Tuesday, July 31, 2018

නවීන විද්‍යාවට පරාදවූ ශුක්රාණුව සහ ඩිම්බය කියූ කවි





නවීන විද්‍යාවට පරාදවූ ශුක්රාණුව සහ ඩිම්බය කියූ කවි 
                                                                                             ශුක්රාණුව ඩිම්බයට කියූ කවිය

ඹබ හමුවට මගේ පැතුම ඉවතගියා                                                         පෙරුම්පුරා ආවත් එය බොඳව ගියා                                                                   සංසාරේ අපි යලි හමුවේද මෙයා                                                              ප්‍රීති මල්ල අස්සෙම මගේ හුස්ම ගියා                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     
ඩිම්බය ශුක්රානුවට කී කවිය

ඔබ කිව්වට මට එන්නත් බැරුව ගියා                                                                  මිතුරි හින්ද  මා මෝරන්නෙත්  නැතුවා                                                                                                                        

Thursday, July 19, 2018

නුවණින් කටයුතු කිරීමෙන් ඇඟිල්ලක් ප්‍රසුතවීමේ ලැජ්ජාව වලක්වා ගැනීම


නුවණින් කටයුතු කිරීමෙන් ඇඟිල්ලක් ප්‍රසුතවීමේ ලැජ්ජාව වලක්වා ගැනීම

      ජාතික ආරක්ෂක හමුදාවේ සේවය කල එම තරුණ රුසියානු  හමුදා භටයාට  ඉක්මනින් විවාහවීමට අවශ්‍යව තිබුනේය  එවිට ඔහු විවාහ වීම සඳහා ලස්සන තරුණියන් ගණනාවකට උත්සාහ කර උන්ගේ ආඩම්බරකම් බලා එපා වී තිබුණි 
එහෙත් එම වාර්ෂික  ගැමි නැටුම් උත්සවයේදී ඔහුට හමුවූ ලාබාල ලස්සන ගැමි යුවතිය ඔහුට එකවරම කැමතිවිය ඔහුට එය හිසේ මලක් පිපුනාසේ විය ඔහු පසුවදාම ඇයගේ නිවාස සොයාගෙන ගියේය 
එය නගරයට ඉතා ඈතින් ඉතා ගැමි පරිසරයක පිහිටි ගමක් විය ගෙවල් තිබුනේ කීපයක් පමණි පෙර එහි සිටි බොහෝ දෙනෙක් ගෙවල් අතහැර නගරයට සංක්‍රමණය වී තිබිණ තිබුන ගෙවල් කීපයද තිබුනේ එකිනෙකට දුරින් දුරින්ය ඇය එම පව්ලේ සිටි එකම දරුවාය  ගෑනුලමයා කොපමණ ඉගෙනගෙන තිබේදය් ඇසුවිට ඇගේ පියා කිවේ ඇය ඉස්කෝලේ නොගිය බවත් ඉස්කෝලේ තියෙන්නෙ හුඟක් ඈත එහා ගමේ බැවින් ඇයව ඉස්කෝලේ අරන් යන්න තමන්ට වෙලාවක් නොතිබුන බවත්ය  ඒකට මොකද මම අකුරු ඉලක්කම් ගෙදරදී උගන්නල තියනවා ඇය හොඳට උයන්න පිහින්න ඉගෙනගෙන තියනවා ඇයට ඔක්කොම ගැමි නැටුම් නටන්න  උගන්නල තියනවා ඉතින් වෙන මොනවද ඇගේ මව කිව්වාය හමුදා භටයා කැමතිවිය ලොකු උත්සවයක් ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැතිබව ඇගේ මව්පියන් විසින් පැවසුවේය කෙසේවෙතත්  හමුදා භටයා තරමක උත්සවයක් පවත්වා ඔහු විසින් කුලියට ගත් නිවාස පේලියේ නිවසට ඇය කැන්දාගෙන ආවේය ඔවුන්ට එහි එකට සිටින්නට ලැබුනේ එක දවසක් පමණි හමුදා භටයා රුසියාවේ ඈත පලාතක ඇතිවූ යුදමය තත්වයක් සමනය කිරීම සඳහා යවනු ලැබුවේය එකල දැන්මෙන් ජංගම දුර කථන ආදිය නොවූ බැවින් ඉන් පසුව ඔහුට ගෙදර සමග සම්බන්දතා ඇතිකරගැනීමට නොහැකිවිය
වසරකට පමණ පසුව නිවාඩු ලබා  ගෙදර ආ ඔහුට තමන්ගේ කුළුදුල් පුතා දකින්නට ලැබීමෙන් මහා සතුටක් ඇතිවිය ඔහු අතොරක් නැතුව  කුළුදුල් පුතු හුරතල් කරන්නට විය මෙය මුලදී බිරියගේ ඉමහත් සතුටට හේතු වුවත් පසුව මෙය ඇයගේ අසතුටට හේතුවිය එයට හේතුව ඔහු පුතු කෙරෙහි මිස තමන් කෙරෙහි කිසි ආදරයක් නොමැතිබව ඇය සිතන්නට වීමය්
මෙසේ දවස් ගතවනවිට එක් දිනක ඇගේ තරහව සීමාව ඉක්මවා ගියේය
 ‘ඔහොම අතෝරක් නැතුව නැලෙව්වට කමක් නැහැ ඔන්න තමන්ම හදපු දරුවෙක් නම්’ ඇය තරහින් කීවාය ‘මොකක්ද ඒ කතාවේ තේරුම’ ඔහු ඇසීය
 ‘ඔහේ මාව බැන්දට පස්සේ ගෙදර හිටියෙ එක දවසය් පහුවෙන්ද යුද්දෙට ගියා. සතියක් විතර යනකොට මට වමනෙ යන්න පටන් ගත්ත. එතකොට අල්ලපු  ගෙදර තම්බි නානා ඇවිත් තමය්  මට කියල දුන්නෙ ඔය එක දවසට ඕන්නම් ඇඟිල්ලක් විතරක් හැදිලා ඇති ඒකය් ඔය වමනෙ යන්නෙ කියල.  දැන් ඉතින් හම්බුවෙන්න ඉඩ තියෙන්නෙ ඇඟිල්ලක් තමය්  කැමතිනම් එයා ඉතුරු හරිය සම්පුර්න කරල දෙන්නම් කියල කිව්ව. මම කොහොමද  ඇඟිල්ලක් වදල නෑයන්ට මුණ දෙන්නෙ මම වැඳලා ඉල්ලුව ඉතුරු හරිය සම්පුර්න කරල දෙන්න කියල. ඒ මිනිහ මාස තුනක් විතර මහන්සිවෙලා තමය් ඉතුරු ටික  සම්පුර්න කලේ. මාස තුනක් විතර යනකොට මිනිහගේ ගෑණි මේ බව දැනගෙන ඊර්ෂ්‍යාවට මිනිහත් අරගෙන ගෙවල් අතහැරලා ගියා. හැබය් යන්න ඉස්සෙල්ල මිනිහ ඇවිත් කණ තියල බලල කිව්ව බයවෙන්න එපා නෝනෙ ළමය සම්පුර්ණ වෙලය් තියෙන්නෙ කියල.  ඉතින් තමුසෙ හොඳට මතක තියාගන්නව වෙලාවට අර අල්ලපු ගෙදර තම්බි නානා නොහිටින්න මම අපේ අනාගතය ගැන හිතල මතල කටයුතු නොකරන්න තමුසෙට අද ඔය විදියට නලවන්න වෙන්නෙ ළමයෙක් නෙවෙය් ඇඟිල්ලක්’

Saturday, July 7, 2018

නිරාමිස සැපය








නිරාමිස සැපය
සැප ජාති තුනක් තියනව 1 ) සාමිස සැපය 2 ) ආමිස සැපය 3 ) නිරාමිස සැපය   යනුවෙන්
සාමිස සැපය කියන්නේ කාම වස්තු ගැන හිතල විඳින සැපය
මම මෙහෙම උනොත් මෙහෙම සැප විඳිනව කියල විඳින සැපය
මිනිස්සු වැඩිදෙනෙක් මේ සැප විඳිනව මේ සැපය කාම සැපයක් 
ආමිස සැපය කියන්නේ ඒ හිතපු කාම වස්තු තමන් අයිති කරගෙන අත්පත් කරගෙන විඳින සැපය
එයත් කාම සැපයක් 
නමුත් අර හිත හිතා සාමිස සැප විඳපු කාම වස්තුව අත්පත් කරගෙන ආමිස සැප විඳින විටම මිනිස්සුන්ට තේරුම් යනවා මම හිතපු තරම් සැප මේකේ නැහැ කියල එතකොට ඉතින් ආයෙත් වෙනින් සැපක් ගැන හිතමින් එය හොයාගෙන යනවා 
සාමිස සැපය  ආමිස සැපය විඳ විඳ එහි අතෘප්තිමත් බවින් දුක් පීඩා  විඳ විඳ ඉන්න මිනිස්සුන්ට  නිරාමිස සැපය කියල දෙයක් තියන බව හඳුන්වල දෙන්නෙ බුදුවරයන්වහන්සේ නමක් විසිනුය්
සාමිස සැපය ආමිස සැපය දෙකේම තියෙන්නේ කාම සැපය දෙකේම තියෙන්නේ දැවිල්ලක් මදිවීමක් අතෘප්ත්තියක් 
නමුත් නිරාමිස සැපය ඊට වඩා හුගක් සැපවත් එහි මදිවීමක් දැවිල්ලක් අතෘප්ත්තියක් නැහැ එහි තියෙන්නෙ නිවීමක් සැනසීමක්  
නමුත් අනුවන අයට එය දකින්න බැහැ
 දැන් මෙහි තියන අනුපස්සනා කියන ලිපිය මම බලාපොරොත්තුවුනාට වැඩිදෙනෙක් කියවල තිබුනත් කියවල තිබුන ප්‍රමාණය අනිත් ලිපිවලට වඩා අඩුය් එයට හේතුව තමය් මිනිස්සු උත්සාහ කරන්නෙ තමුන් දන්න සැපය හොයන්න වීම 
බුද්ධ ධර්මය සාමිස සැපය ආමිස සැපය අගය කරන්නෙ නැති හින්ද අනුවණ අය බුද්ධ ධර්මයට කැමති නැහැ සාමිස සැපය  ආමිස සැපය කියන්නෙ ලාබ සැප නිරාමිස සැපය ලාබ සැපයක් නෙවෙය් එය දකින්න පුළුවන් ප්‍රජ්නාවන්ත කෙනෙකුට විතරය් 
එක්තරා  මහරජ කෙනෙක් සත් දවසක් නොනැවතී වහින මහ වැස්සේ තල් අත්තක් ඉහලගෙන පිණ්ඩපාතේ වඩින හාමුදුරුනමක් සීමැදුරු කව්ලුවෙන් දැකල හුඟක් දුක්වෙලා තියනව අනේ මම කවදා මෙවන් වූ සැපයක් ලබම්ද කියල 
නිරාමිස සැප ගැන ලිපියකින් කරුණු දක්වන්න අසීරුය් හඳුන්වන්න විතරය් පුළුවන් බාසාවල භාවිතා කරන සංන්ජා  අක්ෂර වලින් ඒ දේවල් විස්තර කරන්න බැහැ 
එය තමුන් අත්විඳලා  දන ගන්න ඕන සැපයක් 
සාමිස සැපය  ආමිස සැපය විඳ විඳ එහි අතෘප්තිමත් බවින් දුක් පීඩා  විඳ විඳ ඉන්න ලෝකසත්වයාට  නිරාමිස සැපය කියල දෙයක් තියන බව හඳුන්වල දෙන්නෙ බුදුවරයන්වහන්සේ නමක් විසිනුය් 
එය අත්විඳීමට යා යුතු පාර කියාදෙන්නෙ බුදුවරයන්වහන්සේ නමක් විසිනුය් 
ඉතින් නුවණැති අය ලාබ බොරු සැපවලට රැවටෙන්නේ නැතුව රැවටිලා කෙළවරක් නැතුව දුක් විඳින්නේ නැතුව දුක් විඳින ලෝක සත්වයා වෙත බුදුවරයන්වහන්සේලා විසින් අනුකම්පාවෙන් පෙන්වා දෙනු ලබන මාර්ගය අනුගමනය කරමින්  උතුම් වූ නිරාමිස සැපයට පත්වෙන්නට මග සකස්කර ගන්නව