Sunday, February 17, 2019

විද්යා අද්යාපන සෙල්ලම








       එදා සහ අද විද්‍යා අධ්‍යාපනය ගැන එහි දියුණුව සහ දියුණුනොවීම දෙපැත්තම ගැන කරුණු ටිකක් ලියන්න හිතුන මේක හුගක් ලොකු මාතෘකාවක්නෙ ඉතින් තැනින් තැනින් කරුණු ටිකක් තමයි ලියන්න වෙන්නෙ  හැබැයි මොකක් හරි අදහසක් ඇතිකරගන්න බැරිවෙන එකක් නැහැ මම මේක ලියන්නෙ මේ රටේ විද්‍යා අධ්‍යාපනය  එදා වගේම අදත් හුගක් දුරට රැවටිල්ලක් කියන කාරණය කියන්නයි කියවල බලන්නකො ඒ කරුණු වලට එකග වෙන්න පුලුවන්ද බැරිද කියල
ලංකාවේ විද්‍යා අධ්‍යාපන සම්බන්ධව සිංහලයෙන් විද්‍යාව ඉගැන්වීම සම්බන්ධව එම් ඩබ්ලිව් කරුණානන්ද ඊ ඩබ්ලිව් අදිකාරම් ජේ ඊ ජයසූරිය රංජිත් රුබේරු ආදී මහත්වරුන් රාශියක් බොහොම ඕනෑකමින් වැඩ කලා බුද්ධදාස බෝධිනායක ධනසිරි බෝදිනායක ආදී අය පලකල විද්‍යා සගරා වලින් හුගක් සේවයක් වුනා
මේ ඔක්කොටම වඩා ලංකාවේ විද්‍යා අධ්‍යාපන දියුණු කිරීමට එය වටිනා දෙයක් කිරීමට අගමැතිතුමිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් කරපු රටට හිතැති වැඩ  විශාල බලපෑමක් ඇතිකලා විද්‍යා අංශයෙන් ඉගෙනගත් අය අවශ්‍ය වන සංස්ථා ගණනාක් ඇතිකලා ඒ කාලයේ රටේ තිබුනේ සංවෘත ආර්ථික ක්රමය රටවාසීන්ට හදුන්වාදීල තිබුන දර්ශණය “සිරිලක දේ සිරි සැප දේ’’ කියන දර්ශණය ඒබව අයි එම් ආර් ඒ ඊරියගොල්ල මැතිතුමා ප්රබන්ධය කරපු ගීතවල පවා තිබුන 

      ස්වයංපෝෂනය     කරනට මවිබිම -   දිරිගන්වමු දෑ අභිමාණෙන්
       ධාන්‍ය එළවලු   මල් පළතුරු හැම 
      වවමු වවමු වවමූ  - වවමු වවමු වවමූ    
ඉතින් ඊට පස්සෙ මොකදවුනේ කියල හුග දෙනෙක් දන්නවනෙ විවෘත ආර්ථිකේ ආව දේශීය කර්මාන්ත වැඩක් නැතිවුනා මේරට පිටරටවල්  වල හදන බඩු භාණ්ඩ සදහා වෙළද පොලක් වුනා  අද තියෙන්නෙත් ඒ තත්වය තමයි
ඉතින් මොකටද විද්‍යා අධ්‍යාපනයක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිටි මහාචාර්ය වැලන්ටයින් බස්නායක මැතිතුමා ආදීන් විද්‍යා අධ්‍යාපනය දියුණු කිරීමට නොයෙකුත්  වැඩකලා හැබැයි එතුමන්ලාගේ යොමුකිරිම තිබුනෙ විද්‍යාඥයින් හදන්න  හොද විදයාත්මක චින්තණයෙන් යුත් අය හදන්න ඉතින් එතුමා පාසල් ලමුන් පවා සහභාගි කරගනිමින් එයට වැඩ සටහන් කලා එතුමා තමයි ජාතික විද්‍යා සභාවෙ සභාපතිතුමා එහෙම වෙලා හිටියෙත්
නමුත් මම ඔබලාගෙන් අහන්නෙ ලංකාව වගේ නොදියුණු දුප්පත් රටක් ප්රදාන අරමුණක් විදිහට  විද්‍යාඥයින් හදන්න  යන්න ඕනැද

මම මහනුවර දිස්ත්රික්කයේ උසස්පෙල පන්තිවල අවුරුදු හතරක් විතර උගන්නලයි කලුතර දිස්ත්රික්කයට ආවෙ
මහනුවර හිටිය මුලු කාලෙටම එක් දවසක් විතරයි සේවස්ථ සැසියකට සහභාගිවෙන්න ලැබුනෙ ඒ කියන්නෙ එච්චර කාලෙකට එකයි තිබුනෙ
ඒ දවස්වල මහනුවර හිටපු විද්‍යා අධ්‍යක්ෂකට අධ්‍යාපන කාර්යාලයෙ ඉන්න කාමරයක් තිබුනෙ නැති හින්ද වෙන්න ඇති එයා ඉස්කෝලෙක කාමරයක කාර්යාලය හදාගෙන හිටියෙ
මට තේරුන හැටියට ඒ දවස්වල විද්‍යා අධ්‍යක්ෂව අදුනගත්තහම  අපට ලැබුන එක දෙයක් වුනේ පාසලට  විද්‍යා උපකරණ සහ රසායන ද්රව්‍ය අඩු නැතිව ලැබීම ඉවරවුනහම අමතරව ඉල්ලගන්න පුලුවන්වීම වැඩිපුර ලැබීම වගේ ඒව  ඉතින් අපට අඩුනැතුව ඒ උදව් ලැබුනා
කලුතර උසස්පෙල සහ පහල ශේණි පන්තිවල මම විද්‍යාව උගන්නපු ඒ කාලය තුල කවදාවත් විද්‍යා අධ්‍යක්ෂකවරුන් විසින් පවත්තපු විද්‍යා විෂය සම්බන්ධ සේවස්ථ සැසියක් තිබුනෙ නැහැ ඒකාලෙ ඒවට සල්ලි වෙන් කරන්නෙ නැතිනිසා වෙන්න ඇති ඒකයි තිබුන තත්වය
හැබැයි උසස්පෙල ලමයින්ට තියපු එකම එක සම්මන්ත්රණයක සහභාගිවෙන්න ලැබුන ඒ සම්මන්තරය තිබුනෙ පරිසර දූෂණය සම්බන්ධව කොටගම මහත්තය තමයි ප්රධාන දේශණය කලේ හොරණ පාසලක තිබුන ඒ සම්මන්ත්රණයට අපේ පාසලේ ලමයි දෙන්නෙක්ව මට එක්කගෙන යන්න වුන නිසයි මටත් එයට සහභාගිවෙන්න වුනේ  
නමුත් අද තත්වය කොහොමද අද 6 ශේණියේ සිට 11 ශේණිය දක්වා උගන්වන සෑම ගුරුවරයෙක්ටම අව්රුද්දකට අඩුම තරමින් දින හතරක හෝ හයක සේවස්ථ සැසි වලට සහභාගි කරනු ලබනවා ඉතින්  අද ඒ වැඩ කටයුතු එදාට වැඩිය දියුණුයි අද තියෙන්නෙ මුදල් නැතිකම නෙවෙයි නිපුන දේශකයින් හිගකම

සේවස්ථ සැසියක් කියන්නෙ පාසල්වල සේවය කරන අතරදිම ගුරුවරුන්ව එක මධ්‍යස්ථානයකට රැස්කරවල විෂය කරුණු සම්බන්ධව දෙන දැණුමක් දෙන පුහුණුවක්
ඉගැන්වීමේ කටයුතු කරනවිට නොයෙකුත් ගැටලු ඇතිවෙනවා ඒවා නිරවුල් කර ගැනීමට සේවස්ථ පුහුණු සැසි අවශ්‍යයි ඒවගේම එහිදී නවක ගුරුවරුන්ට තමන්ට වඩා පලපුරුදු වැඩිහිටි ගුරුවරුන් හදුනා ගැනීමට අවස්ථාව ලැබෙනවා එය ගුරු වෘත්තියේ සිටිනවිට නොයෙකුත් ආකාරයෙන් ඉතා ප්රයෝජනවත් වෙනවා
හැබැයි මෙහෙම දෙයක් තිබුනා ඒ දවස්වල අපට ජාතික අධයාපන ආයාතණයේ තිබුන සේවස්ථ සැසි වලට සහභාගිවෙන්නට ලැබුනා එහි ඉගැන්වූ අය අද ඉන්න බොහොමයක් අය වගේ නෙවෙයි ඇත්තටම නිපුනයින් ඹවුන්ගෙන් අපිට බොහෝ දේ දැනගන්න ලැබුනා බොහෝ කරුණු නිරවුල් කරගන්නට ලැබුන ඒ දවස්වල ජාතික අධයාපන ආයාතනයට ඒ පුහුණු කටයුතු කිරීමට මුදල් වෙන්කර තිබුනා පසුව එසේ මුදල් ලබාදීම නොකර සිටියා ඉන්පසු පුහුණු සැසිත් හරියාකාරව කෙරුනෙ නැහැ ඹන්න පහු කාලයෙ විද්‍යා අධ්‍යාපනය දියුණු කරපු හැටි 

අපේ රටේ අදටත් හොදට විද්‍යාව ඉගෙන ගන්න අයගේ සේවය ලබාගන්නෙ දියුණු රටවල් විද්‍යා පර්යේෂණ කරන්න වැයකරන්න සල්ලි අපට නැහැ ඉතින් අදටත් අපේ රටේ විද්‍යා අධ්‍යාපනය කියල කියන්නෙ දියුණු රටවලට උගතුන් හදාදීම නේද

ඒකට හේතුව මොකක්ද අපේ රටේ විශ්ව විද්‍යාලවල විද්‍යාපීඨවල වැඩිපුරම  උගන්නන්නේ ශුද්ධ විද්‍යා පාඨමාලා මම හිතන විදිහට නම් මේක වැරදියි තුන්වන ලෝකයේ දුප්පත් රටක් වන අපි ව්‍යවහාරික විද්‍යා පාඨමාලාවලටත් යායුතුව තියනවා නමුත් එහෙමවීමක් නැහැ දැන් දෙන ශුද්ධ විද්‍යා B Sc උපාධියට අමතරව  B Sc in pharmacology B Sc in electronics වගේ ඇප්ලයිඩ් සයන්ස් පාඨමාලා ඇතිකරන්න ඕන නමුත් එහෙම දෙයක් නැහැ 

මම ඔබෙන් ප්රශ්ණයක් අහන්නම් විද්‍යාව ඉගෙනගත්ත දුප්පත් ලමයින්ට උගන්නව ඇරෙන්න වෙන රස්සාවක් හොයාගන්න අමාරු රටක උගන්නන්න ඹ්න රස්සාවක් කරන්න පුලුවන් දෙයක්ද  නැත්නම් ලොකු ලොකු  පරියේෂණ  කරන හැටිද 

සමහර ගම්බද ඉස්කෝලවල හයේ හතේ පන්තිවල සමහර ලමයි ඉස්කෝලෙ එනව අඩුයි  ඒ ලමයි ඉස්කෝලෙ නොඑන දවස්වල මොකද කරන්නෙ කියල හොයල බැලුවහම ලමයි දලු කඩන්න යනව දලු කැඩුවොත් රෑට කන්න තියනව ඉස්කෝලෙ ආවොත් නැහැ  ඒක තමයි ඒ ලමයින්ගෙ තත්වය 

මේ  අද තියන විදයා අධයාපනයෙන් වැඩිවශයෙන් වෙන්නෙ දක්ෂ දුප්පත් ලමයින්ව රැවටීම මේ විදයා අධයාපනය ලබන ලමයින්ට රුකියාවක් හොයාගන්න ආයිත් වෙන පාඨමාලාවක් කරන්න වෙනව පොහොසත් ලමයින්ට නම් ඒක එතරම් ප්රශ්ණයක් නැහැ නමුත් දුප්පත් ලමයින්ට එය ප්රශ්ණයක් වෙනව

මේක සමහර අයට තේරුම් යනව අඩුද දන්නෙ නැතිනිසා මම මේ ප්රශ්ණය වෙනත් ආකාරයකට අහන්නම් දැන් ඉස්සර ලංකාවට පරිගණක ආපු දවස්වල වැඩිපුරම තිබුන පරිගණක පන්ති මොනවද
ඒව තමයි බේසික් උගන්වන පන්ති කොබෙල් උගන්නන පන්ති වගේ ඒව ඉතින් ඒව හැමෝටම ඕනද අන්න ඒ වගේ තමයි විද්‍යාව ඉගෙන ගන්න හැම ලමයවම පර්යේෂකයෙක් කරන්න හදන එක විද්‍යාඥයෙක් කරන්න හදන එක ඒ තත්වයට එන කෙනෙක් එහෙම ඉගෙනගන්න එක අවශ්‍යයි  නමුත් ඔක්කොම ඒ පැත්තට යොමු කරමින් රවට්ටන එක හරිද
මම කියන්නෙ හැමෝටම ශුද්ධ විද්‍යාව උගන්නන අතරෙ විද්‍යා තාක්ෂණයත් ඉගැන්විය යුතු බවයි අද බලන්න මොකද තත්වය කියල පාසලේ ඉලෙක්ටොරිනික්ස් උගන්නන ගුරුවරය රේඩියෝ එක කැඩුනහම ටී වී එක කැඩුනහම අරන් යනව අර විබාග පාස්වෙන්න බැරුව පාසල හැරගිහින් හුගක් වෙලාවට සහජ හැකියාවෙන් ප්රායෝගික විද්‍යාව ඉගෙනගෙන ඉන්න ලමයෙක් ලගට විහිලු නේද

මම තේරෙන විදිහට අපි කරන්න ඕන විද්‍යාත්මක රසවත්භාවය දැනෙන එක ටිකක් අඩුවුනාට විද්‍යාඥයින් හදන පාරෙ යනව වගේම විද්‍යාත්මක පුහුණු ශ්රමිකයින් ඇතිකරන විද්‍යා අධ්‍යාපනයක් ලබාදීමයි එතකොට ලමයි අතරමංවෙන්නෙ නැහැ ඒක හරි රැකියාව කර ගන්නව විදයාඥයො වෙන්න තරම් බුද්ධිමත් අය විද්‍යාඥයො වෙයි එයින් ඒකට බාධාවක් වෙන එකක් නැහැ


සමහර විශ්ව විද්‍යාලවල ටිකක් හොද පාඨමාලා තියනවා ඒව ජාතික ප්රතිපත්තියක් අනුව ඇතිකරපු ඒවද දන්නෙ නැහැ හුගක් වෙලාවට ඒව පිටරටවලදි  ඒව ගැන ඉගෙන ගත්ත අය විශ්ව විද්‍යාලය ඇතුලෙ තමන්ගෙ පැවැත්මට හදා ගත්ත ඒව වෙන්නත් පුලුවන් විශ්ව විදයාලවල කතිකාචාර්ය වරුත් දැන් විශ්ව විද්‍යාල වලම ටියුෂන් පන්ති දාගෙන ඉන්නව ඔය පශචාත් උපාධි පාඨමාලා කියන්නෙ ඒව තමයි ඒව පවත්වන්නෙ මුදල් අය කරමින් ඒවයෙ දේශණ පවත්තනවට ඔවුන්ට අමතර දීමනා ලැබෙනව
ඔය පරණ අයියලට තියන දුක රටේ විද්‍යාව දියුණු නොවීමේ දුකද මේ ටියුෂන් ගුරුවරු ආදීන් නිසා අර ඉංග්රීසියෙන් කතාකර කර විද්‍යාඥයින් බිහිකිරීමේ බමුණු කුලය ආයිත් හරියාකාරව හදාගන්න බැරි දුකද දන්නෙ නැහැ
 දැන් අද විද්‍යාව  උගන්නන පාසල් ගුරුවරු ගැන බලමු වැඩිය ඉන්නෙ  ගුරු මහත්මීන් වැඩි දෙනෙක් දන්නෙ ජීව විද්‍යාව  හුගක් අයගෙ භෞතික විද්‍යා දැණුම බොහොම බාලයි ඉතින් කොහොමද හරියට විද්‍යාව උගන්නන්නෙ  ඒක වෙනමම විස්තර ලියන්න ඕන කාරණයක්
දැන් බලමු විදයා අධ්‍යක්ෂවරුන් ගැන ඒගොල්ල කෙහොමද ඒ ගොල්ලොත් අර විදිහම තමයි වැඩිදෙනෙක් මැඩම්ල අපරාදෙ කියන්න බැහැ සමහරු කවදාවත් ඉස්කොලෙක උගන්නපු අය නොවෙයි විවෘත විබාගෙන් ආපු අය ඉතින් කොහොමද ගුරුවරු පුහුනු කරන්නෙ
ඒ වගේම කිසිම විෂය අධ්‍යක්ෂක වරයෙකුට ගුරුමාරු මණ්ඩලයට සහභාගි වෙන්න බලයක් නැහැ ඉතින් කොහොමද තමුන්ගෙ විෂය හොදට උගන්න ගුරුවරයෙක්ව ආරක්ෂා කරගන්නෙ
ඉස්සරත් ඒ වගේ තමයි තියෙන්න ඇත්තෙ ඒක නිසා වෙන්න ඕන  විද්‍යා අධ්‍යක්ෂක කියල හිටියට විද්‍යා ගුරුවරුන්ට ප්රශ්ණ ඇතිවුන බොහොමයක් වෙලාවට ඒවට මැදිහත් නොවී  අයින් වෙලා ඉන්න වෙන්න ඇත්තෙ
ඹය එකම විෂය අධ්‍යක්ෂ කෙනෙකුටවත් අද කාලෙ අඩුගානෙ සාමාන්‍යපෙල උත්තර පත්තරයක් වත් බලන්න යන්න ලැබෙන්නෙ නැහැ ගුරුවරු ඉන්නෙ පැනල් හෙඩ් තනතුරු වල ඉතින් ප්රශ්ණ පත්තරේට ලකුණු දුන්නෙ කොහොමද කියල හරියට දන්නෙ අධ්‍යක්ෂක නොවෙයි ගුරුවරු ඉතින් මෙහෙම කොහොමද රටේ විද්‍යා අධ්‍යාපනය දියුණු කරන්නෙ ඉතින් ඒවගේ දේවල් රාශියක් තියනව
දැන් බලමු විද්‍යා උපකරණ ගැන අර ඉස්සර පාසල්වලට දුන්න විද්‍යා උපකරණ හොද කොලිටි ඒව නපීල්ඩ් පවුන්ඩේෂන් වගේ ඒවයින් ලැබුන ඒව දැන් තියෙන්නෙ මොනවද ඉන්දියාව වගේ රට වලින් ගෙන්නපු බාල බඩු පරීක්ෂණ කරනකොට හරි පාඨාංකයක් ගන්න අමාරුයි මීටරවල එක සැරයක්  පෙන්වන පාඨාංකය නෙවෙයි ඒකම ආයිත් ගත්තහම පෙන්නන්නෙ ඒක නම් ඉතින් දැන්කාලෙ එච්චර ප්රශ්ණයක් වෙන්නෙත් නැහැ ඇයි හුගක් පරීක්ෂණ කරන්නෙ කලුලෑල්ලෙ ලියල හින්ද
ඔය විද්‍යා උපකරණ ගෙන්නන එකත් හොද බිස්නස් එකක් කියලයි සමහරු නම් කියන්නෙ අනිත් එක විද්‍යා පෙල පොත් ලියන එක ඒකත් හොද ගාණක් හොයාගන්න පුලුවන්  තමන්ගෙ යාලු මිත්රයන්ට එහෙම සලකගන්න පුලුවන් නියම වැඩක්ලු 

පුලුවන්නම් හොයල දෙන්න ටියුෂන් නොගිහින් රජයේ පාසලකින් විතරක් ඉගෙනගෙන  විශ්ව විද්‍යාලයෙ වෛද්‍ය අංශයට හරි ඉංජිනේරු අංශෙට හරි වෙනත් විද්‍යා අංශයට හරි තේරුන ලමයෙක් පුලුවන්නම් හොයල දෙන්න උසස්පෙල පන්තිවල හරියට නම් ලකුණු කරන ඉස්කෝලයක් 

මම උතුරුමැද පලාතෙ හිටියදි තේරුම් ගත්ත දෙයක් තමයි උසස්පෙල පන්තිවල ඉන්න සල්ලි තියන බොහොමයක් ලමයි සති අන්ත වලදි දඹුල්ල හරහා නුවර කියන එක
ඉතින් දුප්පත් ලමයින්ට මොකද වෙන්නෙ 

 අද විද්‍යා අධ්‍යාපනය පත්වෙලා තියන තැන පෙන්වන හොද කාරණයක් තියනව ඒ කාරණය මෙහෙමයි දැන් ඉස්සර  ඕනකරණ සාමාන්‍ය පෙල සුදුසුකම් යන්තමට තියන ලමයිනුත් ඕනකමින්  විද්‍යා උසස්පෙල පන්ති වලට ඇතුල්වුනා දැන් කොහොමද තත්වය විද්‍යා උසස්පෙල කරන්න පුලුවන් ඉතා හොද සාමාන්‍යපෙල ප්රතිඵල තියන දුප්පත් ලමයි බොහොම දෙනෙක් විද්‍යාව අතඇරල වානිජ වගේ විෂයන් කරනව ටියුෂන් යන්න වියදම් කරන්න සල්ලි නැති කමට ඔන්න තත්වය 
ඉතින් රටේ විද්‍යා අධයාපනයෙ තියන දියුණුව මොකක්ද
මේ තත්වයට කව්ද වගකියන්න ඕන විශ්ව විද්‍යාලවල ඉන්න ආචාර්ය මහාචාර්යවරු වගකියන්න ඕන දේශපාලකයො වගකියන්න ඕන ඔවුන් වට කරගෙන ඔවුන්ට උපදෙස් දෙන අය වගකියන්න ඕන මේවගේ විශාල පිරිසක් මේකට වගකියන්න ඕන 

අද බොහොමයක් පාසල් ලමයින්ගෙ විද්‍යා විෂය දැණුම ඒ කාලෙට වැඩිය හොදයි ඒකෙ ගවුරවය යන්න ඕන ටියුෂන් ගුරුවරුන්ට ප්රායෝගික දැණුමෙ තමයි එදා වගේම අදත් ප්රශ්ණය තියෙන්නෙ ඔය පෙල පොත්වල තියන ඉළෙක්ට්රොනික්ස් සර්කිට් එකක් එහෙම හදන්න යන්නකො බලන්න ඒක වැඩකරයිද කියල පිටරටවල මිනිස්සුන්ගෙ පොත්වල එහෙම අඩුයි
 මේකට හේතුව රටේ පවත්ව ගෙන යන සරුව පිත්තල අධ්‍යාපන ක්රමය අද ටියුෂන් යන්නෙ නැති පහේ පන්තියෙ ලමයෙක් ඉන්නව නම් ඇත්තෙ හුගක් ගම්බද පලාතක අන්ත අසරණ පව්ලක ඉතින් මේක වෙනස් කරන්න නම් රට වෙනස් කරන්න ඕන 

 මේ කාරණා ටික ලිව්වෙ අද විද්‍යා අධ්‍යාපනය සමහර පැති වලින් ඉස්සරට වැඩිය දියුණු බවක් තිබුනට සමහර පැති වලින් ඉස්සරට වැඩිය පිරිහිලා තිබුනට  ඒක  ඉස්සරකාලෙ වගේම අදත් හුගක් දුරට රැවටිල්ලක් කියන කාරණය යන්තමට කියන්න බලන්නකො ඒවට එකගවෙන්න පුලුවන්ද බැරිද කියල

ඉතින් මේ විද්‍යා අධ්‍යාපනය දියුණු කරන්න ඔය ඉස්සර හිටිය අධ්‍යක්ෂකලට දැන් ඉන්න අධයක්ෂකල එහෙම විතරක්  කරන්න පුලුවන් දෙයක්ද විහිලු තමයි දැන් මේක ලේසියෙන් හදන්න බැහැ මොකද දැන් වැරද්ද හරි වෙලා හරි බිස්නස් වෙලා දැන් පාසල් අධ්‍යාපනයෙ තියෙන්නෙ බිස්නස් විද්‍යාව ටියුෂන් විද්‍යාව හැබැයි හිතන්න එපා ඒ ගුරුවරු වැරදියි කියනව කියල දොස්තරගෙ ඉදලම මන්ත්රීගෙ ඉදලම බිස්නස් කරනකොට ගුරුවරු විතරක් මොකටද නොකර ඉන්නෙ
 
ඉතින් කොහොමද රටේ විද්‍යා අධයාපනය දියුණු කරනව නම් දියුණු කරන්න පුලුවන්  මේක කරනව නම් කරන්න පුලුවන් රටේ ආර්ථික ප්රතිපත්තියෙ ජාතික ප්රතිපත්තියෙ වෙනසක් කරනව නම් විතරයි ලමයින්ට ප්රායෝගික වටිනාකමක් තියන විද්‍යා අධ්‍යාපනයක් දෙනව නම් විතරයි රටේ විද්‍යා උගතුන් අවශ්‍යවෙන දේශීය කර්මන්තශාලා ඇතිකරනවනම් දියුණු කරනවනම් විතරයි කව්රුහරි කාණ්ඩයක් එකතුවෙලා එහෙම කරනව නම් රට දියුණු වෙනව පින් සිද්ද වෙනව


3 comments:

  1. විද්‍යා අධ්‍යාපනයේ 'හෝදාපාලුව'ගැන ඔබගේ වැදගත් ලිපිය ගැන යමක් කීමටයි මේ සැරසෙන්නේ
    "පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිටි මහාචාර්ය වැලන්ටයින් බස්නායක මැතිතුමා ආදීන් විද්‍යා අධ්‍යාපනය දියුණු කිරීමට නොයෙකුත් වැඩකලා හැබැයි එතුමන්ලාගේ යොමුකිරිම තිබුනෙ විද්‍යාඥයින් හදන්න හොඳ විදයාත්මක චින්තණයෙන් යුත් අය හදන්න ඉතින් එතුමා පාසල් ලමුන් පවා සහභාගි කරගනිමින් එයට වැඩ සටහන් කලා"
    වැලන්ටයින් බස්නායක මහාචාර්ය තුමාගේ විද්‍යා අධ්‍යාපන කටයුතු වලට වසර විස්සක් පමණ සහභාගී වූ කෙනෙක් වශයෙන් එක් නිවැරදි කිරීමක් කලයුතු වෙනවා. ඔබ සමහර විට දන්නවා ඇති SLASME ගැන. (ශ්‍රී ලංකා විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය) මෙහි නිර්මාතෘ එතුමා. මේ සංගමය 1984 වසරේ ආරම්භ කළේ. එය විවිධ හේතු නිසා 2012 දී විසුරුවා හැරියා. වසර විසිපහකට වැඩි කාලයක් තිස්සේ මේ සංගමය මගින් පාසල් සිසුන් සඳහා කෙටි කාලීන විද්‍යා ව්‍යාපෘති කිරීම සඳහා උදව් කර ව්‍යාපෘතීන් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දුන්නා. ඒවා ගැන පසු විපරම්ද කළා. මේ වැඩ සටහන ඉතාමත් ජනප්‍රිය වූවා. මා වසර හතක් කළුතර විද්‍යා අධ්‍යාපන නිලධාරි ලෙස කටයුතු කරද්දී දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එයට යොමු කළා.එසේම ඒ කාලයේම ආරම්භ කළ ක්‍ෂේත්‍ර අධ්‍යයන වැඩ සටහන මගින්ද ඉතා හොඳ විද්‍යා ක්‍රියාකාරකම් රාශියක් කළා.හොරණ තක්ෂිලාවේ ක්‍ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය ආරම්භ කිරීමටත් මා මුලික වූවා. 2002 වසර වන විට රටෙහි ක්‍ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථාන 38 ක් පිහිටුවන්නට හැකි උනා. මේ අතින් බලන කළ විද්‍යා අධ්‍යාපනය මගින් පාසල් දරුවන් 'විද්‍යාත්මක ක්‍රමය' අනුව හැඩගැස්වීමට සුළුවෙන් හෝ පියවර ගෙන තිබෙනවා.
    කෙසේ වෙතත් කල්යාමේදී නොයෙකුත් හේතු නිසා විද්‍යා අධ්‍යාපනය දුර්වල තත්වයකට ගොස් තිබෙනවා.මා කියන ඔය කාලයේ මුළු රටටම සිටියේ විද්‍යා අධ්‍යාපන නිලධාරි 20 පමණ. අද 150 ක් විතර සිටිනවා. ඒ උනත් ප්‍රගතියක් නැහැ.
    ඔබගේ මෙම සටහනට දින කිහිපයකට ඉහතදී, මේ කාරණයට අදාළ 'අපගේ විද්‍යා අධ්‍යාපනය පසුබෑමකට ලක්වී තිබේද?' යන මැයින් මා Blog සටහනක් ලිව්වා. එයත් කියවා බලන්න.(dayawee2@blogspot.com) මා හිතන්නේ අප දෙදෙනාම එකවිටම් මේ ගැන සිතා තිබෙනවා. ස්තුතියි.

    ReplyDelete
  2. Sorry the Blog is අධ්‍යාපන රසකතා dayawee2blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔබගේ එම ලිපිය කියවා බැලුවා එයට කෙටි පිළිතුරක්ද ලිව්වා අපට එහි සදහන්
      සමහර අදහස් සමග එකග වන්නට බැහැ ස්තුතියි

      Delete