Thursday, July 19, 2018

නුවණින් කටයුතු කිරීමෙන් ඇඟිල්ලක් ප්‍රසුතවීමේ ලැජ්ජාව වලක්වා ගැනීම


නුවණින් කටයුතු කිරීමෙන් ඇඟිල්ලක් ප්‍රසුතවීමේ ලැජ්ජාව වලක්වා ගැනීම

      ජාතික ආරක්ෂක හමුදාවේ සේවය කල එම තරුණ රුසියානු  හමුදා භටයාට  ඉක්මනින් විවාහවීමට අවශ්‍යව තිබුනේය  එවිට ඔහු විවාහ වීම සඳහා ලස්සන තරුණියන් ගණනාවකට උත්සාහ කර උන්ගේ ආඩම්බරකම් බලා එපා වී තිබුණි 
එහෙත් එම වාර්ෂික  ගැමි නැටුම් උත්සවයේදී ඔහුට හමුවූ ලාබාල ලස්සන ගැමි යුවතිය ඔහුට එකවරම කැමතිවිය ඔහුට එය හිසේ මලක් පිපුනාසේ විය ඔහු පසුවදාම ඇයගේ නිවාස සොයාගෙන ගියේය 
එය නගරයට ඉතා ඈතින් ඉතා ගැමි පරිසරයක පිහිටි ගමක් විය ගෙවල් තිබුනේ කීපයක් පමණි පෙර එහි සිටි බොහෝ දෙනෙක් ගෙවල් අතහැර නගරයට සංක්‍රමණය වී තිබිණ තිබුන ගෙවල් කීපයද තිබුනේ එකිනෙකට දුරින් දුරින්ය ඇය එම පව්ලේ සිටි එකම දරුවාය  ගෑනුලමයා කොපමණ ඉගෙනගෙන තිබේදය් ඇසුවිට ඇගේ පියා කිවේ ඇය ඉස්කෝලේ නොගිය බවත් ඉස්කෝලේ තියෙන්නෙ හුඟක් ඈත එහා ගමේ බැවින් ඇයව ඉස්කෝලේ අරන් යන්න තමන්ට වෙලාවක් නොතිබුන බවත්ය  ඒකට මොකද මම අකුරු ඉලක්කම් ගෙදරදී උගන්නල තියනවා ඇය හොඳට උයන්න පිහින්න ඉගෙනගෙන තියනවා ඇයට ඔක්කොම ගැමි නැටුම් නටන්න  උගන්නල තියනවා ඉතින් වෙන මොනවද ඇගේ මව කිව්වාය හමුදා භටයා කැමතිවිය ලොකු උත්සවයක් ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැතිබව ඇගේ මව්පියන් විසින් පැවසුවේය කෙසේවෙතත්  හමුදා භටයා තරමක උත්සවයක් පවත්වා ඔහු විසින් කුලියට ගත් නිවාස පේලියේ නිවසට ඇය කැන්දාගෙන ආවේය ඔවුන්ට එහි එකට සිටින්නට ලැබුනේ එක දවසක් පමණි හමුදා භටයා රුසියාවේ ඈත පලාතක ඇතිවූ යුදමය තත්වයක් සමනය කිරීම සඳහා යවනු ලැබුවේය එකල දැන්මෙන් ජංගම දුර කථන ආදිය නොවූ බැවින් ඉන් පසුව ඔහුට ගෙදර සමග සම්බන්දතා ඇතිකරගැනීමට නොහැකිවිය
වසරකට පමණ පසුව නිවාඩු ලබා  ගෙදර ආ ඔහුට තමන්ගේ කුළුදුල් පුතා දකින්නට ලැබීමෙන් මහා සතුටක් ඇතිවිය ඔහු අතොරක් නැතුව  කුළුදුල් පුතු හුරතල් කරන්නට විය මෙය මුලදී බිරියගේ ඉමහත් සතුටට හේතු වුවත් පසුව මෙය ඇයගේ අසතුටට හේතුවිය එයට හේතුව ඔහු පුතු කෙරෙහි මිස තමන් කෙරෙහි කිසි ආදරයක් නොමැතිබව ඇය සිතන්නට වීමය්
මෙසේ දවස් ගතවනවිට එක් දිනක ඇගේ තරහව සීමාව ඉක්මවා ගියේය
 ‘ඔහොම අතෝරක් නැතුව නැලෙව්වට කමක් නැහැ ඔන්න තමන්ම හදපු දරුවෙක් නම්’ ඇය තරහින් කීවාය ‘මොකක්ද ඒ කතාවේ තේරුම’ ඔහු ඇසීය
 ‘ඔහේ මාව බැන්දට පස්සේ ගෙදර හිටියෙ එක දවසය් පහුවෙන්ද යුද්දෙට ගියා. සතියක් විතර යනකොට මට වමනෙ යන්න පටන් ගත්ත. එතකොට අල්ලපු  ගෙදර තම්බි නානා ඇවිත් තමය්  මට කියල දුන්නෙ ඔය එක දවසට ඕන්නම් ඇඟිල්ලක් විතරක් හැදිලා ඇති ඒකය් ඔය වමනෙ යන්නෙ කියල.  දැන් ඉතින් හම්බුවෙන්න ඉඩ තියෙන්නෙ ඇඟිල්ලක් තමය්  කැමතිනම් එයා ඉතුරු හරිය සම්පුර්න කරල දෙන්නම් කියල කිව්ව. මම කොහොමද  ඇඟිල්ලක් වදල නෑයන්ට මුණ දෙන්නෙ මම වැඳලා ඉල්ලුව ඉතුරු හරිය සම්පුර්න කරල දෙන්න කියල. ඒ මිනිහ මාස තුනක් විතර මහන්සිවෙලා තමය් ඉතුරු ටික  සම්පුර්න කලේ. මාස තුනක් විතර යනකොට මිනිහගේ ගෑණි මේ බව දැනගෙන ඊර්ෂ්‍යාවට මිනිහත් අරගෙන ගෙවල් අතහැරලා ගියා. හැබය් යන්න ඉස්සෙල්ල මිනිහ ඇවිත් කණ තියල බලල කිව්ව බයවෙන්න එපා නෝනෙ ළමය සම්පුර්ණ වෙලය් තියෙන්නෙ කියල.  ඉතින් තමුසෙ හොඳට මතක තියාගන්නව වෙලාවට අර අල්ලපු ගෙදර තම්බි නානා නොහිටින්න මම අපේ අනාගතය ගැන හිතල මතල කටයුතු නොකරන්න තමුසෙට අද ඔය විදියට නලවන්න වෙන්නෙ ළමයෙක් නෙවෙය් ඇඟිල්ලක්’

1 comment:

  1. මෙය මෙහි ලියනු ලැබුවේ මෙහි ඇති කුණුහරුප රසය ඉදිරිපත් කිරීමට පමණක් නොවේ
    සම්පුර්නයෙන්ම ගෙතු කතාවක් නොවන මෙහි ඇති අබ්යන්තර ඉදිරිපත් කිරීම් ගැනත් අවධානය යොමුකරන්න
    1 නිසි අද්‍යාපනයක් ලැබීමේ ඇති වැදගත්කම
    2 යුද්දයක ඇති අමිහිරි තත්වය
    3 කපටි මිනිසුන් විසින් මෝඩ ගැහැණුන් රවටන හැටි
    4 එවැනි කරුණු රාශියක් කීමට මෙහි ඇති නිර්මාණාත්මක බව එය්න් උත්පාද කරවනු ලබන හාස්‍යරසය ආදිය ගැනත් අවධානය යොමුවියයුතුව ඇත

    ReplyDelete