Tuesday, September 17, 2019

දූෂිත දේශපාලනයෙන් මිදීමට කලයුත්තේ කුමක්ද








අද මැරබලය නැති ධන බලය නැති කෙනෙකුට ඡන්දයට ඉදිරිපත් විය නොහැක  
ඉදිරිපත්වුවත්  දිනිය නොහැක

වර්තමානයේ බොහෝදෙනෙකු කියන කථාවක් වන්නේ අපේරටේ දේශපාලන අය ඉතා අයහපත් බවයි එයට විසදුමක් වශයෙන් ඔවුන් කරන්නේ ඊලඟ ඡන්දයේදී වෙනත් දේශපාලන අයෙකුට ඡන්දය දීමයි  නමුත් කිසිදු විසඳුමක් ඉන් ලබන්නේ නැත

මෙයට විසඳුම වරින්වර අයහපත් දේශපාලන අය මාරුකිරීම පමණක් නොවන බව අපගේ ඡන්දදායකයින් බොහෝදෙනෙකු තවම තේරුම්ගෙන නැත 

දේශපාලන අය අයහපත්වී ඇත්තේ අපේ රටේ ඔවුන්ට ඇති අසීමිත බලතල සහ වරප්‍රසාද නිසාවෙයි පත්වීම් මාරුවීම්  කොන්තරාත් බලපත්‍රලබාදීම් ආදී සෑමදෙයකටම ඔවුන්ගේ නිර්දේශය අවශ්‍යව ඇත  එය අවශ්‍යවන ආකාරයට පද්ධතිය සකස්කර ඇත 
දේශපාලන අය යහපත් කල හැක්කේ කලහැක්කේ මෙම අසීමිත බලතල ඔවුන්ගෙන් ඉවත් කිරීමෙනි ඔවුන් ප්‍රතිපත්ති සැපයීම ඇතුලු බලතල පමණක් ලබාදීමෙනි 

 නමුත් මෙය කිරීමටහැක්කේ කෙසේද මෙය කලහැක්කේ දේශපාලන බලය සහිත අයට පමණි වර්තමාන තත්වය යටතේ කව්රුන් විසින් මෙය කරාවිදැයි සිතන්නට නොහැකිය මෙය කල සැනින් දැන් රටේ පවතින දූෂිත දේශපාලනය බොහෝ දුරට අවසන්ව රට දියුණ්වට පත්වනු ඇත

මෙය කලහැක්කේ කෙසේද 


Monday, September 2, 2019

දඹදිව වන්දනා








දඹදිව චාරිකා 

ඉස්සර කාලේ අපේරටේ මිනිස්සු ඉන්දියාවට කෝච්චියෙන් ගියේය 1958 දී කොළඹ කොටුවේ සිට ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා ගාස්තුව රුපියල් 78 ක් බවත් කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම ජැටියතෙක් රුපියල් 58 ක් බවත් එතැන් සිට දුම් නැවෙන් රාමේශ්වරම් දක්වා ගමනට රුපියල් 20 ක් බවත් මුලු ගමනටම රුපියල් 78 ක් බවත් ධර්මසිර් ගමගේ මහතා ඔහුගේ චාරිකා පොතෙහි ලියා දක්වා ඇත
ඔරුවක් පැදගෙන ඉන්දියාවට ගොස් චිත්‍රපටි බලා ආ අය ගැනද අසන්නට ලැබී ඇත

අද තත්වය එයට වෙනස්ය එනමුත් දඹදිව වන්දනා චාරිකා සහා ඉන්දියාවට යන පිරිස සුලුපටු නැත අද ඔවුන්ට නැවෙන් ඉන්දියාවට යන්නට පිළිවෙලක් නැත දුම්රියෙන් යන්නට පිළිවෙලක් නැත දඹදිව වන්දනා චාරිකා සංවිධායකයෝ රටපුරා සිටිති දඹදිව යායුත්තේ ඔවුන්ගේ සහායෙනි ඔවුන් වැඩිදෙනෙක් හොඳින් කතාබහ කරන හො පෙනුමැති අයය 

මෙම වන්දනා ගමනේ යන බොහෝ අය හැටවන විය ඉක්මවූ වියපත් අයයි එය ඔවුන්බොහෝ දෙනෙකුගේ ගේ පලමුවැනි ගුවන් ගමනයි පලමුවෙනි පිටරට ගමනයි නෑදෑ හිතමිතුරන්ගෙන් සමුගන්නා ආකාරය දුටුවිට සමහරවිට සිනහ උපදවයි දුක උපදවයි සමුදෙන ආකාරය දුටුවිට සමහරවිට සිනහ උපදවයි දුක උපදවයි ගුවනින් යාමට බය අය රාශියකි සමහරවිට එය ඔවුන්ගේ පරම්පරවේ කෙනෙක් ගුවනින් යන පළමු ගමනයි

අපරාදේ කියන්නට නොහැක යාමට අවශ්‍ය බොහෝ දෑ සංවිධායකයින් විසින් කරදෙනු ලබයි පාස්පෝට් සදාදීම අවශ්‍ය උපදෙස්දීම ආදි සියලු දේ මුදල් ලබාදුන් සැනින් නොපමාව කරදෙනු ලබයි සමහර අය ගමන් බෑග් ආදියද සපයයි සියල්ලම උසස් තත්වයෙන් ලබාදෙනබව පැහැදිලි කරනු ලබයි වෛද්‍ය පහසුකම් ඇත වෛද්‍යවරුන්ද හෙදියන්ද ගමනට සහභාගීවේ වායු සමනය කරන ලද ලොකු බස්ය නතරවීමට තරුපන්තියේ හො හෝටල්ය වායු සමනය කරනලද කාමරය 

මෙම නඩ වලට බොහෝ අය එක්වෙන්නේ අවුරුදු ගණණාවක් තිස්සේ උපයාගත් මුදලිනි මෙම චාරිකා සහා බොහෝවිට සම්බන්ධවන්නේ අපේ රටේ දුප්පත් ජනතාවයි එක් වරක් හෝ වන්දනීය වූ සිදුහත් කුමරුන්ගේ උපත සිදුවූ ස්ථානය බුද්ධත්වයට පත්වූ ස්ථානය දහම් දෙසූ ස්ථානය පිරිනිවන් පෑ ස්ථානය වැපුදා ගැනීම ඔවුන්ගේ ජීවිත සිහිනයකි එය ඉටුකර දමට එන චාරිකා සංවිධායකයන් ඔවුන් සලකන්නේ තමන්ගේ චාරිකා සිහිනය ඉටුකිරීමට පැමිණෙන ඉටු දෙවියෙකු ලෙසටය

  නමුත් සියලු අවශ්‍යතා සපුරාගෙන ඉන්දියාවට ගියවිට බොහෝ අයට අත්විින්නට සිදුවන්නේ එයට වෙනස් අත්දැකීම්ය නතරවෙන්නට ලැබෙන්නේ මිල අඩු අපිරිසිදු හෝටල්වලය කාමර වල එයාර් කන්ඩිෂන් යන්ත්‍ර ඇතත් ඒවා ක්‍රියාකරන්නේ නැත කොයිදෙයකටත් ඉන්නේ චාරිකා සංවිධායකයා සහ ඔහු සමග යන ස්ත්‍රීන්ය දොස්තරද හෙදියන්ද ඔවුන්ය පිරිකර සහා එකතුකරගත් මුදලට ලැබෙන පිරිකර හරි නැත සමහරවිට පොරොන්දුවූ තැන් වලට යන්නේ නැත මුලු ගමනම සිදුවන්නේ ඔවුන්ගේ අභිමතය අනුවය එනමුත් මොනවා වුනත් කිසිවෙක් එයට එරෙහිව කතාවටයන්නේ නැත නුපුරුදු දේශයකි නොදන්නා පලාතකි නොදන්නා භාෂාවකි ඉන්දියාවේදී ඔවුන්ට උදව්වට චාරිකා සංවිධායක හැර වෙන කෙනෙක් නැති බැවිනි

ඉන්දියාවට යාමට නැවත් දුම්රියමග හදන්නේ නම් නැවත නැව් මගින් ඉන්දියාවට යාමට හැකි පහසුකම් ඇතිකරන්නේ නම් අපේරටේ දුප්පත් මිනිසුන් රවටමින් ඔවුන්ගේ මුදල් වංචාකරගන්නා මෙම වන්දනා චාරිකා කාරයන්ගෙන්තරමක් දුරට හෝ චාරාකාවේ යන්නන් පීඩාවට පත්වීම වළක්වාගත හැකිවනු ඇත

චාරිකාව ගොස් පැමිනි ඔවුන් බොහෝදෙනෙකු කියන කතාවක් ඇත එයනම් ආයෙත් මම දන්නකෙනෙකුට ඔවුන් එක්කනම් යන්න දෙන්නේ නැහැ යන්නයි නමුත් එයින් ඇති ප්‍රයෝජනයක් නැත ඊළග චාරිකාව යාමට තවත් එවැනිම පිරිසක් එක් රැස්වී ඇති බැවිනි