Sunday, October 2, 2022

රබර්

 

ඉස්සර ලොකු රබර් වතු තිබුනේ සුද්දන්ගේ පාලනය යටතේය අපේ පැත්තේ තියන ලොකු රබර්වතුවල අදද තියෙන්නේ ලෑන්ඩ්ස්කේප් ඩැල්කිත් අස්ක්වැලි වැනි ඉංග්‍රීසි නම්ය

කිරි කැපුවේ උදේට පමණකි

වතුවල තිබුනේ සිරියාවන්ත පෙනුමකි

ඒවායේ තිබුනේ හිනාවෙන ස්වභාවයෙන් යුතු රබර්ගස්ය

මම විශ්වවිද්‍යාලයේ සිටි දෙවෙනි වර්ෂයේදී ආහාර අර්බුදය නිසා විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමනලදී

එම කාලයේ මට අගලවත්ත රබර් පර්යේෂණායතනයේ තාවකාලික රැකියාවක් කරන්නට අවස්ථාව ලැබුනි

මට එම තාවකාලික රැකියා අවස්ථාව දෙනු ලැබවේ පර්යේෂණායතනයේ අවශ්‍යතාවයක් නිසා නොවන අතර නිවාඩුකාලයේ ගෙදර සිටින අතර මවිසින් කරනලද ඉල්ලීමක් අනුවය

මගේ බැචියක්වූ සුජාතාද ඉංජිනේරු අංශයේ අබේවර්ධනද එහිවිය

ඒකාලයේ රබර් පර්යේෂණාතනයේ තිබුනේ එංගලන්තයේ ස්වභාවයයි

අපටද එම වරප්‍රසාද ලැබුනි

අප වැඩකලේ එහි විද්‍යාගාරයේය

අප රැකියාවට ආවේ ගියේ එහි වාහනවලය

අපට සැලකියයුතු දවස් පඩියක් ගෙව්වේය

 

එකල රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂතුමා ආචාර්ය ඕ එස් පීරිස් මහතා වූ අතර කරුණාරත්න මහතා රබර් රසායන පරීක්ෂණාගාරයේ  ප්‍රධානියා විය   

මාහට වැඩකරන්නට යොමුකරනු ලැබුවේ  එහි

ආචාර්ය පියසිරි අමිලසිත් යාපා මහතා යටතේ තිබූ ජීවරසායන අංශයටය

භෞතික විද්‍යා කේෂත්‍රෙයේ සිටි මට එය අලුත් අත්දැකීමක්විය

ආචාර්ය පියසිරි අමිලසිත් යාපා මහතා ඉතා නිහව එහෙත් බොහෝ වැඩකරන ස්වභාවයෙන් යුතු කාරුණික තැනැත්තෙකි ඔහු සිංහලෙන් ලියූ පොත්ද වෙයි

මට මුලින්ම කරන්නට සිදුවූයේ ඇසිඩ් වෙනුවට ගස්ලබු කිරි භාවිතයෙන් රබර් මිදවීම සම්බන්ධව අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියක් කිරීමටය

වැඩේ නියමය එයින් ඇතිවන්නේ අඩු ප්‍රෝටීන සහිත රබර්ය Low protein rubber

එයට අමතරව රබර් පිටරටයැවීමේදී දැක්වියයුතු මූලික දත්තයන් ගණනය කිරීම සහාවන  1. Aceton extraction test 2.Nitrogen test 3. PRI test plasticity test 4.Vm Volatie matter test 5.ash test 6. dirt test ආදියද කරනු ලැබීය

ඒ දවස්වල රබර්කිරි එකතුකිරීම සහා වැඩිය සුදුසු භාජනය කුමක්දැයි සොයා බැලීමට පර්යේෂණයක්ද වෙනත් කෙනෙකු විසින් කරනලදී එයින් සනාථවූයේ වඩා සුදුසු භාජනයවන්නේ දැනටත් භාවිතාකරන පොල්කටුව බවය

ඒ කාලයේ රබර් සම්බන්ධව කටයුතු උනන්දුවෙන් කෙරුනි පොහොර දැමීම ආදියද නිසියාකාරව කෙරුනි

ඒ කාලයේ රබර් වතුවල රබර්ගස්වල සිනාසෙන පෙනුමක් විය

 

පසුකාලයේ රබර්වතු ජනසතු කලේය

ඉන්පසු වතුවල පරිපාලනය අඩාල විය

උදේට ආණ්ඩුවෙන් කිරිකපනලද අතර හවසට අවට මිනිසුන් විසින් ඔට්ටපාලු හොරෙන් ගලවාගැනීම්  සහ හොරෙන් කිරිකැපීම්ද විය

රබර්ගස් වැහැරී ගොස් අන පෙනුමකින් යුක්ත විය

සිනාසෙන ස්වභාවයෙන් යුක්තවූ රබර් වතු මූසල පෙනුමෙන් යුක්තවිය

අදටද බොහෝ රබර් වතුවල ඇත්තේ  එම මූසල පෙනුමයි


 

 

ලංකවේ මුලින්ම රබර් සිටවා ඇත්තේ ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයේ බව අප කුඩාකාලයේදීම අසා තිබුනි

ලංකාවේ මුල්ම රබර්ගස 1876 දී පැලකර ඇති බවත් එම ගස සුලිසුළට අසුව 1988දී විනාශවූබවත් එහි පුවරුවක සහන්ව ඇත


 

එය සිසිල් පිරිසිදු වාතාශ්‍රයෙන් යුතු අපූරු උද්‍යානයකි



ක්‍රීඩාකරන කුඩා ලමුන් රාශියක් එහිවිය

4 comments:

  1. විකී බෝම් මැතිනිය ලියූ පොතක් ඇත
    වීපින් වුඩ්-ය හෙළ බසටත් නැඟී ඇත
    රබර් ගහ වටා කතාව ගෙතී ඇත
    'ගසක කඳුළු' කියවන්නම වටින පොත

    කතා දෙකක් නැත- සීයක් පොතේ ඇත
    රබර් ගහේ සුලමුල ලියවෙලා ඇත
    රබර් නිසා වුණු සෙත වාගෙම විපත
    එහි තිබෙයි, එවැනි පොත් මා දැක නොමැත!

    ReplyDelete