බඹරගල රජ මහා විහාරය වන්දනාව - 20-02-2019
බඹරගල රජ මහා විහාරයට යාමට තෙල්දෙනිය දිගන හන්දියේ සිට කිලෝමීටර තුනක් හතරක් පමණ යායුතුවේ
බමරගල කන්ද නගිනවිට මෙන්ම බහිනවිටද එහි ඇති ගස්වැල් ඇල්ලීමට සිදුවේ සමහර ගස්වල වැල්වල කටු ඇත එබැවින් අවශ්‍යවුවහොත් ගැනීමට ප්ලාස්ටර් රෝලක් රැගෙනයාම ප්රෝජනවත්වෙයි
බුදුරජානන්වහන්සේ වැඩවාසය කලේ ඉන්දියාවේ නොව ලංකාවේ කියන අය කියන්නේ සිදුහත් කුමාරෝත්පත්තිය සිදුව ඇත්තේ බඹරගල බවයි
මෙහි ඇති ඉන්ද්රසාල ගුහාව සක්කපඤ්හ සූත්රයේ සදහන්ව ඇති බුදුරජානන්වහන්සේ වැඩසිටි ඉන්ද්රසාල ගුහාව බවයි
මෙහි ඇති එම ගුහාව සතර දෙසින් වඩින ශ ග ශ මහා සංඝයා වහන්සේ වෙත සගසතුකර පූජා කරනලද ඉන්ද්රසාලගුහාව බව දැක්වෙන සෙල්ලිපියක් එම ලෙනෙහි ඇත
මෙම ස්ථානයට සංචාරකයන් ගෙන්වාගැනීම ආදිය ගැන පන්සලේ එතරම් උනන්දුවක් ඇතිබවක් නැත
එක්නැලිගොඩ ඇතුළු නිළමේ වරු කීප දෙනෙකු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇල්ලීමට ඉංග්‍රීසීන් සමග ගිය කාලයේ රඹුක්වැල්ලේ හිමියන් බඹරගල විහාරයේ සිට දළදා වහන්සේ රැගෙන යළි සැඟව ඇත
මේ බව මතුගම සෙනෙවිරුවන්ගේ ලිපියක http://seneviruwan.blogspot.com පහත සදහන් ආකාරයට සදහන්කර ඇත ...........
මේ නිසා දළදා වහන්සේ රැක ගැනීම පිළිබඳව රඹුක්වැල්ලේ හිමියන්ට තිබූ කැක්කුම සුවිශේෂී තැනක විය.ශ්‍රී ශකරාජ වර්ෂයෙන් එක්වා දහස් සත්සිය තිස්හය නොහොත් ක්‍රිස්තු වර්ෂයෙන් 1814 වැන්නේ දී මෙම රඹුක්වැල්ලේ ස්වාමීන් වහන්සේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රැගෙන මැද මහනුවරට ගිය බව පැවසේ. ඒ වන විටත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිය ආරක්ෂාව පතා මැදමහනුවර මාළිගයට පිටත්ව සිටියේය. නමුත් අධික වර්ෂාව නිසා එතුමාට ගල උඩ මාළිගයට ප්‍රවිශ්ට වීමට නොහැකි විය. ඒ නිසා බිසෝ වරුන් සමග මැද මහනුවර බෝමුරේ ආරච්චි ගේ ගෙදර නවාතැන් ගන්නට සිදු විය. මේ ස්ථානය පිළිබඳව ඔත්තු දැනගත් එක්නැලිගොඩ ඇතුළු නිළමේ වරු කීප දෙනෙකු රජු ඇල්ලීමට ඉංග්‍රීසීන් සමග පිටත් විය. මේ තත්ත්වය ඉවෙන් මෙන් වටහා ගත් රඹුක්වැල්ලේ හිමියන් බඹරගල විහාරයේ සිට දළදා වහන්සේ රැගනෙ යළි සැඟවුණේය. මේ එතැන් සිට 1815 වර්ෂය දක්වා දළදා වහන්සේ රැක ගැනීමට උන්වහන්සේ කළ ජීවිත පරිත්‍යාගමය උත්සාහය ගැන උන්වහන්සේ අතින්ම ලියැවුණු පුස්කොළ ලේඛනයකි එය මල්වත්තේ මහානායක හිමියන්ට ඔප්පු කරලීමට ලියන ලද්දකි..
' ශ්‍රී ශක රාජ වර්ෂයෙන් එක්වා දහස් තිස්හයට පැමිණි මෙම වර්ෂයෙහි දීම කර රවි විසි දෙභාග වූ ගුරු දින රෑ ගෙවී පාන් වන්නට දෙපහමාරට මහනුවරින් දළදා හාමුදුරුවන් බඹරගලේ විහාරෙට වැඩමවා මෙම සිකුරාදා පටන් රඹුක්වැල්ලේ භික්ෂුව වන මා විසින් මාගේ බන්ධු උපාසකවරු ලවා බුද්ධ පූජා පවත්වා මීට තුන් වෙනි සෙනසුරාදා මැදමහනුවර මාළිගාවට වැඩමවා දන්මුළු තැන් තේවාව සිද්ධ කොට මීට සතරවන ඉරිදා බලවර්ධන දිසාව බද තලගුණේ විහාරෙට දළදා හාමුදුරුවන් අප්‍රසිද්ධ ආකාරයෙන් වැඩමවාගෙන රඹුක්වැල්ල භික්ෂුව වන මා විසින් මාගේ බන්ධු උපාසකවරු ලවා මුර ජාම ප්‍රවේශම් කරවා මාළිගාවේ වැඩ පයින්ඩ කරන අයගෙන් එකම කෙනෙක් වත් නැතිව දළදා හාමුදුරුවන් කෙරෙහි වැඩ රාජකාරිය අහර දැහැත් මල් පහන් ගිලන් පස බෙහෙත් බඩු ජාතියෙන් කිසිම අඩුවක් නැතිව පුද පූජා කෙරෙමින්..................
මේ අනුව බඹරගල රජ මහා විහාරය ඓයිතිහාසික වටිනාකමින් යුතු රජමහා විහාරයකි

යන්න ඕනෙ වෙලාවක...
ReplyDeleteපෝය දවසක උදේ වරුවෙ යනවනම් වඩා හොදයි මොකද එවැනි දවස්වල එහි සෙනග ඉන්න නිසා
Delete