Thursday, June 27, 2019

මීරිගම බුද්ධ භාවනා වැඩසටහනේ මොනවද කියාදෙන්නෙ




මීරිගම පරම නිබ්බාන ධර්මායතනයෙ බුද්ධ භාවනා වැඩ සටහනේ මොනවද කියා දෙන්නෙ‍ 

බුද්ධ ශාසනයෙ කොටස් තුනක් තියනව
  1 පර්යාප්ති ශාසනය
  2 ප්රතිපත්ති ශාසනය
  3 ප්රතිවේධ ශාසනය
පර්යාප්ති ශාසනය කියන්නෙ නිවන් මග පර්යාප්ති ශසනයේ පිහිටියොත් තමයි ප්රතිපත්ති ශාසනය පුරන්න පුලුවන් වෙන්නෙ 
ප්රතිපත්ති ශාසනය කියන්නෙ ඒ නිවන් මග අනුගමනය කිරීම
ප්රතිවේධ ශාසනය කියන්නෙ පර්යාප්ත ශාසනය අනුගමනය කරමින් ප්රතිපත්ති ශාසනය පුරනවිට ලැබෙන  ඵල  
මේ භාවනා වැඩ සටහනේ අතිගරු මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ දේශණා කරන්නෙ  පර්යාප්ති ශාසනය
පර්යාප්ති ශාසනය කියන්නෙ නිවන් දකින්න මග නිවන් දකින්න අනුගමනය කලයුතු ක්රමවේදය

 පර්යාප්ති ශාසනය කොටස් පහකට බෙදෙනව

1 මූල පරියාය
2 ධම්ම පරියාය
3 ආසව පරියාය
4 නිබ්බේදික පරියාය
5 අනුධම්ම පරියාය

අතිගරු මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ මේ දවස් හතේ මේ ධම්ම පරියාය පහ විස්තර කරමින් ධර්මදේශණා කරනව

මුල් දවස්වල දේශණා කරන්නෙ මූල පරියාය මූල පරියාය ගැඹුරු දේශණාවක් ඒක දැනගන්න මූලික කරුණු දැනගෙන ඉන්න ඕන ඒ සහා උන්වහන්සේ ලියල තියන පොත්පත් කියවල සංදේශණාව තිපරිවට්ටය ද්වතාවය පින කුසලය චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාදය සම්බන්ධව මූලික කරුණු දැනගෙන තියෙන්න ඕන නැත්නම් නිකං හෝඩිය නොදැන ලිපි ලියන්න ගියාවගේ වෙන්න පුලුවන් හැබැයි එහෙම අයත් එනව ඇවිත් බණ ඉගෙන ගන්නව

ඊළට උන්වහන්සේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්රය ආදී සූත්ර විස්තර කරමින් ධම්ම පරියාය කියල දෙනව

ඊළට උන්වහන්සේ සබ්බාසව සංවර පරියාය ආසව පරියාය කියල දෙනව

ඊළට උන්වහන්සේ ගිරිමානන්ද සූත්රය සත්තට්ඨාන කුසල සූත්රය වගේ සූත්ර විස්තර කරමින් නිබ්බේදික පරියාය කියල දෙනව

ඊළට උන්වහන්සේ අනුධම්ම සූත්ර හතර සහ අනත්ත ලක්ඛණ සූත්ර වගේ සූත්ර විස්තර කරමින් අනුධම්ම පරියාය කියල දෙනව

හාමුදුරුවරු මෙහෙණින්වහන්සේලා විවිධ උගත්තු දොස්තරල ඇතුලු දෙස් විදෙස් මහ පිරිසක් මේ එක් භාවනා වැඩසටහනකට සහභාගි වෙනව
ඒ හැමෝටම නොමිලෙ තුන්වේලටම කන්න දෙනව පිරිසිදු පරිසරයක ඉන්න දෙනව නිදාගන්න ඇන් දෙනව අනිත් වැඩිපුර එන අයට මෙට්ට දෙනව පිරිසිදු ජල වැසිකිලි පහසුකම් තියනව අවශ්‍යවුනොත් අවශ්‍ය වෛද්‍ය ප්රතිකාර කරනව අනවශ්‍ය නීතිරීති නැහැ එරමිණිය ගොතාගෙන වාඩි කරවල භාවනා කරවන්නෙ නැහැ පුටුවල වාඩිවෙලා සුවපහසුව බණ අහන්න පහසුකම් සලස්සල තියනව නිවැරදිව බුද්ධ භාවනා කරන්න අවශ්‍ය බණ කියල දෙනව බණ දැනගෙන භාවනා කරන එක තමන්ගෙ වැඩක් ධර්ම කරුණු ගැන අහන ඕනෑම ප්රශ්ණයකට පිළිතුරු දෙනව අව්රුදු ගණන් එක එක භාවනා මධ්‍යස්ථානවල භාවනා කරපු අය ඇවිත් ප්රශ්ණ අහල හරි උත්තර ලබාගෙන වැ නමස්කාර කරනව ස්ථනය දුරකථන අංක 0727012240 , 0774503700
ගෙදර ඉන් සී ඩී ඇහුවට පොත් කියෙව්වට ඉන්ටර්නෙට් එකේ බණ ඇහුවට මේ පුහුණුව ලැබෙන්නෙ නැහැ බණ අහල පැහැදෙන හුගක් අය වැඩ සටහනට ආධාර උපකාර කරනව 

මේක තමයි අද ලෝකයේ තියන හොම බුද්ධ භාවනා වැඩ සටහන සැබෑ බෞද්ධයෙක් මොන වැඩේ තිබුනත් එක සැරයක්වත් මේ වැඩසටහනට නොයා ඉන්නෙ නැහැ


No comments:

Post a Comment