Thursday, April 18, 2019

ග්රාමීය පාසලක විදුහල්පති සහ කාල සටහන් හදන ගුරුවරයා අතර සාකච්චාව - තරමක් දුරට ප්රබන්ධයකි








ග්රාමීය පාසලක විදුහල්පති සහ කාල සටහන් හදන ගුරුවරයා අතර සාකච්චාව - තරමක් දුරට ප්රබන්ධයකි

සර් අපි ඉල්ලුවෙ ප්රාථමික ගුරුවරයෙකුයි චිත්ර ගුරුවරයෙකුයි වුනාට එවල තියෙන්නෙ වානිජ උපාදි ගෑණු ලමයෙකුයි පියන් ගෑණු ලමයෙකුයිනෙ දෙන්නම ලස්සනයි හැඩයි පියන් ගෑණු ලමය මොනටිසෝරියක් දාගෙන ඉදල තියෙන්නෙ ඩිප්ලෝමාවකුත් තියනව උසස්පෙලත් පාස්

සර් පියන් ලමයට 1 වසර දීල වානිජ ටීචට 6,7,8 චිත්ර දෙන්නද

එපා

ඇයි සර් එහෙනම් අර විද්‍යාගාර සහායක ආපු එක්කෙනාට පියන්කම දීල පියන් කමට ආපු ගෑණු ලමයට විද්‍යාගාරෙ වැඩකරන්න දීල තියෙන්නෙ

ඒ දෙන්න කැමැත්තෙනුයි එහෙම මාරු කර ගත්තෙ ඒ පියන් ගෑණු ලමය බදින්න ඉන්න එක්කෙනාට එයා කියල තියෙන්නෙ එයා විද්‍යාගාර සහායක කෙනෙක් කියලලු

මෙතන තියන ප්රශ්නෙ  එහෙම දෙන්න බැරිකම නෙවෙයි පියන් ලමයට ගුරු අත්සන් පොතේ අත්සන් කරන්න දෙන්න බැරිකම දුන්න ගමන් ටක් ගාල ගුරුමණ්ඩලයෙ අය දැනගන්නව අර කිසි වැඩක් නොකරන ටීචත් ඔය පන්තිය ඉල්ලලනෙ තියෙන්නෙ

එහෙම නෙවෙයි  මෙහෙම කරමු

වානිජ ටීචට 1 වසර පන්තිය දෙන්න

ගුරුමණ්ඩලයෙ අයටත් රහසේ කියල ඔය අලුත් පියන් ලමයට ටීච කෙනෙක් එනකම් 6,7,8 චිත්ර දෙමු
6,7,8 චිත්ර බාරගන්න ගුරුමණ්ඩලයෙ කවුරුවත් කැමති නැති නිසා ඒගොල්ලොත් සද්ද නැතුව ඉදීවි
අනිත් එක අපිට දැනටත් පියන් ලමයෙක් ඉන්නවනෙ අපට ඒ ඇතිනෙ

අපි ඉල්ලපු විදිහට ගුරුවරු එව්ව නම් මේ ප්රශ්ණ මොකුත් නෑනෙ සර්

ඹය ලමය තාම මේ දෙපාර්තමේන්තුව ගැන දන්නව අඩුයි ලමයො මේකෙ ඉන්න ලිපිකරුවො එක දෙපාර්තුමේන්තුවක
ගුරුවරු තව දෙපාර්තුමේන්තුවක
උසස් නිලධාරි වෙනත් දෙපාර්තුවක
මේකෙ මේ තරමටවත් වැඩ යනව ඇති

සර් ඔය උසස් නිලධාරි මොන දෙපාර්තුමේන්තුවෙ අයද
ඒ ගොල්ලො වැඩි දෙනෙක් රාජ්‍ය පරිපාලන සේවයේ අයනෙ
තරග විභාගයකින් පාස්වෙලා ආව කියල ඒ ගොල්ලන්ගෙ හිතේ ඒ ගොල්ල නොදන්න දෙයක් නැහැ කියල ඒගොල්ල දන්න අධ්‍යාපනේ
ඒකනෙ ඒගොල්ල ඔය දවසක්වත් ඉස්කොලෙක උගන්නල නැති අයව අධ්‍යාපනඅධ්‍යක්ෂක තනතුරු වලට බදව ගන්නෙ
ඔන්න ඔය තියෙන හැටියට යමු
ලමයි හම්බුවෙන්න ඉන්න ගෑණු දෙන්නෙක් නොඑව ගෑණු ලමයි දෙන්නෙක් එවපු එක ගැන සතුටුවෙමු
කොහොම හරි කාලසටහන බැලැන්ස් කර ගන්නත් ඕනැනෙ


2 comments:

  1. අධ්‍යාපනය ඇතුලෙ තියන ප්රශ්ණ ගොඩයි ඒ ප්රශ්ණ සරලව කොටස් තුනකට බෙදන්න පුලුවන් ඔය ගොඩනැගිලි අවශ්‍යතා වගේ භෞතික සම්පත් සම්බන්ද ගැටලු ගුරුවරු සේවකයො වගේ මානව අවශ්‍යතා සම්බන්ධ ගැටලු සහ උගන්වන කරුණු සහ උගන්වන ක්රම ආදිය සම්බන්ධ ගැටලු ආදිය කියල
    අධ්‍යාපනය ගැන තේරුමක් තියන නිලධාරීන්ට ඕනවුනාට අධ්‍යාපනය හදන්න බැහැ වෙනස්කම් කරන්න බලයක් නැති නිසා වෙනස්කම් කරන්න බලය තියන දේශපාලනය කරන අයට මොනවද කරන්න ඕන වෙනස්කම් කියල තේරෙන්නෙ නැහැ අධ්‍යාපනය ගැන තේරෙන්නෙ නැතිනිසා ඉතින් හුගක් වෙලාවට ඒ අය අධ්‍යාපන ගැටලු කියල හදුනගන්නෙ අර භෞතික සම්පත් සම්බන්ද ගැටලු ආදිය ඉතින් ඒ අයට තේරෙන විදිහට පාසල් වලට ගොඩනැගිලි ආදිය දෙන්න තමයි බලන්නෙ
    රටේ මුදලින් කරන වියදම් වගේම පිටරට වලින් දෙන ආධාර හුගක් අපතෙ යනව එක ලමයෙකුට ලක්ෂයක් කියල මුදලක් වෙන් කලොත් ඒ මුදල ලමයට එනකොට රුපියල් දාහක් විතර තමයි ලමයට ලැබෙනව වෙන්න පුලුවන් ඉතිරි මුදල් ඔක්කොම අතරමැදි අය අයකර ගන්නව හදන ගොඩනැගිලි වලට සාමාන්‍ය වියදමට වැඩිය තුන් ගුණයක් විතර වියදම් කරනව එහෙම හැදුවත් අපරාදෙ කියන්න බෑ බොහොම ටික කාලයයි තියෙන්නෙ නිකම්ම අබලන් වෙනව මිනිස්සු එයිට වඩා හුගක් අඩු වියදමට හදාගන්න ගෙවල් එයිට වඩා හුගක් කල් පවතිනව ලමයෙකුට කරන වියදම බැලුවහම ගුරුවරු ගෙදරට යවල උගන්නව මෙයිට වඩා ලාබනේද කියල හිතෙනව
    ගුරුවරු සේවකයො වගේ මානව අවශ්‍යතා සම්බන්ධ ගැටලුත් ටිකක් හදුනගත්තට ඒවට විසදුම් යෝජනා කරන්න වෙනස්කම් කරන්න දේශපාලන බලය තියන අයට තේරෙන්නෙ නැහැ ඉතින් අර අමාත්‍යංශයෙ හරි වෙන තැනක හරි ඉන්න එයා උපදෙස් ගන්න අයගෙ පිහිට පතන්න වෙනව ඒ හුගක් අයත් කවදාවත් ඉස්කෝලෙක උගන්නල නැති අධ්‍යාපනයෙ ඇත්ත ගැටලු නොදන්න අය ඉතින් වෙන වෙන ඒ අයට වාසිවෙන වැඩ තමයි හුගක් කෙරෙන්නෙ ඇත්ත ප්රශ්ණ විසදන්නෙ නැතුව ජනප්රිය වෙන්නයි බලන්නෙ
    උගන්වන කරුණු සහ උගන්වන ක්රම සම්බන්ධ ගැටලු ආදිය නම් හදුනගන්නව ඉතාම අඩුයි කවදාවත් ඉස්කෝලෙ පන්තියෙදි ඉවර කරන්න බැරි සිලබස් හදල දැම්මහම ලමයින්ට ඉබේටම ටියුෂන් යන්න වෙනව පුලුවන් නම් හොයල දෙනවද ටියුෂන් නොගිහිල්ල විශ්ව විද්‍යාලෙක විද්‍යා වෛද්‍ය ඉංජිනේරු අංශයකට ඇතුල්වුන ලමයෙක් ඉතින් දුප්පත් ලමය ඉබේටම අයින් වෙනව නිදහස් අධ්‍යාපනය තියෙන්නෙ නමට විතරයි A 9 අරගෙනත් ටියුෂන් යන්න සල්ලි නැති හින්ද කලා වානිජ කරන ලමයි ඉන්නව ඉතින් මොන නිදහස් අධයාපනයක්ද
    වර්ථමාන අධ්‍යාපනයෙ ගුණාත්මක බව රැදිල තියෙන්නෙ ටියුෂන් ගුරුවරු නිසයි ඒ නිසා ඒ අයට ස්තුතිවන්තවෙන්න ඕන සල්ලි අරගෙන හරි උගන්නන එක ගැන අද රටේ තියෙන්නෙ වෙන වැඩ වලට පාසල විෂය ඉගෙනීමට ටියුෂන් කියන අධ්‍යාපන ක්රමය
    ජාතික අධ්‍යාපන ආයතණය කරන්නෙ මොනවද කියල හිතෙනව
    මැර බලය ධන බලය නැති කෙනෙකුට දේශපාලනය දිනන්න බැරි තත්වයක් තියන නිසා දැණුමැති කෙනෙකුට අවශ්‍ය වෙනස්කම් කරන්න බලයට එන්න ලැබෙනව අඩුයි
    අධ්‍යාපනයෙ තියන ප්රශ්ණ රටේ ඉන්න දුප්පත් මිනිස්සු දන්නෙ නැහැ ඒ මිනිස්සු හිතාගෙන ඉන්නෙ අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්රමය නියමයි කියල ඒ අය කරන්නෙ පේල්වුනොත් ලමයට දොස් කියන එක ජපානෙ පින්ලන්තය වගේ රටවල තියන අධ්‍යාපන ක්රම ගැන මිනිස්සු දන්නෙ නැහැ
    මේක ලොකු සබ්ජෙක්ට් එකක් මෙහෙම පොඩි ලිපියකින් නියම තත්වය ලියන්න බැහැ නිකම් සාමාන්‍යයෙන් අගවන්නයි ලිපිය ලිව්වෙ
    හැබැයි මේ හැම ප්රශ්ණෙකින්ම බැට කන්නෙ නිදහස් අධ්‍යාපනය අවශ්‍යම තත්වයෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ගෙ ලමයි ඒකයි මෙතන තියන ප්රධානම ප්රශ්ණෙ

    ReplyDelete