Thursday, January 26, 2023

බුදුරජානන්වහන්සේ වැඩ වාසය කර ඇත්තේ ඉන්දියාවේද නොඑසේ නම් අප රටේද

 

බුදුරජානන්වහන්සේ වැඩ වාසය කර ඇත්තේ ඉන්දියාවේද නොඑසේ නම්  අප රටේද

 

මෙම ප්‍රශ්ණය ඇසූවිට තමන් බෞද්ධයන් යයි කියාගන්නා බොහෝ අය එකහෙලා පිළිතුරු දෙන්නේ ඉන්දියාවේ බවටයි. බුදුරජානන්වහන්සේ වැඩ වාසය කර ඇත්තේ අප රටේ බව කියනවාට ඔවුන් කිසිසේත් කැමති නැත. එහෙත් බුදුරජානන්වහන්සේ වැඩ වාසය කර ඇත්තේ ඉන්දියාවේ නොව අප රටේම බව කියන අය නිකම්ම එසේ නොකියයි. ඔවුන් එයට අදාලව කරුණු කාරණා රාශියක් දක්වයි. මෙහි දක්වා ඇත්තේ එම කරුණු කාරණා වලින් ඉතා ස්වල්පයකි. එම කරුණු කාරණා සොයා බලනවිට තේරුම්යන්නේ එම කරුණු නොසලකා ඉවත දැමිය හැකි තරම් වැරදි කරුණු නොවන බවයි.

එමෙන්ම සඳහන් කලයුතු තවත් ඉතා වැදගත් කාරණයක් වෙයි.එය නම් ත්‍රිපිටකයේ මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි බුදුරජානන්වහන්සේගේ උපත සිදුවූ ස්ථානය‚ බුද්ධත්වයට පත්වූ ස්ථානය‚ ප්‍රථම ධ ර් ම දේශණාව පැවැත්වූ ස්ථානය සහ බුදුරජානන්වහන්සේ අනුපදිසේස පිරිනිවනට පත්වූ ස්ථානය යන සතර ස්ථානයන් නිසියාකාරව දැකබලා වැඳපුදාගැනීම සැබෑ බෞද්යෙකුට ඉතා වැදගත්වන බව බුදුරජානන්වහන්සේ විසින් දේශණා කර තිබීමයි. එබැවින් ඒ සඳහා එම සතර ස්ථාන නිවැරදිව දැන හඳුනා ගැනීම සැබෑ බෞද්ධයන්ට ඉතා වැදගත්වන බවයි.

බුදුරජානන්වහන්සේ වැඩ වාසය කර ඇත්තේ අප රටේම බව කියන අය සහන් කරන්නේ සිද්ධා ර් ථ කුමාරෝත්පත්තිය සිදුව ඇත්තේ වර්ථමාන දිගන තෙල්දෙනිය බඹරගල රජ මහ විහාරස්ථාන භූමියේදී බවයි. ඉන්පසුව පසුකාලයේ දුකින් මිදීමේ මග සොයා තපස් ජීවිතයට යොමුව ඇති එතුමානෝ බුද්ධත්වයට පත්ව ඇත්තේ වර්ථමාන හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිමූලයේදී බවයි.‘ සිරි යනු එකල හෙළයන්  බුදුරජානන්වහන්සේ හැඳින්වීමට භාවිතා කල සඳහනක් බවයි. අපේ පැරණියන් ශ්‍රී යන්න භාවිතා කර නැත.ඔවුන් භාවිතාකර ඇත්තේ ‘සිරි’ යන නමයි. ශ්‍රී යන්න පසුකාලයේ ඉන්දියාවෙන් ගත් දෙයකි.

  ‘සිරි පද ලස සමණොල සිරසේ ’  ‘සිරි ගෞතම සිරි පාද වඳිම් සමනල කන්දේ ’ ආදී වශයෙන් සැබෑ හෙළයන් විසින් එය නිවැරදිව භාවිතා කර ඇත.බුද්ධත්වයට පත්වූ බුදුරජානන්වහන්සේ වැඩසිටි තැන එදා මිනිසුන් හඳුන්වා ඇත්තේ  ‘සිරි වැඩ උන්න තැන’යනුවෙනි කාලයාගේ ඇවෑමෙන් අද එය හඳුන්වන්නේ හිරිවඩුන්න නමිනි.         අංක 01ගූගල් සිතියම






බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජානන්වහන්සේ  පස්වග මහණන්ට බණ කීම සඳහා ඒවනවිට ඔවුන් නැවතී සිටි තැනවන එකල ‘එර් දියෙන් ගිය ඉරිසින් බැස්ස තැන’ නොහොත් ‘ඉසිපතනයට’ නොහොත් වර්ථමානයේ ‘ඉසින්බැස්සගල’ට ගමන්කර ඇත.  අංක 02 ගූගල් සිතියම


 

එකල මුනිවරුන් බොහෝ සිට ඇත. එයින් ‘මහ මුනි’ යනුවෙන් සාමාන්‍ය වැසියන් විසින් හඳුන්වා ඇත්තේ සිදුහත් තාපසයානන්ය. බුද්ධත්වයට පත්ව ප්‍රථම ධර්මදේශණාව සඳහා ඉසිපතනයට නොහොත් වර්ථමානයේ හඳුන්වන ආකාරයට ඉසින්බැස්සගලට යන අතර බුදුරජානන්වහන්සේ පැමිණි ගමක් එතුමන්ට ගෞරව කිරීම සඳහා ‘මහමුනි ආ ගම’ ලෙසින් ඒ කාලයේ එහි සිටි මිනිසුන් විසින් හඳුන්වා ඇත. පසුකාලයේ ක්‍රමක්‍රමයෙන් එහි නම ‘මාමිණියාව’බවට පත්ව වර්ථමානයේ එනමින් භාවිතාවෙයි. අංක 03 ගූගල් සිතියම


 

බුදුරජානන්වහන්සේලා පහලවන්නේ මධ්‍ය මණ්ඩලයේ බව ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ ගහපති වග්ගයේ අක්ඛණ සූත්‍ර  යේ  පැහැදිලිව දක්වා ඇත. අංක 04 සටහන


 

මධ්‍ය මණ්ඩලයට අයත් නොවන නේපාලය වැනි මධ්‍ය මණ්ඩලයෙන් පිටත දේශයන්හි බුදුවරයන් පහල නොවන බව පූජාවලිය කතුවර මයුරපාද පරිවේනාධිපතීන්වහන්සේ විසින් එම ග්‍රන්ථයේ පැහැදිලිව දක්වා ඇත. අංක 05 සටහන


 

ජේතවනාරාමය‚ ඉසිපතනාරාමය‚ පූර්වාරාමය‚ කුසිනාරාමය ආදී වු සියලු ස්ථාන සිරි ලංකාවේ පැරණි විහාරඅස්නෙහි සහන්ව ඇත.


 

 කාලිංග නුවර අද ද  එනමින්ම ඇත. ගූගල් සිතියම බලන්න


බුද්ධධර්මයේ දියුණුවට ඇප කැපවී කටයුතු කර ඇති පෙර හෙළ මහරජවරුන් කිසිවෙක් සිද්ධස්ථාන වන්දනාවට ඉන්දියාවට ගියබවට කිසිදු ඉතිහාස සහනක් දැනගන්නට නැත. බුදුරජානන්වහන්සේ වැඩසිටි ස්ථාන ඇත්තේ ඉන්දියාවේ නම් ඔවුන් කිසිසේත්ම එම ස්ථාන වන්දනා කිරීම සහා එහි නොගොස් සිටින්නේ නැත. එම ස්ථාන වැඩි දියුණු නොකර සිටින්නේ නැත.

බුදුරජානන්වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැතිබව මහාචාර්ය පරණවිතාන ශූරීන් සහන්කර ඇත.

එනමුත් ව ර් ථමානයේ සිටින පුරාවිද්‍යා මහාචාර්ය යනුවෙන් කියන බොහෝ අය මෙම ප්‍රශ්ණය මගහැර සිටියි.  ඔවුන් එක්කෝ මේ රටේ සැබෑ ඉතිහාසය හරියාකාරව සොයාබලා නැතුවා විය හැක. එසේ නැතහොත් තමන්ට අනාවරණය වන සැබෑ කරුණු ලෝකයට නොකියා සිටිනවා විය හැක.

 

No comments:

Post a Comment