ශ්රී දළඳා අෂ්ඨක
පෙරහැරේ යන අයද මේවා ගායනා කරමින් යයි
මුණි නන්දන ගුණ රංජන උත්තම බඹ සරණම්
- තෙද නන්වන හස රන්දන අති පූජිත සොබනම්`
- සිරි කැන්දන සුව රන්දන සිරි සම්බුදු වදනම්
- ශ්රී සම්බුදු දළඳ සඳ අභි වන්දන කරනම්
`සංසාරිත භව බන්දන සිඳ බිඳලන තෙදනම්
පින රන්දන දෙවි වන්දන බඹ සේසත පුදනම්
- සෙංකඩගල ජයවර්ධන පුරමන්ගල විමනම්
- ශ්රී සම්බුදු දළඳ සඳ ජින පංජර කරනම්
ජල නන්දන බල රන්දන මුණි කව්මද වරණම්
- මිණි මන්දද තේවා මුර නිති පුද දෙන සරණම්`
- මර බන්දන නැසු පවරැති ගොයුමානං වරණම්
- ශ්රී සම්බුදු දළඳ සඳ ප්රණමාමිත සරණම්`
සුව චන්දන තුවරල් ගඳ විලවුන් හැම පුදනම්
- වැසි කැන්දන සිරිසෙතදෙන උත්තම මුණි වරණම්
- දිසි සඳකැන් සේ රශ්මිත සිරි සෝභිත කිරණම්
- ශ්රී සම්බුදු දළඳ සඳ අභි වන්දන කරනම්
අංගීරස සිල් ගුණදර තපසින් පිරි අභිමන්
- ලුම්බිණි මහ සල් වන මැද මායා මව් කුසනම්
- ` වැඩි සෝබන මහ බෝසත් රදනක සිරි පවසම්
- ශ්රී සම්බුදු දළඳ සඳ අභි පූජිත කරණම්
ගිරි මේඛල වර ගජිඳුන් පිට වසවත් පැමිණෙන්
- වජිරාසන මහ බෝ මැඩ නිර්භය අප මුණිනම්
- ` කම්පිත කර ධරනී මව පලවා හැම මරසෙන්
- ශ්රී සම්බුදු දළඳ සඳ අභිවන්දන කරනම්`
සත් සාගර මහමෙර ගිරි දෙදරා පැන නැගෙනම්
- කුසිනාරා උපවත්තන සුන්දර සල් වන නම්`
- පරි නිබ්බන වැඩි ගෞතම සිදුහත් මහ මුණිනම්
- ශ්රී සම්බුදු දළඳා සඳ ප්රණමාමිත සරණම්`
සිරි සිංහල ලංකාපුර මහ රජ වර අභිදං
- සිරි ගෞතම සාසන වර අති පූජිත නිමලං`
- පන් සහසක වස් තෙද බල පතුරා වැඩ හිඳනම්
- ශ්රී සම්බුදු දාඨා මුණි ප්රණමාමිත සරණම්.
.