Tuesday, December 10, 2019

නොදන්නා නගරයකට ගියවිට මුත්‍රා කිරීම



 


බොහෝ නගර වලට යන පිටස්තර අය මුදල් නොගෙවා මුත්‍රා කලහැකි අහුමුළු ගැන දන්නේ නැත. එබැවින් ඔවුන්ට මුත්‍රා කිරීමට අවශ්‍යවූ විට රු 20 ක් ගෙවා ප්‍රසිද්ධ වැසිකිලියකට යාමට සිදුවේ. නගරය ගැන දන්නා අය මුදල් නොගෙවා මුත්‍රා කලහැකි අහුමුළු දන්නා බැවින් ඔවුන්ට එසේ මුදල් වැයවන්නේ නැත. එබැවින් මෙසේ මුදල්වැයකිරීමට සිදුවන්නේ නගරයෙන් පිටතින් එන අයටය.

සමහරවිට බස් රථ පැමිනෙන්නේ ප්‍රමාදවීබැවින් කීපවරක් මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. දෙසැරක් මුත්‍රාකිරීමට සිදුවුවහොත් වැයවන මුදල රු 40 කි. විවිධ ආකාරවලින්  නගරසභා අයකරගන්නා බදු මුදල්වල හැටියට නගරයේ මුදල් අය නොකරන වැසිකිලියක් පවත්වාගෙන යාමට නොහැකි ඇයිද යන්න ප්‍රශ්ණයකි.

දිනකට පැමිණෙන අය සාමාන්‍යයෙන් 100 ක් පමණ වන එක වරකට රු 20 ක් අයකරන වැසිකිලියක් ගැන සැලකුවහොත් එහි දවසක ආදායම රු 2000 ක් වේ. මාසික ආදායම රු 60000 ක් පමණ වේ. වාර්ෂික ආදායම රු 720000 ක් පමණ වේ. සමහර ප්‍රසිද්ධ වැසිකිලි වලට දිනකට පැමිණෙන පිරිස 100 කට වඩා වැඩිය. එබැවින් ඒවායින් උපයන මුදල මෙයට වඩා බෙහෙවින් වැඩිය. සමහර නගර සභාවල වැසිකිලි කීපයක් ඇත.
වැසිකිලි වලින් උපයා ගන්නා මෙම මුදල් ප්‍රමාණය නගර සභාවට නිසියාකාරව වාර්තා වෙනවාද යන්නද ප්‍රශ්ණයකි.

3 comments:

  1. ඔය සල්ලි නගර සභාවට යන්නේ නැත. පොදු වෙලදසැල් වාගේ ටෙන්ඩර් ක‍්‍රමයට බදු දිමක් සිදු කරනවා. නාගරික මන්තිරියන්ගේ හෙන්චයියෝ හා චංඩින් විසින් මේවා වසරකට බදුගෙන පවත්වාගෙන යනවා. සමහර පොදු ස්ථාන හා රෝහල් වැනි ස්ථානයන් වල වාහන නැවතුම් ස්ථානද මෙවැනිමය.

    ReplyDelete
  2. ඔබේ පිළිතුරෙන් තවත් කරුණු දැනගන්න ලැබුනා. ස්තුතියි.
    හොර බිස්නස් එකක් කරන කෙනෙකුට හරි රැකියාවෙන් හොරට මුදල් උපයන කෙනෙකුට හැර සාධාරණ අයුරෙන් මුදල් උපයන සාමාන්‍ය කෙනෙකුට රු 20 ක් කියන්නෙ සැලකිය යුතු මුදලක්.
    මේ වගේ ප්‍රශ්ණ රාශියක් නගරවල තියෙද්දි තාප්පවල චිත්‍ර ඇන්දට විතරක් රට හැදෙයිද

    ReplyDelete