Wednesday, August 23, 2017

උඩකැන්දවල සිරි සරණංකර හිමි

පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි
- 1902 - 1966
1902 - 01- 07 උපන් දිනය ගිහිනම රං බණ්ඩා ගම හිරියාල උඩකැන්දවල
1916 පැවිදිවීම
1921 අප්රේල් - ධර්ම ප්චාරය සදහා අනගාරික ධර්මපාලතුමා සමග ඉන්දියාවට යාම
1921 - ශාන්ති නිකේතනයට ඇතුලුවීම එහි ඉගෙනුම ලබන අතරේ ලංකාවෙි පුවත්පත්වලට දේශාණුරාගී ලිපි සැපයීම
1930 - ලංකාවට පැමිණ ලක්වැසියන්ගේ පරගැතිභාවය දුරු කිරීමට අපේගම පොත ලිවීම
1931 - ලන්ඩන් මැට්රික්‍යුෙලේෂන් විභාගය සමත්වීම
1932 - ඉන්දීය නිදහස් සටන වෙනුවෙන් සිර භාරයට පත්වීම වසර හතරක් සිරකර තැබීම අදුරු කාමරයක සිරකර තැබීම නිසා ඇස් දුර්වලවීම බැරිබැරි රෝගයෙන් පෙලීම
1936 - සිරෙන් නිදහස් කර නැවත ඉන්දියාවට නොඑන ලෙස අණකර ලංකාවට එවීම
1936 - ලංකා සමසමාජ පක්ෂය සමග එක්වීම
1937 - සමසමාජ ක්රමය ලංකාවට වුවමනා මන්ද පොත ලිවීම
1942 - මහරජුට අපහාස කිරීම සහ ලංකාවේ යටත් වැසියන් නොමග යැවීම චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරභාරයට පත්කිරීම වසර දෙකක් සිරභාරයේ සිටීම සිරභාරයේ සිටින කාලයේදීත් චීවරය ඉවත්කරන්නට ඉඩ නොදීම
1944 - සිරභාරයෙන් නිදහස්වීම
1957 - ලෙනින් සාම ත්‍යාගයෙන් පුදනු ලැබීම
1966 - අපවත්වීම
මූලාශ්රය - සටනක සටහන් - දයාවංශ ජයකොඩි ප්රකාශණ සමාගම

No comments:

Post a Comment