Tuesday, February 12, 2019

ලෙදර් බෝල ක්රිකට් සෙල්ලම





ලෙදර් බෝල ක්රිකට් සෙල්ලම


    කිංස්වුඩි විද්‍යායාලයෙ අව්රුදු හතරක් විතර උගන්නල ගම්පලාතට ආපු මාව දැම්මෙ ගමේම මහා විද්‍යාලයකට වැඩේ කියන්නෙ ඒකෙ විද්‍යා උසස්පෙල පන්ති තිබුනෙ නැහැ ඒකාලෙ ඒකෙ විදුහල්පතිතුමා වුනේ මතුගම හොරකදමුල්ල හරියෙ ඉදල ආපු එදිරිසිංහ මහත්තය නැෂනල් එක ඇන්දට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙ කලා උපාධිධාරියෙක් හුගක් නිහතමානි මනුස්සය හැබැයි පොඩි අඩුපාඩුවකට තිබුනෙ යම් කිසි කාරණයක් සම්බන්ධව එක් කෙනෙක් එක දෙයක් කියනකොට ඒකටත් එකගවෙලා ඉන්පසුව ඒ ගැන තවකෙනෙක් වෙනත් අදහසක් කියනකොට ඒකටත් එකගවෙන ගතියක් යම්තරමකට තිබුන එක

      ඉතින් කොහොම හරි මගේ පැමිණීමෙන් විද්‍යා උසස්පෙල පන්ති ආරම්භ කරන්න තිබුන භෞතික විද්‍යාව ගුරුවරයෙක්ගෙ අඩුපාඩුව සම්පූර්ණ වුනා  ඉතින් අපි සාමාන්‍යපෙල සමත්වෙලා මතුගම හොද පාසල් වලට යන්න ලෑස්ති වෙලා හිටපු ලමයින්ට රැස්වීමක් තියල කිව්ව අපේ පාසලෙත් විද්‍යා උසස්පෙල පන්ති ආරම්භ කරනව කැමති ලමයින් මෙහේම රැදෙන්න කියල ඒත් ඇති හැකි ලමයි කව්රුවත් රැදුනෙ නැහැ  විභාගය යන්තමට පාස් ලමයින් යන්තමට සම්මාන තිබුන ලමයින් එහෙම මතුගම ලොකු ඉස්කෝල ගත්තෙ නැහැ ඉතින් ඒ ලමයි ඒ පාසලේම රැදුන මතුගමට යන්න දුරවැඩි ලමයිනුත් කීප දෙනෙක් රැදුන මම භෞතික විද්‍යාව ටියුඩර් රසායන විද්‍යාව නිමලා සහ සෝමලතා ගණිතය ආදී වශයෙන් ඉගැන්නුව  ඒ ලොකු ඉස්කෝල වලට ගිය ලමයි පේල්වෙලා ගෙදර එද්දි මේ පාසලේම රැදුන සමහර ලමයි හොද ප්රතිඵල ලබා ගත්ත එයට හේතුව අපේම දක්ෂකම කියල මම කියන්නෙ නැහැ එයට හේතුව ඒ ලමයි හුගක් දක්ෂයො වීමයි  ඉතින් මේ විද්‍යාලෙ විද්‍යා උසස්පෙල පන්තිවල සිටිය සියලුම ලමයි විශ්ව විද්‍යාලයට නොගියට ජයවර්ධන සහ දසනායක වැනි බටහිර වෛද්‍යවරුන් බිහිවෙන්න මෝසස් වැනි ඉංජිනේරුවරුන් බිහිවෙන්න රංජිත්  වැනි විද්‍යා උපාධිදාරීන් බිහිවෙන්න පාසල දායක වුනා විශ්ව විද්‍යාලයට නොගියට අනිත් ලමයින්ගෙත් අනාගතය අයහපත් වුනේ නැහැ උදාහරණයක් ගත්තොත් පහු කාලයක හොයල බලනකොට කරුණාසේන  භෞත චිකිත්සක පාඨමාලාවක් හදාරල එංගලන්තෙ රැකියාව කරමින් පදිංචිව ඉන්න බව දැනගන්න ලැබුන ඒ වගේ විශ්ව විද්‍යාලෙට නොගියට විදයා ක්ෂේත්රයෙ අතුරු රැකියා වලට ගිය අය හිටිය

        ඉතින් එහෙම කටයුතු යන අතරෙ මට හිතුන ලෙදර් බෝල ක්රිකට් කංඩායමක් පටන් ගන්න ඉතින් මම ඒකට නියම උපායක් යෙදුව ඒ උපාය තමයි ඒ අව්රුද්දෙ තිබුන නිවාසාන්තර ක්රීඩා තරගයෙ එක ඉසව්වක් නිවාසාන්තර ක්රිකට් තරගයක් කිරීම වැඩේ හරියටම හරි ගියා පාසල තුල නියම ක්රිකට් උණුසුමක් ඇතිවුනා ඒ අතරෙ මම අපි ටෙනිස් බෝල ගහලම හරියන්නෙ නැහැ අපි හදමු ලෙදර්බෝල කංඩායමක් කියන යෝජනාව දැම්ම මුදල් ප්රශ්ණය ආව අපි එක කොටුවක් ලකුණු කලාම රුපියල් දෙකක් ලැබෙන ලකුණු දහයෙ කාඩ් හදල ලමයින්ට දුන්න ඩග්ලස්ල උපුල්ල ගාමිණිල ආදී ලමුන් රාශියක්  පැණල වැඩ කලා සෑහෙන මුදලක් එකතුවුනාට පස්සෙ මම වැදිසිංහත් එක්ක කොළඹ ගිහින් අවශ්‍ය උපකරණ ගෙනාව පෑඩ්ස් ග්ලවුස් ආදිය ගත්තෙ සතොසෙන් අනිත් බඩු චාන්ඩ්ස් ලිමිටඩ් එකෙන් ගත්ත කොහොමහරි අපි ලෙදර්බෝල ක්රිකට් කංඩායමක් පිහිටෙව්ව අපි ටික දවසක් පැක්ට්රිස් කරල අගලවත්ත මිහිදු මධ්‍ය මහා විද්‍යාලය සමග පලමු අන්තර් පාඨශාලීය ලෙදර්බෝල ක්රිකට් තරගය ගැහැව්ව ගාමිණි කොඩිතුවක්කු ආදීන් තමයි පෙරමුනේ හිටිය ක්රීඩකයො වුනේ තවත් අය හිටිය විදුහල්පති එදිරිසිංහ මැතිතුමාගෙනුත් අපේ වැඩකටයුතු වලට කිසිම බාදාවක් ඇතිවුනේ නැහැ  හැබැයි අපි කොයිම වැඩකටවත් පාසලේ මුදල් ගත්තෙ නැහැ  

      වැඩ කටයුතු එහෙම යන අතරෙ  මම පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්රිකට් කංඩායම නියෝජනය කරද්දි අදුනගත්ත  අපේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ ක්රිකට් පුහුණුකරු විදිහට වැඩකරපු ඔබ්රි කුරුප්පු සර්ටත් අපි අලුතෙන් පාසල් ක්රිකට් කංඩායමක්  පටන් ගත්ත බව කිව්ව ගුවන් විදුලි මාධ්‍යයෙන් ක්රිකට් තරගවල විස්තර ඉංග්රීසි ප්චාරය දුන්නෙ ඔබ්රි කුරුප්පු  සර් විසිනුයි ඒ දවස්වල ක්රිකට් භාරව හිටියෙ ගාමිණී දිසානායක ඇමතිතුමා  ක්රිකට් ක්රීඩාව වැඩි දියුණු කරන කටයුතුවල සිටියෙ වෑන් සිල්ව කියල මහත්තයෙක් ඔබ්රි කුරුප්පු  සර් කිව්ව වෑන් සිල්ව මහත්තයට කියල රුපියල් 25000ක විතර ආදාරයක් අරගෙන දෙන්නම් කියල ක්රීඩාව වැඩි දියුණු කරගන්න ඒ දවස්වල රුපියල් 25000ක් කියන්නෙ ලොකු මුදලක් වැඩ කටයුතු ඔහොම යන අතරෙ බාධකයක් ආව

          ඒ බාධකය තමයි විශේෂ අධ්‍යාපනය උගන්වමින් හිටපු මහත්තයට ඕනවුනා අපේ උපකරණ අරගෙන දාසයෙන් පහල ක්රිකට් කංඩායමක් එයාගෙ භාරකාරත්වය යටතෙ හදන්න අපි ඒකට කැමතිවුනේ නැහැ විදුහල්පතිතුමත් අපේ පැත්තට හරිහමන් සහයෝගයක් දුන්නෙ නැහැ අපිට  ක්රමක් ක්රමයෙන් ක්රිකට් කංඩායමේ වැඩ අතහැරදාන්න වැඩ සිද්ධවුනා මම අදාර මුදල් ගන්න වැඩේටඋනන්දු වුනෙත් නැහැ පස්සෙ කාලෙ එදිරිසිංහ විදුහල්පතිතුමා පැන්ෂන් ගියාට කාලෙකට පස්සෙ ආපු විදුහල්පතිවරයෙක්  පස්සෙ කාලෙ පරිස්සමක් නැතුව පාවිච්චි කරල  අබලන් වෙලා තිබුන මෙට්න් එක මහ දවාලෙ පාසලේ එහා වෙල පැත්තට දාල සේවකයන් යොදවල පිච්චුව  ඒ වුනත් ඒකට කරන්න දෙයක් තිබුනෙ නෑ  ඒවනවිට ඒව පාසලට අනවශ්‍ය දේවල්ව තිබුන නිසා  එමෙන්ම ඒ උපකරණ රජයෙන් පාසලට ලබාදුන්න ඒවත් නොවන නිසා එය එතරම් රාජකාරිමය ප්රශ්ණයක් වුනෙත් නැහැ  පාසලේ ලෙදර් බෝල ගහන්න තරම් ආදායමක් නැති බවයි එම විදුහල්පතිගෙ අදහස වුනේ ඔන්න ඔය විදිහටයි ලෙදර් බෝල ක්රිකට් සෙල්ලම සිදුවුනේ 

     මේකෙ කියන්න තවත් කතාවක් තියනව ඒක තමයි මේ දේවල් ඇතිවෙලා නැතිවෙලා ගිය එක ගැන පාසල් ප්රජාවෙ කිසිම ප්රතිචාරයක් ඇතිවුනේ නැහැ අපේ රටේ වන්ඩු කන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සුන්ට කේක් කන්න දුන්නට වැඩක් නැහැ ඒව හොදයි කියල අදුනගන්නෙ බොහොම ටික දෙනයි හුගක් වෙලාවට ඒ අය අයිතීන් වෙනුවෙන් සටන් කරන්න ඉදිරිපත් වෙන අය නොවෙයි ඉතින්  වෙනින් කව්රුහරි ඇවිත් කේක් වෙනුවට වණ්ඩු දෙන්න පටන් ගත්තහම වැඩි දෙනෙක් ඒකට පුරුදුවෙනව ඒව අගය කරනව  එතකොට අර මහන්සිවෙලා කේක් දුන්න අයට හිතෙනව අපේ මෝඩකමට නේද මුන්ට අපි මහන්සි වෙවී කේක් දීල තියෙන්නෙ කියල 

     මේ තත්වය වළක්වගන්න නම් මුලින්ම අපි වන්ඩු වලට වඩා කේක් වල ඇති අගය කියා දීල ඒව ඉල්ලන පිරිසක් හදාගන්න ඕන ඒක එතරම් ලේසි වැඩක් නොවෙයි එහෙම ඉල්ලුමක් ඇතිවුනාට පස්සෙයි කේක් දෙන්න ඕන එතකොට ආයි වන්ඩු වලට යනව අඩුයි

     අපේ රටේ දේශපාලනයෙ  කටයුතු හුගක් වෙන්නෙත් මේවගේ තමයි කවුරුහරි හිතනව නම් දේශපාලන නායකයො හොදවුනොත් එයින් පමණක් රට හැදෙයි කියල එහෙම වෙයි කියල හිතන්න බැහැ දේශපාලන නායකයො හොදවීම ඉබේටම සිදුවෙයි  කියල හිතන්න බැහැ අද රටේ පවතින ඉතාමත් වැදගත් දේශපාලන ප්රශ්ණයක්ව ඇත්තේ  දේශපාලනිකව නූගත් ජනතාවක් සිටීමයි

 හුගක් අයගේ ඡන්දය දීමේ නිර්ණායක වන්නේ රට දියුණු කිරීම නොවෙයි කෙසේ හෝ රැකියාවක් ලබා ගැනීම රජයේ ඉඩමක් ලබා ගැනීම කරන රැකියාවේ සුරක්ෂිතභාවය රැකගැනීම වරදක් කර පොලිසියට අසුවූවිට බේරා ගැනීමට උදව් ලබාගැනීමට හැකිවීම වැනි නිර්ණායකයි එබැවින් ජනතාවගෙ දේශපාලන දැණුම ඉහළ මට්ටමක නැතිව අපේක්ෂිත ආකාරයට රට දියුණුකිරීමට හැකිවෙයි කියල හිතන්න බැහැ 

ප්රජාතන්ත්රවාද ක්රමවේදයේදී උගතෙකුගේ චන්දයට ලැබෙන්නේත් නූගතකුගේ චන්දයකට ලැබෙන්නේත් එකම අගයක් එකම බරක් එබැවින් මේ රටේ  වර්තමානයේ  රටට හිතැති ජන නායකයන්ගෙ එමෙන්ම දේශපාලන පක්ෂවල එක් ප්රධාන අරමුණක් වියයුත්තේ ජනතාවගේ දේශපාලනික දැණුවත්බව වැඩි දියුණු කිරීමයි නමුත් ඔවුන් වෙතින් එය සිදුවන්නේ තමන්ගේ අගය කියමින් අනෙකාට දොස් කීමේ කරමවේදය භාවිතා කරමිනුයි එයින් ලැබෙන දැණුම ප්රමාණවත් නැහැ යම්තරමකට හෝ ජනතාව දේශපාලනිකව දැණුවත් වන්නේ ජනමාධ්‍ය විසින් කරනු ලබන සංවාද ආදිය නැරඹීමෙනුයි නමුත් වැඩකරන ජනතාව බොහෝ දෙනෙකුට ඒවා නැරඹීමට තරම් කාලවේලාවක් ඇතිවන්නේ නැහැ ජනතාවට කේක් සහ වන්ඩුවල වෙනස හදුනා ගැනීමට හැකියාව තිබිය යුතු වගේම රටට හිතැති දේශපාලනය කුමක්ද නුසුදුසු දේශපාලනය කුමක්දැයි හදුනා ගැනීමට හැකියාව තිබිය යුතුයි කූට දේශපාලකයන් විසින් කරනුයේ රටේ ජනතාවට එම දැණුම ලබා නොදීමයි එබැවින් එම දැණුම එම හැකියාව ජනතාවට  ලබාදෙන්නේ කෙසේද යන්න වර්තමානයේ රට මුහුණ දෙමින් තිබෙන කාලීන ප්රශ්ණයක්ව තියනව

No comments:

Post a Comment