් බොහොම කලාතුරකින් කෙරෙන ඒව නමුත් සංඝභේදය එහෙම නෙවෙයි වෙන
ආගම් වල අය අතින් ඒක කෙරෙනව අඩුයි නමුත් බණ නොදන්න බුද්ධාගම් කාරයො අතින් ඒක නිතරම කෙරෙන්න පුලුවන්
සංඝභේදය කියන්නෙ හාමුදුරුවරු භේද කරවන එක නොවෙයි එක සූත්රයකවත් හාමුදුරුවරු තරහ කරන එකක් ගැන සදහන්වෙන්නෙ නැහැ

බුදුහාමුදුරුවො ධර්මය දේශණා කරල තියෙන්නෙ පාලියෙන් නෙවෙයි මාගදී භාෂාවෙනුයි මාගදී භාෂාවෙ අකුරු නැහැ මාගදී කියන්නෙ සබ්ද සංඥා භාෂාවක් මාගදී භාෂාවෙන් සංඝං කියන්නෙ සසර දුකින් මිදී නිදහස් වන්නට තියන ක්රියාකාරකම් වලින් යුක්ත මාර්ගචර්යාවයි

මාගදී භාෂාවෙන් සං කියන්නෙ කෙලෙස් වලට
සං කියන්නෙ රාග ද්වේශ මෝහ වලට
ඝ කියන්නෙ ඉවත්කර දැමීම ගසා දැමීම කියන එකයි
එවිට සංඝ කියන්නෙ කෙලෙස් ඉවත් කිරීමට
එවිට සංඝ භේදය කියන්නෙ කෙලෙස් ඉවත් කිරීමට අනුගමනය කිරීමට බුදුරජානන්වහන්සේ විසින් දක්වා ඇති මාර්ගය එම මාර්ග චර්යාව බේද කිරීම භින්න කිරීම වෙනස් කිරීම ආදියයි
 සංඝභේද පාප කර්මය වෙන අවස්ථා දහයක් බුදුරජානන් වහන්සේ අංගුත්තර නිකායෙ පඨම ආනන්ද සූත්රයෙ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරල තියනව

1    අධම්මං ධම්මං දේසේති - අධර්මය බුද්ධධර්මය යයි දේශණා කිරීම .............
2  ධම්මං අධම්මං දේසේති
3   අවිනයං විනයෝති දීපෙන්ති - අවිනය විනය ලෙසින් දක්වා දේශණා කිරීම
4   විනයං අවිනයෝති දීපෙන්ති
5   අභාසිතං අලපිතං ............ දීපෙන්ති - බුදුවරයන් වහන්සේලා දේශණා නොකල දෙය දේශණා කලේයයි දේශණා කිරීම  ......
6  භාසිතං ලපිතං ............ දීපෙන්ති
7   අනාචිණ්ණං .............ආචිණ්ණං......දීපෙන්ති
8  ආචිණ්ණං .............අනාචිණ්ණං......දීපෙන්ති
9  පඤ්ඤත්තං ........අපඤ්ඤත්තං  ..... දීපෙන්ති
10)අපඤ්ඤත්තං ........පඤ්ඤත්තං  ..... දීපෙන්ති

     කව්රුහරි මේ  කටයුතු කලොත් තමයි සංඝභේද පාප කර්මය සිදුවන්නෙ

මෙහි දීපෙන්ති කියන්නෙ පණ පිහිටුවා කීම, සත්‍යය යයි කීම, ලිවීම, විස්තර කිරීම ආදියයි

තථගත දේශණාව පඤ්ඤපනා , පට්ඨපනා,විභජනා,විවරනා සහිත  ආචික්ඛනා දේශනාවක් එම ආචිණ්ණ දේශණාව  එක අකුරකින්වත් වෙනස් කලොත් අනාචිණ්ණං කලොත් එය සංඝභේදය පාප කර්මය වෙනව සංඝෝ භින්නෝ භේදෝ වෙනව ආනන්තරිය පාප කර්මය වෙනව

බුදුවරයන් වහන්සේ නමක් පනවපු දෙයක් වෙනස් කලොත් එය සංඝභේදය පාප කර්මය වෙනව සංඝෝ භින්නෝ භේදෝ වෙනව ආනන්තරිය පාප කර්මය වෙනව

බුදුවරයන් වහන්සේ නමක් දේශණා කරන ධර්මය අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන වශයෙන් විග්රහ සහිතවයි දේශණා කරන්නෙ

බුදුවරයන් වහන්සේ නමක් දේශණා කරන ධර්මය සාත්තං සව්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං පරිශුද්ධං ගූණයන්ගෙන් යුක්තයි එම ධර්මයෙ අඩුගානෙ ඇලපිල්ලක්වත් වෙනත් කෙනෙකුට වෙනස් කරන්න ඉඩ තියල නැහැ වෙනස් කරන්නත් බැහැ වෙනස් කලොත් අර්ථ වෙනස් වෙනව සංඝෝ භින්නෝ භේදෝ වෙනව සංඝභේදය පාප කර්මය වෙනව ආනන්තරිය පාප කර්මය වෙනව අනිවාර්යෙන් අතරක් නැතිව අනන්ත කාලයක් සතර අපායෙ දුක්විදින්න වෙනව


සද්ධර්මය දේශණා කරන එක ලේසි වැඩක් නෙවෙයි ඒක මහා බරපතල මහා භාරදූර කාර්යයක් මොකද  කරන්න ගිහින් වැරදුනොත් වරදවා කිව්වොත් ඒක තමන්ගෙ නිවනත් වහගෙන අනුන්ගෙ නිවනත් වහන මහා බරපතල පාප කර්මයක් වෙන හින්ද


ලංකාවෙ හුගක් අය පරම්පරා ගණනකින් බුද්ධධරමය අහල නැහැ නමුත් හිතාගෙන ඉන්නව අපි තරම් බණ දන්න අය නැහැ කියල කරුණු හොයල බලන්නෙ නැහැ පුහු මානය නිසා  ලංකාවෙ හුගක් හාමුදුරුවරු හුගක් අය පරම්පරා ගණනක් බුද්ධධර්මය අහන්න නොලැබිලා අපවත්වෙලා තියනව මිය පරලොව ගිහින් තියනව කාලයක් තිස්සෙ බුද්ධාගමෙන් සැබෑ බුද්ධධර්මය යටපත්ව වැහිල තිබුන නිසා  

 නමුත් වර්තමානයේ සමහර ස්වාමීන්වහන්සේලා සැබෑ බුද්ධධර්මය මතුකරල දේශණා කරනව එම ධර්මදේශණා අසන ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද ඉන්නව

විවිධ ස්වාමීන්වහන්සේලා බණ කියනව නමුත් තමුන්ට හැකියාව තියෙන්න ඕන නිවැරදි බණ හදුනාගන්න

  නමුත් කව්රුහරි බණ නොදැන  බණ කියල වෙනත් දෙයක්  කියනවනම්  ඒ අය කරන්නෙ අනුන්ගෙ නිවනත් වහල තමන්ගෙ නිවනත් වහගන්න එක සසර දුකින් මිදී නිදහස් වන්නට බුදුරජානන් වහන්සේ දේශණා කල  මාර්ගචර්යාව වෙනස් කරන එක එහෙම අය කරන්නෙ   සංඝභේදය ආනන්තරික පාපකර්මය

මූලාශ්රය :- අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ධර්මදේශනා

  


Wednesday, May 1, 2019

දේව ආගම් ඇතිවීම සහ එයින් මුලාවී නොයෙකුත් යහපත් අයහපත් කටයුතු කිරීම කතාව






දේව ආගම් ඇතිවීමේ කතාව සහ ආගමේ නාමයෙන් මුලාවී යහපත් සහ නොයෙකුත් අයහපත් කටයුතු කිරීමේ කතාව
1. අලුත් ලෝකයක් ජීවය ඇතිවීමට සුදුසු තත්වයට පත්වීම
2. දිව්‍ය ලෝකවල සිටින සමහර අය සහ සමහර බ්රහ්ම ලෝකවල සිටින සමහර අය එහි උපත ලැබීම
3. තමන්ගේ මෙලොව උපත සිදුවූයේ කෙසේදැයි ඔවුන් සිතා බැලීම
4. සමහර අයට තමන් පෙර සිටි දිව්‍ය ලෝකය මතක්කිරීමට හැකිවීම
5. ඹවුන් තමන් දෙවියන් විසින් මෙලොවට මවන ලද්දේයයි විශ්වාස කරමින් දේව ආගම් නිර්මාණය කර ගැනීම
6. දිව්‍යලෝකයට ස්වර්ගයටයාම දුකින් මිදීමට මග යයි සිතා මුලාවී ඒ අනුව කටයුතු කිරීම
7. එම ආගමේ පැවැත්ම සදහා යහපත්වැඩ මෙන්ම නොයෙකුත් අයහපත් වැඩ කිරීම
8. සමහර අයට තමන් පෙර සිටි බ්රහ්ම ලෝකය මතක්කිරීමට හැකිවීම
9. ඹවුන් තමන් බ්රහ්මයා විසින් මෙලොවට මවන ලද්දේයයි විශ්වාස කරමින් බ්රහ්ම ආගම් නිර්මාණය කර ගැනීම
10. බ්රහ්මත්වයට පත්වීම දුකින් මිදීමට මග යයි සිතා මුලාවී ඒ අනුව කටයුතු කිරීම
11. එම ආගමේ පැවැත්ම සදහා යහපත්වැඩ මෙන්ම නොයෙකුත් අයහපත් වැඩ කිරීම
12. බුදුරජානන්වහන්සේ ලොව පහලව එම දිව්‍ය බ්රහ්ම තත්වයන්ද දුක් සහිත තාවකාලික තත්වයන්බව පහදා දී සත්වයන් මුලාවෙන් මුදවා දුකින් මිදීමට නිවැරදි මග පෙන්වා දීම