Wednesday, November 13, 2019

භෞතික විද්‍යාව කොටස අතහැර නමට විද්‍යාව ඉගැන්වීම










වර්තමාන විද්‍යා ගුරුවරුන්ගෙන් වැඩි පිරිස කාන්තාවන්ය
ඔවුන්ගෙන් වැඩි පිරිස ජීව විද්‍යා අංශයෙන් ඉගෙනගත් අයය
ඔවුන් විභාග පාස්වී ඇත්තේ ජීව විද්‍යා ප්‍රශ්ණ වලට පිළිතුරු ලිවීමෙනි
එබැවින් ඔවුන් විද්‍යාව උගන්වන විට බොහෝවිට විෂය නිර්දේශයේ ඇති ජීව විද්‍යා පාඩම් වැඩියෙන් උගන්වන අතර
භෞතික විද්‍යාව කොටස් උගන්වන්නේ නොසැලකිලිමත්වය
එයට හේතුව එම කොටස්වල ඇතුලත් ඇතැම් කරුණු ගැන ඔවුන්ගේ දැණුවත්බව අඩු බැවිනි
විද්‍යුතය ඉළෙක්ට්‍රෙණික විද්‍යාව වැනි කොටස් සම්බන්ධව ඔවුනගේ දැනුම කුසලතා බෙහෙවින් අඩුය
ඉළෙක්ට්‍රොණික විද්‍යාව පරිපථ සකස් කිරීම් ආදී සමහර කටයුතු වලදී පන්තියේ සමහර ශිෂ්‍යයින් ඉදිරිපත්ව ගුරුවරයාට එය කරදෙන අවස්ථා ඇත
තමන්ගේ නොහැකියා තමන්ටම තේරුම්ගොස් ඇති බැවින් ජීව විද්‍යා විෂය දැනුමෙන් බලවත්ව සිටින වර්තමාන බොහෝ
විද්‍යා ගුරුවරුන් කරන්නේ භෞතික විද්‍යාව කොටස් නොසැලකිලිමත්ව කරමින් එම කොටස් අඩුපාඩු සහිතව අවසන්කර දැමිමයි

මෙයින් සිදුවන්නේ සිසුන් ටියුෂන් අධ්‍යාපනයට යොමුවීමයි  
විශේෂයෙන් විද්‍යුතය සහ ඉළෙක්ට්‍රොණික විද්‍යාව සම්බන්ධ කොටස් ඔවුන් විසින් හරියාකාරව උගන්වන්නේ නැත
විදයාව පෙලපොත්ද එසේය පෙළපොත්වල ඇති බොහෝ ඉළෙක්ට්‍රොනික පරිපථ වැඩ නොකරන ඒවාය
මේ නිසා සිසුන්ටවන්නේ බලවත් අසාධාරණයකි

වර්ථමානයේ වෛද්‍ය විද්‍යාව දියුණු වී ඇත්තේ එහිදි වෛද්‍ය පරීක්ෂණ වලදී භාවිතා කරන  භෞතික විද්‍යාත්මක උපකරණ නිසාය X කිරණ පරීක්ෂණ C T ස්කෑන් පරීක්ෂණ M R I පරීක්ෂණ E C G පරීක්ෂණ ආදී බොහෝ පරීක්ෂණ
භෞතික විද්‍යා දැණුමෙහි ඇති දියුණුව නිසා ලැබුනු උපකරණයන්ය
එබැවින් භෞතික විද්‍යාත්මක දැණුමක් තිබීම  අද වෛද්‍යවරයෙකුට අත්‍යාවශ්‍යකරුණක්වී ඇත
තත්වය එසේ තිබියදී වර්තමාන විද්‍යා ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් විද්‍යා විෂය ඉගැන්වීමේදී භෞතික විද්‍යාව කොටස අතහැර විද්‍යාව ඉගැන්වීමෙන් ශිෂ්‍යන්ට සිදුවන්නේ බලවත් අසාධාරණයකි
සාමාන්‍යපෙල පන්තිවලදී සිදුවන මෙම අසාධාරණය නිසා ඇතිවන අතුරුඵල උසස්පෙල පන්තියට ඇතුලත්වූවිටම බොහෝ සිසුන්ට දැනෙන්නට වෙයි එයට හේතුව උසස්පෙල පන්තිවලදී ඔවුන්ට  භෞතික විද්‍යාව වෙනම විෂයයක් වශයෙන් ඉගෙන ගන්නාවිට එය ඉගෙන ගන්නට අසීරුකම් ඇතිවීමයි

විද්‍යා ගුරුවරුන් පමණක් නොව වර්තමානයේ සිටින විද්‍යා අධ්‍යක්ෂකවරුන්ගෙන් බොහෝ දෙනෙක්ද ජීව විද්‍යා අංශයෙන් උගත් අයයි
එබැවින් ඔවුන්ද මෙම අඩුපාඩුකම් සකස් කිරීමට නොයයි නොදන්නා දෙයට අත නොගසා සිටිමින් තමුන්ගේ අධ්‍යක්ෂක කමේ ජාම බේරාගෙන ඉන්නා බැවිනි
පෙර කාලයේ සිටි බොහෝ විද්‍යා අධ්‍යක්ෂකවරුන්ද එසේමය ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ජීව විද්‍යා අංශයෙන් උගත් අයයි
එබැවින් ඔවුන්ද වැඩිපුර සොයා බැලුවේ රසායන විද්‍යා ජීව විද්‍යා අංශ සම්බන්ධ වැඩ කටයුතු සම්බන්ධවය
එකල ඔවුන් ගේ ලොකුම කටයුත්තක්වූයේ පාසල් වලට රසායන ද්‍රව්‍ය උපකරණ ආදිය බෙදා දීමය සමහර අයට අධ්‍යාපන කාර්යාලවල ඉඩ පහසුකම් තිබුනේ නැත ඔවුන් ඔවුන්ගේ කාර්යාල පිහිටුවාගෙන සිටියේ වෙනත් පාසලකය නැතහොත් තමන්ගේ ගෙදරය ඔවුන්ගේ සේවස්ථ සැසි වැඩි වශයෙන් යොමු වූයේද රසායන විද්‍යා ජීව විද්‍යා අංශ වලට මිස භෞතික විද්‍යා අංශය සම්බන්ධව නොවේ
ඔවුන්ට අද තරම් මුදල් ප්‍රතිපාදන ලැබෙන්නටද නැතිවා විය හැක

විශ්ව විද්‍යාල විද්‍යා අධ්‍යාපනයද වැඩි වශයෙන් යොමුව පැවතියේ බටහිර රට වලට අවශ්‍ය විද්‍යා උගතුන් බිහිකර දෙන්නටය විද්‍යාඥයින් බිහිකර දෙන්නටය අද වුවත් පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාලවල විද්‍යා අධ්‍යා අධ්‍යාපනය වැඩි වශයෙන් යොමුව ඇත්තේ ඒ දෙසටය එම තත්වයෙන් බැහැරට යාම ආරම්භ කරන ලද්දේ  විද්‍‍‍්‍යෝදය වැනි විශ්ව විදයාල විසිනි

 පෙර කාලයේ සාමාන්‍යපෙල පන්ති වලදී විද්‍යාව විෂය භෞතික විද්‍යාව රසායන විද්‍යාව  ජීව විද්‍යාව යනුවෙන් විෂයයන් තුනක් ආකාරයෙන් ඉගැන්වූ බැවින් මෙවැනි ගැටලු සහිත තත්වයන් ඇතිවූයේ නැත
එම කාලයේ භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරුන් සැබෑ ලෙසම භෞතික විද්‍යාව විෂයය දන්නා තැනැත්තෙක් විය
එබැවින් අඩුපාඩු නැතිව එහි ඇති  රසවත්භාවය නොනසා එහි ඇති රසවත්භාවය මතු කරමින් හුන්වාදෙමින්  විෂය සම්බන්ධව රුචිය ඇතිවන අයුරින් අවශ්‍ය දැණුම කුසලතා ආකල්ප ලබාදෙමින් නිසියාකාරව එම විෂය උගන්වන්නට ඔවුන්ට හැකිවිය

සේවස්ථ සැසි පැවැත්වීමෙන් මෙම තත්වය වෙනස්කල හැක්කේ නොවේදැයි කෙනෙකුට සිතෙනනට පුලුවන
නමුත් ඒ සම්බන්ධව දියහැකි උත්තරයවන්නේ එසේ කලහැක්කේ සුලු වශයෙන් පමණක් බවයි
එයට හේතුව මෙම ජීව විද්‍යා ගුරුවරුන් වැඩි දෙනෙකුට කෙසේවත් භෞතික විද්‍යාව කොටස සම්බන්ධව අවශ්‍ය නිපුනතා ඇති නොවීමයි ඔවුන්ගේ ජානවල ඇත්තේ ජීව විද්‍යා රුචිය පමණක්මෙන් වීමයි
මෙයට විසමක් වශයෙන් ඉදිරිපත් කල හැක්කේ වර්තමානයේ පවත්වන දින දෙක තුනේ සේවස්ථ සැසි පැවැත්වීම නොව අඩු තරමින් මාසයකවත් භෞතික විද්‍යාව විෂය සම්බන්ධ  ප්‍රායෝගික පුහුණුවක් ඔවුන්ට ලබාදීමයි
නමුත් වර්ථමානයේ එවැනි වැඩ පිලිවෙලක් අධ්‍යාපන දෙපාර්ථමේන්තුවේ නැත

තවත් විසුමක් වශයෙන් ඉදිරිපත් කල හැක්කේ විද්‍යා ගුරු පුහුණු පාඨමාලාවලදී භෞතික විද්‍යාව සම්බන්ධ කොටස් වලින් සමත්වීම අනිවාර්යය කිරීමයි

එසේ නැතහොත් කලයුත්තේ ගුරුවරුන් බවා ගැනීමේදී විෂයය දැණුම සම්බන්ධවද අවධානය යොමුකර විද්‍යා ගුරුවරුන් බවා ගැනීමයි අවශ්‍යතාවය අනුව භෞතික විද්‍යාව සම්බන්ධ දැණුවත් ගුරුවරුන් පිරිසක්ද බවා ගැනීමයි
එවිට පාසලේදී මාරුකරගෙන එම විෂය කොටස් ඉගැනවීමට හැකිවන බැවිනි

එමෙන්ම වර්ථමානයේ ඇති බලවත්ම ප්‍රශ්ණයක්වන්නේ විදුලි ශිල්පය ඉළෙක්ට්‍රොණික විද්‍යාව වැනි විෂය කොටස් ඉගැන්වීමට හැකි සම්පත් පුද්ගලයින් හිගවීමයි
පෙර කාලයේ ජාතික අධ්‍යාපන ආයතනය වැනි තැන්වල එවැනි අය සිටියත් අද එම ආයතන පවා ඉන් බැහැරව සිටියි ඔවුන්ට ඒ සහා මුදල් වෙන් නොවන බැවිනි

සැමට විද්‍යාව නමට විද්‍යාව වී ඇත

මේ බොහෝ ප්‍රශ්ණ වලට අද ශිෂ්‍යයන්ට ඇති පිහිට උපකාර පන්ති පවත්වන ගුරුවරුන්ය
අද විද්‍යා අධ්‍යාපනයේ ගුණාත්මකබව මෙතරමින්වත් රා පැවතී ඇත්තේ  පාසල් අධ්‍යාපනයේ ඇති දියුණුවක් නිසා නොව මුදලට උපකාරක පන්ති පවත්වන සමහර දක්ෂ විද්‍යා ගුරුවරුන්ගේ උපකාරක පන්ති නිසාය


එබැවින් හො විභාග ප්‍රතිඵල ලබන්නේ එම පන්ති වලට යන සිසුසිසුවියන්ය
අඩු ආදයම්ලාභි ශිෂ්‍යශිෂ්යාවන්ට දුෂ්කර පලාත්වල ශිෂ්‍යශිෂ්යාවන්ට එම පන්ති වලට යාමට හැකියාව අඩුය
එය රටේ අඩු ආදායම්ලාභි ශිෂ්‍යශිෂයාවන්ට නිදහස් අධ්‍යාපනයට සිදුවන බලවත් අසාධාරණයකි

එබැවින් වර්තමාන රජයේ පාසල්වල සාමාන්‍යපෙල පන්තිවල සිටම වඩාත් ගුණාත්මක විද්‍යා අධ්‍යාපනයක් ලබාදීම අත්‍යාවශ්‍යව ඇත

2 comments:

  1. ඇත්ත. අපිත් ඉස්කෝලේ ඉලෙක්ට්‍රොනික් ටිකක් හරි ඉගෙනගත්තෙ වඩුවැඩ සර්ගෙන්. හොඳවෙලාවට අපේ ඕලෙවල් පේපර් එක හදල තිබුණෙ "ජීවයේ අඛණ්ඩතාව" පාඩමෙන් වැඩි හරිය දාල. නැත්තං අපි අනාථයි.

    ReplyDelete
  2. වර්ථමාන අධ්‍යාපන ක්‍රමයේ මෙවැනි අඩුපාඩු රාශියක් තිබුනත් දේශපාලන බලයක් නැතුව ඒවා සකස් කරන්නට හැකියාවක් නැහැ
    මැර බලය ධන බලය නැති කෙනෙකුට රටේ දේශපාලන බලය ලබාගන්නට අසීරුයි එසේ දේශපාලන බලය ලබාගන්නා කෙනෙක් බොහෝවිට මෙවැනි ප්‍රශ්ණ හඳුනා ගන්නවා අඩුයි ඔවුන් බොහෝවිට සිටින්නේ විවිධ දේශපාලනික අරගලවල නිරතවෙමින් බැවින් ඔවුන්ට මේවාගැන අවධානයක් යොමුකරන්නට වෙලාවකුත් නැතිව ඇති ඔවුන් අධ්‍යාපන ගැටලු වශයෙන් බොහෝවිට හඳුනාගන්නේ ගොඩනැගිලි අඩුපාඩු වැසිකිලි අඩුපාඩු පරිගණක නැතිකමේ අඩුපාඩු ස්මාර්ට් පන්ති කාමර නැතිකමේ අඩුපාඩු වැනි භෞතික සම්පත්වල අඩුපාඩුයි
    පාසලේ සැබෑ ගුරුවරුන් නැතිව ඔය මොනවා තිබුනත් වැඩක්වෙන්නේ නැහැ
    ලමුන් සිද්ධාන්ත දැණුමෙන් එකිනෙකා පරාදකර විභාග ජය ලබන සටනකට යොමුකර තිබෙනවා
    ප්‍රශ්ණපත්‍ර බොහෝවිට හදන්නේ දැණුම මැනීමට පමණයි කුසලතා ආකල්ප මනිනවා අඩුයි
    මෙම විභාග ක්‍රමයෙන් බොහෝවිට දිනන්නේ ටියුෂන් අධ්‍යාපනය ලැබිය හැකි ඇතිහැකි ලමයායි
    මෙම තත්වය නිසා අපේ අධ්‍යාපන ක්‍රමය ප්‍රායෝගික නිෂ්පාදන ක්‍රියාවලියෙන් බොහෝදුරට බැහැරවී තිබෙනවා රටේ විද්‍යාත්මක සිද්ධාන්තයන් භාවිතා කරමින් උපකරණ නිපදවන කර්මාන්තශාලා අඩු බැවින් ප්‍රායෝගික විද්‍යා දැණුම අනවශ්‍යව තිබෙනවා රටේ එවැනි නිෂ්පාදන අඩුව තිබෙනවා
    එයින් සිදුව තිබෙන්නේ අපේරට වෙනත් රටවල නිෂ්පාදන සඳහා වෙළඳපලක් බවට පත්වී තිබීමයි
    අපේ රට වෙනත් රටවල නිෂ්පාදන වලින් යැපෙන රටක් බවට පත්ව තිබීමයි

    ReplyDelete