Saturday, September 26, 2020

අරිය අෂ්ඨාංගික මාර්ගය



 

බුද්ධධර්මයේ අරිය අෂ්ඨාංගික මාර්ගය විස්තරකර එහි වැදගත්කම විස්තරකර ඇති තැන් රාශියකි    මහා චත්තාරීසක සූත්‍රය ඉන් එකකි                                                                             දීර්ඝ කරුණු රාශියක් සදහන්ව ඇති සූත්‍රයක් වන එහි තැන් කීපයක් සලකා බලමු

‘තත්‍ර භික්ඛවෙ සම්මාදිට්ඨි පුබ්බංගමාහොති’ - මහණෙනි සම්මා දිට්ඨිය මූලිකය සියල්ලට පෙර ගමන්කරු එය බැවිනි

‘මිච්ඡාදිට්ඨිං මිච්ඡාදිට්ඨති පජානාති’  - මිත්යාදිට්ඨිය මිත්යා දෘෂ්ඨියබව දතයුතුය

ඒ අනුව මිච්ඡා අෂ්ඨාංගික මග යනු නොයායුතු මගයි එයින් වෙන්වූ පසු ඇත්තේ සම්මා දෘෂ්ඨිය සහිත සම්මා මගයි සම්මා අෂ්ඨාංගික මාර්ගයයි

‘කථමාච භික්ඛවේ සම්මා දිට්ඨි                                                                                 සම්මාදිට්ඨිපහං භික්ඛවේ ද්වයං වදාමී’ - සම්මා දිට්ටිය දෙආකරබව ප්‍රකාශ කරමි                                                                                 ‘අත්ථි භික්ඛවෙ සම්මාදිට්ඨි                                                                                            සාසවා පුඤ්ඤභාගිය උපධිවෙපක්කා’ - ආස්‍රව සහිතවූ ලෞකික සැප සහාවූ සම්මා දිට්ඨිය                   ‘අත්ථි භික්ඛවෙ සම්මාදිට්ඨි                                                                                                 අරියා අනාසවා ලෝකැත්තර මග්ගංගා’ - අරියවූ අනාසවවූ නිවනට මගවූ ලෝකෝත්තර සම්මා දිට්ටිය

ඒ අනුව නැවතත් සම්මා අෂ්ඨාංගික මාර්ගය දෙව්සැප මිනිස් සැප ආදී ලෞකික සැප පිණිසවන සම්මා අෂ්ඨාංගික මාර්ගය සහ ලෝකෝතර සැප පිණිසවන නිවනට මගවන අරිය අෂ්ඨාංගික මාර්ගය යනුවෙන් දෙකාරයකට බෙදෙයි

පාසල්වල ආර් ය අෂ්ඨාංගික මාර්ගය යන ලේබලය යටතේ උගන්වන්නේ  මිච්ඡා අෂ්ඨාංගික මාර්ගය අයහපත්බව සහ දෙව්සැප මිනිස් සැප ආදී ලෞකික සැප පිණිසවන සම්මා අෂ්ඨාංගික මාර්ගය ගැන පමණකි

වැදගත්ම දෙයවන අරිය අෂ්ඨාංගික මාර්ගය උගන්වන්නේ නැත අඩුතරමින් එවැන්නක් ඇතිබව සහන් කරන්නේවත් නැත

එබැවින් තමන් බෞද්ධයින් යයි සහන්කරන වැඩිදෙනෙක් වටිනා දෙයවන අරිය අෂ්ඨාංගිකමාර්ගය ගැන දන්නේ නැත

එවැන්නක් ඇතිබව දන්නේද නැත