Thursday, February 24, 2022

කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම සිල් පදය සම්බන්ධව විමර්ශණයක්


 

කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම සිල් පදය සම්බන්ධව විමර්ශණයක්

එය පස්වන සිල්පදයයි

තමන් බෞද්ධ යයි කියාගන්නා බොහෝ අය කාමයේ වරදවා හැසිරීම විස්තරකරන්නේ අනුන්ගේ භාර්යයාවන් සේවනය කිරීම වරදකි යන ආකාරයට වෙයි

එහි වරදක් නැත

නමුත් එය ඊට වඩා වැඩි අර්ථයෙන් යුක්තබව ඇතැම් අය විසින් විස්තරකරනු ලබයි

එහිදී කාමයේ වරදවා හැසිරීම යන්න විස්තරවන්නේ නීත්‍යානුකූලව තමන්ට අයිති නැති කාමවස්තු සේවනයයි

දෙමව්පිය භාරකාරාදීන්ගේ භාරකාරත්වය යටතේ සිටින ඔවුන්ගෙන් යැපෙන ඔවුන් විසින් රකින වයසින් අඩු ලාබාලයින් සේවනය කාමයේ වරදවා හැසිරීමක් වෙයි

 

එමෙන්ම අනුන් විසින් රකිනා නඩත්තුකරන අනුන්ගේ භාර්යයාවන් සේවනය කොහොමත් කාමයේ වරදවා හැසිරීම වෙයි

එමෙන්ම තමන්ට නීත්‍යානුකූලව පාවා නුදුන් අනුන් විසින් රකිනා ස්ත්‍රීන් සේවනයද කාමයේ වරදවා හැසිරීමවෙයි

එනමුත් කාම වස්තු යනු ඒවා පමණක් නොවෙයි

රාජකාරි කටයුතු සහා ලබාදී ඇති කාර්යාලීය ටැලිපෝනයෙන් තමන්ගේ පුද්ගලික ඇමතුම් ගැනීමද කාමයේ වරදවා හැසිරීමක් වෙයි  එමෙන්ම එය සොරකමක්ද වෙයි

රාජකාරි කටයුතු සහා ලබාදී ඇති කාර්යාලීය ලිපි කඩදාසි තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට ගැනීමද කාමයේ වරදවා හැසිරීමවෙයි  එමෙන්ම එය සොරකමද වෙයි

කාර්යාලයේ වෙනත් සේවකයෙකු ප්‍රධානියාගේ අසුනේ වාඩිවීම පරිහරණය ආදියද කාමයේ වරදවා හැසිරීමවෙයි

ඒ අනුව තමන්ට අයිති නැති කුමන දෙයක්වුවද අනවසරයෙන්  භුක්ති වි‍ීම කාමයේ වරදවා හැසිරීමක් වෙයි