Saturday, December 11, 2021

බෞද්ධ ලමයින්ට දහම් පාසල්වල පාසල්වල පොඩිකාලෙ ඉඳල උගන්වන බොරුවලින් එකක්

බෞද්ධ ලමයින්ට දහම් පාසල්වල පාසල්වල පොඩිකාලෙ ඉඳල උගන්වන බොරුවලින් එකක්

 

1. අනිත්‍ය නම් දුකය

 මෙය සැමවිටම සත්‍යය නොවේ

සැමවිටම සත්‍යය නොවන දෙයක් බණ නොවේ

සත්‍යයවන්නේ බොහෝ ලෞකික සැප ඇතිවන්නේ අනිත්‍ය නිසා බවය

උදාහරණ ලෙස අසනීපවී සනීපවීම සැපය

බොහෝ වේලාවක් එක ඉරියව්වක සිට එය වෙනත් ඉරියව්වකට වෙනස්කිරීම සැපය

සතුරකුගේ සතුරුබව මිතුරුබවට වෙනස්වීම සැපයකි

එබැවින් අනිත්‍ය නම් දුකයයන්න සැමවිටම සත්‍යය නොවේ

මෙම වැරදි  සිදුව ඇත්තේ නිර්මල පාලි ත්‍රිපිටකයේ ඇති අනිච්ච යන වචනය

බණ නොදන්නා අය විසින් අනිත්‍ය යනුවෙන් වැරදියට සිංහලට පරිවර්ථනය කිරීම නිසාය

 

ඉච්ච යනු තමන්ගේ කැමැත්තයි

අනිච්ච යනු තමන්ගේ කැමැත්ත ඉටු නොවීමයි

තමන්ගේ කැමැත්ත ඉටුනොවීම දුකකි

නොහොත් අනිච්චනම් දුකය

එබැවින් අනිච්ච නම් දුකය යන්න සැමවිටම සත්‍යය

අනිත්‍ය යන වචනය අනවශ්‍යබවක් මෙයින් අදහස් නොවේ

එයද අවශ්‍යය

ජීවිතං අනියතං මරණං නියතං ආදී තැන්වල යොදා ඇත්තේ අනිත්‍යය යන වචනයයි

එනමුත් අනිච්ච යන වචනය අනිත්‍ය යනුවෙන් සිංහලට පරිවර්ථනය කර බණ වෙනස්කිරීම  ලිවීම

ඉගැන්වීම දේශණා කිරීම වැරදිය

අංගුත්තර නිකාය දශක නිපාතය සංඝභේද සූත්‍රය අංගුත්තර නිකාය  පඨම ආනන්ද සූත්‍රය ආදී සූත්‍රවල බණ වෙනස් කිරීම බොරුබණ ඉගැන්වීම සංඝභේදය ආනන්තරිය පාපකර්මය බව සඳහන්ව ඇත