Saturday, June 15, 2019

මානසික රෝග - රූපවාහිනී වැඩසටහනක ප්චාරය වූ කරුණු ඇසුරෙනි





මානසික රෝග - රූපවාහිනී වැඩසටහනක ප්රචාරය වූ කරුණු ඇසුරිනි 

මානසික රෝග යනු ඉතා දුක්ඛිත රෝග තත්වයක්වෙයි එය එම රෝගියාට මෙන්ම එම රෝගියාගේ පවුලට මෙන්ම සමාජ ශ්රම ක්රියාකාරිත්වයට අයහපත් බලපෑම් ඇතිකරයි මානසික රෝග සැදෙන්නේ ඇයි යන ප්රශ්ණයට විවිධ විද්වතුන් විසින්  විවිධ පිළිතුරු ඉදිරිපත්කර ඇත සමහර අය දක්වා ඇත්තේ මානසික රෝග සෑදීමට ජීවත්වීමට ලැබෙන පරිසරයේ අයහපත්බව බලපාන බවය තවත් අය දක්වා ඇත්තේ  එම රෝග වලට පරම්පරාවේ ජාන වල සම්බන්ධයක් ඇති බවය සිග්මන් ප්රොයිඩ් වැනි අය දක්වා ඇත්තේ යටිසිතේ තැන්පත්වූ තමන් නොදන්නා වැරදි පිලිගැනීමක් අහේතුක බියක් වැනිදේ නිසා මානසික රෝග සැදෙන බවය සිතේ සැගව ඇති අයහපත් ආවේගයන් ද මානසික රෝග සැදීමට දායකවන බවය කන්නිමහර සුමංගල හිමියන් විසින් පරිවර්තනය කර ඇති සංසාර මන්දිර පොතේ සදහන්ව ඇති  එඩ්ගාර් කේසිගේ අතීත ජන්ම කියවීම්වල ඇතැම් අයගේ අතීත ජන්මවල සමහර සිදුවීම්ද සමහර මානසික රෝග සදහා බලපා ඇතිබව දක්වා ඇත එය බුද්ධධර්මයටද එකගය 

මේ අනුව පෙනීයන්නේ මානසික රෝග සැදෙන්නේ හේතුරාශියක් හේතුවීමෙන් බවය
මානසික රෝගය සිතේ ඇතිවුනිද එය පසුව කායික රෝගයක්බවට පත්වේ එය මොලය සම්බන්ධ ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගයක්බවට පත්වේ මොලයේ ක්රියාකාරිත්වය ස්නායු පද්ධතියේ ක්රියාකාර්ත්වය නිසිපරිදි සිදුනොවීමේ කායික රෝගී තත්වයක් බවට පත්වේ එහිදී මොලයේ සහ ස්නායු පද්ධතියේ ඇති රසායන ක්රියාකාරිත්වයේ වෙනස්කම් ඇතිවේ එය කායික රෝග තත්වයකි

එබැවින් මුල් රෝගය මානසික රෝගයක් වුවත් මානසික රෝග වෛද්‍යවරුන් විසින් බෙහෙත් දෙනු ලබන්නේ මානසික රෝගය නිසා ඇතිව ඇති කායික රෝගයටය එම බෙහෙත් වර්ග ලබාදෙමින් කරනු ලබන්නේ මොලයේ ක්රියාකාරිත්වය නිසිපරිදි ක්රියාකිරීමට  කටයුතු කිරීමයි  ස්නායු පද්ධතියේ ක්රියාකාරිත්වය නිසිපරිදි ක්රමවත්ව සිදුවීමට අවශය රසායනික බෙහෙත් වර්ග ආදිය ලබාදීමයි 

එම බෙහෙත් වර්ග පාවිච්චි කරනවිට මානසික රෝගයේ කායික රෝගය සුවවෙන්නට වෙයි එවිට මානසික රෝගය සැදීමට හේතුවී තිබුනේ යටිසිතේ තැන්පත්වූ වැරදි පිලිගැනීමක් අහේතුක බියක් වැනි හේතුවක්නිසා නම් එය රෝගියාට අනාවරණය වී එම වැරදි  නිවැරදි කරගැනීමටත් එම අහේතුක බිය ඉවත්කර ගන්නටත් ඉඩ ලැබෙයි 

මානසික රෝගය ඇතිව ඇත්තේ මොලයේ හෝ ස්නායු පද්ධතියේ හෝ යම් අක්රමවත් රසායනික වෙනස් කමක් සිදුවන බැවින් නම් එම අක්රමවත් ක්රියාකාරිත්වය වලකා එම කායික පද්ධතීන්  නිසිපරිදි ක්රියාත්මක සිදුවීම සදහා හේතුවන බෙහෙත් වර්ග පාවිච්චි කරනවිට එම කායික රෝගී තත්වය සුවවෙනවිට රෝගියාගේ මානසික රෝගයද සමනයට පත්වෙයි
මෙහිදී සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් ගෙන් ප්රතිකාර ගැනීම අවශ්‍යවෙයි රෝග සුවයට නිසි බෙහෙත් වර්ගය නිසි මාත්රාවෙන් ගැනීම අවශ්‍යවෙයි 

කායික රෝගය සුවයට පත්වනවිට ඒ සමගම වැරදි මිථ්‍යා කරුණු වලින් ඉවත්වීමට අවශ්‍ය නිවැරදි කරුණු ඉගෙනීම ආදිය අවශය වෙයි ලැබෙතහොත් බුද්ධිමත් උපදේශණය ප්රෝජනවත්වෙයි එසේ කටයුතු කරනවිට මානසික රෝගය සහ කායික රෝගය  සුවයට පත්වෙයි 

මෙහිදී වැදගත් වන්නේ මානසික රෝගයෙන් පෙලෙන තැනැත්තෙකු මානසිකරෝගයකින් මෙන්ම එයනිසා ඇතිවූ කායික රෝගයකින්ද පෙලෙන තැනැත්තකු බව තේරුම් ගැනීමය මෙය එම මානසික රෝගයෙන් පෙලෙන තැනැත්තාමෙන්ම එම තැනැත්තා ආශ්රිතයන් අවට සිටින්නන් විසින්ද තේරුම් ගැනීම අවශ්‍යවෙයි මානසික රෝගය සුවකර ගැනීම සදහා එහි කායික රෝගය සුවකර ගැනීම සදහා බෙහෙත් ගතයුතුවෙයි තමන්  අයහපත් චර්යාවක යෙදෙමින් සිටින්නේ නම් එයින් ඉවත්ව යහපත් දිවිපෙවතක් ගතකිරීමට යොමුවීම අවශ්‍යවෙ තමන් වෙත ඇති වැරදි විශ්වාස ආදියෙන් ඉවත්වීමට අවශ්‍ය නිසි අධ්‍යාපනය තවදුරටත් ලැබිය යුතුවෙයි


No comments:

Post a Comment