Thursday, March 28, 2019

ත්රිපිටකයේ මුල් අයිතිය ඇත්තේ කුමන රටකටද








දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂයෙන් පසුව ලංකාවේ සිටි මහ තෙරුන්වහන්සේලා විසින් එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය මාතුල අලුලෙනෙහිදී ග්රන්ථාරූඩ කරන ලදැයි ඉතිහාසයේ සදහන්ව ඇත

 එසැනින් ප්රශ්ණයක් ඇතිවේ

ප්රශ්ණ අංක 1 - එනම් එම මාතුල අලුලෙන වර්ථමානයේ ඇති මාතලේ අලුවිහාරයද එසේ නැතහොත් කෑගල්ලට නුදුරුව ඇති මාතුල අලුලෙනද යන්නයි

දෙපාර්ශ්වයම විසින් තමුන්ගේ පැත්ත නිවැරදි බවට කරුණු දක්වන බැවින් නිශ්චිත පිළිතුරක් නැත

ඉන්පසුව ඇතිවන ප්රශ්ණය වන්නේ ප්රශ්ණ අංක 2 -මහතෙරුන්වහන්සේලා විසින් එසේ ත්රිපිටකය ග්රන්ථාරූඩ කලේ හෙලබසින්ද නැත්නම් පාලියෙන්ද යන ප්රශ්ණයයි

ඇතිවන තවත් ප්රශ්ණයක් වන්නේ ප්රශ්ණ අංක 3 -බුදුරජානන් වහන්සේ ධර්මය දේශණා කර ඇති මාගදී භාෂාව සහ හෙල භාෂාව සහ පාලි භාෂාව අතර ඇති සම්බන්ධය කෙබදුද යන්නයි

එයටද නිශ්චිත පිලිතුරක් නැත

මිහිදු හිමියන් ලංකාවට එනවිට පාලි ත්රිපිටකයද රැගෙන ආ බව කොටසක් කියයි

එය එසේනම් පාලි ත්රිපිටකයේ අයිතියක් ලංකාවට නැත

එම දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂසමයේ දිවිරැක ගැනීම සදහා සමහර තෙරුන්වහන්සේලා ඉන්දියාවට ගොස්  ඇති අතර කොටසක් ලංකාවේම රැදී සිට ඇත මාතුල අලුලෙනෙහිදී ත්රිපිටකය ග්රන්ථරූඩ කර ඇත්තේ එම බැමිණිතියාසාය මහා දුර්භික්ෂය අවසන්වීමෙන් පසුවය එම කාලයේ ඉන්දියාවට ගොස් සිටි තෙරුන්වහන්සේලාද නැවත ලක්දිවට පැමිණ තමතමන් දරා සිටින ත්රිපිටක ධර්මය නැවත ලංකාවේ සිටි තෙරුන්වහන්සේලා සමග ගලපාබලා ඇත එමගින් ත්රිපිටකය නිවැරදිව ආරක්ෂාවී ඇති බව පසක් කරගෙන ඇත අනාගත ආරක්ෂාව සදහා ත්රිපිටකය ග්රන්ථාරූඩකර ඇත්තේ ඉන් පසුවය

එවකට පාලි ත්රිපිටකයක් ඉන්දියාවේ තිබුනේ නම් දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂසමයේ  ඉන්දියාවට ගොස් ලංකාවේ දුර්භික්ෂය අවසන්ව යනතුරු වර්ෂ ගණනාවක් එහි සිටි මහතෙරුන්වහන්සේලා නැවත ලංකාවට ඒමේදී එය මෙරටට රැගෙන  නොඑන්නේ නැත එය එසේවූයේ නම්  එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය නැවත හෙලබසින් ග්රන්ථාරූඩ කරන්නට අවශ්‍යවන්නේ නැත කලයුතුව තිබුනේ එම පාලි ත්රිපිටකය හෙලබසට හැරවීම පමණක් බැවිනි


එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය වලගම්බා රජ දවස මාතුල අලුලෙනෙහිදී හෙල බසින් ග්රන්ථාරූඩ කරන ලදැයි කියන අය කියන්නේ එසේ හෙලබසින් ලියූ ත්රිපිටකය එකක් රන්පත් මතද අනෙක පුස්කොලපත් මතද ලියූ බවයි රන්පත්මත ලියූ ත්රිපිටකය ගල්ලෙනක් තුල නිධන්කල බවයි පුස්කොලපත්හි ලියූ ත්රිපිටකය මාතුල අලුලෙනෙහි තිබුන බවයි

බුද්ධඝෝෂ ස්වාමීන්වහන්සේ ලංකාවට පැමිණ ඇත්තේ හෙල බසින් ලියා තිබූ හෙල අටුවා පාලියට පරිවර්තනය කිරීම සදහා බවයි

පසු කාලයේදී මහවිහාරය සතුව තිබූ ඇතුන් හත්දෙනෙකුගේ බරින් යුතු ධර්ම ග්රන්ථයන් රාශියක් විනාශකර මහවිහාරයද විනාශකර එම භුමියෙහි උදු වපුරනු ලද බවයි

එහිදී කෑගල්ලේ මාතුල අලුලෙනෙහි තිබුන පුස්කොලෙහි ලියනලද ත්රිපිටකය ආරක්ෂා වූ බවයි

එමෙන්ම අභයගිරියෙහි තිබුන හෙලඅටුවා පොත් ද ආරක්ෂාවූ බවයි

පසුකාලයෙහි කෑගල්ලේ උප දිසාපතිව සිටි ජෝර්ජ් ටර්නර් විසින් මාතුල අලුලෙනෙහි තිබුන පුස්කොලෙහි ලියනලද ත්රිපිටකය එංගලන්තයට රැගෙන ගිය බවයි

ඒ අනුව කරුණු සලකා බලනවිට පෙනීයන්නේ මාතුල අලුලෙනෙහි තිබූ පුස්කොලපත්හි ලියනලද ත්රිපිටකය එංගලන්තයේ ආරක්ෂිතව තිබිය යුතු බවයි එය හෝ නොඑසේනම් එහි පිටපතක් හෝ නැවත මේ රටට ගෙන ආ හැකිනම් එය අගනා කටයුත්තක් බවයි


එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය වලගම්බා රජ දවස මාතුල අලුලෙනෙහිදී හෙල බසින් ග්රන්ථාරූඩ කරන ලදැයි ගනිමු එවිට නැවතත් ප්රශණයක් ඇතිවෙයි

ප්රශ්ණ අංක 4 -එනම් එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය ග්රන්ථාරූඩ කරනලද්දේ හෙලබසින් නම් අද පවතින පාලි ත්රිපිටකය මුලින්ම ලිව්වේ කව්රුන්ද යන ප්රශ්ණයයි

මේ කිසිදු ප්රශ්ණයකට නිශ්චිත පිලිතුරක් නැත

ලෝකයේ ත්රිපිටක සංස්කරණ ගණනාවක්වෙයි පාලි ත්රිපිටකය සියම් ත්රිපිටකය  බුරුම ත්රිපිටකය පාලිපොත් සමාගමේ ඉංග්රීසි ත්රිපිටකය ආදී වශයෙනි


සිංහල ත්රිපිටකද බුද්ධජන්ති ත්රිපිටකය නැදිමාල ත්රිපිටකය මහමෙව්නා ත්රිපිටකය ආදී වශයෙන් කීපයක් වෙයි
ජාතික උරුමයක් කලේ කොයි ත්රිපිටකයදැයි හරියාකාරව දැනගන්නට නැත නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්තානයේ අධ්‍යක්ෂක කිරම විමලජෝති ස්වාමීන්වහන්සේ සිංහල ත්රිපිටකයේ පරිවර්තන අඩුපාඩු ඇතිබව පසුකාලයේ  පිලිගන්නා ලදී

කෙසේ වෙතත් මේ සියලු ත්රිපිටක ග්රන්ථයන්හි මූල ත්රිපිටක ග්රන්ථය වන්නට ඇත්තේ පාලි ත්රිපිටකයයි පාලි ත්රිපිටකය අදටත් නිරවුල්ව තිබීම සමස්ථ ලෝකවාසීන්ගේ භාග්‍යයකි

පාලි ත්රිපිටකයේ මුල් අයිතිය ඇත්තේ කුමන රටකටදැයි නිශ්චිතව කිව නොහැක්කේ මෙහි සදහන්ව ඇති ප්රශ්න වලට නිශ්චිත පිලිතුරු නොමැති බැවිනි


2 comments:

  1. වැදගත් ප්‍රශ්නෙ, ත්‍රිපිටකේ සම්පූර්ණයෙන්ම ඇත්තේ බුදුන් දෙසූ දහම ම ද?

    ReplyDelete
  2. මේ කරුණු ගැන ඉස්සර අයත් මෑත කාලෙ අයත් විස්තර දක්වල තියනව එක එක කරුණු ඉදිරිපත් කරල තියනව
    බුද්ධධර්මය කියන්නෙ සිතේ ඇති රාගබව ද්වේශ බව මෝහබව උදුරා දමන මාර්ගයයි යම් කිසි සූත්රයක තිබෙන්නේ රාගබව ද්වේශබව මෝහබව උදුරා දැමීමට හේතුවන කරුණු නම් එය බුදුරජානන් වහන්සේ දේශණා කල බුද්ධධර්මයයි රාගයෙන් විරාගයට ද්වේශයෙන් අද්වේශ්‍යට මෝහයෙන් අමෝහයට යන මග කියනවනම් එය බුද්ධ දේශණාවයි
    සංගායනාවන් කෙරිල තියෙන්නේ මහරහතන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් එබැවින් එහිදී අනවශ්‍ය දේවල් ධර්මය යනුවෙන් ඉදිරිපත්කරන්න හැකිවන්නේ නැහැ වර්තමාන අධ්‍යාපන ක්රමය අනුව හුගක් අය යොමුවන්නේ ග්රන්ථධූරය පිරීමටයි එයත් යම් ප්රමාණයකට අවශ්‍යයි නමුත් වඩා අවශ්‍යවන්නේ විපස්සනාධූරය පිරීමයි බව උදුරා දැමීමට අවශ්‍ය නිර්මල බුද්ධධර්මය පාලි ත්රිපිටකයේ අන්තර්ගතයි අවශ්‍යවන්නේ එය දැණ ඉගෙන භාවිතා කිරීමයි දැනසිටීම පමණක් ප්රමානවත් වන්නේ නැහැ ඵල ලබන්න නම් ප්රායෝගිකව භාවිතා කල යුතු වෙනව සැබෑ සද්ධර්මය අසා දැන ඉගෙන එසේ භාවිතා කරනවිට මෙය බුද්ධ දේශණාවක්ද නැද්ද යන කාරණය ණයවිනයට බහා ගලපා බලා හේතුඵල දහමට බහා ගලපා බලා තමුන්ටම තේරුම් ගන්න පුලුවන්වෙයි බුදුරජානන්වහන්සේ නමක් පර්යාප්ති ශාසනය ප්රතිපත්ති ශාසනය සහ ප්රතිවේද ශාසනය සදහා ධර්මය දේශණා කරනව
    බුදුරජානන් වහන්සේ නමක් දේශණා කල සුත්රමෙන්ම උන්වහන්සේ විසින් අනුමත කල සූත්රත් බුද්ධ දේශණාවට අයත් වෙනව

    ReplyDelete