අද මැරබලය
නැති ධන බලය නැති කෙනෙකුට ඡන්දයට ඉදිරිපත් විය නොහැක
ඉදිරිපත්වුවත්
දිනිය නොහැක
වර්තමානයේ බොහෝදෙනෙකු කියන කථාවක් වන්නේ අපේරටේ දේශපාලන අය ඉතා
අයහපත් බවයි එයට විසදුමක් වශයෙන් ඔවුන් කරන්නේ ඊලඟ ඡන්දයේදී වෙනත් දේශපාලන අයෙකුට
ඡන්දය දීමයි නමුත් කිසිදු විසඳුමක් ඉන්
ලබන්නේ නැත
මෙයට විසඳුම වරින්වර
අයහපත් දේශපාලන අය මාරුකිරීම පමණක් නොවන බව අපගේ ඡන්දදායකයින් බොහෝදෙනෙකු තවම තේරුම්ගෙන නැත
දේශපාලන අය
අයහපත්වී ඇත්තේ අපේ රටේ ඔවුන්ට ඇති අසීමිත බලතල සහ වරප්‍රසාද නිසාවෙයි පත්වීම්
මාරුවීම් කොන්තරාත් බලපත්රලබාදීම් ආදී
සෑමදෙයකටම ඔවුන්ගේ නිර්දේශය අවශ්‍යව ඇත එය
අවශ්‍යවන ආකාරයට පද්ධතිය සකස්කර ඇත
දේශපාලන අය යහපත් කල හැක්කේ කලහැක්කේ මෙම
අසීමිත බලතල ඔවුන්ගෙන් ඉවත් කිරීමෙනි ඔවුන් ප්‍රතිපත්ති සැපයීම ඇතුලු බලතල පමණක් ලබාදීමෙනි
නමුත් මෙය කිරීමටහැක්කේ කෙසේද මෙය කලහැක්කේ
දේශපාලන බලය සහිත අයට පමණි වර්තමාන තත්වය යටතේ කව්රුන් විසින් මෙය කරාවිදැයි
සිතන්නට නොහැකිය මෙය කල සැනින් දැන් රටේ පවතින දූෂිත දේශපාලනය බොහෝ දුරට අවසන්ව රට
දියුණ්වට පත්වනු ඇත
මෙය කලහැක්කේ කෙසේද
No comments:
Post a Comment