Friday, March 1, 2019

ඉස්සර කාලෙ මේව කොහොමද මෙහෙම වෙලා තියෙන්නෙ - අංක 01






                                                                            



ඉස්සර කාලෙ මේව කොහොමද මෙහෙම වෙලා තියෙන්නෙ


බුදුරජානන්වහන්සේගේ බාප්ප කෙනෙක්වන අමිතෝදන රජ්ජුරුවන්ගෙ පුතාවන පාණ්ඩුවාස්‍ය නමැති ශාක්‍යවංශික රජ්ජුරුවන්ගෙ කණිෂ්ඨ දියණිය තමයි භද්දකච්චායන කුමරිය එම භද්දකච්චායන කුමරිය සරණපාවා ගන්න රජවරු තුන්දෙනෙක් සටන් කරල තියනව පිය රජ්ජුරුවො කරල තියෙන්නෙ ඇයව තව ස්ත්රීන් තිස් දෙදෙනෙක් එක්ක නැවකට නංවල හැකි කෙනෙක් ගනිත්වා කියල ගංගානම් ගංගාවෙ පාකරල හරින එක

 ඒ නැව ගංගානම් ගගේ පාකිරීමෙන් පසු දෙවෙනි දවසෙදි ලංකාවෙ ගොණගාමකපටුනට ඇවිත් තියනව ඒ භද්දකච්චායන කුමරියව සරණපාව ගෙන තියෙන්නෙ ලංකාදීපෙ පඩුවස්දෙව් රජ්ජුරුවො
මෙහි ගොණගාමකපටුන කියන්නෙ ත්රිකුණාමලයට ශාක්‍යයො ඉදල තියෙන්නෙ උතුරු ඉන්දියාවෙ කපිලවස්තු පුරයෙ

 අද කපිලවස්තුපුරයට කියන්නෙ BIRTPUR කියලයි ඉතින් මහාවංසෙ කියන ආකාරයට භද්දකච්චායන කුමරිය ඉන්දියාවෙ ඉදල ගොණගාමපටුනට ගග දිගේ පාවෙලා ඇවිත් තියෙන්නෙ දවස් දෙකකින්
එහෙමනම් ලංකාවෙ ගෝනගාමක පටුන තියෙන්න ඹ්න දඹදිව කිඹුල්වත්නුවර ඉදන් ගංගානම් ගග දිගේ දවස් දෙකකින් පාවෙලා එන්න පුලුවන් දුරකින්


උතුරු ඉන්දියාවෙ දිල්ලිය කිට්ටුව තියන කපිලවස්තුපුරයෙ ඉදල එහෙම ගංගානම් ගග දිගේ පාවෙලා ඇවිත් ලංකාවෙ ගොණගාමපටුනට එන්න නම් මුලින්ම ගංගානම් ගගදිගේ පාවීගෙන ඇවිත් ගංගානම් ගග මුහුදට වැටෙන කල්කටාවට එන්න ඹ්න

එහෙම කල්කටාවට ඇවිත් එතනින් මුහුදට වැටිල එතන ඉදල මුහුදු මාර්ගයෙන් එම ගෑණු උදවිය තිසිතුන්දෙනා ඉන්න නාවිකයො නැති යාත්රාව හරියටම ලංකාවෙ ගෝනගාමපටුනට පාවෙලා එන්න ඹ්න

ඒවගේම මහාවංශයෙ මුහුදු ගමනක් ගැන සදහන් වන්නෙ නැහැ එහෙම නම් ගග දිගේ පාවෙලා ඇවිත් විතරක් කොහොමද ගෝණගාමක පටුනට ආවෙ ඉතින් ඉතිහාසයෙ සදහන් මේ කාරණය කොහොමද එහෙම වුනේ
ඒවගේම ගංගානම් ගග දිගේ කල්කටාවට ඇවිත් ගෝණගාමකපටුනට එන්න තියන දුරගැන සලකල බලනවිට මුහුදෙ ඔච්චර දුරක් දවස් දෙකෙන් පාවෙලා එයිද කියන ප්රශ්ණෙ ඇතිවෙනව ඒ වගේම කල්කටාවෙ ඉදල තිරිකුණාමලයට මුහුදෙ හරියටම වරදින්නෙ නැතුව නැවියොත් නැති යාත්රාව ගෝණගාමකපටුනට පාවෙලා එයිද කියන ප්රශ්ණය ඇතිවෙනව

නාවික රැකියා කරපු නාවික කටයුතු ගැන දන්න අය නම් කියන්නෙ කවදාවත් එහෙම වෙන්න බැහැ කියලයි නමුත් මෙහෙම වෙලා තියනව ගගදිගේ ආපු භද්දකච්චායනා කුමරිය ලංකාවෙ පඩුවස් දෙව් රජ්ජුරුවො සරණපාවා ගෙන තියනව

ඉතින් කොහොමද මෙහෙම වුනේ
පුලුවන් නම් හරියාකාරව උත්තර දෙන්නකො

***********************
මෙහෙම වෙන්න පුලුවන් ක්රමයක් තියනව ඒක හරියටම හරියනව
ඒක තමයි අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හාමුදුරුවන් කියන විදිහට ඉස්සර කපිලවස්තුපුරය වන තෙල්දෙණිය හරියෙන් නැව මහවැළි ගගට දැම්ම නම් නැවියො නැතත් නියමෙටම දවස්දෙකෙන් ත්රකුණාමලයට ගෝණගම්තොටට පාවෙලා එනව මුහුදු ගමනක් ගැන ඉතිහාසයෙ ලියල නැති එකත් හරියටම හරි යනව බඹරගල ජම්බුද්දීපයෙ ඉදල දවස් දෙකෙන් ගග දිගේ ලංකාද්වීපයට එනව ඉතිහාස කතාව හරියටම හරියනව

 ඒ වුනාට ඉස්සර ජම්බුද්දීපය කියල තියෙන්නේ හෙලද්වීපයෙ එක හරියකටය කියන කතාව හරිද කියන ප්රශ්ණය එනව

No comments:

Post a Comment