Wednesday, June 13, 2018

කොට්ටෙට උඩින් පනින්න බැරුව මොන හය්ජම්ප් ද









  එම පාසල් වාරයේ  අවසාන දින සිට කලාපයේ සියළු පාසල්වල ක්‍රීඩා ගුරුවරගුරුවරියන්ට පිටිය සහ ජවන තරඟ සම්බන්දව සතියක  නේවාසික ක්‍රීඩා පුහුණුවක් දෙන්නට එම ප්‍රදේශයේ කලාප අද්‍යාපන කාර්යාලය මගින් කටයුතු සංවිධානය කර තිබුණි ඒ සඳහා ඔවුන් නගරය ආසන්නයේ පිහිටි හොඳ ක්‍රීඩා පිටියක් සහ  හොඳ නේවාසිකාගාර පහසුකම් සහිත මහා විද්යාලයක් වෙත කැඳවා තිබිණ 
එම කැඳවීම අනුව අදාල සියළු ක්‍රීඩා ගුරුවරගුරුවරියන් හවස පහ පමණ වනවිට සතියක් නතරව සිටීමට අවශ්‍ය ලට්ට ලොට්ට ද ගෙන පාසල වෙත පැමිණුන අතර එහිදී ඔවුන්ට අනපේක්ෂිත ප්‍රශනයකට මුහුණ දෙන්නට සිදුවි ඇත  එනම් වාර අවසාන දිනයේ නේවාසිකාගාරවල සිටි සියලු ළමුන් ඉන් පිටත්ව ගෙදර යනු ඇතැය් ක්‍රීඩා පුහුණුව සංවිධානය කල  සංවිධායකවරුන් බලාපොරොත්තුවුවත් එය එසේ සිදුනොවී තිබීමය් බොහෝ ළමයි ගෙදර යන්නට යොදාගෙන තිබුනේ ඔවුන්ට පුරුදු පරිදි නිවාඩු දුන් දිනයට පසු දිනය් ඔවුන් කැඳවාගෙන යාමට ඔවුන්ගේ මව්පියන් පැමිණෙන්නට යොදාගෙන තිබුනේද  එදිනය්  එය දැනගත් වහාම ළඟ ළඟ අය පසුදින උදයේ පැමිණෙන බව දන්වමින් පාසලින් පිටව ගියත් දුර බැහැර සිට පැමිණි ගුරුමහත්මමහත්මීන්ට අදමෙන් ප්රය්වට් බස් සහ ත්‍රී වීලර් නොතිබුන ඒ කාලයේ එසේ කිරීම අපහසු විය ඔවුන් ක්‍රීඩා පුහුණුව සංවිධානය කල කලාප ක්‍රීඩා අද්යක්ෂකවරයාට උද්ගතව ඇති ගැටළු සහගත තත්වය සම්බන්දව දොස් පවරන්නට විය සිදුවී ඇති අතපසුවීම සම්බන්දයෙන් සියළුදෙනාගෙන් සමාව අයැද සිටි කලාප ක්‍රීඩා අද්යක්ෂකවරයා උද්ගතව ඇති  ගැටළු සහගත තත්වය සම්බන්දව පාසලේ විදුහල්පති සමග සාකච්ඡා කිරීමෙන් පසුව සැමදෙනාට නේවාසිකාගාරයෙන් නිසියාකාරව රාත්‍රී ආහාරපාන ලබාදෙන බවත් අද රෑට පමණක් හොදින් දොර ජනෙල් ආදිය දමා හොඳින් සකස්කර ඇති  පාසලේ රැස්වීම් ශාලාවේ රාත්‍රිය ගත කරන ලෙසත්  කරුණාවෙන් ඉල්ලා සිටිඇත  කළහැකි වෙනත් දෙයක් නොමැති බැවින් ඉතිරිවීසිටි ගුරුවරගුරුවරියන් එයට එකඟ විය
 පාසලේ රැස්වීම් ශාලාවේ ඇඳන් නොතිබුන බැවින් සියලු දෙනාටම නිදාගන්නට සිදුවුයේ බිමය ක්‍රීඩා ගුරුවරගුරුවරියන් සෑමදෙනෙක් ම වගේ නීරෝගී තරුණ අයවූ බැවින් ඔවුන් එය එතරම් ප්රස්නයක් කර නොගෙන ඇත  නේවාසිකාගාරයෙන් රාත්‍රී ආහාර ගැනීමෙන්පසු   සෑමදෙනෙක්ම පාහේ වහලේ සවිකර තිබු විදුලි පංකාවක් යටින් තමන්ගේ ඇඳ ඇතිරිල්ල එලාගැනිමට උනන්දුවිය මදුරු කරදරයෙන් බේරීම සඳහාය 
උස පැනීම තවදුරටත් පුහුණුවීම සඳහා මගේ මිත්‍ර ක්‍රීඩා ගුරු මහත්මයෙක්ද මෙයට සහභගි විය ඔහු ද තමන්ගේ ඇතිරිල්ල  විදුලි පංකාවක් යටින් එලාගෙන නිදාගන්නට හදනවිට එතැනට පැමිණි ගුරුමහත්මියක් තමන්ගේ ඇතිරිල්ලද එයට ආසන්නයෙන් එම විදුලි පංකාව යටින් එලාගෙන  නිදන්නට සකස්කරගෙන ඇත නිදාගන්නට පෙර ඇය ඇතිරිලි දෙක අතර කොට්ටයක් තබා ඔන්න ඔය පැත්ත ඔයාගේ මේ පැත්ත මගේ කියා නිදන්නට වී ඇත සියළුදෙනා අවුලක් නැතිව රාත්‍රිය ගතකර ඇති අතර පසුවද උදේ මුණ සෝදන අතරේ මගේ මිත්‍රයාට ඇය නැවත මුණ ගැසී ඇත එවිට ඇය
ඔයා මොනව පුහුණු වෙන්නද ආවේ යි අසා ඇත 
එවිට මගේ මිත්‍රයා හය්ජම්ප් පුරුදුවෙන්න ආවේ කියා ඇත 
එවිට ඇය  කොට්ටෙට උඩින් පනින්න බැරි එකාට මොන හය්ජම්ප් දැයි  විහිලුවට අසා ඇත


1 comment: