Thursday, August 31, 2017

නිදහස් අධ්‍යාපනය දියුණු කිරීම

නිදහස් අධ්‍යාපනය දියුණු කිරීම
76 - සිට උසස්පෙල භෞතික විද්‍යාව උපගුරු
94 සිට 99 දක්වා 1 ශ්රේණියේ විදුහල්පති
99 සිට 2010 දක්වා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක
සියලු තනතුරු රජයේ තරග විභාග සමත්වීමෙන්
අධ්‍යාපනය හිතපු විදිහට දියුණු කරන්න පුලුවන් වුනාද
නැහැ
ප්රදාන හේතුව මොකක්ද
තියෙන ආකෘතියට අනුව ඉන්නට සිදුවීම
ඉහළින් ඉන්න අය වැඩිදෙනෙක් කවදාවත් ඉස්කෝලෙක උගන්නල තියන අය නොවීම අධ්‍යාපනය ගැන නොදන්න ආයතන සංග්රහයට වැද වැද ඉන්න රාජ්‍ය පරිපාලන සේවයෙ අයවීම උපාධි විතරක් තියන අයවීම අධ්‍යාපනය ගැන නොදන්න ඇමතිල සතුටු කරන්න හදනඅය වීම පිටරටවල ආකාරයන් මෙහෙ කරන්න හදන පිටරටවල්ම අගය කරන අයවීම ආදිය ඒ අය කියනවැඩ කරන්නවීම
එම ආකෘතිය වෙනස් කරන්න බලයක් නැතිවීම
ඡන්දෙ ගන්න මිනිස්සු රවට්ට ගන්න නිදහස් අධ්‍යාපනය පවත්තගෙන යනව මිසක් ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් රටේ උසස් සමාජයේ අයට නොතිබීම
අදටත් ඒක එහෙමම තමයි අදනම් හුගක් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුනුත්
කවදාවත් ඉස්කෝලෙක උගන්නල නැති අය විවෘත විභාගයෙන් ආපු අය
තනතුර අධ්‍යක්ෂ වුනාට ඒ අය ඉන්නෙ ගුරුවරුන්ට බයෙන් කාර්යාලෙ ලිපිකරුවන්ට බයෙන් ඒ අයට හරියාකාරව පලපුරුදු ගුරුවරයෙකුට කතා කරන්නවත් බැහැ විෂයය කරුණු සම්බන්ධව කථා කලොත් ඉතින් ඹය වැඩිපුර නිවාඩු ගන්නෙ මොකද වගේ කාරණයක් ගැන තමයි දෙන උපදෙසුත් හරියට අර ලමයි හම්බුවෙලා නැති අය ලමයි හම්බුවෙන අයට ලමයි හම්බුවෙනහැටි ගැන කියල දෙන උපදෙස් වගේ ගැලපෙන්නෙ නැතිලු


හොදයි බලය ලැබුනොත් මොනවද මුලින්ම කරන්නෙ
1 අටෙන් ඉහළ සියලුම පන්ති වලට හවස් වරුවෙ හොද වෘත්තීය අධ්‍යාපනයක් ඇති කරනව
ඒ සදහා වෙනම තාක්ෂණික ගුරු මණ්ඩල ඇති කරනව
2 රටේ සියලුම පාසල් ලමුන්ට 1 වසරෙ ඉදල සිංහල උගන්නන්න කටයුතු කරනව සියලුම
ලමයින්ට 1 වසරෙ ඉදල 13 වසර දක්වාම සැබෑ බුද්ධ ධර්මය උගන්නන්න කටයුතු
කරනව බුද්ධ ධර්මය විෂය උගන්නන කාලය සතියට කාල පරිච්ඡේද පහක් කරනව
3 රජයේ සියලු රැකියා සදහා අපොස සිංහල බුද්ධ ධර්මය සමත්වීම අනිවාර්ය කරනව
4 සියලුම පාසල් මිශ්ර පාසල් කරනව
5 සියලුම සමාගම් පාසල් අවලංගු කරනව
6 ආර්ථික දුෂ්කරතා ඇති ලමුන්ට ආධාර වැඩ පිළිවෙලක් ඇති කරනව
7 උසස්පෙල පන්ති වලට උසස්පෙල පමණක් වෙනම පාසල් ඇති කරනව
8 උසස්පෙල විභාගය සිංහල මාධ්‍ය පමණක් කරනව
9 සියලුම අධ්‍යක්ෂකවරු විදුහල්පතිවරු අව්රුදු තුනකට වරක් අව්රුද්දක් උපගුරු කරනව
10 සියලුම විෂය අධ්‍යක්ෂවරු ගුරුවරු තමන්ගෙ විෂයට අදාලව අපොස විභාග වලට
පෙනී සිටින්නට සලස්වනව අසමත්වන අයට වැටුප් වර්ධක නතර කරනව
11 ගුරුවරයෙක් වශයෙන් අව්රුදු පහක සේවා කාලයක් තිබීම
අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ සියලු පරිපාලන තනතුරු සදහා අනිවාර්ය කරනව
12 පාසල්වල සිටින ගුරුවරුන්ට අමතරව එදිනෙදා සේවා අවශ්‍යතාවය අනුව සේවයේ
යොදවන අමතර ගුරුපිරිසක් ඇති කරනව
තව හුගක් වැඩ තියනව කරන්න
මේකෙ තියන සමහර ඒව ප්රජාතන්තරවාදෙට විරුද්ධයිනෙ ප්රජාතන්තරවාදෙන් රටක ඹක්කොම ප්රස්න විසදන්න බැහැ ප්රජාතන්තරවාදයට අර්ථකථනයක් තියනව ප්රජාතන්තරවාදය යනු බූරුවන් විසින් තම පාලනය නරින්ට භාර දීමක් වැනිය කියල

No comments:

Post a Comment