Wednesday, January 30, 2019

ස්පෝර්ට් මීට් සෙල්ලම සහ විභාග නාඩගම









ස්පෝර්ට් මීට් සෙල්ලම සහ විභාග නාඩගම

මේ දිනවල හැම පාසලකම පාහේ ස්පෝට් මීට් සෙල්ලම්ය මෙය පටන්ගන්නේ පාසලේ ඇති ලමුන් ඇතුලත්වීම් ලේඛණයේ අංක අනුව පාසලේ තිබෙන නිවාස වලට බෙදීමෙනි උදාහරණ ලෙස ගත්තොත් පාසලේ තිබෙන්නේ නිවාස හතරක් නම් ඇතුලත්වීම් අංකය හතරෙන් බෙදූවිට එකක් ඉතිරිවන්නේ නම් ඒ අය පලමු නිවාසටය දෙකක් ඉතිරිවන්නේ නම් ඒ අය දෙවන නිවාසටය ආදී වශයෙනි

 ඉන්පසු ජේ්‍යෂ්ඨ ගුරුවරු කීපදෙනෙක්ගෙන් යුත් පාසල් ක්රීඩා කමිටුව පත්කරගනු ලැබේ විදුහල්පති නියෝජය විදුහල්පති ක්රීඩාභාර ආචාර්ය ආදීන් වෙනත් කමිටු මොකකටවත් පත්කරන්නේ නැත ඔවුන් පරිපාලන කමිටුව වෙති පොදුවේ සිටිති 

ඉන්පසු සමබර වනසේ ගුරුවරුන් නිවාස වලට බෙදනු ලැබේ ඉන්පසු නිවාස හතරට අයත් ගුරුවරුන් ලමුන් නිවාස වශයෙන් වෙන්වෙන්ව  රැස්ව ක්රීඩා උත්සවයේ වැඩ පටන්ගනු ලැබේ මෙහි මූලික වැඩ රාජකාරි රාශියක් ඇත නිවාස නායක ආචාර්යවරයා පත්කරගත යුතුය නිවාස ක්රීඩා නායක පත්කරගත යුතුය නිවාස ක්රීඩා නායිකාව පත්කරගත යුතුය භාණ්ඩාගාරික පත්කරගත යුතුය මුදල් එකතුකරගත යුතුය හවස ක්රීඩා පුහුණුවට නවතින ගුරුවරුන් නම් නියම කරගත යුතුය කාල සටහනක් සාදාගත යුතුය  වැඩ කෝටියකි

මේ වැඩ යන අතර සෑම වර්ෂයකම සෑම පාසලකම පාසලේ විදුහල්පති විසින් කෙරෙන එක් ප්රධාන කටයුත්තක් වන්නේ එම වර්ෂය සදහා පාසලේ කාලසටහන සාදා නියමිත දිනට පෙර එය කලාප අධ්‍යක්ෂ ලවා අනුමත කර ගැනීමයි එසේ නොකලහොත් පාසලේ විදුහල්පතිට ඒ සම්බන්ධව නිදහසට කරුණු කියන්නට වෙයි පාසලේ සිටින ගුරුවරුන්ට  ඹවුන්ගේ දක්ෂතා හැකියා අනුව වැඩ පවරා පන්ති පවරා ඔවුන්ට නියමිත කාලසටහන් ලබාදී කරන එම වැඩය පාසලක  ඉතා සියුම් ලෙස සහ ඉතා දක්ෂ ලෙස කලයුතු අපූරු වැඩකි තමන් සැදූ කාලසටහනට අනුව අවුලක් නැතුව පාසලේ වැඩ හොදින් කෙරීගෙන යනවිට විදුහල්පතිවරයෙකුට ඇතිවන්නේ මහත් සතුටකි සත්‍ය වශයෙන්ම පාසලේ ප්රධාන නීතිය වන්නේ එසේ සකස්කර අනුමත කරවා ගත් කාලසටහනයි එය සාදන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන විසින් නියම කර ඇති ආකාරයටය එම ආයතන විසින් නිකුත් කර හදුන්වා දී ඇති විෂය නිරිදේශ සම්පූර්ණ වන ආකාරයට අව්රුද්දේ කාලය වාර මාස සති දින ආකාරයන්ට නිසියාකාරව බෙදා සකස් කිරීමෙනි  මෙම කාලසටහන ඉක්මවා කටයුතු කිරීමට පාසලේ කිසිවෙකුටත් බලයක් නැත

 ක්රීඩා උත්සවය සම්බන්ධව පෙර සදහන් කල  මූලික කටයුතු වලින් පසු ඒ ඒ නිවාසයේ ක්රීඩා කටයුතු පටන්ගනු ලැබේ මුලින් ටිකෙන් ටික පටන් ගන්නා ක්රීඩා වැඩ දවසෙන් දෙකෙන් මුලු පාසලම අයිති කර ගනියි උදේ පාසලට පැමිණි ලමුන්  නම් ලකුණු කල ගමන් යන්නේ පිට්ටනියටය ලමයි පොත් අරගෙන එන්නේද නැත නිවාසයේ ගුරුවරුන්ටද  ක්රීඩා උත්සවය පැවැත්වෙන නියමිත දිනට පෙර සම්පූර්ණ කරගතයුතු වැඩ රාශියකි ලමයින්ගේ උප්පැන්න සහතික බලා ලමුන් වයස් අනුව වර්ගකරගත යුතුය මූලික තරග පවත්වා ඒ ඒ තරග සදහා දක්ෂ ලමුන් තෝරාගත යුතුය ඒවා ක්රීඩා කමුටුව මගින් අනුමත කරවා ගත යුතුය අංක ලබාගත යුතුය නිවාසය හැදිය යුතුය  ලමයින්ට පැළද ගැනීමට නිවාස ලාචන සැදිය යුතුය ඉන්ටවල් එකේදී දීමට ආහාර පැකටි බීම හදාගත යුතුය වැඩ කෝටියකි

 ඔය අතර රංඩුද ඇතිවෙයි ක්රීඩා උත්සවයේ  රංඩු ඇතිවන්නේ නිවාස අතර ලමයි ලමයි අතර පමණක් නොවේ ගුරුවරු ගුරුවරු අතරද රංඩු ඇතිවේ ඒ රංඩු වලදී ඉතා දැඩිලෙස බැණ ගැනීම් ආදියද ඇතිවේ සමහර තරහවීම් ක්රීඩා උත්සවයෙන් පසුවද කාලයක් යනතුරු පවතී බොහෝ රංඩු ඇතිවන්නේ හොර කිරීම් සම්බන්ධවය අසාධාරණ විනිශ්චයන් සම්බන්ධවය විභාගය කර පාසල හැරගිය ලමුන් හොරට යෙදවීම් ආදිය සම්බන්ධවය නීති කැඩූ සමහර තරග කරුවන්ට දෙන ජයග්රහණ සම්බන්ධවය

ඒ අතර ක්රීඩා ගුරුවරයාටද ඇති තරම් වැඩය ධවන පථය සකස් කල යුතුය ක්රීඩා උපකරණ ලබා දිය යුතුය අවශය නොයෙකුත් උපදෙස් දිය යුතුය

පාසලේ සංගීත ගුරුවරයාද කාර්යය බහුලය උත්සවය සදහා පාසල් බෑන්ඩ් එක පුහුණුකිරීම් කරවන නිසාය 

ඒ අතර විදුහල්පතිටද දහසක් වැඩය ප්රධාන අමුත්තා ලෙස තමුන්ටද පාසලටද ප්රයෝජනවත් කෙනෙක් ගෙන්වා ගතයුතුය කාල වකවානු දින නියම කරගත යුතුය වෙනත් අමුත්තන්ට ආරාධනා කල යුතුය ක්රීඩා උත්සවය සම්බන්ධව ඇතිවන ආරවුල් රංඩු නොපමාව නිරාකරණය කල යුතුය ක්රීඩා කටයුතු වලදී  හදිසි අනතුරු වලට භාජනය වන අසනීප වන ලමුන් වුවහොත්  රෝහල් වලට ගෙන යායුතුය   හුගක් හවස් වන තුරුම ගුරුවරුන් සහ ලමුන් පාසලේ රැදී සිටින බැවින් වෙන වෙන වැඩ සිදුවීම් ගැන අවධානයෙන් සිටිය යුතුය සංවර්ධන සමිතිය කැදවා කුසලාන ලාංචන වියහියදම් ආදිය සම්බන්ධව ආධාර උපකාර ලබා ගත යුතුය  වැඩ කෝටියකි

මෙහි සදහන් කර ඇත්තේ වැඩ කටයුතු අල්ප ප්රමාණයක් ගැන පමණි සදහන් නොකල වැඩ රාශියක් තව ඇත

ඒ අතර කලාප කාර්යාලයේද ක්රීඩා උත්සව සම්බන්ධ වැඩය සෑම පාසලකින්ම ආරාධනා ලැබෙතත් සෑම පාසකටම කලාප අධ්‍යක්ෂකට යා නොහැක එබැවින් සිටින අධ්‍යක්ෂවරුන් කලාප කාර්යාලය නියෝජනය කරමින් ඒ ඒ පාසල් වලට යාමට නම නියම කර යායුතු පාසල් නම් කර ලේඛනයක් සාදා අත්සන් ගනු ලැබේ සමහර පාසල් වලට යාමට සමහර අධ්‍යක්ෂවරු කැමති නැති නිසා ඒවා සංශෝදනය කර නැවත සකස් කල යුතුවෙයි කලාප අධ්‍යක්ෂකට යාමට මන්ත්රීතුමන්ලා එන ඇමතිවරුන් එන පාසල් තබා ගනු ලබයි

උත්සවයේදී පාසල් කොඩිය විදුහල්පති විසින් ඔසවන අතර කලාපකොඩිය කලාප අධ්‍යක්ෂක හෝ  ඒ වෙනුවට සහභාගිවන අධ්‍යක්ෂක විසින් ඹසවනු ලබයි කොට්ඨාශ කොඩිය කොට්ඨාශ අධ්‍යක්ශ විසින් ඔසවනු ලබයි 

මේ ආකාරයට පලමු පාසල් වාරයේ වැඩි කොටසක් ක්රීඩා වලට වෙන්වී යයි මේ සියලු වැඩ රාජකාරි කරමින් ක්රීඩා උත්සවය පවත්වනු ලබයි නමුත් මෙම කාලය තුල පාසල තුල තිබෙන ප්රශ්ණය වැඩි දෙනෙක් දකින්නේ නැත මෙහි  තිබෙන ප්රශ්ණය වන්නේ මෙම කාලයේ පාසලේ ප්රධාන නීතිය වන පාසල් කාල සටහනට සිදුවන්නේ කුමක්ද යන්නයි එයනම් මෙම කාලයේදී පාසල් කාල සටහන එම කාලයේදී නිකම්ම නිකම් ලියවිල්ලක් පමණක් බවට පත්වීමයි අධ්‍යාපන අමාත්‍යංශය  ජාතික අධ්‍යාපන ආයතනය  ආදීවු ආයතන මගින් පලමුවාරයේ ඉගැන්විය යුතු කොටස් ක්රිඩා වලට වැසී  නොකෙරී යයි පාසලේ විදුහල්පති ඇතුලු ගුරුවරුන් සියලුම දෙනාද කලාප කාර්යාලයේ හැම අධ්‍යක්ෂකවරුන්ද මේ ගැන දන්නා නමුත් දැනගෙන නොදන්නවා සේ හිදී 

පාසලේ ක්රීඩා උත්සවය ඉවරවුනාට පසුව පාසලේ හරියාකාරව උගන්වන්නට හැකිද නොහැකිය ඊළගට කොට්ඨාශ ක්රීඩා පටන් ගන්නා බැවිනි කොට්ඨාශ ක්රීඩා ඉවරවුනාට පසුව පාසලේ හරියාකාරව උගන්නන්නට පටන් ගන්නට පුලුවන්ද නොහැකිය කලාප ක්රීඩා පටන් ගන්නා නිසාය

මෙලෙස හට ගන්නා ක්රීඩා උණුසුම පවතින්නේ පලමු පාසල් වාරයේ මුල්මාස දෙක තුන තුල පමණය හතු පිපී ලොකුවී මෝරා මැරී යන්නාක්මෙන් පාසලේ ක්රීඩා උණුසුමද අවසන්ව යයි

මේ අයුරින් පළමුවාරය ගෙවීයයි ඉන්පසුව දෙවෙනි වාරය එයි පාසලේ ඉගැන්වීම්  වැඩ පටන් ගන්නේම අතපසුවූ පාඩමි වැඩ රාශියක් ඇතිවය පාසලට එන අධ්‍යක්ෂවරුන් සැම දෙනාම වාගේ ගුරුවරුන්ට උපදෙස් දෙන්නේ ඹයාගෙ පන්තියේ පලමුවාරයේ වැඩ අවසන් කරල නැහැ කෙහොමහරි අවසන් කරන්න යනුවෙනි ගුරුවරයා වැරදිකරුවෙක් කරමිනි එසේ කිව්වාට ඒ අයුරින් වැඩ නිමකරන්නට නොහැක ලමුන්ටද පාසලේදී තමුන්ගේ පාඩමි නිසිපරිදි ඉවර කෙරෙන්නේ නැතිබව නිරායාසයෙන් තේරුම් යයි පොහොසත් ලමුන්ට ප්රශ්ණයක් නැත ඹවුන් ටියුෂන් පන්ති යන නිසාය නමුත් ටියුෂන් යන්නට බැරි දුප්පත් ලමුන්ට වන්නේ කුමක්ද ඹවුන්ට සිදුවන්නේ නියමිත විෂය දැණුම නැතිව විභාගයට යන්නටය 

අර ක්රීඩා උත්සවයේ තරග වලට පෙනී සිට දිනූ ලමයින්ගේ තත්වය කුමක්ද ඹවුන්ගේ ක්රීඩා දක්ෂතාවයන් තවදුරටත් දියුණු කරණ ක්රියා මාර්ගයක් පාසලේ වෙයිද එසේ නැත ඉතිරිවන්නේ සහතිකය පදක්කම කුසලානය සහ මතකය ආදියයි  විභාගය අසමත්වූවිට සහතිකය පදක්කම කුසලානය ආදියේද  වටිනාකමද අඩු වී යයි බොහෝවිට ක්රීඩා ආදී බාහිර වැඩවලට උනන්දු නොවී පොත්පත් වල වැඩට ඇලුන ධනවත් ලමයි අර සියලු ලමුන් ඉක්මවා යයි
රටේ මෙම අධ්‍යාපන බොරුව මෙසේ පවත්වාගෙන යන්නේ ඇයිද යන්න ප්රශ්ණයකි


Thursday, January 24, 2019

ගණේගම අරමණපොල රන්කොත් රජමහා විහාරය 17-01-2019 වන්දනා ගමන










      











ගණේගම අරමණපොල රන්කොත් රජමහා විහාරය 17-01-2019 වන්දනා ගමන

සොලී ආක්රමණ ආදිය නිසා ලංකාවේ බුද්ධශාසනය පිරිහීගොස් ඇති කාලයේ ශාසනය ආරක්ෂා කරගෙන පැවිද්දන් වශයෙන් සිටි සමහර අය එකල හදුන්වා ඇත්තේ භික්ෂූන්වහන්සේලා යනුවෙන් නොව ගණින්නාන්සේලා යනුවෙනි

පැල්මඩුල්ලට නුදුරුව පිහිටි මෙම පන්සල පිහිටි ප්රදේශයේ ගණින්නාන්සේලා රාශියක් සිට ඇති බැවින් එකල එම ප්රදේශය හැදින්වී ඇත්තේ ගණේගම යනුවෙනි එබැවින් පන්සල හැදින්වී ඇත්තේ ගණේගම රජ මහා විහාරය නමිනි

ඉන්පසු මහා විජයබාහු රජ දවස සොලීන්ගෙන් රට මුදාගෙන බුද්ධ ශාසනය නගා සිටුවීමට කටයුතු කර ඇත එහිදී උපසම්පදා කර්මය කටයුතු කිරීම සදහා ප්රමාණවත් ගණපූරක භික්ෂූන් වහන්සේලාගේ හිගය නිසා රජු විසින් අරමණ දේශය නොහොත් බුරුම රටින් උපසම්පදා භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩම කරවාගෙන ඇත එකල මෙම පන්සල එම අරමණ භික්ෂූන් වහන්සේලාගේ නවාතැන්පොලක් වී ඇති බැවින් මෙය ගණේගම අරමණපොල රජමහා විහාරය නමින් හදුන්වන්නට වී ඇත

පිටතින් බැලූවිට දෙමහල් විහාරයක් ලෙස පෙනුනද මෙය ඇතුලතින් දෙමහල් විහාරයක් නොවේ ඇතුලත ඉපැරණි බුද්ධ ප්රතිමාවක් සහිත ඉපැරණි චිත්ර කලා කැටයම් ආදිය සහිත ඉපැරණි විහාරයකි මෙම විහාර භූමියේ ඇති චෛත්‍යද එම කාලයේම එකක් බව දැනගන්නට ඇත  මෙම විහාර භූමියේ ඇති ඉපැරණි බෝධීන්වහන්සේද දෙතිස්ඵල බෝධීන්වහන්සේලාගෙන් එක් නමක් බව දැනගන්නට ඇත මෙම විහාරයේ වහලෙහි රන්කොත් දෙකක් ඇති නිසා එය ගණේගම අරමණපොල රන්කොත් රජ මහා විහාරය නමින් හදුන්වා ඇත

Friday, January 18, 2019

බටදොඹලෙන සංචාරය - 17/01/19


      බටදොඹලෙන සංචාරය - 17/01/19

      බලංගොඩ මානවයා Homo Sapian Sapion Balangodiases
     එම ප්රදේශයේ අවුරුදු16000 පෙර ජීවත්වූ බවට හදුනාගෙන ඇති නිවහන





Wednesday, January 9, 2019

සවුක්කිය ඇමතිතුමා මහවැලි ඇමතිවීම



















සවුක්කිය ඇමතිතුමා මහවැලි ඇමතිතුමාවීම

     දැන් බලපුවහම පහුගිය රජයේ හිටපු ජනාධිපතිතුමා හිටපු මහවැලි ඇමතිතුමා මහවැලි අමාත්‍යාංශයේ හිටපු ලේකම් තුමා මහවැලි අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරු ඉංජිනේරුවරු එහෙම මේ වියාපුරුතිවල කරපු දෙයක් නැහැනෙ බැලුවහම ඒ කාලෙ හිටපු සවුක්කිය ඇමතිතුමාමනෙ මහවැලි ඇමතිකමත්  කරල තියෙන්නෙ


Thursday, September 6, 2018

හාමුදුරුවන්ගෙ ගෑණු ප්රස්නය




ස්වාමීන්වහන්සේ මහණවීමට හේතුවූ ගෑණු ප්රශ්ණය 

එම ආරණ්‍ය සේනාසනයේ සිරි නරඹමින් සිටි අපට දැකගන්නට ලැබුනු ස්වාමීන් වහන්සේලා ඉතා ප්රසන්න මනා රූප ශෝභාවෙන් යුත් අය වූහ ඉතා පිරිසිදු නීරෝගි පෙනුමෙන් යුතු කඩවසම් අයවූහ ඒ අතර සිටි සමහර භික්ෂූන් වහන්සේලා දුටු අපට මේ තරම් හැඩරුවින් යුත් මේතරම් තරුණ මෙම ස්වාමීන් වහන්සේලා මෙම වයසේදී පැවිදිවූයේ ඇයිදැයි  ප්රස්නයක් ඇතිවිය

ඉතා තරුණ එක් ස්වාමීන්වහන්සේ නමක් වෙත ගිය මගේ මිතුරකු උන්වහන්සේට වැද අවසරයි ස්වාමීන්වහන්ස අපට පොඩි ප්රශ්ණයක් තියනව ඹබ වහන්සේගෙන් එයට පිළිතුරක් ලබාගත හැකිදැයි විමසා සිටියේය අහන්න මහත්තයො ඹ්න ප්රශ්ණයක් දන්න දෙයක් නම් කියල දෙන්නම් යයි එවිට උන්වහන්සේ පැවසීය



අවසරයි ස්වාමීන්වහන්ස, ඹබවහන්සේ මෙතරම් තරුණ කාලයේදී පැවිදි දිවියට ඇතුල්වුනේ ඇයි ඹබ වහන්සේට පැවිදි දිවියට ඇතුල්වෙන්න හේතුවුන කරුණු මොනවද කියල අපට දැනගන්නට පුලුවන්ද  විමසා සිටියේය


මද සිනහ පහල කල උන්වහන්සේ මහත්තයො මට ගෑණු ප්රස්නයක් තිබුන මුදල් ප්රස්නයක් තිබුන යානවාහන ප්රස්නයක් තිබුන ආහාර ප්රස්නයක් තිබුන ඉඩකඩම් ප්රස්නයක් තිබුන ඒ නිසා මම මහණ වුනා යයි කීවාය 

අපිට අන් සියල්ලටම වඩා දැනගන්නට අවශ්‍ය වූයේ උන්වහන්සේට තිබුන ගෑණු ප්රස්ණය කුමක්ද යන්නයි එබැවින් මගේ මිත්රයා  ඒ ගැණ නැවතත් විමසා සිටියේය මහත්තයෝ මම හුගක් පෝසත් පවුලක කෙනෙක් මට ගෙවල්දොරවල් යානවාහන මිලමුදල් ඹක්කොම අඩු නැතුව තිබුන මා සමග විවාහවෙන්න කැමති ඉතාම ලස්සන උගත් බුද්ධිමත් යුවතියන්ද හිටිය

ඉතින් අපේ හාමුදුරුවනේ ඉතින් මොකදවුනේ මගේ මිතුරා විමසීය


ඉතින් මහත්තයො ඒ සියල්ලම එහෙම උනත් මට ටිකින්ටික තේරුම් ගියා ලෝකෙ ඉන්න හොදම ගැහැණිය ගත්තත් ගෑනු ගැන මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිවුන ගෑණු ප්රස්නය 

මට තේරුම් ගියා කොයි තරම් මිලමුදල් ලැබුනත් මිලමුදල් ගැන මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිබුන මිලමුදල් ප්රස්නය 

මට තේරුම් ගියා ලෝකෙ තියන හොදම වාහනය ගත්තත්  වාහන ගැන මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිබුන යානවාහන ප්රස්නය 

හොදම ඉඩකඩම් ගේදොර තිබුනත් ඉඩකඩම් ගේදොර ගැන  මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිබුන  ඉඩකඩම් ගේදොර ප්රස්නය අනිත් ප්රස්නත් ඒ වගේ තමයි 

ඉතින් මහත්තයො මට තේරුනා මේ බාහිර දේවල් අත්පත් කර ගැනීමෙන් නම් කවදාවත් මේ ප්රස්න කෙලවරක් කරගන්න බැහැ කියල විසදුමක් ලැබෙන්නෙ නැහැ සංසිදෙන්න නැහැ කියල ඇයි එකක් අත්පත්කර ගන්නකොට තවතවත් ඹ්න වෙනවනෙ 

ඉතින් මම මේ ප්රස්න වලට උත්තර සොයන අතරෙ මම අදුනන ස්වාමීන්වහන්සේලාගෙනුත් මේ ගැන විමසුව උන්වහන්සේලා තමයි මට කියල දුන්නෙ කවදාවත් බාහිර දේවල් අත්පත්කර ගනිමින් ගිහින් මෙයට විසදුමක් හොයාගන්න බැහැ  එයින් වෙන්නෙ නොයකුත් දුක්විදිමින් කෙලවරක් නැති  හරි විසදුමක් නොලැබෙන ගමනක් යන එක විතරයි කියනඑක එමෙන්ම මෙම ප්රස්න හරියාකාරව විසදගන්න නම් කරන්න ඹ්න බාහිර වස්තූන් වැඩිවැඩියෙන් අත්පත්කර ගන්න එක නොවෙයි එම කාම වස්තූන්ට තමන් තුල තියන ආශාව ඉවත් කරගන්න එකබව 

ඉතින් මටත් ටිකින්ටික තේරුණා බුද්ධධර්මයෙ පෙන්වාදී තිබෙන එම මග තමයි

මෙයට තියන නිවැරදි එකම මග කියල එයින් තමයි කවදහරි නිවැරදි විසදුමක් සැනසිල්ලක් ලැබෙන්නෙ කියල ඉතින් මම ඒ දහසක් ප්රස්න කෙලවර කරගන්න කවදහරි සැබෑ සැප ලබන්න කවදහරි සැබෑ සැනසිල්ලක් ලබන්න අර බොරු සැප ඔක්කොම අතහැරදාල මේ ආරණ්‍ය සේනාසනයට ඇවිත් මහණ වුනා




උන්වහන්සේගේ කථාව අවසන් වනවිට අප සියලු දෙනාගේම ඇස් කදුලින් තෙත්වී තිබුනි අප ඒ කදුලින් උන්වහන්සේ ගේ දෙපා දෝවනය කර උන්වහන්සේ වැද නමස්කාරකර ආපසු පැමිණියෙමු