කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම සිල් පදය සම්බන්ධව විමර්ශණයක්
එය පස්වන සිල්පදයයි
තමන් බෞද්ධ යයි කියාගන්නා බොහෝ අය කාමයේ වරදවා හැසිරීම විස්තරකරන්නේ අනුන්ගේ භාර්යයාවන් සේවනය කිරීම වරදකි යන ආකාරයට වෙයි
එහි වරදක් නැත
නමුත් එය ඊට වඩා වැඩි අර්ථයෙන් යුක්තබව ඇතැම් අය විසින් විස්තරකරනු ලබයි
එහිදී කාමයේ වරදවා හැසිරීම යන්න විස්තරවන්නේ නීත්‍යානුකූලව තමන්ට අයිති නැති කාමවස්තු සේවනයයි
දෙමව්පිය භාරකාරාදීන්ගේ භාරකාරත්වය යටතේ සිටින ඔවුන්ගෙන් යැපෙන ඔවුන් විසින් රකින වයසින් අඩු ලාබාලයින් සේවනය කාමයේ වරදවා හැසිරීමක් වෙයි
එමෙන්ම අනුන් විසින් රකිනා නඩත්තුකරන අනුන්ගේ භාර්යයාවන් සේවනය කොහොමත් කාමයේ වරදවා හැසිරීම වෙයි
එමෙන්ම තමන්ට නීත්‍යානුකූලව පාවා නුදුන් අනුන් විසින් රකිනා ස්ත්‍රීන් සේවනයද කාමයේ වරදවා හැසිරීමවෙයි
එනමුත් කාම වස්තු යනු ඒවා පමණක් නොවෙයි
රාජකාරි කටයුතු සඳහා ලබාදී ඇති කාර්යාලීය ටැලිපෝනයෙන් තමන්ගේ පුද්ගලික ඇමතුම් ගැනීමද කාමයේ වරදවා හැසිරීමක් වෙයි එමෙන්ම එය සොරකමක්ද වෙයි
රාජකාරි කටයුතු සඳහා ලබාදී ඇති කාර්යාලීය ලිපි කඩදාසි තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට ගැනීමද කාමයේ වරදවා හැසිරීමවෙයි එමෙන්ම එය සොරකමද වෙයි
කාර්යාලයේ වෙනත් සේවකයෙකු ප්‍රධානියාගේ අසුනේ වාඩිවීම පරිහරණය ආදියද කාමයේ වරදවා හැසිරීමවෙයි
ඒ අනුව තමන්ට අයිති නැති කුමන දෙයක්වුවද අනවසරයෙන් භුක්ති විඳීම කාමයේ වරදවා හැසිරීමක් වෙයි
ඔව්
ReplyDelete