Monday, February 4, 2019

කොම්පියුටර් සෙල්ලම










මතුගම කලාපය කියන්නෙ ලොකු කලාපයක් එක පැත්තකින් අලුත්ගම  බොන්දු පිටිය හරියට යනකන් යනව අනිත් පැත්තෙන් මොරවක තිනියාවල දක්වා හරියට යනකන් යනව අනිත පැත්තෙන් කලවාන කොඩිප්පිලි කන්ද හරියට යනව තවපැත්තකින් මෝල්කාව හරියට යනව තව පැත්තකින් තොටහ යගිරල හරියට යනව ඉතින් මම මේ කලාපෙ අයි ටී විෂය භාරවත් කාලයක් වැඩ කලානෙ ඒ කාලෙ පාසල් කොම්පියුටර් මධ්‍යස්ථාන රාශියක් රජය මගින් හැදුව එක පාසල් මධ්‍යස්ථානයක කොම්පියුටර් විසිපහක් විතර තිබුන ඒව හොද ලස්සනට හැදුව  දික්හේන හරියට විදුලි බලය තිබුනෙ නැති නිසා ඒ පාසලේ සූර්ය බල ශක්තියෙන් ආරෝපණය වන බැටරි මගින් වැඩකරන මධයස්ථානයකුයි තිබුනෙ

 සී ආර් සී ඒ කියන්නෙ කලාප කොම්පියුටර් රිසෝස් සෙන්ටර් එක ඒක තිබුනෙ මීගහතැන්නෙ ඒකෙ තමයි දුප්පත් ලමයි හුගක් ප්රායෝගික කොම්පියුටර් සාස්තරේ ඉගෙන ගත්ත ඒත් ඒක තිබුනෙ කලාපෙ එක පැත්තක හින්ද හැඩිගල්ල බදුරලිය බොන්දුපිටිය වගේ පැතිවල ලමයි ඒකට ගියෙ නැහැ දුර වැඩි නිසා වියදම් කරගෙන රස්තියාදු වෙමින් බස් කීපයක මාරුවෙලා යන්න ඕන නිසා ඒවගේම ලමයි ඒ තැන ගැන පහසුකම් ගැන දන්නෙ නැති නිසා ඉතින් මට ඕනකම තිබුන කොම්පියුටර් සම්පත් මධ්‍යස්ථානය මතුගම නගරයට ගන්න ඒවුනත් ඒක කරන්න බැරිවුනා මීගහතැන්න පැත්තෙ අය කැමතිවුනේ නැහැ සම්පත් මධ්‍යස්ථානෙ මතුගමට ගෙනියනවට ඒක කරන්න හදනකොට නොයෙකුත් බාධක ආව

අර විශාල වියදමක් දරල හදපු පාසල් කොම්පියුටර් මධ්‍යස්ථාන වලිනුත් කවුරුවත් වැඩිය ප්රෝජනයක් ගන්න බවක් තිබුනෙ නැහැ රූප බලනව වගේ ඒව තමයි කෙරුනෙ පාසලේ අනිත් ගුරුවරු ඒක ඇතුලට ගියෙ නැහැ ඒ කොම්පියුටර් පරිහරණය කලේ නැහැ ඒ ගොල්ලන්ගෙන් ඇයි ඒ කොම්පියුටර් පරිහරණය කරන්නෙ නැත්තෙ කියල ඇහුවහම කිව්වෙ අනේ අපි අතින් ඕවට මුකුත් වුනොත් එහෙම නිකරුනේ දොස් අහන්න බැහැ කියලයි
අර පරිගණක සම්පත් මධ්‍යස්ථානයෙ පාසල් හැරගිය දුප්පත් ලමයි රාශියක් කොම්පියුටර් සාස්තරේ ඉගෙන ගත්ත ඒ වුනත් ඒකෙ වැඩකරන කොම්පියුටර් තිබුනෙ තුන හතරක් විතරයි 1998 කාලයෙදි පිහිටවපු ඒ වගේ කලාප සම්පත් මධ්‍යස්ථාන සීයක් විතර ලංකාවෙ තියනවලු ඒවුනත් ඒවට ආංඩුවෙන් පෑනක් කොළයක් කොම්පියුටරයක්  පෙන් ඩ්රයිව් එකක්වත් අලුතෙන් දුන්නෙ නැහැ ඔක්කොම ලමයින්ගෙන් එකතුකරගන්න වාර මුදලින් උපය ගන්න ඕන අදටත් ඒව එහෙම වෙන්න ඕන ඇත්තෙ ලමයි හිටියට පහසුකම් නැහැ මේව තියන එකෙන් යහපතක් වෙන්නෙ දුප්පත් ලමයින්ට ඒක තමයි මේවට මෙහෙම සලකනව ඇත්තෙ
ඒව ගැන කාගෙවත් උනන්දුවක් ඇත්තෙත් නැහැ වගෙයි අමාත්‍යංශය දක්වාම ඒ මධ්‍යස්ථාන භාරව වැඩියෙන් ඉන්නෙ මැඩම්ල හින්දද දන්නෙත් නැහැ
ඉතින් අර පාසල් කොම්පියුටර් මධ්‍යස්ථාන වල ලමුන් හුගක් කොම්පියුටර් සාස්තරේ ඉගෙන ගත්තද එහෙම තිබුනෙත් නැහැ ඒ දවස්වල නම් ලමයි හතර පස්දෙනෙක් තමයි ඉගෙන ගත්තෙ ඇයි කොම්පියුටර් ඉගෙනගන්න යන්නෙ නැත්තෙ කියල ඇහුවහම හුගක් ලමයි කිව්වෙ අපට ඉංග්රීසි බැරිනිසා යන්නෙ නැහැ කියල
ඔන්න ඹහොම තමයි කොම්පියුටර් වැඩේ රටේ අනිත් පලාත්වලත් මෙහෙම තමයි වෙනව ඇත්තෙ ලමයි ඉන්න තැනට පහසුකම් නැහැ පහසුකම් තියන තැන්වල ලමයි නැහැ


No comments:

Post a Comment