Wednesday, December 20, 2017

පරිහානියට ගිය බරලුගඩගම


පාර වනස්වූ බැවින් පරිහානියට ගිය බරලුගඩ ගම

1 ඡායා රූපය පාසලට යන පාර
2 අවුරුදු තුනක් පමණ එම පාසල විදුහල්පති වූ මම පාසලට යාමට අවුරුදු තුනක්  එගඩ මගඩ ගිය ඒ ද්ණ්ඩ අදත් ඒ අයුරින්ඇත
3 පාසලට යන පාර
4 ඉස්සර සිට් විදුහල්පතිවරයක් වූ කතලාවල මහත්තයග ගදර
5 කාලයකට පසුව වැසීගිය බරලුගඩ පාසල අද තත්වය






Tuesday, November 7, 2017

යක්කුන්ගෙ තොරතුරු








යක්කුන්ගෙ  තොරතුරු
   නම                            පැටිකිරිය

1.පත්තිනි           ඉන්දීය දේවතාවියක් වූ කන්නගි
2.දෙවොල් දෙවියො       ඉන්දියාවෙන් ආපු යකෙක්
3.රීරියකා        ඉන්දියාවෙ ගුජරාටයෙ සෞරාෂ්ට දේශෙ උපන්    යකෙක්
 4.කලුයකා                    උතුරු ඉන්දියාවෙ හිමාලයෙ උපන් යකෙක්
5.තොට යකා
   නොහොත් අබිමානා     ඉන්දියාවෙ කාසි රට ආඬි මවගෙ කුසෙන්
    උපන් යකෙක්
6.සූනියම් යක්ෂනී           ඉන්දියාවෙ සාගල් නුවර සාගල් රජ්ජුරුවන්ට
   ජාතකව සුසිරි පත්ම බිසවගේ කුසෙන් උපන් ඔඩ්ඩි සූනියම් යක්ෂනී
7.සන්නි යකුන්
   සියලුදෙනා  ඉන්දියාවෙ විසාලා මහනුවර අසූපාල කුමාරිගෙ දරුවො
8.මහසෝනා                   ශ්රී ලාංකාවේ ස්වදේශීය
  හුගක් මන්තර වලට දෙමල වචන දාල තියෙන්නෙ  මන්තර වල කියන
  දේවල් දෙමල යක්කුන්ට තේරෙන්න

   දිසාපති පන්හිද worldpress.com ඇසුරෙනි 

Sunday, November 5, 2017

අනංමනං: අවතාරයක් දැකීම

අනංමනං: අවතාරයක් දැකීම:  අවතාරයක් දැකීම අප ඒ දිනවල නතර වී සිටියේ ජයතිලක ශාලාවේය පහත මාලයේය කාමර සගයා වූයේ බණ්ඩාරවෙල ජයවර්ධනය පසුකාලයේ ඛනිජතෙල් සංස්ථාවේ සේවය කලේය...

අනංමනං: අතීත මතකය - 1

අනංමනං: අතීත මතකය - 1: අතීත මතකය - 1 මේ කථාව පටන් ගන්නෙ අතර මැදකින් පිටු ගණනාවකින් ලියන්න තියන තොරතුරු ඇත්තෙ එක වාක්‍යයකින් විතර මම නුවර ඉදල ගමට ආවට පස්සෙයි අප...

අනංමනං: සිංහල රාජ්‍යත්වයේ උරුමය

අනංමනං: සිංහල රාජ්‍යත්වයේ උරුමය: සිංහල ද්වීපය රාජ්‍යත්වයේ උරුමය සිංහල රාජ්‍යය කීපවාරයක්ම බුද්ධ ශාසනයට පූජාකර ඇත්තේය 1 දෙවන පෑතිස් රජ කි පූ 250 - 210 ලක් රජය ශ්රී මහා බොධ...

අනංමනං: නුවර හෝටලය - හිගුරක්ගොඩ

අනංමනං: නුවර හෝටලය - හිගුරක්ගොඩ:  නුවර හෝටලය - හිගුරක්ගොඩ මතුගම කලාපයේ විදුහල්පතිවරුන්ගෙන් 1994 අධ්‍යාපන පරිපාලන විභාගය සමත්වුනේ මම විතරයි පත්වීම ලැබුනේ හිගුරක්ගොඩ ට ඉතින...

අනංමනං: උඩකැන්දවල සිරි සරණංකර හිමි

අනංමනං: උඩකැන්දවල සිරි සරණංකර හිමි: පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි - 1902 - 1966 1902 - 01- 07 උපන් දිනය ගිහිනම රං බණ්ඩා ගම හිරියාල උඩකැන්දවල 1916 පැවිදිවීම 1921 අප්...

අනංමනං: නව රජයක්

අනංමනං: නව රජයක්: නවීන ලෝකයේ රාජාණ්ඩු ක්රමය අසාර්ථකයි හොද රජවරු සොයා ගැනීමට අපහසු නිසා සමාජවාදී ක්රමය අසාර්ථකයි සැබෑ මිනිස් ස්වභාවය පුද්ගලික අයිතියට කැමතිබ...

අනංමනං: පින් පව් කුසල් අකුසල්

අනංමනං: පින් පව් කුසල් අකුසල්:                                                                                                                                  29...

ගම ගම්මඩු සහ තොවිල්පවිල්


ගම ගම්මඩු සහ තොවිල්පවිල්

ඉස්සර හැම දවසකම වගේ රෑට කොහේ හරි තොවිලෙක සද්ද ඇහෙනව මන්තර කියනව බෙර ගහනව අඩි හප්පනව පුහුල් කපනව ආවේශවෙලා නටනව මන්තර හුගක් ඒවයෙ දෙමල වචන තියෙනව පෝඩා පොහ් වා වා වගේ වචන තියනව එයින් තේරුම්ගන්න වෙන්නෙ මේවා ඉන්දියානු ආභාෂයෙන් මලයානු ආභාෂයෙන් ආපු ඒව වෙන්න ඹ්න බවයි තොවිල් උනත් එහෙම වෙන්න ඇති පත්තිනිදේවීත් ලංකාවෙ කෙනෙක් නොවෙයිලුනෙ ගම්මඩු වගේ ඒවත් එහෙම වෙන්න ඹ්න අතබලා සාත්තරකීම ජොතිෂය වගේ ඒවත් ඇවිත් තියෙන්නෙ ඉන්දියාවෙන් වෙන්න ඹ්න අපි පොඩිකාලෙ බලපු රේකාව චිත්තර පටියෙ අපූරුවට පෙන්නනව ඔය මිත්යා විශ්වාස නිසාවෙන විපත මේව හින්දු ශිව ආගම් අදහන බමුණන්ගෙන් ආපුව වෙන්න ඹ්න මේ හුගක් දේවල්වල තියෙන්නෙ මිනිසුන් අතර අදෘශ්‍ය මාන බලවේගයන් ගැන කියල බයක් ඇති කරල තමන්ට ඇතිවන ඇතිවන විවිධ ව්‍යසනයන්ට හේතු හොයන මිනිස්සුන්ට එම ව්‍යසනයන්ට හේතුව එම අමනුෂ්‍ය බලවේග බව තේරුම් කරල දීල එයින් එල ප්රයෝජන ගැනීම මේවයෙ ඇත්තකුත් තියෙන්න පුලුවන් ඒවුනත් මේ විශ්වාස අහෝසිවෙලා යනඑක හොදයි ඉස්සර මිනිස්සු කොච්චර බයද මිනී අලු වලට අපරාදෙ කියන්න බැහැ 86 – 90 කාලෙ ජේවීපී එකෙනුයි ආණ්ඩුවෙනුයි රටේ හැම තැනම මලමිනී දාල මිනී අලු හලල ඒ බය අහක් කරල දැම්ම ඉස්සර අපි ගොපල්ලට හරිම බයයි අපිට ගො කිව්වහම ඇති කථාවක් නොව ගද්‍ය කාව්‍යයක් වන අරණකට පෙම් බැද පොතෙත් මේ ගොපලු යකා ගැන සදහන් වෙනව නමුත් තොවිල්වල තියන අර සවුන්දර්ය ගතිය නම් හොදයි විනෝද වෙන්න අර බෙරකාරයත් එක්ක එහෙම කියන දෙබස් නියමයි එකිනෙකා අතර නොයෙකුත් තරහමරහ තියන ගමේ අයත් ගම් මඩුව බලන්න ආපුවහම එකට මුසුවෙලා විනෝදවෙනව ඒ කාලෙට ගමට ඇවිත් ගම්මඩුව ළග තාවකාලික කඩ අටෝ ගන්න අයගෙන් ගමේ නැති අරුමෝසම් බඩු ගන්නව බුන්දි කනව කඩල කනව කසඇටදාල සරුවත් බොනව ඒ සරුවත් වලට දාල දෙන අයිස් කැටේ උනත් පුංචි අපට වටිනව එහෙම ගමේ ගමේ අය මුහුවෙනකොට ගමේ අයගෙ තරහගති ඇරිල යනව එතකොට එයින් ගමේ සමගිය ඇතිවෙනව ගමට ශාන්තියක් වෙනව ඒව නැතිවුන එක පාඩුවක් ප්රජාතන්තරවාදයෙ චන්දෙ ආපු එකෙන්වුනේ ගමේ මිනිස්සු බේද බින්න වුන එකයි ඇයි පුලුවන්තරම් මිනිස්සු බිදවල ඡන්දගන්නනෙ හදන්නෙ ප්රජාතන්තරවාදය බූරුවන් විසින් නරියන්ට තමන්ගේ පාලනය භාරදීම වැනිය කියලත් සදහන් කිරීමක් තියනව කියන කවිවල යාදිනි වලින් ඇතිවන ශබ්ද තරංගවල ශක්තියක් තියනබව පිළිගන්න වෙනව හැබැයි ඒ ශක්තියෙන් යහපතක් වෙන්නෙ එය ඇති කරන්නෙ මෛත්රි කරුණාවෙන් නම් වෙන්න ඹ්න
ඉස්සර ගෙදරක තොවිලයක් තියනකොට ගෙදර පිරිසිදු කරල කලඑලි කරනව නෑදෑයො ඹක්කොම වගේ රැස් වෙනව කථාබහ කරනව සෙනෙහෙ පානව උපදෙස් දෙනව ආවඩා ආයුබෝ වේවා කියල අනුකම්පාවෙන් මෛත්තිරියෙන් සෙත් පතනව ඒව හරියට වටිනව කෙහෙල් බඩ කෑලි හතක් උඩ ගොක්කොල වලින් පියුම් හතක් හදල

සත් වෙනි සනි දින අසුකර සත් නැකතද ගෙන පොරොන්දු
සත් කර්ණය වක් පන්තිය ගෙන හෝරා අකුරු බින්දු
නෙත් තුන ඉසිවර පැවසූ සත්තක බලයෙන් පසින්දු
සත් අඩියට කල අණ වින සෙත් කර කැපුවෙමි තීන්දු


වගේ කවි වචනෙන් වචනෙට තාලෙන් තාලෙට කියමින් ලස්සනට පිරුවට ඇදල ගෙජ්ජි සද්ද කර කර තාලෙට ගිරේ සද්ද කර කර පිලිවෙලට අඩිතියතියා කරුණා මෙත්සිත් පතුරවමින් සත් අඩියට දෙහිකපනකොට ඹය සුපර් ඩාන්ස් පරාදයි දෙමළ මන්තර මේ වැඩ වලට ගාව ගත්ත එකෙන් තමයි ඹක්කොම අවුල්වෙලා තියෙන්නෙ

Wednesday, October 11, 2017

අතීත මතක සටහන් - 2

අතීත මතක සටහන් - 2
අතීත මතක සටහන් - 1 සමග සම්බන්ධයි
ඉතින් මම ක්රිකට් ක්රීඩාව විශ්ව විද්‍යාලය නියෝජනය කරල තියෙන නිසා ඒකෙ හිටපු අයගෙ හැදුනුම්කම් තිබුන ඉතින් මම එක නිවාසාන්තර තරගයක් විදිහට නිවාසන්තර ක්රිකට් තරගත් දැම්ම වැඩේ නියමෙට හරිගියා ඉතින් පසුව ලෙදර් බෝල කණ්ඩායමක් පිහිටුවන්න කථා කරගත්ත ගමපුරා ඇවිදල සල්ලි එකතු කරල දෙන්න ලමයි කැමතිවුනා ඉතින් අපි කොටු කපන කාඩ් හදල දීල වැඩේ නීත්‍යානුකරල දුන්න කිව්ව වගේම සල්ලි එකතු කරගන්න පුලුවන් වුනා ඉතින් මමයි තවත් ගුරුවරයෙකුයි කොලඹ ගිහිල්ල අවශ්‍යය මෙට්න් එක පෑඩ් බැට් බෝල ග්ලවුස් වගේ ඔක්කොම ගෙනාව පිට්ටනිය පොඩියි ඒවුනත් ඒක මැද තණ නිල්ල හැදුව
ඹක්කොම කරල දවස් ගාණක් ප්රක්ටිස් කරල මිහිදු එකත් එක්ක මැච් එකකුත් ගැහුව ඒක තමයි මේ හරියෙ ගහපු පලමුවන ලෙදර් බෝල මැච් එක ඹය අතරෙ මම පේරාදෙණියෙ යාලුවො මගින් කොලඹ ක්රිකට් බෝර්ඩ් එක සම්බන්ධ කරවගෙන ඒකාලෙ හැටියට විශාල ආධාර මුදලක් ගන්න කටයුතු කරමිනුයි හිටියෙ ඔය අතරෙ ගුරු මණ්ඩලේ තවත් කෙනෙකුට මේකට ආසවෙලා ඹ්නවුනා අපි ගෙනාපු උපකරණ පාවිච්චි කරමින් දහසයෙන් පහල ටීම් එකක් එයාට හදා ගන්න එයාට ඕනවුනා අපිව කපාගෙන යන්න විවිධ ප්රශ්ණ ඇතිවුනා මම මිනිහට ඔක්කොම භාරදීල නිකං හිටිය
මතක තියාගන්න මේ හදුන්වගෙන යනව මේව ගැන ආයෙත් එනව
ඉතින් මේවනවිට ප්රින්සිපල් විතරක් නෙමෙයි මුලු ස්ටාප් එකම මට එකතුයි මම කිංග්ස්වුඩ් එකේ ඉදලම ලමුන්ගෙ පැහැදීම ලැබිල ගුරු සතුටින් මත්වෙලයි හිටියෙ අම්මට ඹ්න වෙලා තිබුන මාව පරිපාලන විභාගෙට පෙනී ඉන්න සලස්වන්න ඇප්ලිකේශන් එක දාන්නවත් මම කැමතිවුනේ නැහැ ලැබුන වෙනත් රැකියා වලට ගියෙත් නැහැ ඉතින් මම එන්න පරක්කු වුනොත් ප්රින්සිපල් ස්ටාප් මීටින් එක නවත්තගෙන ඉන්නව පොඩ්ඩක් සර් එනකං ඉම්මු කියල ගොඩක් අතඇරල ලියමු
ඉතින් මේ කාලෙ තමයි මේ ප්රදේශයට ආපු මුල්ම LP ගෑස් ටැංකිය ආවෙ විද්‍යාගාරයෙ ප්රයෝනයට ඉතින් ප්රින්සිපල් මට කිව්ව මෙය භාවිතයට ගන්න හැටි අපිට පෙන්නන්න කියල ඉතින් එයා මුලු ගුරු මණ්ඩලයම රැස් කරල ගෑස් පත්තුවෙනහැටි බලන්න කටයුතුකලා මමත් ඉතින් ඒ ගැන විස්තර කරල දැල්ලෙ දැලි නැති හැටි රස්නෙ වැඩිහැටි ආදිය ගැන වතුර බීකරයක් උණු කරවල එහෙම ඹක්කොටම ප්රදර්ශණය කලා එයට අමතරව ඉතින් මම මගේ විද්‍යා දැනුම පාවිච්චි කරල සෝඩියම් පොටෑසියම් ස්ටොන්ට්රියම් ආදිය දැල්ලට ඇල්ලුවහම ඒ ඒ ලෝහයන්ට අයිති වර්ණයන් ලැබෙන අයුරුත් පෙන්නල දුන්න ඒ මගේම මම මැග්නීසියම් ලෝහ පටියක් පත්තු කරල එහෙම වැඩි වැඩත් කරල පෙන්නුව
ඉතින් පාසල ගෙදර ඉදන් පයින්යන දුරින් නිසා මම නිවාඩු ගත්තෙ නැති තරම්
ඉතින් ඹහොම කාලය ගතවෙමින් ගියා
ඹය අතරෙ ඉතින් මේ ප්රදේශයට අාපු පළමුවන tv එක පාසලට ආව ඒක වර්ණ ටීවී එකක් ඒක එන්න තිබියදි මට කෙළඹ ගිහින් වැඩ මුලුවකටත් සහභාගිවෙන්න වුනා tv එක ඉදිරිපිට ලමයි දුරින් අර්ධ කවාකාරව වාඩිකරවන හැටි ආදිය ගැන ඉගෙන ගන්න ඉතින් ටීවී එක පාසලට ගෙනහල්ල සවිකලා හුගක් උස ඇන්ටෙනා එකක් සවිකලා දවස් දෙකක් විතර මහන්සි වෙන්න වුනා විදුලි බලය නැති නිසා ලොකු බැටරි දෙකක් සහිත බැටරි පද්ධතියකුත් ස්තාපිත කලා ඉතින් මට සිද්දවුනා ඒක පෙන්නන වැඩ කටයුතු එහෙම කරන්න ඇයි මගෙනෙ භාරකාරිත්වය දවසක් මම පන්තියෙ උගන්නමින් ඉන්නකොට පාසලට ආපු අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙකුට වර්ණ ටිවී බලන්න ආශා වෙලා මම කිව්ව මට දැන් එන්න බැහැ කියල ප්රින්සිපල් බැගෑපත්වුනා මූ ව නම් තරහකර ගන්න එපා කියල සමහර දවස්වල හවසට ඇවිත් මාව එක්ක යන පවුල් පිටින් ආපු ගමේ මිනිස්සුන්ට රෑ දොලහ විතර වෙනකල් ටීවී පෙන්නන්න වුනා ජනෙල් දොරවල් වහන්න වුනේ මට මේ සියල්ල මෙහෙමවුනේ විද්‍යා උසස්පෙල පන්ති පාසලේ ආරම්භ කිරීම නිසා පාසල 1AB තත්වයට පත්වීම නිසයි
තවම නියම හරියට ආවෙ නැහැ ආහම තේරෙයි අධ්‍යාපනයෙ හැටි
අදට ඇති ඉතිරිය පසුවට

Tuesday, October 10, 2017

අතීත මතකය - 1


අතීත මතකය - 1
මේ කථාව පටන් ගන්නෙ අතර මැදකින් පිටු ගණනාවකින් ලියන්න තියන තොරතුරු ඇත්තෙ එක වාක්‍යයකින් විතර
මම නුවර ඉදල ගමට ආවට පස්සෙයි අපේ ගමේ ඉස්කෝලෙ විද්‍යා උසස්පෙල උගන්නන්න සුදුසුකම් තියන ගුරු මණ්ඩලයක් හරි ගියේ ඉතින් අපේ ගමේ ඉස්කෝලෙ විද්‍යා උසස්පෙල පන්තියක් පටන් ගත්ත හොදට O/L පාස් ලමයි මතුගම නගරෙ පාසල් වලට යනව ඒවට ගන්නව ඉතින් බොහොම අමාරුවෙන් ප්රතිඵල හොද නැති නිසා එ් පාසල් වලට ගන්නෙ නැති ලමයි යොමු කරගෙන සයන්ස් කරන එකේ අගය කියා දීල එහෙම තමයි පන්තිය පටන් ගත්තෙ හැබැයි අපි නගරෙ පාසල් වලට යන්න හදපු ලමයි කාවවත් නතර කලේ නැහැ යන අයට යන්න ඇරිය ඉතින් ඹන්න ඹහොම කොහොම හරි පන්තිය පටන් ගත්ත විදුහල්පති හිටියෙ මතුගම ඉදල එන කෙනෙක් නැෂනල් එක අදින්නෙ බොහොම නිහතමානියි හැමෝම කියනදේට එකගවෙනව හැබැයි ඹහු ලන්ඩන් බී ඒ උපාධිධාරියෙක් විද්‍යාගාර කාමර දෙකයි O/L වලට හදපු විද්‍යාගාරය
විද්‍යාගාරයෙ එක පැත්තක ගුරුවරු දෙදෙනෙකුගෙ මෝටර් බයිසිකල් දෙකක් පාසල් කාලයෙ ගාල් කලා අනිත් පැත්තෙ බිම කුඔුරෙ වී දාල තිබුනෙ ඒ පැත්තෙ තවත් මෝටර් බයිසිකලයක් ගාල් කලා මම මේකට විරුද්ධවුනා දෙන්නෙක් වහාම තමුන්ගෙ මෝටර් බයිසිතල් අැතුලෙ නවත්වන නතර කලා එක්කෙනෙක් දිගටම එයාගෙ මෝටර් බයිසිකලේ විද්‍යාගාරෙ ඇතුලෙම නතර කරන්න වුනා එයා ගුරු සුබ සාධක සංගමේ සභාපති මේ ගැන විදුහල්පතිට කිව්වහම එයා කිව්ව ඉතින් ඹය දාස් ගනන් වටින වාහන කොහොමද එලියෙ නවත්තන්නෙ කියල විද්‍යාගර සේවකයත් මගේ පැත්තට හැරුන එයා දේශපාලන රැස්වීම් වලට පැට්රල් බෝම්බ එහෙම ගහල පුරුදු කෙනෙක් මිනිහ මටත් කියල දුන්න පැට්රල් බෝම්බ හදනහැටි එක දවසක උදේ පාන්දර අරය මෝටර් බයිසිකලේ විද්‍යාගාරෙට දාන්න හදනකොට විද්‍යාගාර සේවකය මර රංඩුවක් ඇල්ලුව
අර ගුරුවරය මෝටර් බයිසිකලය විද්‍යාගාරය ඇතුලට දාන්නෙ විද්‍යාගාර මේසෙක ලෑල්ලක් ගලෝල අරගෙන එදා ලෑල්ල ගන්නවත් එක්කව විද්‍යාගාර සේවකය ඒක බලෙන් උදුරල අරගෙන මිනිහට ඒකෙන්ම ගහන්න ගිහින් මුලු ඉස්කෝලෙම හෙල්ලුම් කෑව ඒත් වැඩක්වුනේ නැහැ මම ස්ථිරව කියා හිටිය මගෙ විද්‍යාගාර සේවකය නිවැරදිකරුබව අපි සටන දිනුව ඊට පස්සෙ කව්රුවත් ආවෙ නැහැ විද්‍යාගාරෙ ඇතුලෙ වාහන නවත්තන්න බිම හලල තිබුන වීත් අයින්කර ගත්ත මම ලමයින් එක්ක විද්‍යාගාරෙ අලුත්වැඩියා කලා අැතුලෙ බදාම කැඩුන තැන් පිරියමි කරලා ඇතුලෙ හුනුගාල ගත්ත අවශ්‍ය දේවල් ගන්න විද්‍යා ගුරුවරුන්ගෙන් රුපියල් පහගාණෙ එකතු කලා වැඩේ කරල ඉවරවුනහම O/L විද්‍යා ගුරුවරු කීප දෙනෙක් කියල තිබුන ආංඩුවෙන් කරන්න ඹ්න වැඩ වලට අපෙන් සල්ලි එකතු කරපු එක වැරදියි කියල මම ඒ අයගෙන් ගත්තු සල්ලි රුපියල් පහගානෙ ආපහු දුන්න ඒ අය ගත්ත අපි පන්ති පවත්තගෙන ගියා විද්‍යාගාරයෙ එක පැත්තක කෙමිස්ට්රි පිසික්ස් අනිත් පැත්තෙ බොට්නි සූලොජි ගණිතය පන්ති පන්ති කාමර වලම කලා ඒ පන්තියෙ වැඩ වලින් විතරක් අපේ කාලසටහන සම්පූර්ණ වෙන්නෙ නැති නිසා අපි පහල පන්තිවල ව්ද්‍යා ගණිත පාඩමුත් ඉගැන්නුවා මම ඉතින් උසස් බාලිකා විද්‍යාලයය‍ෙ කිංස්වුඩ් විද්‍යාලයෙ උගන්වමින් ඉදලනෙ ආවෙ අපි ඉතින් අතරක් නැතුව ඉගැන්නුවා අපි අතරෙ පුංචි පුංචි හිත් රිදීම් එහෙමත් ඇතිවුන අවස්ථා තිබුන ඒවාට ප්රදාන හේතු තමයි නියමිත වෙලාවට තමුන්ගෙ පන්තිය අවසන් කරල අනිත් එක්කෙනාට පන්තියදීමට මිනිත්තු පහක් හයක්වගේ පරක්කු කිරීම වගේ ඒව ඉතින් තේරෙනවනේ අපි ඹක්කොම වැඩ කරපු හැටි ලමයි හොදයි පහල පන්තිවල පාඩම් සම්පූර්ණතාව අඩුයි ආර්ථික තත්වය අඩුයි ටියුෂන් ගියෙ නැහැ ඹවුන් පාසලට ආවෙ හුගක් දුර ඉදල පාසල් ඇරිල ගිහිල්ල ඔවුන්ට කරන්න ගෙවල්වල වැඩ බොහොම තියෙන්න ඇති හැබැයි ඹවුන්මේ කිසිම අඩුපාඩුවක් අපට පෙන්නුවෙ නැහැ නමුත් අර නගරෙ පාසල් වලට ගිය ලමයි පේල්වෙලා ගෙදර එද්දි O/L ප්රතිඑල අඩු නිසා ඒ පාසල් වලට ඇතුල් කර ගන්නෙ නැතිව අපේ පන්තිවල රැදුන ලමයි කීප දෙනෙක් උසස්පෙල සමත්වෙලා විද්‍යා වෛද්‍ය ඉංජිනේරු පීඨ වලට ඇතුල් වුනා
ඒ දවස්වල අධ්‍යාපන කලාප තිබුනෙ නැහැ දිස්ත්රික්කයටම තිබුනෙ එක අධ්‍යාපන කාර්යාලයයි ප්රතිඵල හොදවුනා විතරයි දිස්ත්රික් විද්‍යා අධ්‍යක්ෂතුමිය අපේ පාසලට ආවේ පැනගෙන එයාටත් නම්ඹුයිනෙ ප්රතිඑල එනකම් දන්නෙවත් නැතිවුනාට එයාගෙ වැඩ වලටනෙ එකතුවෙන්නෙ
හැබැයි ඊට පස්සෙ උදව් කරා හුගක් උපකරණ එහෙම ලබා දුන්න අපේ පාසල ගැන වෙන තැන්වල කථාකරන්නත් ඇති ඉතින් ඹහොම කටයුතු සිදුවීගෙන ගියා
විද්‍යා අංශ ප්රදාන මම හැබැයි ඒකට අමතර පඩි නැහැ
විද්‍යාගාරෙ තිබුනෙ මගෙ භාරයෙ
මේ කථාව ඹබ හිතන ආකාරයෙ එකක් නොවෙයි වෙයි හැබැයි ඔබ නොදන්න තොරතුරු ගොඩක් තියෙයි ලිපිය ඉතිරිය පසුව

Thursday, September 21, 2017

අවතාරයක් දැකීම


 අවතාරයක් දැකීම අප ඒ දිනවල නතර වී සිටියේ ජයතිලක ශාලාවේය පහත මාලයේය කාමර සගයා වූයේ බණ්ඩාරවෙල ජයවර්ධනය පසුකාලයේ ඛනිජතෙල් සංස්ථාවේ සේවය කලේය වේලාව රාත්තීරී දෙක හමාරට පමණ ඇත කාමර සගයා නිදිය ශාලාවම නිදිය මම ද නිදා ගැනීමට දොට්ට ගොස් ඒමට කාමරයේ දොර අඩවන් කර බාත් රූම් එකට ගොස් නිදිමතේ අපසු කාමරයට එමින් සිටියේය මම කලක පටන් අවතාරයක් දැකීමට ආශාවෙන් සිටියෙමි පුදුමයකි මම සිටි කාමරයට හැරෙන තැන ගරාදි වැට ලග අවතාරයක් තිබුනි මට පුදුම සතුටක් දැනුනි මෙතරම් කලක් දකින්නට සිටිය දෙයක් දුටු බැවිනි අවතාරය සුදු පාටය අත් දිගය එ්වා තිබුනේ පාවෙමින් වගේය අවතාරයේ මූණ පෙනෙන්නේ නැත කණුවට වැසී ඇති බැවින්ය මම තවත් හොදට අවතාරය බැලීමට ඒ දෙසට යමින් සිටියෙමි
වැඩිය කිට්ටු වෙන්නට ලැබුනේ නැත අවතාරය විජයවර්ධන ශාලාව පැත්තට දුවන්නට විය සිදුවූයේ කුමක්දැයි සිතා ගන්නටත් පෙර මගේ මූණ හරහා සැර පාරක් වැදුන අතර මාව තල්ලු කරමින් තවත් කෙනෙක් අපේ කාමරයේ අතුලේ සිට එලියට පැන ගරාදි වැටට උඩින් පැන දිව්වේය මට වහාම සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගියේය මම වහාම කෑගැසුවෙමි මගේ කෑගැසීමට අවදි වූ ජයවර්ධන දඩාස් ගා මහ හඩින් දොර වසා ගත්තේය
මම පිටත තනිවුනෙමි මුලින්ම දුවගෙන ආවේ ඒ දවස්වල ජයතිලක ශාලාවේ සබ්වොර්ඩන්ව සිටි වර්තමාන රසායන විද්‍යා මහාචාර්යතුමා රත්නායක බණ්ඩාර යි අපි දෙදෙනාම කෑගසා ජයවර්ධනට කියා කාමරේ දොර අරවා ගත්තෙමි ජයවර්ධන නැවත නිදාගෙන සිටියේය සිදුවීම සිදුවී ඇත්තේ අපේ කාමරයේ බව නිදිමත නිසා ඹහුට තේරුම් ගොස් තිබුනේ නැත හොරකම් කර තිබුනේ ඇදුම්ය මගේ ඇදුම් කිසිවක් නැතිවී නැත
ජයවර්ධනගේ ඇදුම් වලින් ඉතිරිව තිබුනේ එක කලිසමක් සහ කමිසයක් පමණි වහාම සිකියුරිටි කැදවනු ලැබීය ඹවුන් පැමිණි මිනිමෝක් රථයට මාවත් නංවාගෙන බොරුවට රවුමක් ගොස් අාපහු ශාලාවට ඇරලවනු ලැබීය අල්ලපු හොරෙක් නැත අවතාරයක් ලෙසින් මම සිතාගත් තැනැත්තා දිලිසෙන අත්දිග කමිසයක් ඇද සිට ඇත මෙහි ඇතුලත ඹබ එකවර නොසිතන කථාවක්ද ඇත එයනම් ඒ දවස්වල තිබුන රෙදි හිගයයි කලිසම් රෙද්දක් ගැනීමට සමුපකාර පෝලිමේ සිටින්නට වී තිබින පාලනය අයහපත් නැත පාරවල් අයිනේ පවා වවා තිබුනි නමුත් ඹ්නවටත් වඩා සමාජවාදය කරන්නට ආණ්ඩුවට එක්වී සිටි සමාජවාදී අයට උවමනාවී තිබුනි මැතිනියගේ රජය බිද වැටෙන්නට එ්වාද හේතු විය අවතාරය සැබෑ එකක් නොවුනත් එම සිදුවීම් සම්බන්ධ සතුට අදටත් ඇත


Thursday, August 31, 2017

නිදහස් අධ්‍යාපනය දියුණු කිරීම

නිදහස් අධ්‍යාපනය දියුණු කිරීම
76 - සිට උසස්පෙල භෞතික විද්‍යාව උපගුරු
94 සිට 99 දක්වා 1 ශ්රේණියේ විදුහල්පති
99 සිට 2010 දක්වා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක
සියලු තනතුරු රජයේ තරග විභාග සමත්වීමෙන්
අධ්‍යාපනය හිතපු විදිහට දියුණු කරන්න පුලුවන් වුනාද
නැහැ
ප්රදාන හේතුව මොකක්ද
තියෙන ආකෘතියට අනුව ඉන්නට සිදුවීම
ඉහළින් ඉන්න අය වැඩිදෙනෙක් කවදාවත් ඉස්කෝලෙක උගන්නල තියන අය නොවීම අධ්‍යාපනය ගැන නොදන්න ආයතන සංග්රහයට වැද වැද ඉන්න රාජ්‍ය පරිපාලන සේවයෙ අයවීම උපාධි විතරක් තියන අයවීම අධ්‍යාපනය ගැන නොදන්න ඇමතිල සතුටු කරන්න හදනඅය වීම පිටරටවල ආකාරයන් මෙහෙ කරන්න හදන පිටරටවල්ම අගය කරන අයවීම ආදිය ඒ අය කියනවැඩ කරන්නවීම
එම ආකෘතිය වෙනස් කරන්න බලයක් නැතිවීම
ඡන්දෙ ගන්න මිනිස්සු රවට්ට ගන්න නිදහස් අධ්‍යාපනය පවත්තගෙන යනව මිසක් ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් රටේ උසස් සමාජයේ අයට නොතිබීම
අදටත් ඒක එහෙමම තමයි අදනම් හුගක් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුනුත්
කවදාවත් ඉස්කෝලෙක උගන්නල නැති අය විවෘත විභාගයෙන් ආපු අය
තනතුර අධ්‍යක්ෂ වුනාට ඒ අය ඉන්නෙ ගුරුවරුන්ට බයෙන් කාර්යාලෙ ලිපිකරුවන්ට බයෙන් ඒ අයට හරියාකාරව පලපුරුදු ගුරුවරයෙකුට කතා කරන්නවත් බැහැ විෂයය කරුණු සම්බන්ධව කථා කලොත් ඉතින් ඹය වැඩිපුර නිවාඩු ගන්නෙ මොකද වගේ කාරණයක් ගැන තමයි දෙන උපදෙසුත් හරියට අර ලමයි හම්බුවෙලා නැති අය ලමයි හම්බුවෙන අයට ලමයි හම්බුවෙනහැටි ගැන කියල දෙන උපදෙස් වගේ ගැලපෙන්නෙ නැතිලු


හොදයි බලය ලැබුනොත් මොනවද මුලින්ම කරන්නෙ
1 අටෙන් ඉහළ සියලුම පන්ති වලට හවස් වරුවෙ හොද වෘත්තීය අධ්‍යාපනයක් ඇති කරනව
ඒ සදහා වෙනම තාක්ෂණික ගුරු මණ්ඩල ඇති කරනව
2 රටේ සියලුම පාසල් ලමුන්ට 1 වසරෙ ඉදල සිංහල උගන්නන්න කටයුතු කරනව සියලුම
ලමයින්ට 1 වසරෙ ඉදල 13 වසර දක්වාම සැබෑ බුද්ධ ධර්මය උගන්නන්න කටයුතු
කරනව බුද්ධ ධර්මය විෂය උගන්නන කාලය සතියට කාල පරිච්ඡේද පහක් කරනව
3 රජයේ සියලු රැකියා සදහා අපොස සිංහල බුද්ධ ධර්මය සමත්වීම අනිවාර්ය කරනව
4 සියලුම පාසල් මිශ්ර පාසල් කරනව
5 සියලුම සමාගම් පාසල් අවලංගු කරනව
6 ආර්ථික දුෂ්කරතා ඇති ලමුන්ට ආධාර වැඩ පිළිවෙලක් ඇති කරනව
7 උසස්පෙල පන්ති වලට උසස්පෙල පමණක් වෙනම පාසල් ඇති කරනව
8 උසස්පෙල විභාගය සිංහල මාධ්‍ය පමණක් කරනව
9 සියලුම අධ්‍යක්ෂකවරු විදුහල්පතිවරු අව්රුදු තුනකට වරක් අව්රුද්දක් උපගුරු කරනව
10 සියලුම විෂය අධ්‍යක්ෂවරු ගුරුවරු තමන්ගෙ විෂයට අදාලව අපොස විභාග වලට
පෙනී සිටින්නට සලස්වනව අසමත්වන අයට වැටුප් වර්ධක නතර කරනව
11 ගුරුවරයෙක් වශයෙන් අව්රුදු පහක සේවා කාලයක් තිබීම
අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ සියලු පරිපාලන තනතුරු සදහා අනිවාර්ය කරනව
12 පාසල්වල සිටින ගුරුවරුන්ට අමතරව එදිනෙදා සේවා අවශ්‍යතාවය අනුව සේවයේ
යොදවන අමතර ගුරුපිරිසක් ඇති කරනව
තව හුගක් වැඩ තියනව කරන්න
මේකෙ තියන සමහර ඒව ප්රජාතන්තරවාදෙට විරුද්ධයිනෙ ප්රජාතන්තරවාදෙන් රටක ඹක්කොම ප්රස්න විසදන්න බැහැ ප්රජාතන්තරවාදයට අර්ථකථනයක් තියනව ප්රජාතන්තරවාදය යනු බූරුවන් විසින් තම පාලනය නරින්ට භාර දීමක් වැනිය කියල

Saturday, August 26, 2017

නුවර හෝටලය - හිගුරක්ගොඩ

 නුවර හෝටලය - හිගුරක්ගොඩ
මතුගම කලාපයේ විදුහල්පතිවරුන්ගෙන් 1994 අධ්‍යාපන පරිපාලන විභාගය සමත්වුනේ මම විතරයි පත්වීම ලැබුනේ හිගුරක්ගොඩ ට ඉතින් මම එහේ විද්‍යා අධ්‍යක්ෂ ගිය අලුත ටික කාලයක් වික්ටර් අයියලගෙ ගෙදර නතරවුනා පස්සෙ ඉස්කෝලෙක ගුරු නිවාසයක නතරවුනා ඹින තරම් ගුරු නිවාස තියනව අහන පරක්කුවෙන් ගන්න පුලුවන්වුනා ඉතින් මම ඒකෙ නතරවෙලා රජකාරි කටයුතු කලා හුගක් දවස්වලට දවල්ට කෑවෙ හිගුරක්ගොඩ නුවර හෝටලය කියන කඩෙන් කෑම කොචිචර හොදද කියනවනම් අදටත් නම මතකයි   

Wednesday, August 23, 2017

සං දේශණාව

සං දේශනාව බුදුරජානන්වහන්සේ විසින් විවිධ අවස්ථා වලදී විවිධ දේශනාවන්හි දේශනා කර ඇති
ඉතා උතුම් බුද්ධ දේශනාවකි
අනේක ජාති සං සාරං - සං දා විස් සං අනිබ්බි සං ගාථාවේ සං යන පදය හත් වාරයක් අඩංගුව ඇත
සං සාර සාරෝඝ විණීත ණී සං ආදී ගථා තුනෙහි සං යන පදය විසි හතර වාරයක් අඩංගුව ඇත
සං යන වචනයේ තේරුම එකතු කිරීම රැස් කිරීම යනුයි
සං සාර ගමන යනු මුලාවීමෙන් නොවටිනා අසාර දේවල් සාරයි ශූභයි යනුවෙන් එකතුකරමින් යන ගමනයි
සද්ධර්මය තේරුමි ගැනීමට සංදේශණාව ධර්මය තේරුමිගෙන තිබීම අවශ්‍යය

සිංහල රාජ්‍යත්වයේ උරුමය

සිංහල ද්වීපය රාජ්‍යත්වයේ උරුමය
සිංහල රාජ්‍යය කීපවාරයක්ම බුද්ධ ශාසනයට පූජාකර ඇත්තේය
1 දෙවන පෑතිස් රජ කි පූ 250 - 210 ලක් රජය ශ්රී මහා බොධියට පූජා කර ඇත්තේය
2 දුටු ගැමුණු රජ කි පූ 161 - 137 පස් වාරයක් ලංකා රාජ්‍යය බුද්ධ ශාසනයට පූජා කර ඇත්තේය
3 සිරිමෙවන් රජ කි ව 303 - 331 ලංකා රාජ්‍යය ශ්රී දළදා වහන්සේට පූජා කර ඇත්තේය
4 පලමුවන මුගලන් රජ කි ව 495 - 512 සොහොයුරු කාශ්‍යප පරදවා ලංකා රාජ්‍යය සංකේතය වූ ධවල ඡත්රය මහා සංඝයාට පූජාකර ඇත සංඝයා වහන්සේ විසින් එය නැවත රජු වෙත දී ඇත
5 දෙවන අග්බෝ රජ කි ව 608 - 618 ථූපාරාමය පිළිසකර කර ලංකා ද්වීපය එම ථූපයට පූජාකර ඇත
මේ අනුව ලංකා ද්වීපය සිංහල ද්වීපය ධර්ම ද්වීපය වන්නේය
රාජ්‍යය උරුමය ඇත්තේ බුද්ධ ශාසනයට වන්නේය

නව රජයක්

නවීන ලෝකයේ රාජාණ්ඩු ක්රමය අසාර්ථකයි හොද රජවරු සොයා ගැනීමට අපහසු නිසා සමාජවාදී ක්රමය අසාර්ථකයි සැබෑ මිනිස් ස්වභාවය පුද්ගලික අයිතියට කැමතිබව නිසා ප්රජාතන්ත්ර ක්රමය ප්රශ්ණ සහගතයි අඩුපාඩු සහිතයි නමුත් තියාගෙන ඉන්නවා වෙන ක්රමයක් නැති නිසා දෙමුහුන් ආංඩුවක් හැදුවොත් නරකද පක්ෂපාට නැති විද්වත් සභාවකුත් මුහු කරගෙන

උඩකැන්දවල සිරි සරණංකර හිමි

පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි
- 1902 - 1966
1902 - 01- 07 උපන් දිනය ගිහිනම රං බණ්ඩා ගම හිරියාල උඩකැන්දවල
1916 පැවිදිවීම
1921 අප්රේල් - ධර්ම ප්චාරය සදහා අනගාරික ධර්මපාලතුමා සමග ඉන්දියාවට යාම
1921 - ශාන්ති නිකේතනයට ඇතුලුවීම එහි ඉගෙනුම ලබන අතරේ ලංකාවෙි පුවත්පත්වලට දේශාණුරාගී ලිපි සැපයීම
1930 - ලංකාවට පැමිණ ලක්වැසියන්ගේ පරගැතිභාවය දුරු කිරීමට අපේගම පොත ලිවීම
1931 - ලන්ඩන් මැට්රික්‍යුෙලේෂන් විභාගය සමත්වීම
1932 - ඉන්දීය නිදහස් සටන වෙනුවෙන් සිර භාරයට පත්වීම වසර හතරක් සිරකර තැබීම අදුරු කාමරයක සිරකර තැබීම නිසා ඇස් දුර්වලවීම බැරිබැරි රෝගයෙන් පෙලීම
1936 - සිරෙන් නිදහස් කර නැවත ඉන්දියාවට නොඑන ලෙස අණකර ලංකාවට එවීම
1936 - ලංකා සමසමාජ පක්ෂය සමග එක්වීම
1937 - සමසමාජ ක්රමය ලංකාවට වුවමනා මන්ද පොත ලිවීම
1942 - මහරජුට අපහාස කිරීම සහ ලංකාවේ යටත් වැසියන් නොමග යැවීම චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරභාරයට පත්කිරීම වසර දෙකක් සිරභාරයේ සිටීම සිරභාරයේ සිටින කාලයේදීත් චීවරය ඉවත්කරන්නට ඉඩ නොදීම
1944 - සිරභාරයෙන් නිදහස්වීම
1957 - ලෙනින් සාම ත්‍යාගයෙන් පුදනු ලැබීම
1966 - අපවත්වීම
මූලාශ්රය - සටනක සටහන් - දයාවංශ ජයකොඩි ප්රකාශණ සමාගම