Saturday, August 13, 2022

ශ්‍රී දළඳා අෂ්ඨක


 

ශ්‍රී දළඳා අෂ්ඨක

පෙරහැරේ යන අයද මේවා ගායනා කරමින් යයි

 

මුණි නන්දන ගුණ රංජන උත්තම බඹ සරණම්

-        තෙද නන්වන හස රන්දන අති පූජිත සොබනම්`

-         සිරි කැන්දන සුව රන්දන සිරි සම්බුදු වදනම්

-         ශ්‍රී සම්බුදු දළඳ සඳ අභි වන්දන කරනම්

`සංසාරිත භව බන්දන සිඳ බිඳලන තෙදනම්

    ­   පින රන්දන දෙවි වන්දන බඹ සේසත පුදනම්

-        සෙංකඩගල ජයවර්ධන පුරමන්ගල විමනම්

-        ශ්‍රී සම්බුදු දළඳ සඳ ජින පංජර කරනම්

        ජල නන්දන බල රන්දන මුණි කව්මද වරණම්

-         මිණි මන්දද තේවා මුර නිති පුද දෙන සරණම්`

-         මර බන්දන නැසු පවරැති ගොයුමානං වරණම්

-         ශ්‍රී සම්බුදු දළඳ සඳ ප්‍රණමාමිත සරණම්`

          සුව චන්දන තුවරල් ගඳ විලවුන් හැම පුදනම්

-                                                          වැසි කැන්දන සිරිසෙතදෙන උත්තම මුණි වරණම්

-         දිසි සඳකැන් සේ රශ්මිත සිරි සෝභිත කිරණම්

-         ශ්‍රී සම්බුදු දළඳ සඳ අභි වන්දන කරනම්

          අංගීරස සිල් ගුණදර තපසින් පිරි අභිමන්

-         ලුම්බිණි මහ සල් වන මැද මායා මව් කුසනම්

-        ` වැඩි සෝබන මහ බෝසත් රදනක සිරි පවසම්

-         ශ්‍රී සම්බුදු දළඳ සඳ අභි පූජිත කරණම්

          ගිරි මේඛල වර ගජිඳුන් පිට වසවත් පැමිණෙන්

-         වජිරාසන මහ බෝ මැඩ නිර්භය අප මුණිනම්

-        ` කම්පිත කර ධරනී මව පලවා හැම මරසෙන්

-         ශ්‍රී සම්බුදු දළඳ සඳ අභිවන්දන කරනම්`

          සත් සාගර මහමෙර ගිරි දෙදරා පැන නැගෙනම්

-         කුසිනාරා උපවත්තන සුන්දර සල් වන නම්`

-         පරි නිබ්බන වැඩි ගෞතම සිදුහත් මහ මුණිනම්

-         ශ්‍රී සම්බුදු දළඳා සඳ ප්‍රණමාමිත සරණම්`

         සිරි සිංහල ලංකාපුර මහ රජ වර අභිදං

-        සිරි ගෞතම සාසන වර අති පූජිත නිමලං`

-         පන් සහසක වස් තෙද බල පතුරා වැඩ හිඳනම්

-        ශ්‍රී සම්බුදු දාඨා මුණි ප්‍රණමාමිත සරණම්.

 

.

1 comment: