Saturday, June 16, 2018

තවුසන්ඩ් ගැනිල්ල




තවුසන්ඩ් ගැනිල්ල

       එම කාල වකවානුවේ අප දෙපැත්තකින් පීඩා විඳිමින් සිටියෙමු එම කාලයේ එක් දිනක් මම මතුගම නගරය හරහා පයින්  යමින් සිටියෙමි මතුගම අගලවත්ත පාරේ තැපැල් කන්තෝරුව දෙසට හැරෙන තැන තනිවම අමුතු තරුණ පිරිමි ළමයෙක් හිටගෙන සිටියේය ඔහු පිරිසිදු  සුදු රෙද්දක් සහ කමිසයක් ඇඳ සිටියේය ඔහු පැහැපත් ය  සැපසේ හැදුනු වැඩුණු කෙනෙක්බව පෙනුනි  හිස සම්පූර්ණයෙන්ම මුඩුකර තිබිණ ඔහුගේ අමුතු ගුප්ත බවක් තිබිණි මට ඔහු ලඟට ගොස් මෙලෙස මෙතන ඉන්නේ ඇයි කියා අසන්නට සිතුනි  එහෙත් මම එසේ නොකර ඔහු පසුකර ගියෙමි එසේ යනවිට ඈතින් නවතා තිබූ ජීප් රථයක සිටි පිරිසක් ඔහු ගැන විපරමින් සිටින බව මම දුටිමි ඔහු කව්ද යන්නත් ඔහු ඉටුකරමින් සිටින කාර්යය කුමක්ද යන්නත්  මම පසුව  දැනගතිමි  ඔහු සමග කතා නොකිරීම ගැන මම මටම ස්තුති කර ගතිමි රාත්‍රී කාලයේ පහන් දැල්වීම තහනම් කර තිබුණි වෙරිටාස් ගුවන්විදුලි සේවය විශාල පිරිසක් සවන්දෙන ජනප්‍රිය ප්‍රවුත්ති සේවය විය 
පහන් දැල්වීම තහනම් නිසා රාත්‍රියේ අමුතු  ගුප්ත බවක් විය  නමුත් ඒ බියජනක රාත්‍රී අඳුරේවුවද  ළඟ ළඟ අහලපහල අය රහසින් එහා මෙහා යන තත්වයක් තිබුණි එම කාලයේ ප්‍රදාන පාරෙන් ඇත සිටින තරුණයින් කීපදෙනෙක් රාත්‍රී කාලයේ හොරෙන් හොරෙන් විත් පාර අයිනේ පිහිටි කටුමැටියෙන් සැදු කුඩා කඩයකට මුවාවී මහපාරේ සිදුවන දේගැන බලාසිටින සිරිතක් විය ඒ බොහෝ දිනවල කඩය ඇතුලේ  තවුසන්ඩ් තවුසන්ඩ් තවුසන්ඩ් යනුවෙන් මුදල් ගනිණු අසන්නට ලැබීම ඔවුන්ට මහ පුදුමයක් විය මුලදී තවුසන්ඩ් තවුසන්ඩ් තවුසන්ඩ් යනුවෙන් හෙමිහිට ගැන්නත් ටිකින්ටික වේගයෙන් ගැන නිමාකරය්  ඉන්පසු වෙහෙසට පත්වූ සබ්ද හති අරින සබ්ද ආදියද ඇතිවෙය් 
රහසින් අසා සිටින  තරුණයින්ට  ඇතිවූ එක් ප්‍රධාන ප්‍රශ්න  යක් වූයේ මෙපමණ කුඩා කඩයකට මෙපමණ දය්නික ආදායමක් ලැබෙන්නේ කෙසේද යන්නය්  කුතුහලය මැඩ පවත්වා ගැනීමට නොහැකිවූ බැවින් එක් දිනක ඔවුන් ඉනිමගක් බිත්තියට හේත්තුකර කඩයේ ඇතුල බලා ඇත 
කඩය ඇතුලේ ලාම්පු කුප්පියේ එළියෙන් ඔවුන් දැක තිබුනේ මුදල් ගනිනවා නොව මුදලාලි  ඔහුගේ භාර්යාව මත ඇඳඋඩ දඟලමින් සිටින බවත්   කියන්නේ  තවුසන්ඩ් තවුසන්ඩ් කියා නොව තව උස්සන්ඩ තව උස්සන්ඩ තඋස්සන්ඩ තඋසන්ඩ් යනුවෙනුත්  බවය්    

2 comments:

  1. මේක අහලා තිබුනා වෙන විදිහට ... අර සුදු ඇදපු කෙනා ගැන විස්කරය නං රහට දැනුනා ... ඒ ගැන තව විස්තර ටිකක් එකතු කලානං පංකාදු හතයි

    ReplyDelete