Wednesday, August 29, 2018

දැත්තගෙයි යාලුවන්ගෙයි හපන්කම්



           මෙම පොත මවිසින් මුලින්ම මිලයට ගත්තේ මට මතක හැටියට 1963 දී ය මම කුඩා ලමයෙක්ව සිටියදීය ඒ කාලයේ කුඩා ලමුන් වෙනුවෙන් ලියවුන පොත්පත් බහුලව නොතිබුනි මම මිලයටගත් මෙම පොත කියවා මම ඉතාමත් වැඩි සාහිත්‍යයමය වින්දනයක් ලැබුවෙමි කුඩා කාලයේ දී පමණක් නොව ඉන්පසුවද මෙම පොත මට මනා වින්දනයක් ගෙනදුන් අගනා කෘතියක් විය මෙම පොත පිළිබදව මෙහි යන්තමින් හෝ සටහනක් තබන්නට සිතුවේ එබැවිනි 

මෙම පොත රුසියන් බසින් සිංහලයට පරිවර්ථනය කල පොතකි පොතේ කතුවරයා රුසියන් ජාතික නිකොලයි නොසොව්ය  නිකොලායි නොසොව් සිංහල ලමා ලෝකයට මුලින්ම හදුන්වා දී ඇත්තේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර ස්වාමීන්වහන්සේ විසිනි උන්වහන්සේ ගැන මවිසින් යන්තමින් ලියූ ලිපියක් මෙයට පෙර මෙහි ලියා ඇත පොත සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ඩී බී කුරුප්පු මහතා විසින්ය පරිවර්තන කාර්යය අනර්ඝලෙස ඉටුකර ඇත සිංහල ලමාපොත් අඩුව තිබූ එම කාලයේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර ස්වාමීන්වහන්සේ විසින් සහ ඩී බී කුරුප්පු මහතා විසින් මෙම පොත සිංහලට පරිවර්තනය කිරීමෙන් කර ඇති මෙහෙය කර ඇති සේවය අතිඅනර්ගය

 අප පොත මිලදීගන්නා කාලයේ මෙම පොත පලකරනු ලැබුයේ මහරගම සමන් මුද්රණාලය යන ආයතනය විසින්ය නමුත් වර්තමානයේ එය පලකරන්නේ කුරුලු පොත් ආයතනය විසින් හෝ දීපානි මුද්රණ ආයතනය විසින් විය යුතුය

 මෙහි සදහන්වන්නේ එක ගෙදරක ජීවත්වූ කීඩෑවුන් ලෙස හදුන්වා ඇති විවිධ දක්ෂතා වලින් යුත් කුඩා අය දහසය දෙනෙක් සහ ඔවුන් හා සම්බන්ධ අනෙකුත් සිදුවීම් ඇතුලත් කථාවන් ය ඒගැන වැඩි විස්තර සදහන් නොකරන්නේ පොත කියවා එහි රසය විදගැනීමට සැලැස්වීම වඩා හොද බැවිනි  ඒ ලප්ටෙව් යන චිත්ර ශිල්පියා විසින් කතාවට ගැලපෙනසේ  එහි ඇද ඇති චිත්ර අපූරුය මෙම පොත එදා මෙන්ම අදත් කියවා රස විදිය හැකි පොතකි පිටතින් ලමාකතා යනුවෙන් සදහන් කර ඇතත් ඇතුලත එවැන්නක් නොමැති  සමහර ලමාකතා පොත්මෙන් නොව මෙවැනි සැබවින්ම ලමාකතා පොතක්  ලියා ලොවට දායාදකර ඇති රුසියන් ජාතික නිකොලායි නොසොව්ගේ දක්ෂතාවය අගනේය උසස් ය සාහිත්‍යමය වින්දනයක් ලැබිය හැකි තරම් නුවණැති ලමයෙකුට මෙම පොත ලබාදිය හැකිනම් ඹහු හෝ ඇය විසින් තමන්ට ලැබුන අගනා ත්‍යාගයක් ලෙස එය හදුනාගන්නවා ඇත






2 comments:

  1. http://maanawa.blogspot.com/2018/05/blog-post_23.html

    ReplyDelete
  2. එහි ඩී බී කුරුප්පු මහතා සම්බන්දව හුගක් තොරතුරු තිබුනා ඹබට ස්තුතියි

    ReplyDelete