බොහෝ නගර වලට යන පිටස්තර අය මුදල් නොගෙවා මුත්‍රා කලහැකි අහුමුළු ගැන දන්නේ
නැත. එබැවින් ඔවුන්ට මුත්‍රා කිරීමට අවශ්‍යවූ විට රු 20 ක් ගෙවා ප්‍රසිද්ධ
වැසිකිලියකට යාමට සිදුවේ. නගරය ගැන දන්නා අය මුදල් නොගෙවා මුත්‍රා කලහැකි අහුමුළු
දන්නා බැවින් ඔවුන්ට එසේ මුදල් වැයවන්නේ නැත. එබැවින් මෙසේ මුදල්වැයකිරීමට
සිදුවන්නේ නගරයෙන් පිටතින් එන අයටය.
සමහරවිට බස් රථ පැමිනෙන්නේ ප්‍රමාදවීබැවින් කීපවරක් මුත්‍රා කිරීමට අවශ්‍ය
වේ. දෙසැරක් මුත්‍රාකිරීමට සිදුවුවහොත් වැයවන මුදල රු 40 කි. විවිධ ආකාරවලින් නගරසභා අයකරගන්නා බදු මුදල්වල හැටියට නගරයේ
මුදල් අය නොකරන වැසිකිලියක් පවත්වාගෙන යාමට නොහැකි ඇයිද යන්න ප්‍රශ්ණයකි.
දිනකට පැමිණෙන අය සාමාන්‍යයෙන් 100 ක් පමණ වන එක වරකට රු 20 ක් අයකරන වැසිකිලියක්
ගැන සැලකුවහොත් එහි දවසක ආදායම රු 2000 ක් වේ. මාසික ආදායම රු 60000 ක් පමණ වේ.
වාර්ෂික ආදායම රු 720000 ක් පමණ වේ. සමහර ප්‍රසිද්ධ වැසිකිලි වලට දිනකට පැමිණෙන
පිරිස 100 කට වඩා වැඩිය. එබැවින් ඒවායින් උපයන මුදල මෙයට වඩා බෙහෙවින් වැඩිය. සමහර
නගර සභාවල වැසිකිලි කීපයක් ඇත.
වැසිකිලි වලින් උපයා ගන්නා මෙම මුදල් ප්‍රමාණය නගර සභාවට නිසියාකාරව වාර්තා
වෙනවාද යන්නද ප්‍රශ්ණයකි.