Wednesday, January 30, 2019

ස්පෝර්ට් මීට් සෙල්ලම සහ විභාග නාඩගම









ස්පෝර්ට් මීට් සෙල්ලම සහ විභාග නාඩගම

මේ දිනවල හැම පාසලකම පාහේ ස්පෝට් මීට් සෙල්ලම්ය මෙය පටන්ගන්නේ පාසලේ ඇති ලමුන් ඇතුලත්වීම් ලේඛණයේ අංක අනුව පාසලේ තිබෙන නිවාස වලට බෙදීමෙනි උදාහරණ ලෙස ගත්තොත් පාසලේ තිබෙන්නේ නිවාස හතරක් නම් ඇතුලත්වීම් අංකය හතරෙන් බෙදූවිට එකක් ඉතිරිවන්නේ නම් ඒ අය පලමු නිවාසටය දෙකක් ඉතිරිවන්නේ නම් ඒ අය දෙවන නිවාසටය ආදී වශයෙනි

 ඉන්පසු ජේ්‍යෂ්ඨ ගුරුවරු කීපදෙනෙක්ගෙන් යුත් පාසල් ක්රීඩා කමිටුව පත්කරගනු ලැබේ විදුහල්පති නියෝජය විදුහල්පති ක්රීඩාභාර ආචාර්ය ආදීන් වෙනත් කමිටු මොකකටවත් පත්කරන්නේ නැත ඔවුන් පරිපාලන කමිටුව වෙති පොදුවේ සිටිති 

ඉන්පසු සමබර වනසේ ගුරුවරුන් නිවාස වලට බෙදනු ලැබේ ඉන්පසු නිවාස හතරට අයත් ගුරුවරුන් ලමුන් නිවාස වශයෙන් වෙන්වෙන්ව  රැස්ව ක්රීඩා උත්සවයේ වැඩ පටන්ගනු ලැබේ මෙහි මූලික වැඩ රාජකාරි රාශියක් ඇත නිවාස නායක ආචාර්යවරයා පත්කරගත යුතුය නිවාස ක්රීඩා නායක පත්කරගත යුතුය නිවාස ක්රීඩා නායිකාව පත්කරගත යුතුය භාණ්ඩාගාරික පත්කරගත යුතුය මුදල් එකතුකරගත යුතුය හවස ක්රීඩා පුහුණුවට නවතින ගුරුවරුන් නම් නියම කරගත යුතුය කාල සටහනක් සාදාගත යුතුය  වැඩ කෝටියකි

මේ වැඩ යන අතර සෑම වර්ෂයකම සෑම පාසලකම පාසලේ විදුහල්පති විසින් කෙරෙන එක් ප්රධාන කටයුත්තක් වන්නේ එම වර්ෂය සදහා පාසලේ කාලසටහන සාදා නියමිත දිනට පෙර එය කලාප අධ්‍යක්ෂ ලවා අනුමත කර ගැනීමයි එසේ නොකලහොත් පාසලේ විදුහල්පතිට ඒ සම්බන්ධව නිදහසට කරුණු කියන්නට වෙයි පාසලේ සිටින ගුරුවරුන්ට  ඹවුන්ගේ දක්ෂතා හැකියා අනුව වැඩ පවරා පන්ති පවරා ඔවුන්ට නියමිත කාලසටහන් ලබාදී කරන එම වැඩය පාසලක  ඉතා සියුම් ලෙස සහ ඉතා දක්ෂ ලෙස කලයුතු අපූරු වැඩකි තමන් සැදූ කාලසටහනට අනුව අවුලක් නැතුව පාසලේ වැඩ හොදින් කෙරීගෙන යනවිට විදුහල්පතිවරයෙකුට ඇතිවන්නේ මහත් සතුටකි සත්‍ය වශයෙන්ම පාසලේ ප්රධාන නීතිය වන්නේ එසේ සකස්කර අනුමත කරවා ගත් කාලසටහනයි එය සාදන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන විසින් නියම කර ඇති ආකාරයටය එම ආයතන විසින් නිකුත් කර හදුන්වා දී ඇති විෂය නිරිදේශ සම්පූර්ණ වන ආකාරයට අව්රුද්දේ කාලය වාර මාස සති දින ආකාරයන්ට නිසියාකාරව බෙදා සකස් කිරීමෙනි  මෙම කාලසටහන ඉක්මවා කටයුතු කිරීමට පාසලේ කිසිවෙකුටත් බලයක් නැත

 ක්රීඩා උත්සවය සම්බන්ධව පෙර සදහන් කල  මූලික කටයුතු වලින් පසු ඒ ඒ නිවාසයේ ක්රීඩා කටයුතු පටන්ගනු ලැබේ මුලින් ටිකෙන් ටික පටන් ගන්නා ක්රීඩා වැඩ දවසෙන් දෙකෙන් මුලු පාසලම අයිති කර ගනියි උදේ පාසලට පැමිණි ලමුන්  නම් ලකුණු කල ගමන් යන්නේ පිට්ටනියටය ලමයි පොත් අරගෙන එන්නේද නැත නිවාසයේ ගුරුවරුන්ටද  ක්රීඩා උත්සවය පැවැත්වෙන නියමිත දිනට පෙර සම්පූර්ණ කරගතයුතු වැඩ රාශියකි ලමයින්ගේ උප්පැන්න සහතික බලා ලමුන් වයස් අනුව වර්ගකරගත යුතුය මූලික තරග පවත්වා ඒ ඒ තරග සදහා දක්ෂ ලමුන් තෝරාගත යුතුය ඒවා ක්රීඩා කමුටුව මගින් අනුමත කරවා ගත යුතුය අංක ලබාගත යුතුය නිවාසය හැදිය යුතුය  ලමයින්ට පැළද ගැනීමට නිවාස ලාචන සැදිය යුතුය ඉන්ටවල් එකේදී දීමට ආහාර පැකටි බීම හදාගත යුතුය වැඩ කෝටියකි

 ඔය අතර රංඩුද ඇතිවෙයි ක්රීඩා උත්සවයේ  රංඩු ඇතිවන්නේ නිවාස අතර ලමයි ලමයි අතර පමණක් නොවේ ගුරුවරු ගුරුවරු අතරද රංඩු ඇතිවේ ඒ රංඩු වලදී ඉතා දැඩිලෙස බැණ ගැනීම් ආදියද ඇතිවේ සමහර තරහවීම් ක්රීඩා උත්සවයෙන් පසුවද කාලයක් යනතුරු පවතී බොහෝ රංඩු ඇතිවන්නේ හොර කිරීම් සම්බන්ධවය අසාධාරණ විනිශ්චයන් සම්බන්ධවය විභාගය කර පාසල හැරගිය ලමුන් හොරට යෙදවීම් ආදිය සම්බන්ධවය නීති කැඩූ සමහර තරග කරුවන්ට දෙන ජයග්රහණ සම්බන්ධවය

ඒ අතර ක්රීඩා ගුරුවරයාටද ඇති තරම් වැඩය ධවන පථය සකස් කල යුතුය ක්රීඩා උපකරණ ලබා දිය යුතුය අවශය නොයෙකුත් උපදෙස් දිය යුතුය

පාසලේ සංගීත ගුරුවරයාද කාර්යය බහුලය උත්සවය සදහා පාසල් බෑන්ඩ් එක පුහුණුකිරීම් කරවන නිසාය 

ඒ අතර විදුහල්පතිටද දහසක් වැඩය ප්රධාන අමුත්තා ලෙස තමුන්ටද පාසලටද ප්රයෝජනවත් කෙනෙක් ගෙන්වා ගතයුතුය කාල වකවානු දින නියම කරගත යුතුය වෙනත් අමුත්තන්ට ආරාධනා කල යුතුය ක්රීඩා උත්සවය සම්බන්ධව ඇතිවන ආරවුල් රංඩු නොපමාව නිරාකරණය කල යුතුය ක්රීඩා කටයුතු වලදී  හදිසි අනතුරු වලට භාජනය වන අසනීප වන ලමුන් වුවහොත්  රෝහල් වලට ගෙන යායුතුය   හුගක් හවස් වන තුරුම ගුරුවරුන් සහ ලමුන් පාසලේ රැදී සිටින බැවින් වෙන වෙන වැඩ සිදුවීම් ගැන අවධානයෙන් සිටිය යුතුය සංවර්ධන සමිතිය කැදවා කුසලාන ලාංචන වියහියදම් ආදිය සම්බන්ධව ආධාර උපකාර ලබා ගත යුතුය  වැඩ කෝටියකි

මෙහි සදහන් කර ඇත්තේ වැඩ කටයුතු අල්ප ප්රමාණයක් ගැන පමණි සදහන් නොකල වැඩ රාශියක් තව ඇත

ඒ අතර කලාප කාර්යාලයේද ක්රීඩා උත්සව සම්බන්ධ වැඩය සෑම පාසලකින්ම ආරාධනා ලැබෙතත් සෑම පාසකටම කලාප අධ්‍යක්ෂකට යා නොහැක එබැවින් සිටින අධ්‍යක්ෂවරුන් කලාප කාර්යාලය නියෝජනය කරමින් ඒ ඒ පාසල් වලට යාමට නම නියම කර යායුතු පාසල් නම් කර ලේඛනයක් සාදා අත්සන් ගනු ලැබේ සමහර පාසල් වලට යාමට සමහර අධ්‍යක්ෂවරු කැමති නැති නිසා ඒවා සංශෝදනය කර නැවත සකස් කල යුතුවෙයි කලාප අධ්‍යක්ෂකට යාමට මන්ත්රීතුමන්ලා එන ඇමතිවරුන් එන පාසල් තබා ගනු ලබයි

උත්සවයේදී පාසල් කොඩිය විදුහල්පති විසින් ඔසවන අතර කලාපකොඩිය කලාප අධ්‍යක්ෂක හෝ  ඒ වෙනුවට සහභාගිවන අධ්‍යක්ෂක විසින් ඹසවනු ලබයි කොට්ඨාශ කොඩිය කොට්ඨාශ අධ්‍යක්ශ විසින් ඔසවනු ලබයි 

මේ ආකාරයට පලමු පාසල් වාරයේ වැඩි කොටසක් ක්රීඩා වලට වෙන්වී යයි මේ සියලු වැඩ රාජකාරි කරමින් ක්රීඩා උත්සවය පවත්වනු ලබයි නමුත් මෙම කාලය තුල පාසල තුල තිබෙන ප්රශ්ණය වැඩි දෙනෙක් දකින්නේ නැත මෙහි  තිබෙන ප්රශ්ණය වන්නේ මෙම කාලයේ පාසලේ ප්රධාන නීතිය වන පාසල් කාල සටහනට සිදුවන්නේ කුමක්ද යන්නයි එයනම් මෙම කාලයේදී පාසල් කාල සටහන එම කාලයේදී නිකම්ම නිකම් ලියවිල්ලක් පමණක් බවට පත්වීමයි අධ්‍යාපන අමාත්‍යංශය  ජාතික අධ්‍යාපන ආයතනය  ආදීවු ආයතන මගින් පලමුවාරයේ ඉගැන්විය යුතු කොටස් ක්රිඩා වලට වැසී  නොකෙරී යයි පාසලේ විදුහල්පති ඇතුලු ගුරුවරුන් සියලුම දෙනාද කලාප කාර්යාලයේ හැම අධ්‍යක්ෂකවරුන්ද මේ ගැන දන්නා නමුත් දැනගෙන නොදන්නවා සේ හිදී 

පාසලේ ක්රීඩා උත්සවය ඉවරවුනාට පසුව පාසලේ හරියාකාරව උගන්වන්නට හැකිද නොහැකිය ඊළගට කොට්ඨාශ ක්රීඩා පටන් ගන්නා බැවිනි කොට්ඨාශ ක්රීඩා ඉවරවුනාට පසුව පාසලේ හරියාකාරව උගන්නන්නට පටන් ගන්නට පුලුවන්ද නොහැකිය කලාප ක්රීඩා පටන් ගන්නා නිසාය

මෙලෙස හට ගන්නා ක්රීඩා උණුසුම පවතින්නේ පලමු පාසල් වාරයේ මුල්මාස දෙක තුන තුල පමණය හතු පිපී ලොකුවී මෝරා මැරී යන්නාක්මෙන් පාසලේ ක්රීඩා උණුසුමද අවසන්ව යයි

මේ අයුරින් පළමුවාරය ගෙවීයයි ඉන්පසුව දෙවෙනි වාරය එයි පාසලේ ඉගැන්වීම්  වැඩ පටන් ගන්නේම අතපසුවූ පාඩමි වැඩ රාශියක් ඇතිවය පාසලට එන අධ්‍යක්ෂවරුන් සැම දෙනාම වාගේ ගුරුවරුන්ට උපදෙස් දෙන්නේ ඹයාගෙ පන්තියේ පලමුවාරයේ වැඩ අවසන් කරල නැහැ කෙහොමහරි අවසන් කරන්න යනුවෙනි ගුරුවරයා වැරදිකරුවෙක් කරමිනි එසේ කිව්වාට ඒ අයුරින් වැඩ නිමකරන්නට නොහැක ලමුන්ටද පාසලේදී තමුන්ගේ පාඩමි නිසිපරිදි ඉවර කෙරෙන්නේ නැතිබව නිරායාසයෙන් තේරුම් යයි පොහොසත් ලමුන්ට ප්රශ්ණයක් නැත ඹවුන් ටියුෂන් පන්ති යන නිසාය නමුත් ටියුෂන් යන්නට බැරි දුප්පත් ලමුන්ට වන්නේ කුමක්ද ඹවුන්ට සිදුවන්නේ නියමිත විෂය දැණුම නැතිව විභාගයට යන්නටය 

අර ක්රීඩා උත්සවයේ තරග වලට පෙනී සිට දිනූ ලමයින්ගේ තත්වය කුමක්ද ඹවුන්ගේ ක්රීඩා දක්ෂතාවයන් තවදුරටත් දියුණු කරණ ක්රියා මාර්ගයක් පාසලේ වෙයිද එසේ නැත ඉතිරිවන්නේ සහතිකය පදක්කම කුසලානය සහ මතකය ආදියයි  විභාගය අසමත්වූවිට සහතිකය පදක්කම කුසලානය ආදියේද  වටිනාකමද අඩු වී යයි බොහෝවිට ක්රීඩා ආදී බාහිර වැඩවලට උනන්දු නොවී පොත්පත් වල වැඩට ඇලුන ධනවත් ලමයි අර සියලු ලමුන් ඉක්මවා යයි
රටේ මෙම අධ්‍යාපන බොරුව මෙසේ පවත්වාගෙන යන්නේ ඇයිද යන්න ප්රශ්ණයකි


2 comments:

  1. මේක වෛරයෙන් ලියපු සටහනක් වගේ පෙනේනනේ

    ReplyDelete
  2. ඹබ අහන්න ඕන ප්රශ්ණය කෙලින් අහල නැහැ වගේ මට දැනෙන්නෙ ඔබ අහන්නෙ මෙය කුමකට වෛරයෙන් ලිව්ව කියලද එය පැහැදිලි නැහැ
    ඒ නිසා හරියාකාරව උත්තරයක් ලියන්න අපහසුයි නමුත් යන්තමට උත්තරයක් ලියන්නම්
    මේ වැඩ කටයුතු මම අවුරුදු33කටත් වැඩිය කාලයක් කරල කරවල සහභාගිවෙලා තියනව වෛරයෙන් කෙරුව නම් එහෙම කරන්න බැහැ
    මේ මතුකරල ලියල තියෙන්නෙ අපේ රටේ අධ්‍යාපනයෙ සිස්ටමික් ප්රහ්ණයක්
    ඒව හදන්න අපට නිලධාරීන්ට බලයක් නැහැ බලය තියන අයට දැණුමක් නැහැ ඕන කමක් නැහැ
    අනිත් අතට ඔබ අහන්නෙ ටියුෂන් දෙන එකට වෛරයෙන් ද කියන එක නම් එයට උත්තරය මෙම ලිපියෙම තියනව එය මේ රටේ අධ්‍යාපන පද්ධතියෙ අක්රමවත්බව නිසා ඇතිවෙච්ච අතුරු ඵලයක් බව මේ ලිපියෙ දක්වල තියනව එයට වෛර කරල වැඩක් නැහැ
    මම පාසල් ලමුන් ටියුෂන් පන්තියාම සම්බන්ධව රිසර්ච් එකක් කරල තියනව ජාතික විද්‍යා සභාව අනුග්රහයෙන් ඒ නිසා ලමුන් ටියුෂන් යාමේ හොදත් දන්නවා එයින් වන නරකත් යම් තරමකට දන්නවා වරදවා ගන්න එපා නරක කියන්නෙ විනය ප්රශ්ණ ඇතිවීම නෙවෙයි අනිත් කාරණය පොහොසත් ලමුන් ටියුෂන් යාමෙන් දුප්පත් ලමුන්ට වන අසාධාරණය නතර කරන්න ඕන නම් කරන්න ඹ්න සිස්ටම් එක ක්රමවත්ව හදන එක
    වර්ථමාන අධ්‍යාපනයෙ තියන මේ ප්රශ්ණ හරියාකාරව විසදන්න පුලුවන්
    නමුත් මේ රටේ ඒක කරන්න අමාරුයි
    එයට හේතුව මෙයට පෙරත් සදහන් කරපු එයට බලය තියන අයට ඒ සම්බන්ධව දැණුම නැතිකම නිසයි ඹ්නෑකමක් නැතිකම නිසයි
    ඹබ සමහරවිට අහල ඇති ලෝකයෙ දියුණු අධ්‍යාපන ක්රමයක් තියන පින්ලන්තය වගේ රටවල මේ ප්රශ්ණ නැතිබව

    ReplyDelete