Friday, June 12, 2020

පොලව යට ගුල් හාරාගෙන වාසය කරන සතුන්ට අවශ්‍ය පිරිසිදු වාතය ලැබෙන්නේ කෙසේද


පොලව යට ගුල් හාරාගෙන වාසය කරන සතුන්ට අවශ්‍ය පිරිසිදු වාතය ලැබෙන්නේ කෙසේද
මෙය පහසුවෙන් පිළිතුරු දියහැකි සරල ප්‍රශ්ණයක් නොවේ
මේ ගැන තරමක් දුරට සොයාබලමු
රූපයේ දැක්වෙන ආකාරයට පොලව යට ගුලක වෙසෙන සත්වයෙක් ගැන සිතමු
මුලදී හෑරූ ගුලෙහි ඇති වාතයේ ඔක්සිජන් වායුව තිබුනද එම සතා විසින් එය පරිභෝජනට ගැනීමෙන් පසු එය තුල ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වායුව  නැතිවේ එයට අමතරව සතා විසින් පිටකරන වාතයෙහි ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා එහි කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවේ කාබන් ඩයොක්සයිඩ් ශ්වසනයට උපකාර නොවේ
එබැවින් එම සතාට දිගටම එම ගුලෙහි  ජීවත් වන්නට නම් ගුලෙහි ඇති වාතය පිටත ඇති වාතය සමග සිදුවන අන්තර් වායු හුවමාරුව
අඛණ්ඩව සිදුවිය යුතුවේ
මෙය සිදුවන්නේ කෙසේද 

මෙය පහසුවෙන් පිළිතුරු දියහැකි සරල ප්‍රශ්ණයක් නොවේ

මෙයට පිළිතුරුදීම සහා ස්විස් ජාතික භෞතික විද්‍යාඥ ඩැනියෙල් බ’ර්නුලි (1700 – 1752 ) විසින්  තිරස්ව ප්‍රවාහයවන දුස්ස්‍රාවී නොවන තරලයක අභ්‍යන්තර පීඩනය සම්බන්ධව  කරනලද අනාවරණය අවශ්‍යවෙයි

නොහොත් තිරස්ව ප්‍රවාහයවන දුස්ස්‍රාවී නොවන තරලයක අභ්‍යන්තර පීඩනය සම්බන්ධව සිදුවන ස්වභාවධර්මයේ ස්වරූපය සම්බන්ධව කරනලද අනාවරණය අවශ්‍යවෙයි

එහිදී ඔහු විසින් අනාවරණය කරන ලද්දේ තිරස්ව ප්‍රවාහයවන දුස්ස්‍රාවී නොවන තරලයක අභ්‍යන්තර පීඩනය වෙනස්වන ආකාරය සම්බන්ධවය

එය ඔහු විසින් පහත දැක්වෙන ආකාරයට සමීකරණයකින්  ඉදිරිපත් කරන ලදී
මෙම සමීකරණය ගැන ඔබ උනන්දු නොවන්නේ නම් එය නිකමට කියවීම පමණක් ප්‍රමාණවත්ය

     P + ½ρV² + hρg  ꞊ constant

 මෙම සරල සමීකරණයෙන් දැක්වෙන්නේ තිරස්ව ප්‍රවාහයවන දුස්ස්‍රාවී නොවන තරලයක මෙම අගයන් තුනෙහි
එකතුව නියතයක් බවයි

මෙය බ’නුලි සමීකරණය යනුවෙන් හැින්වෙයි

      P - යනු තරලයේ පීඩනයයි
      ρ - යනු තරලයේ ඝනත්වයයි
      V - යනු තරලයේ ප්‍රවේගයයි
      H - යනු සම්මත මට්ටමේ සිට තරලයේ උසයි
      g - යනු ගුරුත්වජ ත්වරණයයි

 මෙම සමීකරණයට අනුව තරලයේ වේගය වැඩි වුවහොත් මුලු අගය නියතව පැවතීම සහා සිදුවියයුත්තේ කුමක්ද
 සිදුවිය යුත්තේ තරලයේ වේගය වැඩිවන තැන් වලදී එහි පීඩනය අඩුවීමයි

එබැවින් ඔහු විසින් කරනලද අනාවරණය වන්නේ තිරස්ව ප්‍රවාහයවන දුස්ස්‍රාවී නොවන තරලයක අභ්‍යන්තර පීඩනය එහි වේගය වැඩි ස්ථාන වලදී අඩුවන බවයි

නොහොත් දුස්ස්‍රාවී නොවන  යම් තරලයක් වේගයෙන් ගමන් කරනවිට එහි පීඩනය අඩු බවයි

ස්වභාවධර්මය  එය බවයි

වාතයද තරලයක් ලෙස ගතහැක

ඉන් පසුව ලෝකයේ සිටි බුද්ධිමත් දක්ෂ මිනිසුන් විසින් එම අනාවරණය භාවිතයෙන් විවිධ උපකරණ නිපදවනු
ලැබීය

ස්වභාවධර්මයේ විවිධ සංසිද්ධීන් පැහැදිලි කරනු ලැබීය

දැන් ඔබ කලයුත්තේ ඔබ භාවිතා කරන එම උපකරණ හුනා ගැනීමයි
මෙයින් පොලව යට ගුල් හාරාගෙන වාසය කරන සතුන්ට අවශ්‍ය පිරිසිදු වාතය ලැබෙන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමයි
මෙම නියමය භාවිතා කිරීමෙන් සාදා ඇති ඔබ  භාවිතා කරන උපකරණ වලින් එකක් හෝ හුන්වන්න

No comments:

Post a Comment