Thursday, January 24, 2019

ගණේගම අරමණපොල රන්කොත් රජමහා විහාරය 17-01-2019 වන්දනා ගමන










      











ගණේගම අරමණපොල රන්කොත් රජමහා විහාරය 17-01-2019 වන්දනා ගමන

සොලී ආක්රමණ ආදිය නිසා ලංකාවේ බුද්ධශාසනය පිරිහීගොස් ඇති කාලයේ ශාසනය ආරක්ෂා කරගෙන පැවිද්දන් වශයෙන් සිටි සමහර අය එකල හදුන්වා ඇත්තේ භික්ෂූන්වහන්සේලා යනුවෙන් නොව ගණින්නාන්සේලා යනුවෙනි

පැල්මඩුල්ලට නුදුරුව පිහිටි මෙම පන්සල පිහිටි ප්රදේශයේ ගණින්නාන්සේලා රාශියක් සිට ඇති බැවින් එකල එම ප්රදේශය හැදින්වී ඇත්තේ ගණේගම යනුවෙනි එබැවින් පන්සල හැදින්වී ඇත්තේ ගණේගම රජ මහා විහාරය නමිනි

ඉන්පසු මහා විජයබාහු රජ දවස සොලීන්ගෙන් රට මුදාගෙන බුද්ධ ශාසනය නගා සිටුවීමට කටයුතු කර ඇත එහිදී උපසම්පදා කර්මය කටයුතු කිරීම සදහා ප්රමාණවත් ගණපූරක භික්ෂූන් වහන්සේලාගේ හිගය නිසා රජු විසින් අරමණ දේශය නොහොත් බුරුම රටින් උපසම්පදා භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩම කරවාගෙන ඇත එකල මෙම පන්සල එම අරමණ භික්ෂූන් වහන්සේලාගේ නවාතැන්පොලක් වී ඇති බැවින් මෙය ගණේගම අරමණපොල රජමහා විහාරය නමින් හදුන්වන්නට වී ඇත

පිටතින් බැලූවිට දෙමහල් විහාරයක් ලෙස පෙනුනද මෙය ඇතුලතින් දෙමහල් විහාරයක් නොවේ ඇතුලත ඉපැරණි බුද්ධ ප්රතිමාවක් සහිත ඉපැරණි චිත්ර කලා කැටයම් ආදිය සහිත ඉපැරණි විහාරයකි මෙම විහාර භූමියේ ඇති චෛත්‍යද එම කාලයේම එකක් බව දැනගන්නට ඇත  මෙම විහාර භූමියේ ඇති ඉපැරණි බෝධීන්වහන්සේද දෙතිස්ඵල බෝධීන්වහන්සේලාගෙන් එක් නමක් බව දැනගන්නට ඇත මෙම විහාරයේ වහලෙහි රන්කොත් දෙකක් ඇති නිසා එය ගණේගම අරමණපොල රන්කොත් රජ මහා විහාරය නමින් හදුන්වා ඇත

No comments:

Post a Comment