Monday, August 20, 2018

සමාජවාදය සහ පූජ්ය උඩකැන්දවල සිරි සරණංකර ස්වාමීන්වහන්සේ



අප රටට සමාජවාදය ආවේ පිටරටිනි පෙර තිබූ රාජආණ්ඩු ක්රමයේ අභිමානය ගැන බොහෝවිට කථාකරතත් සමහර රජවරුන්ගේ කාලයේ රටවැසියෙකුට රැව්ල කපාගන්නටත් රජුගේ අවසරය ලබාගන්නට වූබව සදහන්ව ඇත ඒ අනුව බලනවිට සුද්දන් විසින් පරිපාලනයම වශයෙන් දේශපාලනයම වශයෙන් ලංකාවට විශාල සේවයක් කර ඇතිබව සදහන්කල යුතුව ඇත


ලංකාවේ සමාජවාදය මුලින්ම ස්ථාපිත කිරීම ගැන කථාකරනවිට ඒ ඊ ගුණසිංහ  ආචාර්ය ඇන් ඇම් පෙරේරා පිලිප් ගුණවර්ධණ යන මහත්වරුන් ගැන සදහන් කරන්නට සිදුවේ    ආචාර්ය ඇන් ඇම් පෙරේරා මහතා සහ පිලිප් ගුණවර්ධන මහතා  1936 ඩොනමෝර් ආංඩුවේ මන්ත්රීවරු දෙපලක් විය ලංකාවේ මුල් කාලයේ තිබූ ප්රබල විපක්ෂය වූයේ ලංකා සමසමජ පක්ෂයයි 1947 පිහිටවූ රජයේ විපක්ෂ නායක වූයේ  ආචාර්ය ඇන් ඇම් පෙරේරා  මහතාය

නමුත් ලංකාවේ සමාජවාදය පිහිටුවීමේ අවුලක් තිබුනි ප්රදානම අවුල  වශයෙන් දැක්විය හැක්කේ  පිටරට නිෂ්පාදනයක්වූ සමාජවාදය ඒ විදියටම ගෙඩිය පිටින් ලංකාවේ ඇතිකරන්නට යාමෙන් ඇතිවූ නොගැලපීයි එමනිසා රටෙහි එය ස්ථාපිත නොවීමට හේතුවන නෙයෙකුත්  නොගැලපීම් සමාජ ආකල්පයන් රටතුල ඇතිවිය  ඉන් එකක් නම් එය ආගම් විරෝධී යයි ඇතිවූ පිළිගැනීමයි එබැවින් පල්ලි සහ පන්සල් විසින් එය ප්රතික්ෂේප කරන ලදී එයට එරෙහිව කටයුතු කරන්නට විය දෙවැන්න නම් එය වයස් පරතර නොසලකා නෑදෑකම් නොසලකා කුලබේද නොසලකා සැමටම සහෝදරයා යන්වෙන් ආමන්ත්රණය කිරීමට පටන් ගැනීම ආදියයි  මේවා කිසිවකටත් සම්ප්රාදායානුකූලව සිතන්නට පුරුදුව සිටි බහුතරයක් ජනතාව කැමතිවූයේ නැත ප්රාදානම අවාසිදායක දෙයක් වූයේ රටට නොගැලපෙන න්‍යායන් ඉවත්කර රටට ගැලපෙන සමාජවාදයක් හදුන්වා නොදීමයි එමෙන්ම සමාජවාදය හදුන්වා දුන් නායකයන් යැයි කියාගත් බොහෝ දෙනෙක් එය කුමක්දැයි හරියාකාරව ජනතාවට විස්තරකර හදුන්වා නොදෙමින් එය තමන් වැනි මහා බුද්ධිමතුන්ට පමණක් තේරුම් යන ගැඹුරුදෙයක් ලෙස සගවාගෙන එමගින් තමන්ගේ මහා නායකත්වය රැකගන්නට එමෙන්ම පක්ෂයට තමන් නැතුවම බැරි පුද්ගලයෙක් ලෙස සිටීමට කුහකලෙස කටයුතු කිරීමයි ඒ සියල්ලගේම සමස්ථ ප්රතිඵලයවූයේ එම රහසිගත සමාජවාදය රටෙහි ජනතාවගෙන් ප්රිත්ක්ෂෙපවීමයි  අදටද එය එසේමය

 සමාජවාදය ධනවාදයට වඩා බුද්ධධර්මයට එකගවන ස්වරූපයෙන් යුක්ත වුවත්  පිටරට නිෂ්පාදනයක්වූ සමාජවාදය ඒ විදියටම ලංකාවේ ඇතිකරන්නට යාමෙන් ඇතිවූ නොගැලපීමෙන් සමාජ වාදය බුද්ධධර්මයට ධනවාදයට වඩා සමීපබව ජනතාවට වටහා දෙන්නට ඹවුන් අසමත් විය ඹවුන් විසින් නිතර කතාකල නිර්ධන පන්තිය සංකල්පය නිර්ධන පන්තියේ අවිගත් පිබිදීම ආදිය ලංකාවට හරියාකාරව ගැලපෙන ඒවා නොවීය ද්විඝඨනාත්මක බවුතිකවාදය වැනිදෑ පොදු ජනතාවට නොතේරෙන අප්රභංශ  විය   පිටරට නිෂ්පාදනයක් වූ එය ලංකාවට ගැලපෙන සේ සකස්කර ස්ථාපිත කලා නම් රටවැසියා එය වැඩියෙන් පිලිගන්නට තිබින සමාජවාදය හරියාකාරව රටට නොගැලපෙන කොටස් ඉවත්කර රටට හදුන්වා නොදීමේ සමස්ථ ප්රතිඵලය වූයේ එම සමාජවාදී පක්ෂ ක්රමක්ක්රමයෙන් ජනතාව විසින් පිලිනොගැනීමයි  ප්රික්ෂේප කිරීමයි ඇතිවූ පිරීහීම කොතරම්ද යනවග පසු කාලයේ ඹවුන් ලැබූ මැතිවරණ ප්රතිඵල වලින් පිළිබිඹු විය 1947 විපක්ෂය වූ ලංකා සමසමජ පක්ෂයට හෝ ලංකා කොමියුනිස්ට් පක්ෂයට 1977 මැතිවරණයේදී  කිසිදු මන්ත්රීධුරයක් දිනාගන්නට නොහැකි විය
වර්ථමානයේ වුවද  ඹවුන්ගේ කථා අසන්නට මිනිසුන් කැමතිමුත් ඹවුන්ට ඡන්දය දෙන්නට මිනිසුන් අකමැතිය සමාජවාදයෙන් වන අයහපත ගැන මිස එහි ඇති යහපත ගැන මිනිසුන් වැඩි දෙනෙක් දන්නේ නැත අනිත් අතට අදද රටට ගෙඩිය පිටින් හදුන්වාදෙන්නට යන  අද සමාජයේ නොමැති හෝ වෙනස් මුහුණුවරින් ඇති ප්රශ්න වලට එම පැරණි න්‍යායන්ගෙන් විසදුම් ලැබෙතැයි බහුතරයක් ජනතාව විශ්වාස නොකරයි  එමෙන්ම අනිත් ප්රදාන කාරණයක් වන්නේ කාලය අනුව වෙනස් නොවන යාවත්කාලීන  නොවන  සමාජවාදය ක්රමක්ක්රමයෙන් ලෝකයෙන් ඉවත්වී යන දෙයක්බව මිනිසුන් විසින් තේරුම් ගැනීමයි
 
 අප රට ගැන සිතනවිට ප්රාදේශීය සභාවක සභාපති ධූරයක් දිනා ගන්නට බැරි පක්ෂයකට පලාත් සභාවක මහ ඇමතිකමක් දිනාගන්නට බැරි පක්ෂයකට ජනාධිපති තරගයකදී ජයග්රහණයක් ලැබීමට හැකිවේයයි සිතන්නට නුපුලුවන

අද බොහෝ සමාජවාදී පක්ෂ කරන්නේ කුමක්ද දැනුවත්ව හෝ නොදැනුවත්ව ඹවුන් කරන්නේ ධනවාදී පක්ෂවල හොරි කැසීමයි ඒවා සනීප කිරීමයි ධනවාදී පක්ෂවල දත් සහ නියපොතු ශුද්ධ කිරීමයි එමගින් ඒවා තවතවත් ශක්තිමත් කිරීමයි ධනවාදී පක්ෂවල අඩුපාඩු සකස්කර එහි මුහුණ ලස්සන කිරීමයි එමගින් ඒවා ජනතාවට තවතවත් ප්රිය කිරීමයි එමගින් ඒවා තවතවත් ශක්තිමත් කිරීමයි

හෙට බලයට පත්වීමට අවශ්‍ය නම් අද ඹවුන් විසින් කලයුත්තේ රටට ගැලපෙන ලෙස එම සමාජවාදී පක්ෂ ප්රති සංවිධානය කරගැනීමයි මෙහිදී කලයුතු ප්රදාන කාරණා දෙකක් ඇත ඉන් පලමුවැන්න වන්නේ රතු කොඩිය වෙනුවට වෙනත් පාටැති කොඩියක් තෝරාගැනීමයි රටේ බහුතරයක් දෙනා රතුකොඩියට කැමති නැති බැවිනි දෙවැන්න වන්නේ පන්සලේ ආශීර්වාදය ලබාගැනීමයි එය එතරම් පහසු නැති නමුත් ඹවුන්ගේ සමහර පැරණි න්‍යායයන් අතහැර දමන්නේ නම් එය නොකලහැකි දෙයක් නොවනු ඇත

අද සමහර සමාජවාදී පක්ෂ කණ්ඩායම් කියන්නේ රට වැටී ඇති මේ අවාසනාවන්ත තත්වයෙන් රට ගොඩගතහැක්කේ ඹවුන්ට පමණක් බවයි එය ඇත්තක් වන්නට පුලුවන නමුත් ඔවුන් රටට ගැලපෙනසේ වෙනස්වන්නට අසමත්ව සිටි ඉතින් රටේ ජනතාව  ඔවුන්ට ගැලපෙනසේ වෙනස්වෙයිද යන ප්රශ්ණය පැනනැගී ඇත

 අද මෙන්ම පෙරත් පල්ලිය සමාජවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධවූවත් එහි බලපෑම එතරම් ප්රභල නොවීය නමුත් පන්සලේ අප්රසාදය එය ජනතාවගේ අප්රසාදයට ලක්වීමට ප්රභල හේතුවක් විය
එවන් වකවානුවකදී භික්ෂූන් වහන්සේ නමක්වුවද පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර ස්වාමීන්වහන්සේ විසින් මෙරට සමාජසාධාරණත්වය ඇතිකිරීම  වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කරනලද සේවය අතිමහත් ය
උන්වහන්සේ 1957 වර්ෂයේදී ලෙනින් සාම ත්‍යාගයෙන් පුදනු ලැබීය
එසේ වූ උන්වහන්සේගේ පය පාමුල මලක් තැබීම කවර නම් වරදක්ද උන්වහන්සේ සම්බන්ධව තොරතුරු බිදක් පහත සදහන් කර තබමි


 පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි

- 1902 - 1966
1902 - 01- 07
උපන් දිනය ගිහිනම රං බණ්ඩා ගම හිරියාල උඩකැන්දවල
1916
පැවිදිවීම
1921
අප්රේල් - ධර්ම ප්චාරය සදහා අනගාරික ධර්මපාලතුමා සමග ඉන්දියාවට
      යාම
1921 -
ශාන්ති නිකේතනයට ඇතුලුවීම එහි ඉගෙනුම ලබන අතරේ ලංකාවේ
      පුවත්පත්වලට දේශාණුරාගී ලිපි සැපයීම
1930 -
ලංකාවට පැමිණ ලක්වැසියන්ගේ පරගැතිභාවය දුරු කිරීමට අපේගම 
      පොත ලිවීම

1931 -
ලන්ඩන් මැට්රික්‍යුලේෂන් විභාගය සමත්වීම
1932 -
ඉන්දීය නිදහස් සටන වෙනුවෙන් සිර භාරයට පත්වීම වසර හතරක් සිරකර
      තැබීම අදුරු කාමරයක සිරකර තැබීම නිසා ඇස් දුර්වලවීම බැරිබැරි 
      රෝගයෙන් පෙලීම

1936 - සිරෙන් නිදහස් කර නැවත ඉන්දියාවට නොඑන ලෙස අණකර ලංකාවට එවීම
1936 -
ලංකා සමසමාජ පක්ෂය සමග එක්වීම
1937 -
සමසමාජ ක්රමය ලංකාවට වුවමනා මන්ද පොත ලිවීම
1942 -
මහරජුට අපහාස කිරීම සහ ලංකාවේ යටත් වැසියන් නොමග යැවීම
       චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරභාරයට පත්කිරීම වසර දෙකක් 
      සිරභාරයේ සිටීම
      සිරභාරයේ සිටින කාලයේදීත් චීවරය ඉවත්කරන්නට ඉඩ නොදීම
1944 -
සිරභාරයෙන් නිදහස්වීම සමාජවාදී චින්තනයෙන් යුතු අගනා සාහිත්‍යමය
      ග්රන්තයන් සිංහල බසට පරිවර්තනය කිරීම
1957 -
ලෙනින් සාම ත්‍යාගයෙන් පුදනු ලැබීම
1966 -
අපවත්වීම

No comments:

Post a Comment