Tuesday, December 10, 2019

නොදන්නා නගරයකට ගියවිට මුත්‍රා කිරීම



 


බොහෝ නගර වලට යන පිටස්තර අය මුදල් නොගෙවා මුත්‍රා කලහැකි අහුමුළු ගැන දන්නේ නැත. එබැවින් ඔවුන්ට මුත්‍රා කිරීමට අවශ්‍යවූ විට රු 20 ක් ගෙවා ප්‍රසිද්ධ වැසිකිලියකට යාමට සිදුවේ. නගරය ගැන දන්නා අය මුදල් නොගෙවා මුත්‍රා කලහැකි අහුමුළු දන්නා බැවින් ඔවුන්ට එසේ මුදල් වැයවන්නේ නැත. එබැවින් මෙසේ මුදල්වැයකිරීමට සිදුවන්නේ නගරයෙන් පිටතින් එන අයටය.

සමහරවිට බස් රථ පැමිනෙන්නේ ප්‍රමාදවීබැවින් කීපවරක් මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. දෙසැරක් මුත්‍රාකිරීමට සිදුවුවහොත් වැයවන මුදල රු 40 කි. විවිධ ආකාරවලින්  නගරසභා අයකරගන්නා බදු මුදල්වල හැටියට නගරයේ මුදල් අය නොකරන වැසිකිලියක් පවත්වාගෙන යාමට නොහැකි ඇයිද යන්න ප්‍රශ්ණයකි.

දිනකට පැමිණෙන අය සාමාන්‍යයෙන් 100 ක් පමණ වන එක වරකට රු 20 ක් අයකරන වැසිකිලියක් ගැන සැලකුවහොත් එහි දවසක ආදායම රු 2000 ක් වේ. මාසික ආදායම රු 60000 ක් පමණ වේ. වාර්ෂික ආදායම රු 720000 ක් පමණ වේ. සමහර ප්‍රසිද්ධ වැසිකිලි වලට දිනකට පැමිණෙන පිරිස 100 කට වඩා වැඩිය. එබැවින් ඒවායින් උපයන මුදල මෙයට වඩා බෙහෙවින් වැඩිය. සමහර නගර සභාවල වැසිකිලි කීපයක් ඇත.
වැසිකිලි වලින් උපයා ගන්නා මෙම මුදල් ප්‍රමාණය නගර සභාවට නිසියාකාරව වාර්තා වෙනවාද යන්නද ප්‍රශ්ණයකි.

Sunday, November 24, 2019

පාසල් ලමුන් ටියුෂන් පන්තිවලට යොමුකරන්නේ කව්ද



ලමුන් ටියුෂන් පන්තිවලට යොමුකරන්නේ කව්ද
මෙයට දියහැකි පලමු පිළිතුර වන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව බවයි
එහි පරිපාලන සේවයේ නිලධාරීන් බවයි
ඔවුන් කෙළවරක් නැති පෝරම පුරවන්නට සලස්වා ගුරුවරුන්ගේ ඉගැන්වීමට ඇති කාලය අහෝසිකර දමයි

ජාතික අධ්‍යාපන ආයතනය බවයි
ඔවුන් පාසල් කාලය තුලදී නිමකල නොහැකිතරම් විශාල විෂය නිර්දේශයන් ඉගැන්වීමට සලස්වා එයට මග සලස්වයි
එබැවින් වසර අවසානයේ සෑම පන්තියකම පාහේ බොහෝ විෂයන්හි කොටස් ඉතිරිවේ
එබැවින් ලමුන්ට ටියුෂන් පන්ති යන්නට සිදුවේ
ඔවුන් විසින් නිසියාකරව ගුරු පුරප්පාඩු නොපිරවීම ආදියෙන්ද
ගුරු මහත්මීන් දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ගැනීම් ආදී අවස්ථා වලදී හාරිපූරණය සඳහා අතිරේක ගුරුවරුන් යෙදවීමට ක්‍රමයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොමැතිකම ආදියද ලමුන් ටියුෂන් යැවීමට මග සලස්වයි

මෙයට දියහැකි දෙවන පිළිතුරවන්නේ තමන් උගන්වන විෂය සම්බන්ධව හරියාකාරව නොදන්නා ගුරුවරු යන්නයි
උදාහරණයක් ලෙස විද්‍යා ගුරුවරුන් ගනිමු
වර්තමාන විද්‍යා ගුරුවරුන්ගෙන් වැඩි පිරිස කාන්තාවන්ය
ඔවුන්ගෙන් වැඩි පිරිස ජීව විද්‍යා අංශයෙන් ඉගෙනගත් අයය
ඔවුන් විභාග පාස්වී ඇත්තේ ප්‍රශ්ණපත්‍රයේ ඇති  ජීව විද්‍යා ප්‍රශ්ණ වලට පිළිතුරු ලිවීමෙනි
එබැවින් ඔවුන් විද්‍යාව උගන්වන විට බොහෝවිට විෂය නිර්දේශයේ ඇති ජීව විද්‍යා පාඩම් වැඩියෙන් උගන්වන අතර භෞතික විද්‍යාව කොටස් උගන්වන්නේ නොසැලකිලිමත්වය
හරියාකාරව අවශ්‍ය දැණුම ලබාගැනීමට ලමුන්ට ටියුෂන් පන්ති යාමට සිදුවේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටින වැදගත්ම වටිනාම තැනැත්තාවන්නේ ගුරුවරයායි
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටින ලේකම්වරු අධ්‍යක්ෂකවරු විදුහල්පතිවරු ආදී අනෙකුත් සියළු නිලධාරීන් ගුරුවරයාගෙන් යැපෙන්නෝය
ගොඩනැගිලි තිබුනාට පරිගණක තිබුනාට ස්මාර්ට් පන්ති කාමර තිබුනාට දක්ෂ නිපුන ගුරුවරු පාසලේ නොමැතිනම් ඒ කිසිවකින් පලක්නොවේ
විශ්‍රාමයාමෙන් පසු ලමුන් වැඩියෙන්ම සලකන්නේ ඔවුන්ගේ ගුරුවරුන්ට මිස අනෙකුත් නිලධාරීන්ට නොවේ
එබැවින් වඩාත්ම වැදගත් දෙය වන්නේ නිපුන ගුරු පිරිසක් සාදා ගැනීමයි
එය එසේ නොවනවිට එය ලමුන් ටියුෂන් පන්තියාමට යොමුකරවයි

මෙයට දියහැකි තුන්වන පිළිතුරවන්නේ විදුහල්පතිවරු යන්නය
ඔවුන් උදය රැස්වීම සඳහා විවිධ දින සඳහා විවිධ උත්සව සඳහා ලමුන්ගේ පාසල් කාලය වැය කරමින්
ඉගැන්වීමට බාධාකරමින් ලමුන් ටියුෂන් පන්තියාමට යොමු කරයි
එමෙන්ම ඔවුන්ගෙන් සමහර අය විවිධ ආකාරයෙන් තමන්ට රුචිනැති ගුරුවරුන්ගේ සිත් රිදුවමින් ඉගැන්වීමට ඔවුන්ගේ ඇති රුචිය නැතිකරමින් ඉගැන්වීම් කාර්යයට බාධා කරයි
ප්‍රතිඵලයවන්නේ ලමුන්ට ටියුෂන් පන්තියාමට මග සැලසීමයි

මෙයට දියහැකි හතරවන පිළිතුර වන්නේ විවිධ තනතුරු වලින් හැඳින්වෙන අධ්‍යාපන නිලධාරීන් බවයි
ඹවුන් විවිධ ආකාරයෙන් ලමුන්ගේ පාසල් කාලය ගුරුවරුන්ගේ පාසල්කාලය ඔවුන්ගේ වැඩකටයුතු වලට වැයකර දමයි
පාසලේ ඉගෙණුම් ඉගැන්වීම් කාර්යය කිරීමට අවශ්‍ය පහසුකම් නිසියාකාරව සකස්කර නොදෙයි
ඔවුන්ගෙන් සමහර අය අවශ්‍යතරම් විෂය දැණුම සහ පළපුරුදුකම් නොමැති බැවින් ගුරුවරුන්ට උපදෙස් දීමට නොහැකිව නොසැලකිලිමත්ව සිටියි

පස්වන පිළිතුර වන්නේ ටියුෂන් දෙන සමහර පාසල් ගුරුවරුන් බවයි ඔවුන් පාසලේදී තමන්ගේ ටියුෂන් පන්තියට ලමුන් යොමුකර ගනියි එහිදී හොඳින් ඉගැන්වීම් කරයි තමන්ගේ පන්තියට එන ලමුන්ට පාසලේදී වැඩි සැලකිල්ලක් දක්වයි එයින් ලමුන් ටියුෂන් අධ්‍යාපනයට යොමුවෙයි

හයවන පිළිතුරවන්නේ වෙනත් රැකියාවක නිරත වෙමින් හෝ නොවෙමින් ටියුෂන්දෙන ගුරුවරු බවයි
ඔවුන් පාසල්වල උගන්වන ගුරුවරුන්ට වඩා හොඳින් උගන්වමින් වැඩි ඉගෙණුම් ආධාරක ද්‍රව්‍ය
ලබාදෙමින් පාසලේ ගුරුවරුන් සම්බන්ධව ලමුන් තුල ඇති ගරුත්වය අඩුකර දමයි
එයින් ලමුන් පාසලේ අධ්‍යාපනය සම්බන්ධව නොසැලකිලිමත්වෙමින් ටියුෂන් අධ්‍යාපනයට යොමුවෙයි


පාසල් ගුරුවරුන් ටියුෂන් පන්ති පැවැත්වීම කිසිසේත් වැරදි නොවේ
පවතින ආර්ථික ක්‍රමය අනුව දොස්තරලාට  පුද්ගලික චැනල් සේවයේ යෙදෙන්නට හොඳනම් ගුරුවරුන් ටියුෂන් පන්ති පැවැත්වීමේ ඇති කිසිදු වැරැද්දක් නැත

මෙයින් වඩාත්ම අවාසිය සිදුවන්නේ ටියුෂන් පන්තියාමට හැකියාවක් නැති අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ටය
ඇති හැකි පවුල්වල ලමුන්ට මෙයින් ඇතිවන්නේ වාසියකි

මෑත කාලයේ  ටියුෂන් පන්ති නොගොස් විශ්ව විද්‍යාලයේ විද්‍යා වෛද්‍ය හෝ ඉංජිනේරු අංශයට තේරුන ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් වෙත්දැයි හැකිනම් සොයා බලන්න

වර්ථමාන අධ්‍යාපනයේ ගුණාත්මක බව රඳා ඇත්තේ ටියුෂන් අධ්‍යාපනය නිසාය
බොහෝ පාසල් ඉදිරියේ පාසලේ ලමුන්ගත් විභාග සමර්ථවීම් සම්බන්ධව දැන්වීම් ප්‍රදර්ශණය කර ඇතත් එම ප්‍රතිඵල පාසලට පමණක් අයිති ඒවා නෙවේ

ලමුන් ටියුෂන් අධ්‍යාපනයට යොමුකරන තවත් කරුණු රාශියකි දක්වා ඇත්තේ කරුණු ස්වල්පයක් පමණි මෙවැනි කුඩා සටහනක සියල්ල දැක්විය නොහැක
එම බොහෝ කරුණකින්ම දැක්විය හැක්කේ රටෙහි පවතින අධ්‍යාපන ක්‍රමය විසින්ම පාසල් ලමුන් ටියුෂන් පන්තියාමට යොමු කරන බවයි


එබැවින් පවතින තත්වය අනුව එක්කෝ අධ්‍යාපන පද්ධතියේ ඇති මෙම අඩුපාඩු සකස්කර ගතයුතුව ඇත එසේ නැතහොත් අඩු ආදායම්ලාභී පවුල්වල  දරුවන්ට ටියුෂන් පන්තියාමට කිසියම් ආධාර මුදලක් රජයෙන් ලබාදීම අත්යාවශ්‍යව ඇත


Wednesday, November 13, 2019

භෞතික විද්‍යාව කොටස අතහැර නමට විද්‍යාව ඉගැන්වීම










වර්තමාන විද්‍යා ගුරුවරුන්ගෙන් වැඩි පිරිස කාන්තාවන්ය
ඔවුන්ගෙන් වැඩි පිරිස ජීව විද්‍යා අංශයෙන් ඉගෙනගත් අයය
ඔවුන් විභාග පාස්වී ඇත්තේ ජීව විද්‍යා ප්‍රශ්ණ වලට පිළිතුරු ලිවීමෙනි
එබැවින් ඔවුන් විද්‍යාව උගන්වන විට බොහෝවිට විෂය නිර්දේශයේ ඇති ජීව විද්‍යා පාඩම් වැඩියෙන් උගන්වන අතර
භෞතික විද්‍යාව කොටස් උගන්වන්නේ නොසැලකිලිමත්වය
එයට හේතුව එම කොටස්වල ඇතුලත් ඇතැම් කරුණු ගැන ඔවුන්ගේ දැණුවත්බව අඩු බැවිනි
විද්‍යුතය ඉළෙක්ට්‍රෙණික විද්‍යාව වැනි කොටස් සම්බන්ධව ඔවුනගේ දැනුම කුසලතා බෙහෙවින් අඩුය
ඉළෙක්ට්‍රොණික විද්‍යාව පරිපථ සකස් කිරීම් ආදී සමහර කටයුතු වලදී පන්තියේ සමහර ශිෂ්‍යයින් ඉදිරිපත්ව ගුරුවරයාට එය කරදෙන අවස්ථා ඇත
තමන්ගේ නොහැකියා තමන්ටම තේරුම්ගොස් ඇති බැවින් ජීව විද්‍යා විෂය දැනුමෙන් බලවත්ව සිටින වර්තමාන බොහෝ
විද්‍යා ගුරුවරුන් කරන්නේ භෞතික විද්‍යාව කොටස් නොසැලකිලිමත්ව කරමින් එම කොටස් අඩුපාඩු සහිතව අවසන්කර දැමිමයි

මෙයින් සිදුවන්නේ සිසුන් ටියුෂන් අධ්‍යාපනයට යොමුවීමයි  
විශේෂයෙන් විද්‍යුතය සහ ඉළෙක්ට්‍රොණික විද්‍යාව සම්බන්ධ කොටස් ඔවුන් විසින් හරියාකාරව උගන්වන්නේ නැත
විදයාව පෙලපොත්ද එසේය පෙළපොත්වල ඇති බොහෝ ඉළෙක්ට්‍රොනික පරිපථ වැඩ නොකරන ඒවාය
මේ නිසා සිසුන්ටවන්නේ බලවත් අසාධාරණයකි

වර්ථමානයේ වෛද්‍ය විද්‍යාව දියුණු වී ඇත්තේ එහිදි වෛද්‍ය පරීක්ෂණ වලදී භාවිතා කරන  භෞතික විද්‍යාත්මක උපකරණ නිසාය X කිරණ පරීක්ෂණ C T ස්කෑන් පරීක්ෂණ M R I පරීක්ෂණ E C G පරීක්ෂණ ආදී බොහෝ පරීක්ෂණ
භෞතික විද්‍යා දැණුමෙහි ඇති දියුණුව නිසා ලැබුනු උපකරණයන්ය
එබැවින් භෞතික විද්‍යාත්මක දැණුමක් තිබීම  අද වෛද්‍යවරයෙකුට අත්‍යාවශ්‍යකරුණක්වී ඇත
තත්වය එසේ තිබියදී වර්තමාන විද්‍යා ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් විද්‍යා විෂය ඉගැන්වීමේදී භෞතික විද්‍යාව කොටස අතහැර විද්‍යාව ඉගැන්වීමෙන් ශිෂ්‍යන්ට සිදුවන්නේ බලවත් අසාධාරණයකි
සාමාන්‍යපෙල පන්තිවලදී සිදුවන මෙම අසාධාරණය නිසා ඇතිවන අතුරුඵල උසස්පෙල පන්තියට ඇතුලත්වූවිටම බොහෝ සිසුන්ට දැනෙන්නට වෙයි එයට හේතුව උසස්පෙල පන්තිවලදී ඔවුන්ට  භෞතික විද්‍යාව වෙනම විෂයයක් වශයෙන් ඉගෙන ගන්නාවිට එය ඉගෙන ගන්නට අසීරුකම් ඇතිවීමයි

විද්‍යා ගුරුවරුන් පමණක් නොව වර්තමානයේ සිටින විද්‍යා අධ්‍යක්ෂකවරුන්ගෙන් බොහෝ දෙනෙක්ද ජීව විද්‍යා අංශයෙන් උගත් අයයි
එබැවින් ඔවුන්ද මෙම අඩුපාඩුකම් සකස් කිරීමට නොයයි නොදන්නා දෙයට අත නොගසා සිටිමින් තමුන්ගේ අධ්‍යක්ෂක කමේ ජාම බේරාගෙන ඉන්නා බැවිනි
පෙර කාලයේ සිටි බොහෝ විද්‍යා අධ්‍යක්ෂකවරුන්ද එසේමය ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ජීව විද්‍යා අංශයෙන් උගත් අයයි
එබැවින් ඔවුන්ද වැඩිපුර සොයා බැලුවේ රසායන විද්‍යා ජීව විද්‍යා අංශ සම්බන්ධ වැඩ කටයුතු සම්බන්ධවය
එකල ඔවුන් ගේ ලොකුම කටයුත්තක්වූයේ පාසල් වලට රසායන ද්‍රව්‍ය උපකරණ ආදිය බෙදා දීමය සමහර අයට අධ්‍යාපන කාර්යාලවල ඉඩ පහසුකම් තිබුනේ නැත ඔවුන් ඔවුන්ගේ කාර්යාල පිහිටුවාගෙන සිටියේ වෙනත් පාසලකය නැතහොත් තමන්ගේ ගෙදරය ඔවුන්ගේ සේවස්ථ සැසි වැඩි වශයෙන් යොමු වූයේද රසායන විද්‍යා ජීව විද්‍යා අංශ වලට මිස භෞතික විද්‍යා අංශය සම්බන්ධව නොවේ
ඔවුන්ට අද තරම් මුදල් ප්‍රතිපාදන ලැබෙන්නටද නැතිවා විය හැක

විශ්ව විද්‍යාල විද්‍යා අධ්‍යාපනයද වැඩි වශයෙන් යොමුව පැවතියේ බටහිර රට වලට අවශ්‍ය විද්‍යා උගතුන් බිහිකර දෙන්නටය විද්‍යාඥයින් බිහිකර දෙන්නටය අද වුවත් පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාලවල විද්‍යා අධ්‍යා අධ්‍යාපනය වැඩි වශයෙන් යොමුව ඇත්තේ ඒ දෙසටය එම තත්වයෙන් බැහැරට යාම ආරම්භ කරන ලද්දේ  විද්‍‍‍්‍යෝදය වැනි විශ්ව විදයාල විසිනි

 පෙර කාලයේ සාමාන්‍යපෙල පන්ති වලදී විද්‍යාව විෂය භෞතික විද්‍යාව රසායන විද්‍යාව  ජීව විද්‍යාව යනුවෙන් විෂයයන් තුනක් ආකාරයෙන් ඉගැන්වූ බැවින් මෙවැනි ගැටලු සහිත තත්වයන් ඇතිවූයේ නැත
එම කාලයේ භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරුන් සැබෑ ලෙසම භෞතික විද්‍යාව විෂයය දන්නා තැනැත්තෙක් විය
එබැවින් අඩුපාඩු නැතිව එහි ඇති  රසවත්භාවය නොනසා එහි ඇති රසවත්භාවය මතු කරමින් හඳුන්වාදෙමින්  විෂය සම්බන්ධව රුචිය ඇතිවන අයුරින් අවශ්‍ය දැණුම කුසලතා ආකල්ප ලබාදෙමින් නිසියාකාරව එම විෂය උගන්වන්නට ඔවුන්ට හැකිවිය

සේවස්ථ සැසි පැවැත්වීමෙන් මෙම තත්වය වෙනස්කල හැක්කේ නොවේදැයි කෙනෙකුට සිතෙනනට පුලුවන
නමුත් ඒ සම්බන්ධව දියහැකි උත්තරයවන්නේ එසේ කලහැක්කේ සුලු වශයෙන් පමණක් බවයි
එයට හේතුව මෙම ජීව විද්‍යා ගුරුවරුන් වැඩි දෙනෙකුට කෙසේවත් භෞතික විද්‍යාව කොටස සම්බන්ධව අවශ්‍ය නිපුනතා ඇති නොවීමයි ඔවුන්ගේ ජානවල ඇත්තේ ජීව විද්‍යා රුචිය පමණක්මෙන් වීමයි
මෙයට විසඳමක් වශයෙන් ඉදිරිපත් කල හැක්කේ වර්තමානයේ පවත්වන දින දෙක තුනේ සේවස්ථ සැසි පැවැත්වීම නොව අඩු තරමින් මාසයකවත් භෞතික විද්‍යාව විෂය සම්බන්ධ  ප්‍රායෝගික පුහුණුවක් ඔවුන්ට ලබාදීමයි
නමුත් වර්ථමානයේ එවැනි වැඩ පිලිවෙලක් අධ්‍යාපන දෙපාර්ථමේන්තුවේ නැත

තවත් විසඳුමක් වශයෙන් ඉදිරිපත් කල හැක්කේ විද්‍යා ගුරු පුහුණු පාඨමාලාවලදී භෞතික විද්‍යාව සම්බන්ධ කොටස් වලින් සමත්වීම අනිවාර්යය කිරීමයි

එසේ නැතහොත් කලයුත්තේ ගුරුවරුන් බඳවා ගැනීමේදී විෂයය දැණුම සම්බන්ධවද අවධානය යොමුකර විද්‍යා ගුරුවරුන් බඳවා ගැනීමයි අවශ්‍යතාවය අනුව භෞතික විද්‍යාව සම්බන්ධ දැණුවත් ගුරුවරුන් පිරිසක්ද බඳවා ගැනීමයි
එවිට පාසලේදී මාරුකරගෙන එම විෂය කොටස් ඉගැනවීමට හැකිවන බැවිනි

එමෙන්ම වර්ථමානයේ ඇති බලවත්ම ප්‍රශ්ණයක්වන්නේ විදුලි ශිල්පය ඉළෙක්ට්‍රොණික විද්‍යාව වැනි විෂය කොටස් ඉගැන්වීමට හැකි සම්පත් පුද්ගලයින් හිගවීමයි
පෙර කාලයේ ජාතික අධ්‍යාපන ආයතනය වැනි තැන්වල එවැනි අය සිටියත් අද එම ආයතන පවා ඉන් බැහැරව සිටියි ඔවුන්ට ඒ සඳහා මුදල් වෙන් නොවන බැවිනි

සැමට විද්‍යාව නමට විද්‍යාව වී ඇත

මේ බොහෝ ප්‍රශ්ණ වලට අද ශිෂ්‍යයන්ට ඇති පිහිට උපකාර පන්ති පවත්වන ගුරුවරුන්ය
අද විද්‍යා අධ්‍යාපනයේ ගුණාත්මකබව මෙතරමින්වත් රඳා පැවතී ඇත්තේ  පාසල් අධ්‍යාපනයේ ඇති දියුණුවක් නිසා නොව මුදලට උපකාරක පන්ති පවත්වන සමහර දක්ෂ විද්‍යා ගුරුවරුන්ගේ උපකාරක පන්ති නිසාය


එබැවින් හොඳ විභාග ප්‍රතිඵල ලබන්නේ එම පන්ති වලට යන සිසුසිසුවියන්ය
අඩු ආදයම්ලාභි ශිෂ්‍යශිෂ්යාවන්ට දුෂ්කර පලාත්වල ශිෂ්‍යශිෂ්යාවන්ට එම පන්ති වලට යාමට හැකියාව අඩුය
එය රටේ අඩු ආදායම්ලාභි ශිෂ්‍යශිෂයාවන්ට නිදහස් අධ්‍යාපනයට සිදුවන බලවත් අසාධාරණයකි

එබැවින් වර්තමාන රජයේ පාසල්වල සාමාන්‍යපෙල පන්තිවල සිටම වඩාත් ගුණාත්මක විද්‍යා අධ්‍යාපනයක් ලබාදීම අත්‍යාවශ්‍යව ඇත