Sunday, May 19, 2019

ආනන්තරික පාප කර්ම




අංගුත්තර නිකායෙ දශක නිපාතයෙ සංඝභේද සූත්රයෙ එමෙන්ම අංගුත්තර නිකායෙ පරිකුප්ප සූත්රයෙ එමෙන්ම අංගුත්තර නිකායෙ දුතියසික්ඛාපද සූත්රයෙ එමෙන්ම අංගුත්තර නිකායෙ වොරෝපිත සූත්රයෙ එමෙන්ම අංගුත්තර නිකායෙ පඨම ආනන්ද සූත්රයෙ ආදී සූත්ර ගණනාවක ආනන්තරික පාපකර්ම පහක් ගැන එනම් පංචානන්තරිය පාප කර්ම ගැන විස්තර කරල තියනව 
ආනන්තරික පාප කර්ම පහක් ගැන සදහන් කරල තියනව

1 මව මැරීම
2 පියා මැරීම
3 රහතුන් මැරීම
4 දුෂ්ඨ චේතනාවෙන් බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම
5 සංඝ භේදය

ආනන්තරික පාප කර්මයක් කල කෙනෙකුට වෙනත් කර්මයක් පලදෙන්නට ඉඩ නොතබා එම පාප කර්මයෙහි විපාක අතරක් නැතුව විදින්නට වෙනව කියන එකයි සදහන්ව තියෙන්නෙ අන් - අන්තරික අන් කියන්නෙ වෙනත්, අන්තරික කියන්නෙ ඉඩක් නැතුව කියන එකයි ඒ කියන්නෙ වෙනත් පුණ්‍ය කර්මයකට හරි පාප කර්මයකට හරි පලදෙන්න විපාක දෙන්න ඉඩ නොදී ආනන්තරික පාප කර්මයේ විපාක විදින්න වෙනව කියන එකයි එයට හේතුව එම පාපය බලවත්කම වැඩිකමයි  අනිවාර්යයෙන්ම සතර අපා ගතවෙලා ඒ පාප කර්මයෙහි පාප ශක්තිය ගෙවිල යනතුරු අනන්ත කාලයක් දුක් විදින්නට වෙනව කියන එකයි
පංචානන්තරිය පාප කර්මයක් කල කෙනෙකුට සදහටම නිර්වාණය වැහෙනව කියල ධර්මයේ සදහන්ව නැහැ සිදුවන්නෙ ආනන්තරික පාප කර්මයෙ විපාක ගෙවිල යනතුරු වෙනත් කිසිම කර්මයක විපාක පල නොදී අනන්ත දුක් සහිත එම පාප කර්මයේ විපාක ගෙවා අවසන් වනතුරු අනන්ත කාලයක් දුක්පලදීමයි අනන්ත කාලයකට සුගතියකට පැමිණීමක් නොවීමයි අනන්ත කාලයකට සද්ධර්මය ඇසීමට අවස්ථාවක් නොලැබීමයි  නිර්වාණ අවබෝධයට අනන්ත කාලයකට අවස්ථාවක් නොලැබීමයි

1 මව මැරීම 2 පියා මැරී‍ම 3 රහතුන් මැරීම 4 දුෂ්ඨ චේතනාවෙන් බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම කියන ඒව ශිෂ්ඨ සමාජයක මනුෂ්‍යයෙක් අතින් බොහොම කලාතුරකින් කෙරෙන ඒව නමුත් සංඝභේදය එහෙම නෙවෙයි වෙන
ආගම් වල අය අතින් ඒක කෙරෙනව අඩුයි නමුත් බණ නොදන්න බුද්ධාගම් කාරයො අතින් ඒක නිතරම කෙරෙන්න පුලුවන්
සංඝභේදය කියන්නෙ හාමුදුරුවරු භේද කරවන එක නොවෙයි එක සූත්රයකවත් හාමුදුරුවරු තරහ කරන එකක් ගැන සදහන්වෙන්නෙ නැහැ

බුදුහාමුදුරුවො ධර්මය දේශණා කරල තියෙන්නෙ පාලියෙන් නෙවෙයි මාගදී භාෂාවෙනුයි මාගදී භාෂාවෙ අකුරු නැහැ මාගදී කියන්නෙ සබ්ද සංඥා භාෂාවක් මාගදී භාෂාවෙන් සංඝං කියන්නෙ සසර දුකින් මිදී නිදහස් වන්නට තියන ක්රියාකාරකම් වලින් යුක්ත මාර්ගචර්යාවයි

මාගදී භාෂාවෙන් සං කියන්නෙ කෙලෙස් වලට
සං කියන්නෙ රාග ද්වේශ මෝහ වලට
ඝ කියන්නෙ ඉවත්කර දැමීම ගසා දැමීම කියන එකයි
එවිට සංඝ කියන්නෙ කෙලෙස් ඉවත් කිරීමට
එවිට සංඝ භේදය කියන්නෙ කෙලෙස් ඉවත් කිරීමට අනුගමනය කිරීමට බුදුරජානන්වහන්සේ විසින් දක්වා ඇති මාර්ගය එම මාර්ග චර්යාව බේද කිරීම භින්න කිරීම වෙනස් කිරීම ආදියයි
 සංඝභේද පාප කර්මය වෙන අවස්ථා දහයක් බුදුරජානන් වහන්සේ අංගුත්තර නිකායෙ පඨම ආනන්ද සූත්රයෙ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරල තියනව

1    අධම්මං ධම්මං දේසේති - අධර්මය බුද්ධධර්මය යයි දේශණා කිරීම .............
2  ධම්මං අධම්මං දේසේති
3   අවිනයං විනයෝති දීපෙන්ති - අවිනය විනය ලෙසින් දක්වා දේශණා කිරීම
4   විනයං අවිනයෝති දීපෙන්ති
5   අභාසිතං අලපිතං ............ දීපෙන්ති - බුදුවරයන් වහන්සේලා දේශණා නොකල දෙය දේශණා කලේයයි දේශණා කිරීම  ......
6  භාසිතං ලපිතං ............ දීපෙන්ති
7   අනාචිණ්ණං .............ආචිණ්ණං......දීපෙන්ති
8  ආචිණ්ණං .............අනාචිණ්ණං......දීපෙන්ති
9  පඤ්ඤත්තං ........අපඤ්ඤත්තං  ..... දීපෙන්ති
10)අපඤ්ඤත්තං ........පඤ්ඤත්තං  ..... දීපෙන්ති

     කව්රුහරි මේ  කටයුතු කලොත් තමයි සංඝභේද පාප කර්මය සිදුවන්නෙ

මෙහි දීපෙන්ති කියන්නෙ පණ පිහිටුවා කීම, සත්‍යය යයි කීම, ලිවීම, විස්තර කිරීම ආදියයි

තථගත දේශණාව පඤ්ඤපනා , පට්ඨපනා,විභජනා,විවරනා සහිත  ආචික්ඛනා දේශනාවක් එම ආචිණ්ණ දේශණාව  එක අකුරකින්වත් වෙනස් කලොත් අනාචිණ්ණං කලොත් එය සංඝභේදය පාප කර්මය වෙනව සංඝෝ භින්නෝ භේදෝ වෙනව ආනන්තරිය පාප කර්මය වෙනව

බුදුවරයන් වහන්සේ නමක් පනවපු දෙයක් වෙනස් කලොත් එය සංඝභේදය පාප කර්මය වෙනව සංඝෝ භින්නෝ භේදෝ වෙනව ආනන්තරිය පාප කර්මය වෙනව

බුදුවරයන් වහන්සේ නමක් දේශණා කරන ධර්මය අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන වශයෙන් විග්රහ සහිතවයි දේශණා කරන්නෙ

බුදුවරයන් වහන්සේ නමක් දේශණා කරන ධර්මය සාත්තං සව්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං පරිශුද්ධං ගූණයන්ගෙන් යුක්තයි එම ධර්මයෙ අඩුගානෙ ඇලපිල්ලක්වත් වෙනත් කෙනෙකුට වෙනස් කරන්න ඉඩ තියල නැහැ වෙනස් කරන්නත් බැහැ වෙනස් කලොත් අර්ථ වෙනස් වෙනව සංඝෝ භින්නෝ භේදෝ වෙනව සංඝභේදය පාප කර්මය වෙනව ආනන්තරිය පාප කර්මය වෙනව අනිවාර්යෙන් අතරක් නැතිව අනන්ත කාලයක් සතර අපායෙ දුක්විදින්න වෙනව


සද්ධර්මය දේශණා කරන එක ලේසි වැඩක් නෙවෙයි ඒක මහා බරපතල මහා භාරදූර කාර්යයක් මොකද  කරන්න ගිහින් වැරදුනොත් වරදවා කිව්වොත් ඒක තමන්ගෙ නිවනත් වහගෙන අනුන්ගෙ නිවනත් වහන මහා බරපතල පාප කර්මයක් වෙන හින්ද


ලංකාවෙ හුගක් අය පරම්පරා ගණනකින් බුද්ධධරමය අහල නැහැ නමුත් හිතාගෙන ඉන්නව අපි තරම් බණ දන්න අය නැහැ කියල කරුණු හොයල බලන්නෙ නැහැ පුහු මානය නිසා  ලංකාවෙ හුගක් හාමුදුරුවරු හුගක් අය පරම්පරා ගණනක් බුද්ධධර්මය අහන්න නොලැබිලා අපවත්වෙලා තියනව මිය පරලොව ගිහින් තියනව කාලයක් තිස්සෙ බුද්ධාගමෙන් සැබෑ බුද්ධධර්මය යටපත්ව වැහිල තිබුන නිසා  

 නමුත් වර්තමානයේ සමහර ස්වාමීන්වහන්සේලා සැබෑ බුද්ධධර්මය මතුකරල දේශණා කරනව එම ධර්මදේශණා අසන ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද ඉන්නව

විවිධ ස්වාමීන්වහන්සේලා බණ කියනව නමුත් තමුන්ට හැකියාව තියෙන්න ඕන නිවැරදි බණ හදුනාගන්න

  නමුත් කව්රුහරි බණ නොදැන  බණ කියල වෙනත් දෙයක්  කියනවනම්  ඒ අය කරන්නෙ අනුන්ගෙ නිවනත් වහල තමන්ගෙ නිවනත් වහගන්න එක සසර දුකින් මිදී නිදහස් වන්නට බුදුරජානන් වහන්සේ දේශණා කල  මාර්ගචර්යාව වෙනස් කරන එක එහෙම අය කරන්නෙ   සංඝභේදය ආනන්තරික පාපකර්මය

මූලාශ්රය :- අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ධර්මදේශනා

  


Wednesday, May 1, 2019

දේව ආගම් ඇතිවීම සහ එයින් මුලාවී නොයෙකුත් යහපත් අයහපත් කටයුතු කිරීම කතාව






දේව ආගම් ඇතිවීමේ කතාව සහ ආගමේ නාමයෙන් මුලාවී යහපත් සහ නොයෙකුත් අයහපත් කටයුතු කිරීමේ කතාව
1. අලුත් ලෝකයක් ජීවය ඇතිවීමට සුදුසු තත්වයට පත්වීම
2. දිව්‍ය ලෝකවල සිටින සමහර අය සහ සමහර බ්රහ්ම ලෝකවල සිටින සමහර අය එහි උපත ලැබීම
3. තමන්ගේ මෙලොව උපත සිදුවූයේ කෙසේදැයි ඔවුන් සිතා බැලීම
4. සමහර අයට තමන් පෙර සිටි දිව්‍ය ලෝකය මතක්කිරීමට හැකිවීම
5. ඹවුන් තමන් දෙවියන් විසින් මෙලොවට මවන ලද්දේයයි විශ්වාස කරමින් දේව ආගම් නිර්මාණය කර ගැනීම
6. දිව්‍යලෝකයට ස්වර්ගයටයාම දුකින් මිදීමට මග යයි සිතා මුලාවී ඒ අනුව කටයුතු කිරීම
7. එම ආගමේ පැවැත්ම සදහා යහපත්වැඩ මෙන්ම නොයෙකුත් අයහපත් වැඩ කිරීම
8. සමහර අයට තමන් පෙර සිටි බ්රහ්ම ලෝකය මතක්කිරීමට හැකිවීම
9. ඹවුන් තමන් බ්රහ්මයා විසින් මෙලොවට මවන ලද්දේයයි විශ්වාස කරමින් බ්රහ්ම ආගම් නිර්මාණය කර ගැනීම
10. බ්රහ්මත්වයට පත්වීම දුකින් මිදීමට මග යයි සිතා මුලාවී ඒ අනුව කටයුතු කිරීම
11. එම ආගමේ පැවැත්ම සදහා යහපත්වැඩ මෙන්ම නොයෙකුත් අයහපත් වැඩ කිරීම
12. බුදුරජානන්වහන්සේ ලොව පහලව එම දිව්‍ය බ්රහ්ම තත්වයන්ද දුක් සහිත තාවකාලික තත්වයන්බව පහදා දී සත්වයන් මුලාවෙන් මුදවා දුකින් මිදීමට නිවැරදි මග පෙන්වා දීම

Thursday, April 18, 2019

ග්රාමීය පාසලක විදුහල්පති සහ කාල සටහන් හදන ගුරුවරයා අතර සාකච්චාව - තරමක් දුරට ප්රබන්ධයකි








ග්රාමීය පාසලක විදුහල්පති සහ කාල සටහන් හදන ගුරුවරයා අතර සාකච්චාව - තරමක් දුරට ප්රබන්ධයකි

සර් අපි ඉල්ලුවෙ ප්රාථමික ගුරුවරයෙකුයි චිත්ර ගුරුවරයෙකුයි වුනාට එවල තියෙන්නෙ වානිජ උපාදි ගෑණු ලමයෙකුයි පියන් ගෑණු ලමයෙකුයිනෙ දෙන්නම ලස්සනයි හැඩයි පියන් ගෑණු ලමය මොනටිසෝරියක් දාගෙන ඉදල තියෙන්නෙ ඩිප්ලෝමාවකුත් තියනව උසස්පෙලත් පාස්

සර් පියන් ලමයට 1 වසර දීල වානිජ ටීචට 6,7,8 චිත්ර දෙන්නද

එපා

ඇයි සර් එහෙනම් අර විද්‍යාගාර සහායක ආපු එක්කෙනාට පියන්කම දීල පියන් කමට ආපු ගෑණු ලමයට විද්‍යාගාරෙ වැඩකරන්න දීල තියෙන්නෙ

ඒ දෙන්න කැමැත්තෙනුයි එහෙම මාරු කර ගත්තෙ ඒ පියන් ගෑණු ලමය බදින්න ඉන්න එක්කෙනාට එයා කියල තියෙන්නෙ එයා විද්‍යාගාර සහායක කෙනෙක් කියලලු

මෙතන තියන ප්රශ්නෙ  එහෙම දෙන්න බැරිකම නෙවෙයි පියන් ලමයට ගුරු අත්සන් පොතේ අත්සන් කරන්න දෙන්න බැරිකම දුන්න ගමන් ටක් ගාල ගුරුමණ්ඩලයෙ අය දැනගන්නව අර කිසි වැඩක් නොකරන ටීචත් ඔය පන්තිය ඉල්ලලනෙ තියෙන්නෙ

එහෙම නෙවෙයි  මෙහෙම කරමු

වානිජ ටීචට 1 වසර පන්තිය දෙන්න

ගුරුමණ්ඩලයෙ අයටත් රහසේ කියල ඔය අලුත් පියන් ලමයට ටීච කෙනෙක් එනකම් 6,7,8 චිත්ර දෙමු
6,7,8 චිත්ර බාරගන්න ගුරුමණ්ඩලයෙ කවුරුවත් කැමති නැති නිසා ඒගොල්ලොත් සද්ද නැතුව ඉදීවි
අනිත් එක අපිට දැනටත් පියන් ලමයෙක් ඉන්නවනෙ අපට ඒ ඇතිනෙ

අපි ඉල්ලපු විදිහට ගුරුවරු එව්ව නම් මේ ප්රශ්ණ මොකුත් නෑනෙ සර්

ඹය ලමය තාම මේ දෙපාර්තමේන්තුව ගැන දන්නව අඩුයි ලමයො මේකෙ ඉන්න ලිපිකරුවො එක දෙපාර්තුමේන්තුවක
ගුරුවරු තව දෙපාර්තුමේන්තුවක
උසස් නිලධාරි වෙනත් දෙපාර්තුවක
මේකෙ මේ තරමටවත් වැඩ යනව ඇති

සර් ඔය උසස් නිලධාරි මොන දෙපාර්තුමේන්තුවෙ අයද
ඒ ගොල්ලො වැඩි දෙනෙක් රාජ්‍ය පරිපාලන සේවයේ අයනෙ
තරග විභාගයකින් පාස්වෙලා ආව කියල ඒ ගොල්ලන්ගෙ හිතේ ඒ ගොල්ල නොදන්න දෙයක් නැහැ කියල ඒගොල්ල දන්න අධ්‍යාපනේ
ඒකනෙ ඒගොල්ල ඔය දවසක්වත් ඉස්කොලෙක උගන්නල නැති අයව අධ්‍යාපනඅධ්‍යක්ෂක තනතුරු වලට බදව ගන්නෙ
ඔන්න ඔය තියෙන හැටියට යමු
ලමයි හම්බුවෙන්න ඉන්න ගෑණු දෙන්නෙක් නොඑව ගෑණු ලමයි දෙන්නෙක් එවපු එක ගැන සතුටුවෙමු
කොහොම හරි කාලසටහන බැලැන්ස් කර ගන්නත් ඕනැනෙ


Thursday, March 28, 2019

ත්රිපිටකයේ මුල් අයිතිය ඇත්තේ කුමන රටකටද








දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂයෙන් පසුව ලංකාවේ සිටි මහ තෙරුන්වහන්සේලා විසින් එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය මාතුල අලුලෙනෙහිදී ග්රන්ථාරූඩ කරන ලදැයි ඉතිහාසයේ සදහන්ව ඇත

 එසැනින් ප්රශ්ණයක් ඇතිවේ

ප්රශ්ණ අංක 1 - එනම් එම මාතුල අලුලෙන වර්ථමානයේ ඇති මාතලේ අලුවිහාරයද එසේ නැතහොත් කෑගල්ලට නුදුරුව ඇති මාතුල අලුලෙනද යන්නයි

දෙපාර්ශ්වයම විසින් තමුන්ගේ පැත්ත නිවැරදි බවට කරුණු දක්වන බැවින් නිශ්චිත පිළිතුරක් නැත

ඉන්පසුව ඇතිවන ප්රශ්ණය වන්නේ ප්රශ්ණ අංක 2 -මහතෙරුන්වහන්සේලා විසින් එසේ ත්රිපිටකය ග්රන්ථාරූඩ කලේ හෙලබසින්ද නැත්නම් පාලියෙන්ද යන ප්රශ්ණයයි

ඇතිවන තවත් ප්රශ්ණයක් වන්නේ ප්රශ්ණ අංක 3 -බුදුරජානන් වහන්සේ ධර්මය දේශණා කර ඇති මාගදී භාෂාව සහ හෙල භාෂාව සහ පාලි භාෂාව අතර ඇති සම්බන්ධය කෙබදුද යන්නයි

එයටද නිශ්චිත පිලිතුරක් නැත

මිහිදු හිමියන් ලංකාවට එනවිට පාලි ත්රිපිටකයද රැගෙන ආ බව කොටසක් කියයි

එය එසේනම් පාලි ත්රිපිටකයේ අයිතියක් ලංකාවට නැත

එම දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂසමයේ දිවිරැක ගැනීම සදහා සමහර තෙරුන්වහන්සේලා ඉන්දියාවට ගොස්  ඇති අතර කොටසක් ලංකාවේම රැදී සිට ඇත මාතුල අලුලෙනෙහිදී ත්රිපිටකය ග්රන්ථරූඩ කර ඇත්තේ එම බැමිණිතියාසාය මහා දුර්භික්ෂය අවසන්වීමෙන් පසුවය එම කාලයේ ඉන්දියාවට ගොස් සිටි තෙරුන්වහන්සේලාද නැවත ලක්දිවට පැමිණ තමතමන් දරා සිටින ත්රිපිටක ධර්මය නැවත ලංකාවේ සිටි තෙරුන්වහන්සේලා සමග ගලපාබලා ඇත එමගින් ත්රිපිටකය නිවැරදිව ආරක්ෂාවී ඇති බව පසක් කරගෙන ඇත අනාගත ආරක්ෂාව සදහා ත්රිපිටකය ග්රන්ථාරූඩකර ඇත්තේ ඉන් පසුවය

එවකට පාලි ත්රිපිටකයක් ඉන්දියාවේ තිබුනේ නම් දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂසමයේ  ඉන්දියාවට ගොස් ලංකාවේ දුර්භික්ෂය අවසන්ව යනතුරු වර්ෂ ගණනාවක් එහි සිටි මහතෙරුන්වහන්සේලා නැවත ලංකාවට ඒමේදී එය මෙරටට රැගෙන  නොඑන්නේ නැත එය එසේවූයේ නම්  එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය නැවත හෙලබසින් ග්රන්ථාරූඩ කරන්නට අවශ්‍යවන්නේ නැත කලයුතුව තිබුනේ එම පාලි ත්රිපිටකය හෙලබසට හැරවීම පමණක් බැවිනි


එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය වලගම්බා රජ දවස මාතුල අලුලෙනෙහිදී හෙල බසින් ග්රන්ථාරූඩ කරන ලදැයි කියන අය කියන්නේ එසේ හෙලබසින් ලියූ ත්රිපිටකය එකක් රන්පත් මතද අනෙක පුස්කොලපත් මතද ලියූ බවයි රන්පත්මත ලියූ ත්රිපිටකය ගල්ලෙනක් තුල නිධන්කල බවයි පුස්කොලපත්හි ලියූ ත්රිපිටකය මාතුල අලුලෙනෙහි තිබුන බවයි

බුද්ධඝෝෂ ස්වාමීන්වහන්සේ ලංකාවට පැමිණ ඇත්තේ හෙල බසින් ලියා තිබූ හෙල අටුවා පාලියට පරිවර්තනය කිරීම සදහා බවයි

පසු කාලයේදී මහවිහාරය සතුව තිබූ ඇතුන් හත්දෙනෙකුගේ බරින් යුතු ධර්ම ග්රන්ථයන් රාශියක් විනාශකර මහවිහාරයද විනාශකර එම භුමියෙහි උදු වපුරනු ලද බවයි

එහිදී කෑගල්ලේ මාතුල අලුලෙනෙහි තිබුන පුස්කොලෙහි ලියනලද ත්රිපිටකය ආරක්ෂා වූ බවයි

එමෙන්ම අභයගිරියෙහි තිබුන හෙලඅටුවා පොත් ද ආරක්ෂාවූ බවයි

පසුකාලයෙහි කෑගල්ලේ උප දිසාපතිව සිටි ජෝර්ජ් ටර්නර් විසින් මාතුල අලුලෙනෙහි තිබුන පුස්කොලෙහි ලියනලද ත්රිපිටකය එංගලන්තයට රැගෙන ගිය බවයි

ඒ අනුව කරුණු සලකා බලනවිට පෙනීයන්නේ මාතුල අලුලෙනෙහි තිබූ පුස්කොලපත්හි ලියනලද ත්රිපිටකය එංගලන්තයේ ආරක්ෂිතව තිබිය යුතු බවයි එය හෝ නොඑසේනම් එහි පිටපතක් හෝ නැවත මේ රටට ගෙන ආ හැකිනම් එය අගනා කටයුත්තක් බවයි


එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය වලගම්බා රජ දවස මාතුල අලුලෙනෙහිදී හෙල බසින් ග්රන්ථාරූඩ කරන ලදැයි ගනිමු එවිට නැවතත් ප්රශණයක් ඇතිවෙයි

ප්රශ්ණ අංක 4 -එනම් එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය ග්රන්ථාරූඩ කරනලද්දේ හෙලබසින් නම් අද පවතින පාලි ත්රිපිටකය මුලින්ම ලිව්වේ කව්රුන්ද යන ප්රශ්ණයයි

මේ කිසිදු ප්රශ්ණයකට නිශ්චිත පිලිතුරක් නැත

ලෝකයේ ත්රිපිටක සංස්කරණ ගණනාවක්වෙයි පාලි ත්රිපිටකය සියම් ත්රිපිටකය  බුරුම ත්රිපිටකය පාලිපොත් සමාගමේ ඉංග්රීසි ත්රිපිටකය ආදී වශයෙනි


සිංහල ත්රිපිටකද බුද්ධජන්ති ත්රිපිටකය නැදිමාල ත්රිපිටකය මහමෙව්නා ත්රිපිටකය ආදී වශයෙන් කීපයක් වෙයි
ජාතික උරුමයක් කලේ කොයි ත්රිපිටකයදැයි හරියාකාරව දැනගන්නට නැත නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්තානයේ අධ්‍යක්ෂක කිරම විමලජෝති ස්වාමීන්වහන්සේ සිංහල ත්රිපිටකයේ පරිවර්තන අඩුපාඩු ඇතිබව පසුකාලයේ  පිලිගන්නා ලදී

කෙසේ වෙතත් මේ සියලු ත්රිපිටක ග්රන්ථයන්හි මූල ත්රිපිටක ග්රන්ථය වන්නට ඇත්තේ පාලි ත්රිපිටකයයි පාලි ත්රිපිටකය අදටත් නිරවුල්ව තිබීම සමස්ථ ලෝකවාසීන්ගේ භාග්‍යයකි

පාලි ත්රිපිටකයේ මුල් අයිතිය ඇත්තේ කුමන රටකටදැයි නිශ්චිතව කිව නොහැක්කේ මෙහි සදහන්ව ඇති ප්රශ්න වලට නිශ්චිත පිලිතුරු නොමැති බැවිනි


Sunday, March 24, 2019

සිංහල ත්රිපිටකය පරිවර්ථන අඩුපාඩු නිවැරදි කරන්නේ කවදාද



අපේ රටේ පාලි ත්රිපිටකය සහ එහි සිංහල පරිවර්ථනය වන සිංහල ත්රිපිටකය තියනව
පාලි ත්රිපිටකය නිවැරදිව තියනව
නමුත් සිංහල ත්රිපිටකයෙ වචන පරිවර්තන වල හුගක් අඩුපාඩු තියනව
පාලි ත්රිපිටකයෙ නිබ්බිදා කියන වචනය සිංහලට පරිවරිතනය කරල තියෙන්නෙ කලකිරීම කියල
පටිකූල කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ පිලිකුල් කියල
තිලක්ඛණ කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ තිලක්ෂණ කියල
අනත්ත කියන වචනය  සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ අනාත්ම කියල
අනිච්ච කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ අනිත්‍ය කියල
කාය කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ කය කියල
අරිය කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ ආර්ය කියල
විරිය කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ වීර්යය කියල
අලෝකො කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ ආලෝකෝ කියල
ආදී වචන පරිවර්තන වැරදි රාශියක් තියනව
මේ වචන වල අර්ථ එකිනෙකට බොහොම වෙනස්
ඒ වගේම මේ සමහර වචන ධර්මයේ ප්රධාන වචන
ප්රධාන වචන වැරදියට පරිවර්ථනය කරපුවහම මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ
සිංහල ත්රිපිටකය පුරා මේවගේ වෙනස් කරපු වචන තැන්තැන්වල වාර සිය ගණනක් භාවිතා වෙනව මෙහි සදහන් කරල තියෙන්නෙ ටිකයි  
මේ පරිවර්තිත සිංහල වචන වල අර්ථය  මුල් මාගදී ශබ්ද සංඥා අර්ථයට හාත්පසින්ම වෙනස් 
එයින් සැබෑ ධර්මය අර්ථය මුලුමනින්ම වෙනස් කරල තියනව
ක්රමක්රමයෙන් ප්රතිපත්තියෙහි හැසිරෙන බුද්ධධර්මය වෙනුවට පූජා බුද්ධාගම ඇතිකරල තියනව
මේ බව මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවො උන්වහන්සේ 1933දී ලියපු සත්‍යෝදය පොතේ අපූරුවට දක්වල තියනව

බුද්ධධර්මය රටකින් ඉවත් කිරීමට කලයුතු නොවරදින ක්රමය ඒ රටේ පූජා බුද්ධධර්මය ඇතිකිරීම බව පිටරටවල් වල අද තත්වය බැලුවහම පේනව බුද්ධධර්මය ආරක්ෂාවෙලා තියනවට විරුද්ධ වෙනත් ආගම් වල අයත් ඒ බව දන්නව ඇති
අද ඉස්සර බුද්ධධර්මය තිබුන  හුගක් රටවල්වල ඒ වෙනුවට තියෙන්නෙ බුද්ධාගම බුද්ධාගම කියන්නෙ බුද්ධධර්මය නොවෙයි මල්පූජා කිරීම පහන් පත්තු කිරීම හදුන්කූරු පත්තු කිරීම රන්පත් ඇලවීම තමයි ඒ අයගෙ බුද්ධධර්මය වෙලා තියෙන්නෙ පින් පෙට්ටියට කීයක් හරි දැම්මහම ඔක්කොම හරි බුදු සරණයි දෙවි පිහිටයි  කිව්වහම ඔක්කොම හරි
පරම්පරා ගණනකින් නිවැරදි ධර්මය අහල නැති යන්තමට හරි පාලි භාෂාව දන්නෙ නැති ඒබව කියනවටවත් කැමති නැති ලංකාවෙ ඉන්න පාරම්පාරික බුද්ධාගම් කාරයො උන්ගෙ ලමයින්ට සාමණේර හාමුදුරුවරුන්ට මේ වැරදි ධර්මය දහම් පාසල්වල, පාසල්වල, පිරිවෙන් වල, විශ්ව විද්‍යාලවල පොඩිකාලෙ ඉදල උගන්නව ඇත්ත ධර්මය වෙනුවට වෙනත් දෙයක් කියල දෙනව

දැන් මොකද වෙලා තියෙන්නෙ දැන් මේ වැරදි හදන්න බැහැ
ජාතික ලියවිල්ලක් කරපු නිසා

ජාතික ලියවිල්ලක් කරන්න ඉස්සෙල්ල කරන්න තිබුනෙ සංගායනාවක් කරල සිංහල ත්රිපිටකය නිවැරදි කරන එක
හැබැයි සංගායනාවක් කරන්න නම් සංඝයාවහන්සේලා ඉන්න ඕන රැස්වෙන්න ඕන
භික්ෂූන්වහන්සෙලා  හැමෝම සංඝයාවහන්සේලා නෙවෙයි
බහුතරයක් ඉන්න පාරම්පරික භික්ෂූන්වහන්සේලාට මේ වැඩේ කරන්න බැහැ
එයට හේතුව උන්වහන්සේලා ඉන්නෙත් පරම්පරාගතව රැවටිලා හින්ද

ඇතුලෙ වැරදි රාශියක් තියාගෙන සිංහල ත්රිපිටකය  ජාතික ලියවිල්ලක් කරපු එක හරියට වටිනා වගාවක් තියන ඉඩමක ඒ වටිනා වගාව වටිනා ගස් ආරක්ෂා කරගන්න මොනවද වටින ගස් මොනවද නොවටිනා ගස්  අදුනගන්න දන්නෙ නැති බැවින් ඒ සමග තියන නොවටිනාගස් ඉවත් කරන්නෙ නැතුව වත්තෙ තියන ඹක්කොම ගස් ආරක්ෂා කිරීමට නීති පැණෙව්ව වගෙයි  ඒකෙන් වෙන්නෙ තියන වටින ගස් උදුරන්නත් බැහැ ඒව වහගෙන තියන නොවටිනාගස් උදුරන්නත් බැහැ  වටිනගස් වගේ නෙවෙයි නොවටිනාගස් ඒව වටිනා ගස් වහගෙන වැවිල තියනව  වැවෙනව

දැන් ඉන්න සමහර ස්වාමීන්වහන්සේලා මේ බොරුවෙන් මිදිල සත්‍ය ධර්මය මතුකරල දේශණා කරනව උන් වහන්සේලා කරන්නෙ වරද්දල තියන ධර්මය නිවැරදි කරල කියන එක නමුත් ධර්මය අධර්මය හරියට දන්නෙ නැති අය ඒක පෙන්නන්නෙ දැන් හරියට තියන ධර්මය අන්න අර අය  වරද්දල කියනව කියලයි
දැන් තියන බුද්ධාගම  බුද්ධධර්මය නෙවෙයි කියල  හේතු දක්වල  කිව්වත් බොරුව ආරක්ෂා කරන පාරම්පරික අය  පිලිගන්නෙ නැහැ කරුණු හොයල බලන්නෙ නැහැ අපහාස උපහාස කරනව හිනාවෙනව තරහ ගන්නව  අර පොඩිකාලෙ ඉදල දීපු වැරදි පසුබිම හින්ද
 ඒ අතරෙ වැරදි බුද්ධාගම බාවිතා කරමින් වාසි ලබමින් ඉන්න අය ඒ වැරදි කතා වැරදි බව කියන අයට බණිනව
මෙන්න මේ අය බුද්ධාගම වෙනස් කරනව කියල කෑ ගහනව  අපහාස උපහාස කරනව මොකක්වත් දන්නෙ නැති දේශපාලකයො රවට්ට ගෙන බලපෑම් කරනව නීති මගින් තර්ජනය කරනව තමන්ට එන වාසි අඩුවෙනවට වෙන්න පුලුවන්

හැබැයි ප්රශ්ණයක් නැහැ දැන් ඇත්ත බුද්ධධර්මය දන්න අය ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකය පුරා ඉන්නව

පරම්පරා ගණනක් තිස්සෙ රැවටුන මේ බොරු වලින් මිදෙන්න උනන්දුවක් තියනව නම් වර්තමානයේ සමහර ස්වාමීන්වහන්සේලා නැවත මතුකර දේශණා කරන සත්‍ය ධර්මය කොහේදිහරි කොහොමහරි ඇහුනහම එකපාරටම විරුද්ධවෙන්නෙ  නැතුව තව තව කරුණු හොයා බලන්න