Thursday, March 28, 2019

ත්රිපිටකයේ මුල් අයිතිය ඇත්තේ කුමන රටකටද








දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂයෙන් පසුව ලංකාවේ සිටි මහ තෙරුන්වහන්සේලා විසින් එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය මාතුල අලුලෙනෙහිදී ග්රන්ථාරූඩ කරන ලදැයි ඉතිහාසයේ සදහන්ව ඇත

 එසැනින් ප්රශ්ණයක් ඇතිවේ

ප්රශ්ණ අංක 1 - එනම් එම මාතුල අලුලෙන වර්ථමානයේ ඇති මාතලේ අලුවිහාරයද එසේ නැතහොත් කෑගල්ලට නුදුරුව ඇති මාතුල අලුලෙනද යන්නයි

දෙපාර්ශ්වයම විසින් තමුන්ගේ පැත්ත නිවැරදි බවට කරුණු දක්වන බැවින් නිශ්චිත පිළිතුරක් නැත

ඉන්පසුව ඇතිවන ප්රශ්ණය වන්නේ ප්රශ්ණ අංක 2 -මහතෙරුන්වහන්සේලා විසින් එසේ ත්රිපිටකය ග්රන්ථාරූඩ කලේ හෙලබසින්ද නැත්නම් පාලියෙන්ද යන ප්රශ්ණයයි

ඇතිවන තවත් ප්රශ්ණයක් වන්නේ ප්රශ්ණ අංක 3 -බුදුරජානන් වහන්සේ ධර්මය දේශණා කර ඇති මාගදී භාෂාව සහ හෙල භාෂාව සහ පාලි භාෂාව අතර ඇති සම්බන්ධය කෙබදුද යන්නයි

එයටද නිශ්චිත පිලිතුරක් නැත

මිහිදු හිමියන් ලංකාවට එනවිට පාලි ත්රිපිටකයද රැගෙන ආ බව කොටසක් කියයි

එය එසේනම් පාලි ත්රිපිටකයේ අයිතියක් ලංකාවට නැත

එම දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂසමයේ දිවිරැක ගැනීම සදහා සමහර තෙරුන්වහන්සේලා ඉන්දියාවට ගොස්  ඇති අතර කොටසක් ලංකාවේම රැදී සිට ඇත මාතුල අලුලෙනෙහිදී ත්රිපිටකය ග්රන්ථරූඩ කර ඇත්තේ එම බැමිණිතියාසාය මහා දුර්භික්ෂය අවසන්වීමෙන් පසුවය එම කාලයේ ඉන්දියාවට ගොස් සිටි තෙරුන්වහන්සේලාද නැවත ලක්දිවට පැමිණ තමතමන් දරා සිටින ත්රිපිටක ධර්මය නැවත ලංකාවේ සිටි තෙරුන්වහන්සේලා සමග ගලපාබලා ඇත එමගින් ත්රිපිටකය නිවැරදිව ආරක්ෂාවී ඇති බව පසක් කරගෙන ඇත අනාගත ආරක්ෂාව සදහා ත්රිපිටකය ග්රන්ථාරූඩකර ඇත්තේ ඉන් පසුවය

එවකට පාලි ත්රිපිටකයක් ඉන්දියාවේ තිබුනේ නම් දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂසමයේ  ඉන්දියාවට ගොස් ලංකාවේ දුර්භික්ෂය අවසන්ව යනතුරු වර්ෂ ගණනාවක් එහි සිටි මහතෙරුන්වහන්සේලා නැවත ලංකාවට ඒමේදී එය මෙරටට රැගෙන  නොඑන්නේ නැත එය එසේවූයේ නම්  එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය නැවත හෙලබසින් ග්රන්ථාරූඩ කරන්නට අවශ්‍යවන්නේ නැත කලයුතුව තිබුනේ එම පාලි ත්රිපිටකය හෙලබසට හැරවීම පමණක් බැවිනි


එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය වලගම්බා රජ දවස මාතුල අලුලෙනෙහිදී හෙල බසින් ග්රන්ථාරූඩ කරන ලදැයි කියන අය කියන්නේ එසේ හෙලබසින් ලියූ ත්රිපිටකය එකක් රන්පත් මතද අනෙක පුස්කොලපත් මතද ලියූ බවයි රන්පත්මත ලියූ ත්රිපිටකය ගල්ලෙනක් තුල නිධන්කල බවයි පුස්කොලපත්හි ලියූ ත්රිපිටකය මාතුල අලුලෙනෙහි තිබුන බවයි

බුද්ධඝෝෂ ස්වාමීන්වහන්සේ ලංකාවට පැමිණ ඇත්තේ හෙල බසින් ලියා තිබූ හෙල අටුවා පාලියට පරිවර්තනය කිරීම සදහා බවයි

පසු කාලයේදී මහවිහාරය සතුව තිබූ ඇතුන් හත්දෙනෙකුගේ බරින් යුතු ධර්ම ග්රන්ථයන් රාශියක් විනාශකර මහවිහාරයද විනාශකර එම භුමියෙහි උදු වපුරනු ලද බවයි

එහිදී කෑගල්ලේ මාතුල අලුලෙනෙහි තිබුන පුස්කොලෙහි ලියනලද ත්රිපිටකය ආරක්ෂා වූ බවයි

එමෙන්ම අභයගිරියෙහි තිබුන හෙලඅටුවා පොත් ද ආරක්ෂාවූ බවයි

පසුකාලයෙහි කෑගල්ලේ උප දිසාපතිව සිටි ජෝර්ජ් ටර්නර් විසින් මාතුල අලුලෙනෙහි තිබුන පුස්කොලෙහි ලියනලද ත්රිපිටකය එංගලන්තයට රැගෙන ගිය බවයි

ඒ අනුව කරුණු සලකා බලනවිට පෙනීයන්නේ මාතුල අලුලෙනෙහි තිබූ පුස්කොලපත්හි ලියනලද ත්රිපිටකය එංගලන්තයේ ආරක්ෂිතව තිබිය යුතු බවයි එය හෝ නොඑසේනම් එහි පිටපතක් හෝ නැවත මේ රටට ගෙන ආ හැකිනම් එය අගනා කටයුත්තක් බවයි


එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය වලගම්බා රජ දවස මාතුල අලුලෙනෙහිදී හෙල බසින් ග්රන්ථාරූඩ කරන ලදැයි ගනිමු එවිට නැවතත් ප්රශණයක් ඇතිවෙයි

ප්රශ්ණ අංක 4 -එනම් එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය ග්රන්ථාරූඩ කරනලද්දේ හෙලබසින් නම් අද පවතින පාලි ත්රිපිටකය මුලින්ම ලිව්වේ කව්රුන්ද යන ප්රශ්ණයයි

මේ කිසිදු ප්රශ්ණයකට නිශ්චිත පිලිතුරක් නැත

ලෝකයේ ත්රිපිටක සංස්කරණ ගණනාවක්වෙයි පාලි ත්රිපිටකය සියම් ත්රිපිටකය  බුරුම ත්රිපිටකය පාලිපොත් සමාගමේ ඉංග්රීසි ත්රිපිටකය ආදී වශයෙනි


සිංහල ත්රිපිටකද බුද්ධජන්ති ත්රිපිටකය නැදිමාල ත්රිපිටකය මහමෙව්නා ත්රිපිටකය ආදී වශයෙන් කීපයක් වෙයි
ජාතික උරුමයක් කලේ කොයි ත්රිපිටකයදැයි හරියාකාරව දැනගන්නට නැත නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්තානයේ අධ්‍යක්ෂක කිරම විමලජෝති ස්වාමීන්වහන්සේ සිංහල ත්රිපිටකයේ පරිවර්තන අඩුපාඩු ඇතිබව පසුකාලයේ  පිලිගන්නා ලදී

කෙසේ වෙතත් මේ සියලු ත්රිපිටක ග්රන්ථයන්හි මූල ත්රිපිටක ග්රන්ථය වන්නට ඇත්තේ පාලි ත්රිපිටකයයි පාලි ත්රිපිටකය අදටත් නිරවුල්ව තිබීම සමස්ථ ලෝකවාසීන්ගේ භාග්‍යයකි

පාලි ත්රිපිටකයේ මුල් අයිතිය ඇත්තේ කුමන රටකටදැයි නිශ්චිතව කිව නොහැක්කේ මෙහි සදහන්ව ඇති ප්රශ්න වලට නිශ්චිත පිලිතුරු නොමැති බැවිනි


Sunday, March 24, 2019

සිංහල ත්රිපිටකය පරිවර්ථන අඩුපාඩු නිවැරදි කරන්නේ කවදාද



අපේ රටේ පාලි ත්රිපිටකය සහ එහි සිංහල පරිවර්ථනය වන සිංහල ත්රිපිටකය තියනව
පාලි ත්රිපිටකය නිවැරදිව තියනව
නමුත් සිංහල ත්රිපිටකයෙ වචන පරිවර්තන වල හුගක් අඩුපාඩු තියනව
පාලි ත්රිපිටකයෙ නිබ්බිදා කියන වචනය සිංහලට පරිවරිතනය කරල තියෙන්නෙ කලකිරීම කියල
පටිකූල කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ පිලිකුල් කියල
තිලක්ඛණ කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ තිලක්ෂණ කියල
අනත්ත කියන වචනය  සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ අනාත්ම කියල
අනිච්ච කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ අනිත්‍ය කියල
කාය කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ කය කියල
අරිය කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ ආර්ය කියල
විරිය කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ වීර්යය කියල
අලෝකො කියන වචනය සිංහලට පරිවර්ථනය කරල තියෙන්නෙ ආලෝකෝ කියල
ආදී වචන පරිවර්තන වැරදි රාශියක් තියනව
මේ වචන වල අර්ථ එකිනෙකට බොහොම වෙනස්
ඒ වගේම මේ සමහර වචන ධර්මයේ ප්රධාන වචන
ප්රධාන වචන වැරදියට පරිවර්ථනය කරපුවහම මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ
සිංහල ත්රිපිටකය පුරා මේවගේ වෙනස් කරපු වචන තැන්තැන්වල වාර සිය ගණනක් භාවිතා වෙනව මෙහි සදහන් කරල තියෙන්නෙ ටිකයි  
මේ පරිවර්තිත සිංහල වචන වල අර්ථය  මුල් මාගදී ශබ්ද සංඥා අර්ථයට හාත්පසින්ම වෙනස් 
එයින් සැබෑ ධර්මය අර්ථය මුලුමනින්ම වෙනස් කරල තියනව
ක්රමක්රමයෙන් ප්රතිපත්තියෙහි හැසිරෙන බුද්ධධර්මය වෙනුවට පූජා බුද්ධාගම ඇතිකරල තියනව
මේ බව මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවො උන්වහන්සේ 1933දී ලියපු සත්‍යෝදය පොතේ අපූරුවට දක්වල තියනව

බුද්ධධර්මය රටකින් ඉවත් කිරීමට කලයුතු නොවරදින ක්රමය ඒ රටේ පූජා බුද්ධධර්මය ඇතිකිරීම බව පිටරටවල් වල අද තත්වය බැලුවහම පේනව බුද්ධධර්මය ආරක්ෂාවෙලා තියනවට විරුද්ධ වෙනත් ආගම් වල අයත් ඒ බව දන්නව ඇති
අද ඉස්සර බුද්ධධර්මය තිබුන  හුගක් රටවල්වල ඒ වෙනුවට තියෙන්නෙ බුද්ධාගම බුද්ධාගම කියන්නෙ බුද්ධධර්මය නොවෙයි මල්පූජා කිරීම පහන් පත්තු කිරීම හදුන්කූරු පත්තු කිරීම රන්පත් ඇලවීම තමයි ඒ අයගෙ බුද්ධධර්මය වෙලා තියෙන්නෙ පින් පෙට්ටියට කීයක් හරි දැම්මහම ඔක්කොම හරි බුදු සරණයි දෙවි පිහිටයි  කිව්වහම ඔක්කොම හරි
පරම්පරා ගණනකින් නිවැරදි ධර්මය අහල නැති යන්තමට හරි පාලි භාෂාව දන්නෙ නැති ඒබව කියනවටවත් කැමති නැති ලංකාවෙ ඉන්න පාරම්පාරික බුද්ධාගම් කාරයො උන්ගෙ ලමයින්ට සාමණේර හාමුදුරුවරුන්ට මේ වැරදි ධර්මය දහම් පාසල්වල, පාසල්වල, පිරිවෙන් වල, විශ්ව විද්‍යාලවල පොඩිකාලෙ ඉදල උගන්නව ඇත්ත ධර්මය වෙනුවට වෙනත් දෙයක් කියල දෙනව

දැන් මොකද වෙලා තියෙන්නෙ දැන් මේ වැරදි හදන්න බැහැ
ජාතික ලියවිල්ලක් කරපු නිසා

ජාතික ලියවිල්ලක් කරන්න ඉස්සෙල්ල කරන්න තිබුනෙ සංගායනාවක් කරල සිංහල ත්රිපිටකය නිවැරදි කරන එක
හැබැයි සංගායනාවක් කරන්න නම් සංඝයාවහන්සේලා ඉන්න ඕන රැස්වෙන්න ඕන
භික්ෂූන්වහන්සෙලා  හැමෝම සංඝයාවහන්සේලා නෙවෙයි
බහුතරයක් ඉන්න පාරම්පරික භික්ෂූන්වහන්සේලාට මේ වැඩේ කරන්න බැහැ
එයට හේතුව උන්වහන්සේලා ඉන්නෙත් පරම්පරාගතව රැවටිලා හින්ද

ඇතුලෙ වැරදි රාශියක් තියාගෙන සිංහල ත්රිපිටකය  ජාතික ලියවිල්ලක් කරපු එක හරියට වටිනා වගාවක් තියන ඉඩමක ඒ වටිනා වගාව වටිනා ගස් ආරක්ෂා කරගන්න මොනවද වටින ගස් මොනවද නොවටිනා ගස්  අදුනගන්න දන්නෙ නැති බැවින් ඒ සමග තියන නොවටිනාගස් ඉවත් කරන්නෙ නැතුව වත්තෙ තියන ඹක්කොම ගස් ආරක්ෂා කිරීමට නීති පැණෙව්ව වගෙයි  ඒකෙන් වෙන්නෙ තියන වටින ගස් උදුරන්නත් බැහැ ඒව වහගෙන තියන නොවටිනාගස් උදුරන්නත් බැහැ  වටිනගස් වගේ නෙවෙයි නොවටිනාගස් ඒව වටිනා ගස් වහගෙන වැවිල තියනව  වැවෙනව

දැන් ඉන්න සමහර ස්වාමීන්වහන්සේලා මේ බොරුවෙන් මිදිල සත්‍ය ධර්මය මතුකරල දේශණා කරනව උන් වහන්සේලා කරන්නෙ වරද්දල තියන ධර්මය නිවැරදි කරල කියන එක නමුත් ධර්මය අධර්මය හරියට දන්නෙ නැති අය ඒක පෙන්නන්නෙ දැන් හරියට තියන ධර්මය අන්න අර අය  වරද්දල කියනව කියලයි
දැන් තියන බුද්ධාගම  බුද්ධධර්මය නෙවෙයි කියල  හේතු දක්වල  කිව්වත් බොරුව ආරක්ෂා කරන පාරම්පරික අය  පිලිගන්නෙ නැහැ කරුණු හොයල බලන්නෙ නැහැ අපහාස උපහාස කරනව හිනාවෙනව තරහ ගන්නව  අර පොඩිකාලෙ ඉදල දීපු වැරදි පසුබිම හින්ද
 ඒ අතරෙ වැරදි බුද්ධාගම බාවිතා කරමින් වාසි ලබමින් ඉන්න අය ඒ වැරදි කතා වැරදි බව කියන අයට බණිනව
මෙන්න මේ අය බුද්ධාගම වෙනස් කරනව කියල කෑ ගහනව  අපහාස උපහාස කරනව මොකක්වත් දන්නෙ නැති දේශපාලකයො රවට්ට ගෙන බලපෑම් කරනව නීති මගින් තර්ජනය කරනව තමන්ට එන වාසි අඩුවෙනවට වෙන්න පුලුවන්

හැබැයි ප්රශ්ණයක් නැහැ දැන් ඇත්ත බුද්ධධර්මය දන්න අය ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකය පුරා ඉන්නව

පරම්පරා ගණනක් තිස්සෙ රැවටුන මේ බොරු වලින් මිදෙන්න උනන්දුවක් තියනව නම් වර්තමානයේ සමහර ස්වාමීන්වහන්සේලා නැවත මතුකර දේශණා කරන සත්‍ය ධර්මය කොහේදිහරි කොහොමහරි ඇහුනහම එකපාරටම විරුද්ධවෙන්නෙ  නැතුව තව තව කරුණු හොයා බලන්න

Wednesday, March 6, 2019

බඹරගල රජ මහා විහාරය වන්දනාව - 20-02-2019


















බඹරගල රජ මහා විහාරය වන්දනාව - 20-02-2019

බඹරගල රජ මහා විහාරයට යාමට තෙල්දෙනිය දිගන හන්දියේ සිට කිලෝමීටර තුනක් හතරක් පමණ යායුතුවේ
බමරගල කන්ද නගිනවිට මෙන්ම බහිනවිටද එහි ඇති ගස්වැල් ඇල්ලීමට සිදුවේ සමහර ගස්වල වැල්වල කටු ඇත එබැවින් අවශ්‍යවුවහොත් ගැනීමට ප්ලාස්ටර් රෝලක් රැගෙනයාම ප්රෝජනවත්වෙයි

බුදුරජානන්වහන්සේ වැඩවාසය කලේ ඉන්දියාවේ නොව ලංකාවේ කියන අය කියන්නේ සිදුහත් කුමාරෝත්පත්තිය සිදුව ඇත්තේ බඹරගල බවයි

මෙහි ඇති ඉන්ද්රසාල ගුහාව සක්කපඤ්හ සූත්රයේ සදහන්ව ඇති බුදුරජානන්වහන්සේ වැඩසිටි ඉන්ද්රසාල ගුහාව බවයි

මෙහි ඇති එම ගුහාව සතර දෙසින් වඩින ශ ග ශ මහා සංඝයා වහන්සේ වෙත සගසතුකර පූජා කරනලද ඉන්ද්රසාලගුහාව බව දැක්වෙන සෙල්ලිපියක් එම ලෙනෙහි ඇත

මෙම ස්ථානයට සංචාරකයන් ගෙන්වාගැනීම ආදිය ගැන පන්සලේ එතරම් උනන්දුවක් ඇතිබවක් නැත

එක්නැලිගොඩ ඇතුළු නිළමේ වරු කීප දෙනෙකු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇල්ලීමට ඉංග්‍රීසීන් සමග ගිය කාලයේ රඹුක්වැල්ලේ හිමියන් බඹරගල විහාරයේ සිට දළදා වහන්සේ රැගෙන යළි සැඟව ඇත
මේ බව මතුගම සෙනෙවිරුවන්ගේ ලිපියක http://seneviruwan.blogspot.com පහත සදහන් ආකාරයට සදහන්කර ඇත ...........
මේ නිසා දළදා වහන්සේ රැක ගැනීම පිළිබඳව රඹුක්වැල්ලේ හිමියන්ට තිබූ කැක්කුම සුවිශේෂී තැනක විය.ශ්‍රී ශකරාජ වර්ෂයෙන් එක්වා දහස් සත්සිය තිස්හය නොහොත් ක්‍රිස්තු වර්ෂයෙන් 1814 වැන්නේ දී මෙම රඹුක්වැල්ලේ ස්වාමීන් වහන්සේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රැගෙන මැද මහනුවරට ගිය බව පැවසේ. ඒ වන විටත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිය ආරක්ෂාව පතා මැදමහනුවර මාළිගයට පිටත්ව සිටියේය. නමුත් අධික වර්ෂාව නිසා එතුමාට ගල උඩ මාළිගයට ප්‍රවිශ්ට වීමට නොහැකි විය. ඒ නිසා බිසෝ වරුන් සමග මැද මහනුවර බෝමුරේ ආරච්චි ගේ ගෙදර නවාතැන් ගන්නට සිදු විය. මේ ස්ථානය පිළිබඳව ඔත්තු දැනගත් එක්නැලිගොඩ ඇතුළු නිළමේ වරු කීප දෙනෙකු රජු ඇල්ලීමට ඉංග්‍රීසීන් සමග පිටත් විය. මේ තත්ත්වය ඉවෙන් මෙන් වටහා ගත් රඹුක්වැල්ලේ හිමියන් බඹරගල විහාරයේ සිට දළදා වහන්සේ රැගනෙ යළි සැඟවුණේය. මේ එතැන් සිට 1815 වර්ෂය දක්වා දළදා වහන්සේ රැක ගැනීමට උන්වහන්සේ කළ ජීවිත පරිත්‍යාගමය උත්සාහය ගැන උන්වහන්සේ අතින්ම ලියැවුණු පුස්කොළ ලේඛනයකි එය මල්වත්තේ මහානායක හිමියන්ට ඔප්පු කරලීමට ලියන ලද්දකි..
' ශ්‍රී ශක රාජ වර්ෂයෙන් එක්වා දහස් තිස්හයට පැමිණි මෙම වර්ෂයෙහි දීම කර රවි විසි දෙභාග වූ ගුරු දින රෑ ගෙවී පාන් වන්නට දෙපහමාරට මහනුවරින් දළදා හාමුදුරුවන් බඹරගලේ විහාරෙට වැඩමවා මෙම සිකුරාදා පටන් රඹුක්වැල්ලේ භික්ෂුව වන මා විසින් මාගේ බන්ධු උපාසකවරු ලවා බුද්ධ පූජා පවත්වා මීට තුන් වෙනි සෙනසුරාදා මැදමහනුවර මාළිගාවට වැඩමවා දන්මුළු තැන් තේවාව සිද්ධ කොට මීට සතරවන ඉරිදා බලවර්ධන දිසාව බද තලගුණේ විහාරෙට දළදා හාමුදුරුවන් අප්‍රසිද්ධ ආකාරයෙන් වැඩමවාගෙන රඹුක්වැල්ල භික්ෂුව වන මා විසින් මාගේ බන්ධු උපාසකවරු ලවා මුර ජාම ප්‍රවේශම් කරවා මාළිගාවේ වැඩ පයින්ඩ කරන අයගෙන් එකම කෙනෙක් වත් නැතිව දළදා හාමුදුරුවන් කෙරෙහි වැඩ රාජකාරිය අහර දැහැත් මල් පහන් ගිලන් පස බෙහෙත් බඩු ජාතියෙන් කිසිම අඩුවක් නැතිව පුද පූජා කෙරෙමින්..................

මේ අනුව බඹරගල රජ මහා විහාරය ඓයිතිහාසික වටිනාකමින් යුතු රජමහා විහාරයකි

Friday, March 1, 2019

ඉස්සර කාලෙ මේව කොහොමද මෙහෙම වෙලා තියෙන්නෙ - අංක 01






                                                                            



ඉස්සර කාලෙ මේව කොහොමද මෙහෙම වෙලා තියෙන්නෙ


බුදුරජානන්වහන්සේගේ බාප්ප කෙනෙක්වන අමිතෝදන රජ්ජුරුවන්ගෙ පුතාවන පාණ්ඩුවාස්‍ය නමැති ශාක්‍යවංශික රජ්ජුරුවන්ගෙ කණිෂ්ඨ දියණිය තමයි භද්දකච්චායන කුමරිය එම භද්දකච්චායන කුමරිය සරණපාවා ගන්න රජවරු තුන්දෙනෙක් සටන් කරල තියනව පිය රජ්ජුරුවො කරල තියෙන්නෙ ඇයව තව ස්ත්රීන් තිස් දෙදෙනෙක් එක්ක නැවකට නංවල හැකි කෙනෙක් ගනිත්වා කියල ගංගානම් ගංගාවෙ පාකරල හරින එක

 ඒ නැව ගංගානම් ගගේ පාකිරීමෙන් පසු දෙවෙනි දවසෙදි ලංකාවෙ ගොණගාමකපටුනට ඇවිත් තියනව ඒ භද්දකච්චායන කුමරියව සරණපාව ගෙන තියෙන්නෙ ලංකාදීපෙ පඩුවස්දෙව් රජ්ජුරුවො
මෙහි ගොණගාමකපටුන කියන්නෙ ත්රිකුණාමලයට ශාක්‍යයො ඉදල තියෙන්නෙ උතුරු ඉන්දියාවෙ කපිලවස්තු පුරයෙ

 අද කපිලවස්තුපුරයට කියන්නෙ BIRTPUR කියලයි ඉතින් මහාවංසෙ කියන ආකාරයට භද්දකච්චායන කුමරිය ඉන්දියාවෙ ඉදල ගොණගාමපටුනට ගග දිගේ පාවෙලා ඇවිත් තියෙන්නෙ දවස් දෙකකින්
එහෙමනම් ලංකාවෙ ගෝනගාමක පටුන තියෙන්න ඹ්න දඹදිව කිඹුල්වත්නුවර ඉදන් ගංගානම් ගග දිගේ දවස් දෙකකින් පාවෙලා එන්න පුලුවන් දුරකින්


උතුරු ඉන්දියාවෙ දිල්ලිය කිට්ටුව තියන කපිලවස්තුපුරයෙ ඉදල එහෙම ගංගානම් ගග දිගේ පාවෙලා ඇවිත් ලංකාවෙ ගොණගාමපටුනට එන්න නම් මුලින්ම ගංගානම් ගගදිගේ පාවීගෙන ඇවිත් ගංගානම් ගග මුහුදට වැටෙන කල්කටාවට එන්න ඹ්න

එහෙම කල්කටාවට ඇවිත් එතනින් මුහුදට වැටිල එතන ඉදල මුහුදු මාර්ගයෙන් එම ගෑණු උදවිය තිසිතුන්දෙනා ඉන්න නාවිකයො නැති යාත්රාව හරියටම ලංකාවෙ ගෝනගාමපටුනට පාවෙලා එන්න ඹ්න

ඒවගේම මහාවංශයෙ මුහුදු ගමනක් ගැන සදහන් වන්නෙ නැහැ එහෙම නම් ගග දිගේ පාවෙලා ඇවිත් විතරක් කොහොමද ගෝණගාමක පටුනට ආවෙ ඉතින් ඉතිහාසයෙ සදහන් මේ කාරණය කොහොමද එහෙම වුනේ
ඒවගේම ගංගානම් ගග දිගේ කල්කටාවට ඇවිත් ගෝණගාමකපටුනට එන්න තියන දුරගැන සලකල බලනවිට මුහුදෙ ඔච්චර දුරක් දවස් දෙකෙන් පාවෙලා එයිද කියන ප්රශ්ණෙ ඇතිවෙනව ඒ වගේම කල්කටාවෙ ඉදල තිරිකුණාමලයට මුහුදෙ හරියටම වරදින්නෙ නැතුව නැවියොත් නැති යාත්රාව ගෝණගාමකපටුනට පාවෙලා එයිද කියන ප්රශ්ණය ඇතිවෙනව

නාවික රැකියා කරපු නාවික කටයුතු ගැන දන්න අය නම් කියන්නෙ කවදාවත් එහෙම වෙන්න බැහැ කියලයි නමුත් මෙහෙම වෙලා තියනව ගගදිගේ ආපු භද්දකච්චායනා කුමරිය ලංකාවෙ පඩුවස් දෙව් රජ්ජුරුවො සරණපාවා ගෙන තියනව

ඉතින් කොහොමද මෙහෙම වුනේ
පුලුවන් නම් හරියාකාරව උත්තර දෙන්නකො

***********************
මෙහෙම වෙන්න පුලුවන් ක්රමයක් තියනව ඒක හරියටම හරියනව
ඒක තමයි අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හාමුදුරුවන් කියන විදිහට ඉස්සර කපිලවස්තුපුරය වන තෙල්දෙණිය හරියෙන් නැව මහවැළි ගගට දැම්ම නම් නැවියො නැතත් නියමෙටම දවස්දෙකෙන් ත්රකුණාමලයට ගෝණගම්තොටට පාවෙලා එනව මුහුදු ගමනක් ගැන ඉතිහාසයෙ ලියල නැති එකත් හරියටම හරි යනව බඹරගල ජම්බුද්දීපයෙ ඉදල දවස් දෙකෙන් ගග දිගේ ලංකාද්වීපයට එනව ඉතිහාස කතාව හරියටම හරියනව

 ඒ වුනාට ඉස්සර ජම්බුද්දීපය කියල තියෙන්නේ හෙලද්වීපයෙ එක හරියකටය කියන කතාව හරිද කියන ප්රශ්ණය එනව