Sunday, November 24, 2019

පාසල් ලමුන් ටියුෂන් පන්තිවලට යොමුකරන්නේ කව්ද



ලමුන් ටියුෂන් පන්තිවලට යොමුකරන්නේ කව්ද
මෙයට දියහැකි පලමු පිළිතුර වන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව බවයි
එහි පරිපාලන සේවයේ නිලධාරීන් බවයි
ඔවුන් කෙළවරක් නැති පෝරම පුරවන්නට සලස්වා ගුරුවරුන්ගේ ඉගැන්වීමට ඇති කාලය අහෝසිකර දමයි

ජාතික අධ්‍යාපන ආයතනය බවයි
ඔවුන් පාසල් කාලය තුලදී නිමකල නොහැකිතරම් විශාල විෂය නිර්දේශයන් ඉගැන්වීමට සලස්වා එයට මග සලස්වයි
එබැවින් වසර අවසානයේ සෑම පන්තියකම පාහේ බොහෝ විෂයන්හි කොටස් ඉතිරිවේ
එබැවින් ලමුන්ට ටියුෂන් පන්ති යන්නට සිදුවේ
ඔවුන් විසින් නිසියාකරව ගුරු පුරප්පාඩු නොපිරවීම ආදියෙන්ද
ගුරු මහත්මීන් දරු ප්‍රසූතිය සහා නිවාඩු ගැනීම් ආදී අවස්ථා වලදී හාරිපූරණය සහා අතිරේක ගුරුවරුන් යෙදවීමට ක්‍රමයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොමැතිකම ආදියද ලමුන් ටියුෂන් යැවීමට මග සලස්වයි

මෙයට දියහැකි දෙවන පිළිතුරවන්නේ තමන් උගන්වන විෂය සම්බන්ධව හරියාකාරව නොදන්නා ගුරුවරු යන්නයි
උදාහරණයක් ලෙස විද්‍යා ගුරුවරුන් ගනිමු
වර්තමාන විද්‍යා ගුරුවරුන්ගෙන් වැඩි පිරිස කාන්තාවන්ය
ඔවුන්ගෙන් වැඩි පිරිස ජීව විද්‍යා අංශයෙන් ඉගෙනගත් අයය
ඔවුන් විභාග පාස්වී ඇත්තේ ප්‍රශ්ණපත්‍රයේ ඇති  ජීව විද්‍යා ප්‍රශ්ණ වලට පිළිතුරු ලිවීමෙනි
එබැවින් ඔවුන් විද්‍යාව උගන්වන විට බොහෝවිට විෂය නිර්දේශයේ ඇති ජීව විද්‍යා පාඩම් වැඩියෙන් උගන්වන අතර භෞතික විද්‍යාව කොටස් උගන්වන්නේ නොසැලකිලිමත්වය
හරියාකාරව අවශ්‍ය දැණුම ලබාගැනීමට ලමුන්ට ටියුෂන් පන්ති යාමට සිදුවේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටින වැදගත්ම වටිනාම තැනැත්තාවන්නේ ගුරුවරයායි
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටින ලේකම්වරු අධ්‍යක්ෂකවරු විදුහල්පතිවරු ආදී අනෙකුත් සියළු නිලධාරීන් ගුරුවරයාගෙන් යැපෙන්නෝය
ගොඩනැගිලි තිබුනාට පරිගණක තිබුනාට ස්මාර්ට් පන්ති කාමර තිබුනාට දක්ෂ නිපුන ගුරුවරු පාසලේ නොමැතිනම් ඒ කිසිවකින් පලක්නොවේ
විශ්‍රාමයාමෙන් පසු ලමුන් වැඩියෙන්ම සලකන්නේ ඔවුන්ගේ ගුරුවරුන්ට මිස අනෙකුත් නිලධාරීන්ට නොවේ
එබැවින් වඩාත්ම වැදගත් දෙය වන්නේ නිපුන ගුරු පිරිසක් සාදා ගැනීමයි
එය එසේ නොවනවිට එය ලමුන් ටියුෂන් පන්තියාමට යොමුකරවයි

මෙයට දියහැකි තුන්වන පිළිතුරවන්නේ විදුහල්පතිවරු යන්නය
ඔවුන් උදය රැස්වීම සහා විවිධ දින සහා විවිධ උත්සව සහා ලමුන්ගේ පාසල් කාලය වැය කරමින්
ඉගැන්වීමට බාධාකරමින් ලමුන් ටියුෂන් පන්තියාමට යොමු කරයි
එමෙන්ම ඔවුන්ගෙන් සමහර අය විවිධ ආකාරයෙන් තමන්ට රුචිනැති ගුරුවරුන්ගේ සිත් රිදුවමින් ඉගැන්වීමට ඔවුන්ගේ ඇති රුචිය නැතිකරමින් ඉගැන්වීම් කාර්යයට බාධා කරයි
ප්‍රතිඵලයවන්නේ ලමුන්ට ටියුෂන් පන්තියාමට මග සැලසීමයි

මෙයට දියහැකි හතරවන පිළිතුර වන්නේ විවිධ තනතුරු වලින් හැින්වෙන අධ්‍යාපන නිලධාරීන් බවයි
ඹවුන් විවිධ ආකාරයෙන් ලමුන්ගේ පාසල් කාලය ගුරුවරුන්ගේ පාසල්කාලය ඔවුන්ගේ වැඩකටයුතු වලට වැයකර දමයි
පාසලේ ඉගෙණුම් ඉගැන්වීම් කාර්යය කිරීමට අවශ්‍ය පහසුකම් නිසියාකාරව සකස්කර නොදෙයි
ඔවුන්ගෙන් සමහර අය අවශ්‍යතරම් විෂය දැණුම සහ පළපුරුදුකම් නොමැති බැවින් ගුරුවරුන්ට උපදෙස් දීමට නොහැකිව නොසැලකිලිමත්ව සිටියි

පස්වන පිළිතුර වන්නේ ටියුෂන් දෙන සමහර පාසල් ගුරුවරුන් බවයි ඔවුන් පාසලේදී තමන්ගේ ටියුෂන් පන්තියට ලමුන් යොමුකර ගනියි එහිදී හොින් ඉගැන්වීම් කරයි තමන්ගේ පන්තියට එන ලමුන්ට පාසලේදී වැඩි සැලකිල්ලක් දක්වයි එයින් ලමුන් ටියුෂන් අධ්‍යාපනයට යොමුවෙයි

හයවන පිළිතුරවන්නේ වෙනත් රැකියාවක නිරත වෙමින් හෝ නොවෙමින් ටියුෂන්දෙන ගුරුවරු බවයි
ඔවුන් පාසල්වල උගන්වන ගුරුවරුන්ට වඩා හොින් උගන්වමින් වැඩි ඉගෙණුම් ආධාරක ද්‍රව්‍ය
ලබාදෙමින් පාසලේ ගුරුවරුන් සම්බන්ධව ලමුන් තුල ඇති ගරුත්වය අඩුකර දමයි
එයින් ලමුන් පාසලේ අධ්‍යාපනය සම්බන්ධව නොසැලකිලිමත්වෙමින් ටියුෂන් අධ්‍යාපනයට යොමුවෙයි


පාසල් ගුරුවරුන් ටියුෂන් පන්ති පැවැත්වීම කිසිසේත් වැරදි නොවේ
පවතින ආර්ථික ක්‍රමය අනුව දොස්තරලාට  පුද්ගලික චැනල් සේවයේ යෙදෙන්නට හොනම් ගුරුවරුන් ටියුෂන් පන්ති පැවැත්වීමේ ඇති කිසිදු වැරැද්දක් නැත

මෙයින් වඩාත්ම අවාසිය සිදුවන්නේ ටියුෂන් පන්තියාමට හැකියාවක් නැති අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ටය
ඇති හැකි පවුල්වල ලමුන්ට මෙයින් ඇතිවන්නේ වාසියකි

මෑත කාලයේ  ටියුෂන් පන්ති නොගොස් විශ්ව විද්‍යාලයේ විද්‍යා වෛද්‍ය හෝ ඉංජිනේරු අංශයට තේරුන ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් වෙත්දැයි හැකිනම් සොයා බලන්න

වර්ථමාන අධ්‍යාපනයේ ගුණාත්මක බව රා ඇත්තේ ටියුෂන් අධ්‍යාපනය නිසාය
බොහෝ පාසල් ඉදිරියේ පාසලේ ලමුන්ගත් විභාග සමර්ථවීම් සම්බන්ධව දැන්වීම් ප්‍රදර්ශණය කර ඇතත් එම ප්‍රතිඵල පාසලට පමණක් අයිති ඒවා නෙවේ

ලමුන් ටියුෂන් අධ්‍යාපනයට යොමුකරන තවත් කරුණු රාශියකි දක්වා ඇත්තේ කරුණු ස්වල්පයක් පමණි මෙවැනි කුඩා සටහනක සියල්ල දැක්විය නොහැක
එම බොහෝ කරුණකින්ම දැක්විය හැක්කේ රටෙහි පවතින අධ්‍යාපන ක්‍රමය විසින්ම පාසල් ලමුන් ටියුෂන් පන්තියාමට යොමු කරන බවයි


එබැවින් පවතින තත්වය අනුව එක්කෝ අධ්‍යාපන පද්ධතියේ ඇති මෙම අඩුපාඩු සකස්කර ගතයුතුව ඇත එසේ නැතහොත් අඩු ආදායම්ලාභී පවුල්වල  දරුවන්ට ටියුෂන් පන්තියාමට කිසියම් ආධාර මුදලක් රජයෙන් ලබාදීම අත්යාවශ්‍යව ඇත


No comments:

Post a Comment