Friday, August 24, 2018

සංසාර මන්දිර සහ අරණකට පෙම් බැඳ






                      










සංසාර මන්දිර නමින් නමුකොට ඇති මෙම කෘතිය  විස්කොන්සින් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිළිබද Ph.D උපාධිය ලැබූ ජිනා සෙර්මිනාරා මෙනවිය විසින් ලියනලද  Many Mansions නමැති කෘතියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය උපාධිධාරී පූජ්‍ය කන්නිමහර සුමංගල හිමියන් විසින් කරනලද  සිංහල පරිවර්ථනයයි මෙහි අඩංගුව ඇති ප්රදාන කරුණුවන්නේ අතීත ජන්මයන් දැකීමේ අපූර්ව හැකියාවක් ලබා තිබූ එඩීගාර් කේසී - 1877 – 1945 විසින් විවිධ අයගේ අතීත ජන්ම කියමන්ය එමගින් විවිධ අයගේ විවිධ ගැටලු වලට ලබාදුන් විසදුම් ගැනය ඹහුගේ කියවීම් වැරදී නැත ඒවා චංචලභවයෙන් තොර  නිශ්චිත කියවීම්ය සමහරුන්ගේ අතීත ජන්ම බලා කරනලද සමහර කියවීම් වලින් කියා ඇත්තේ එය ඔබ විසින් කර ඇති ක්රයාවේ ප්රති විපාකයයි එය ඹබ විසින් විදිය යුතුව ඇත යනුයි මෙය සෑමදෙනා විසින් කියවිය යුතු පොතකි සියලු පුස්ථකාලවල තිබියයුතු පොතකි පොත කියවන ඹබගේ බුද්ධිමත්භාවය අනුව ඹබට වැඩියෙන් කරුණු තේරුම් ගැනීමට හැකිවනු ඇත මෙම පොත පරිවර්ථනය කිරීමෙන් පූජ්‍ය කන්නිමහර සුමංගල හිමියන් විසින් කර ඇත්තේ මහත් ජාතික මෙහෙවරකි මහා පුණ්‍යකර්මයකි  
 





                                                 
   "අරණකට පෙම් බැඳ" යනු විශිෂ්ඨ වංග ලේඛක විභූතිභූෂණ බන්ද්‍යාපාධ්‍යාය - 1894 -1950  විසින් රචනා කරන ලද "ආරණ්‍යක්" නම්වූ අපූරු නවකතාවේ සිංහල පරිවර්තනයයි.  වංග ලේඛක විභූතිභූෂණ බන්ද්‍යාපාධ්‍යාය තරම් දක්ෂ ලෙස අපූරු ලෙස  ස්වභාවික වනපරිසරය විස්තර කල ලේඛකයකු නැති තරම්ය  මෙම නවකතාව වංග බසින් සිංහලට පරිවර්තනය කොට ඇත්තේ ලංකාවේ සිටි ප්‍රතිභාපූර්ණ ලේඛිකාවක් හා පරිවර්තිකාවක්  වූ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය විසිනි. මෙයට පසුබිම්වී තිබෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි වනගත වතුයායකි. චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි  කෙටි කාලයක් තුළ දී ඉතා දීර්ඝ කාලයක් පවතින උසස් සාහිත්‍ය කෘති රැසක් පරිවර්තනය කළ දුර්ලභ ගණයේ ලේඛිකාවකි. පරිවර්තිකාවකි.මෙම අපූරු නවකතාව මනුෂ්‍යත්වය පිළිබද කථාවකි කෙසේ වෙතත් මෙහි සැගවඇත්තේ මනරම් වන අරණක් විනාශකර ජනපදයක් පිහිටුවීමේ කථාවයි එහි සදහන් කුලු මීමුන්ට පිහිටවෙන දේවතාවා රාත්රී කාලයේ මහවන මැද රගන සුරංගනාවියන් ගැන ආදි විවිධ කථා අත්භූතජනකය  අපූරුය

 චින්තා ලක්‍ෂ්මී ලක්‍ෂ්මී සිංහ ආරච්චි  ගම්බද කුඩා පාසලක සේවයකල  ගණිත ගුරුමහත්මියකි. ඇගේ පළවෙනි පරිවර්තනය වූයේ සත්‍යජිත් රායි මහා සිනමාකරුවකු බවට පත්කළ අපූ ත‍්‍රිත්වයට පාදක වූ විභූති්භූෂණ බනද්‍යෝපාධ්‍යයාගේ ශ්‍රේෂ්ඨ වංග නවකතාවයි. කොටස් තුනකින් මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය ලෙසද ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ  ශ‍්‍රී කාන්ත නවකතාව  ශ‍්‍රී කාන්ත යනුවෙන් එක් කොටසක්ද ශ‍්‍රී කාන්ත හා රාජලක්‍ෂ්මී යනුවෙන් අනෙක් කොටසද  උර්දු බසින් ඇය සිංහලයට නැඟූ ඛලීල් ජිබ්රාන්ගේ ඉසිවරයා ද රවින්ද්‍රනාථ ඨාකුරයන්ගේ ගෝරාද පේ‍්‍රම් චාන්ද්ගේ ගෝ දානය ද ආදී ග්රන්ථ සදහන් කලහැක රවීන්ද්‍රනාථ ඨාකූර් සහ බෞද්ධ සංස්කෘතිය ඇය විසින් ලියනලද පොතකි චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි සිංහල පාඨකයාට තිළිණ කළේ අපූරු සාහිත්‍යයකි. ඇගේ කෘති සියල්ලෙන් උද්දීපනය වන්නේ මානව සම්බන්ධතා පිළිබඳ ගැඹුරු දහමකි.

   මෙම "අරණකට පෙම් බැඳ" යන කෘතිය ගද්‍යයක් නොව ගද්‍ය කාව්‍යක් යනුවෙන් හැදින්වීම වඩා උචිතයයි සිතමි එය එතරම් රසවත් බැවිනි සමහර පරිවර්තකයින් මෙන් පොතේ ඉංග්රීසි පරිවර්ථනයෙන් නොව ඇයගේ වංගබස පිළිබදව තිබූ නිපුනත්වය අනුව   පොතෙහි මුල් කෘතියෙන්ම එය පරිවර්ථනය කිරීම එයට හේතුවන්නට ඇත
මේ ශ්‍රේෂ්ඨ ලේඛිකාව ශ්රී ලාංකික සමාජය වෙනුවෙන් තම  යුතුකම් මැනවින්  ඉටුකර ඇත  එහෙත් ඇය ජීවතුන් අතර සිටි කාලයේ ඇයට ශ්රි ලාංකික සමාජය විසින් සලකන ලද ආකාරය ප්රමාණවත් නැතැයි සිතමි



 





2 comments:

  1. එතුමිය නාගරික ප්‍රභූ ලේඛිකාවක් නෙවෙයිනේ

    ReplyDelete
  2. ඹව් ඔබ සදහන් කරන එය ප්රදානතම කාරණය වන්නට පුලුවන් අපේ රටේ සාහිතය දේශපාලනය ක්රීඩා වගේ හැම ක්ෂේත්රයකම බිස්නස්කාර අයිතිකාරයෝ ඉන්නවානෙ ඹවුන් අගය කරන්නේ ඹවුන්ට ගැලපෙන අයයි අපේ රටේ වැඩිපුර අගය කරන්නේ යුරෝපීය බටහිර සාහිත්‍යනෙ පාතර්පංචාලි වගේ ඹ්පු ත්රිත්වයේ චිත්රපටි අද සමාජයේ කී දෙනෙක් බලල තියනවද දන්නෙ නැහැ අද සමාජයේ රුචිකත්වයන් වෙනස් ලෝකයේ උසස් සාහිත්‍ය නිර්මාණ කොපමණ තියනවද දෙබස් කැවූ කෙලවරක් නැති ගෑණු පිරිමි රංඩු පෙන්වන ටෙලි නාට්‍ය තමයි හුගක් ජනමාධයවල පෙන්වන්නෙ මේ හුගක් දේවල් වලට ජනමාද්‍යත් වගකියන්න ඕන උසස් අදීන විචාරකයින්ගේ හිගයක් තියනවා සමහර විචාරකයින් කුලියට ලියනඅය බවයි හිතන්න වෙලා තියෙන්නෙ හුගක් පත්තරත් ඒවගේ තමයි ඉතින් මේ වගේ පසුබිමක් තිබුනත් ඇය වානිජත්වය ගැන හෝ සම්මාන ගැන හෝ නොසිතා ඇයගේ මෙහෙය ඉටුකලා විය යුතුයි ඇය එයින් සතුටක් ලබන්නට ඇති සාහිත්‍යය ආදී ක්ෂේත්රයන් ගැන දෙන සම්මාන ප්රමාණය වැඩි කරල සම්මාණ දෙන මාණයන් වැඩි කිරීමෙන් මෙය තරමක් දුරට හරි හරිගස්සන්න පුලුවන් ඒත් කවුද දන්නෙ අර අයිතිකාරයො ඒකට කැමතිද කියල

    ReplyDelete