Wednesday, August 15, 2018

කෙලවරක් නැති හෙවිල්ල















එම පුදුම ලෝකයට ගොස්බැලූවිට දැකගන්න ලැබුනේ හුගක් අය එහේමෙහේ දුවමින් ඉන්නා බවය
අසල සිටි එම ලෝකයේ කෙනෙකුගෙන් ඒ ගැන විමසා බැලුවෙමි

අර ගොල්ලො අර කොහෙද දුවන්නෙ
ඒ අය කෑම බීම බෙහෙත් ආදිය හොයන්න දුවනව
හො‍දයි අර අය
ඒ අය ඉන්න තැනක් හොයාගන්න දුවනව 
හොදයි අර අය
ඒ අය අදින්න ඇදුම් හොයාගන්න දුවනව

හොදයි  ඒව ඔක්කොම තියන අර අය කොහෙද දුවන්නෙ
ඒ අය තමන්ගෙ බලාපොරොත්තු හරියටම ඉටුකරන දෙයක් හොයාගෙන දුවනව
කවදහරි ලැබෙයි නේද
නැහැ ලෝකයෙ එහෙම දෙයක් කවදාවත් ලැබෙන්නෙ නැහැ

හොදයි  අර අය කොහෙද දුවන්නෙ
ඒ ගොල්ලො ලෝකයේ හරියටම සැප තියන තැනක්
හරියටම සැප ලැබෙන දෙයක් හොයාගන්න දුවනව
කවදහරි ලැබෙයි නේද
නැහැ ලෝකයෙ කවදාවත් එහෙම තැනක් එහෙම දෙයක් ලැබෙන්නෙ නැහැ

හොදයි  අර අය කොහෙද දුවන්නෙ
ඒ අය ලෝකයේ තියන වටින දෙයක් හොය හොයා දුවනව
කවදහරි ලැබෙයි නේද
නැහැ ලෝකයෙ එහෙම දෙයක් කවදාවත් ලැබෙන්නෙ නැහැ

මෝඩ කමට නිකම් දුවල රැවටෙනව විතරයි


No comments:

Post a Comment