Tuesday, October 13, 2020

මහා විද්‍යාඥ නිකොලා ටෙස්ලා



 

ඔබ අසා ඇති විද්‍යාඥයෙකුගේ නම කියන්න යයි කිවූ විට සමාජයේ බොහෝ දෙනෙක් කියන්නේ ඇඑසේ නැතහොත් අයිසෙක් නිව්ටන් ලුවී පාස්චර් රොබට් බොයිල් වැනි විද්‍යාඥයන්ගේ නම්ය                                                                                                          එහෙත් ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද යනුවෙන් ඇසුවොත් බොහෝ දෙනකු දෙන උත්තරයවන්නේ නැත යන්නයි

එහෙත් ලොකයේ තාක්ෂණය මෙතරමි දියුණුවී ඇත්තේ ශ්‍රෙෂ්ඨ විද්‍යාඥයෙකු වන  නිකොලා ටෙස්ලාගේ සොයාගැනීම් නිසාය

නිකොලා ටෙස්ලා උපත ලබා ඇත්තේ 1856 ජූනි 10 වනදා ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකය.

ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් තම පුතාවද පූජකයෙකු කිරීමට ඔහුට අවශ්‍යවී ඇත.

නමුත් ටෙස්ලාට අවශ්‍යවී ඇත්තේ තාක්ෂණය ඉගෙනගැනීමටයි.

ඔහු මුලින්ම කර ඇත්තේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධව රැකියාවකි

1884 දී ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇත

එහිදී ඔහු විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයේ රැකියාව කර ඇත

එම සමාගමේ කාර්යය වී ඇත්තේ එවකට සොයාගෙන තිබූ ඩී සී විදුලිය නොහොත් සරල ධාරා විදුලිය නිෂ්පාදනය බෙදාහැරීම  ආදියයි.                                                                               D C විදුලිය වැඩි දුරට සම්ප්‍රෙශණය කරන්නට අසීරුවීම                                                                                                                                             ඒ සඳහා ආසන්නයෙන් විදුලි බලාගාර ඇතිකරන්නට සිදුවීම                                                                                                                                         මහත රැහැන් අවශ්‍යවීම ආදී කරුණු රාශියක් නිසා එය මිල අධික කාර්යයක් වී ඇත.

නිකොලා ටෙස්ලා තමන්ට වඩා දක්ෂයෙක්බව තේරුම් ගෙන ඇති එඩිසන් එම පද්ධතිවල දෝෂ නිරාකරණය කිරීම සඳහා ඔහු යොදවාගෙන ඇත්තේ සැලකිය යුතු මුදලක් ගෙවන බවට පොරොන්දු වෙමිනි                                                                               නිකොලා ටෙස්ලා විසින් බොහෝ වෙහෙස මහන්සිවී එම දෝෂ නිරාකරනය කරනු ලැබුවත් එඩිසන් විසින් එම මුදල ගෙවා නැත එහිදී තමන් විසින් එසේ පොරොන්දුවූයේ විහි¿වටබවත් එය ඇමෙරිකානු කවටකමක් බවත් එඩිසන් පවසා ඇත.

ඉන්පසු ටෙස්ලා ඔහුගෙන් ඉවත්වී තමන්ගේම විද්‍යාගාරයක් ආරම්භකර ඇත.

ඉන්පසු එහි කටයුතු කරමින් ඒ සී විදුලිය නොහොත් ප්‍රත්‍යාවර්ථ විදුලිය ලොවට හඳුන්වා දෙන්නේ නිකොල අඩු වියදමකින්ලගින් ලගින් විදුලි බලාගාර පිහිටුවනසිහින් රැහැන් භාවිතා කිරීමට හැකිවීම                            එබැවින් ඈත ප්‍රදේශ වලට විදුලිබලය ලබාදීමට හැකිවීම ආදිය නිසා එය ජනප්‍රියවී ඇත.

නයගරා ඇල්ල ආශ්‍රයෙන් ලෝකයේ පලමුවන ජල විදුලි බලාගාරය පිහිටුවා ඇත්තේ නිකොලා ටෙස්ලා විසින් ය

නිකොලා ටෙස්ලාට Serbian, English, Czech, German, French, Hungarian, Italian සහ Latin යන භාෂා 8ක් කතා කළ හැකිව තිබී ඇත.

ඔහුට පොතක් එක්වරක් කියවීමෙන් පසු නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් තිබී ඇත.                                                                                                            ඔහු නිදාගෙන ඇත්තේ දිනකට පැය දෙකක පමණ කාලයක්බව සඳහන්ව ඇත.

ගුග්ලි එල්මෝ මාකෝනි විසින් ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීම කර ඇත්තේ නිකොලා ටෙස්ලාගේ සොයාගැනීම් භාවිතා කරමිනි.

මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගෙන ඇත්තේ නිකොලා ටෙස්ලා විසින් 1917දීය.

නමුත් රේඩාර් සොයාගැනීමේ ගෞරවය හිමිව ඇත්තේ 1935දී එය අනාවරණය කල රොබට් වොට්සන් හටය.

ට්‍රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම් කර ඇත්තේ නිකොලා ටෙස්ලා විසින් ය.

දුරස්ථ පාලකය "රැහැන් රහිත සන්නිවේදනය"නියෝන් ලයිට්"ෆ්ලොරොසන්ට් ලයිට් නොහොත් ටියුබ් ලයිට්" AC මෝටරය                                                          බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්ය                                                                             විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය                                            රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය ආදී සියල්ල ලොවට දායාද කර ඇත්තේ නිකොලා ටෙස්ලා විසින් ය.

අභ්‍යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කර ඇති ලොව පළමු විද්‍යාඥයා නිකොලා ටෙස්ලාය.

ජල, සූර්ය, සුළං ඇතුළු පුර්ජනනීය බල ශක්තිය ලොවට හඳුන්වාදී ඇත්තේ නිකොලා ටෙස්ලා විසින් ය.

 

ඔහුගේ සොයාගැනීම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර 300ක් පමණ ඇතැයි සැලකේ       රටවල් 26 කින් ඔහුට පේටන්ට් බලපත්‍ර 278ක් පමණ දී ඇතැයි සඳහන්ව ඇත.

 

ඔහුට ප්‍රදානය කර ඇති පදක්කම්

ඔහුගේ නමින් පාසලක් නම්කර ඇත.

ඔහු වෙනුවෙන් ගීත ප්‍රබන්ධය කර ඇත.

ඔහුගේ නමින් නැව් නම්කර ඇත.

 

  • SS Nikola Tesla, a Liberty Ship laid down 31 August 1943, launched 25 September 1943, sold from government service in 1947, and scrapped 1970

ඔහුගේ නමින් දින වෙන්කර ඇත.

  • Day of Science, Serbia, 10 July[283]
  • Day of Nikola Tesla, Association of Teachers in Vojvodina, 4–10 July[284]
  • Day of Nikola Tesla, Niagara Falls, 10 July[285]
  • Nikola Tesla Day in Croatia, 10 July[286]
  • Nikola Tesla annual electric vehicle rally in Croatia[287]

චුම්භක ස්‍රාව ඝණත්වය මනින ඒකකය වන්නේ ටෙස්ලාය

  • Tesla, an SI-derived unit of magnetic flux density (or magnetic inductivity)

ඔහුගේ නමින් ස්ථාන නම් කර ඇත.ඔහුගේ නමින් පාරවල් 128ක් නම්කර ඇත.ඔහුගේ නමින් කුඩා ග්‍රහයෙක් නමුකර ඇත.

ඔහු සම්බන්ධව තවත් තොරතුරු බොහෝය.උපයන මුදල් තවතවනව නිෂ්පාදන කිරීමට යොදවා ඇති බැවින් ඔහු ධනවතකු වී නැත. ඔහු අවිවාහකව හෝටල් කාමරවල කුලී ගෙවමින් ජීවත්වී ඇත.කොපමණ දුක් විඳින්නට ඇත්ද ඔහු වයස 86ක් පමණ ජීවත්ව සිට 1943 දී අභාවයට පත්ව ඇත.

අනෙකුත් බොහෝ විද්‍යාඥයන් ගැන සැවොම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන බොහෝ දෙනෙක් දන්නේ නැත. අපගේ පාසැල් පෙළපොතක වත් ඔහු ගැන  සඳහන්වන්නේ නැත. එනමුත් අද දියුණුලෝකයේ ජීවත්වන සැවොම ඔහුට ණයගැතිය.අප ද ඉගෙන ගන්නා කාලයේදී දැන සිටියේ විද්‍යුත් චුම්භක ස්‍රාව ඝණත්වය මනින S I ඒකකය ටෙස්ලා බවය. ඔහු ගැන තවත් තොරතුරු දැනගත්තේ අන්තර්ජාලය පරිහරණයෙනි.එයට හේතුව කිසිදු පෙලපොතක ඔහු ගැන සඳහන් නොවීමයි.

 

ඔහු ගැන කවියක් ලිවීමට සිතෙයි. එය අසීරු කරුණකි එතරමි කරුණු ඇති බැවිනි. එහෙත් ලිපිය අලංකාරවීමට අසම්පූර්ණව හෝඑවැනි කිසිවක් සටහන් කලයුතුවෙයි.

ඈත පිටිසරේ දුප්පත් ගම්බිම් 

සැදෑ අදුරෙ තිබුනා

උපදිනු ටෙස්ලා දෙවියන් කීවිට

ආලෝකය ලැබුනා

 

                                                                                  From Wikipedia, the free encyclopedia

Saturday, September 26, 2020

අරිය අෂ්ඨාංගික මාර්ගය



 

බුද්ධධර්මයේ අරිය අෂ්ඨාංගික මාර්ගය විස්තරකර එහි වැදගත්කම විස්තරකර ඇති තැන් රාශියකි    මහා චත්තාරීසක සූත්‍රය ඉන් එකකි                                                                             දීර්ඝ කරුණු රාශියක් සදහන්ව ඇති සූත්‍රයක් වන එහි තැන් කීපයක් සලකා බලමු

‘තත්‍ර භික්ඛවෙ සම්මාදිට්ඨි පුබ්බංගමාහොති’ - මහණෙනි සම්මා දිට්ඨිය මූලිකය සියල්ලට පෙර ගමන්කරු එය බැවිනි

‘මිච්ඡාදිට්ඨිං මිච්ඡාදිට්ඨති පජානාති’  - මිත්යාදිට්ඨිය මිත්යා දෘෂ්ඨියබව දතයුතුය

ඒ අනුව මිච්ඡා අෂ්ඨාංගික මග යනු නොයායුතු මගයි එයින් වෙන්වූ පසු ඇත්තේ සම්මා දෘෂ්ඨිය සහිත සම්මා මගයි සම්මා අෂ්ඨාංගික මාර්ගයයි

‘කථමාච භික්ඛවේ සම්මා දිට්ඨි                                                                                 සම්මාදිට්ඨිපහං භික්ඛවේ ද්වයං වදාමී’ - සම්මා දිට්ටිය දෙආකරබව ප්‍රකාශ කරමි                                                                                 ‘අත්ථි භික්ඛවෙ සම්මාදිට්ඨි                                                                                            සාසවා පුඤ්ඤභාගිය උපධිවෙපක්කා’ - ආස්‍රව සහිතවූ ලෞකික සැප සඳහාවූ සම්මා දිට්ඨිය                   ‘අත්ථි භික්ඛවෙ සම්මාදිට්ඨි                                                                                                 අරියා අනාසවා ලෝකැත්තර මග්ගංගා’ - අරියවූ අනාසවවූ නිවනට මගවූ ලෝකෝත්තර සම්මා දිට්ටිය

ඒ අනුව නැවතත් සම්මා අෂ්ඨාංගික මාර්ගය දෙව්සැප මිනිස් සැප ආදී ලෞකික සැප පිණිසවන සම්මා අෂ්ඨාංගික මාර්ගය සහ ලෝකෝතර සැප පිණිසවන නිවනට මගවන අරිය අෂ්ඨාංගික මාර්ගය යනුවෙන් දෙකාරයකට බෙදෙයි

පාසල්වල ආර් ය අෂ්ඨාංගික මාර්ගය යන ලේබලය යටතේ උගන්වන්නේ  මිච්ඡා අෂ්ඨාංගික මාර්ගය අයහපත්බව සහ දෙව්සැප මිනිස් සැප ආදී ලෞකික සැප පිණිසවන සම්මා අෂ්ඨාංගික මාර්ගය ගැන පමණකි

වැදගත්ම දෙයවන අරිය අෂ්ඨාංගික මාර්ගය උගන්වන්නේ නැත අඩුතරමින් එවැන්නක් ඇතිබව සඳහන් කරන්නේවත් නැත

එබැවින් තමන් බෞද්ධයින් යයි සඳහන්කරන වැඩිදෙනෙක් වටිනා දෙයවන අරිය අෂ්ඨාංගිකමාර්ගය ගැන දන්නේ නැත

එවැන්නක් ඇතිබව දන්නේද නැත


Friday, June 12, 2020

පොලව යට ගුල් හාරාගෙන වාසය කරන සතුන්ට අවශ්‍ය පිරිසිදු වාතය ලැබෙන්නේ කෙසේද


පොලව යට ගුල් හාරාගෙන වාසය කරන සතුන්ට අවශ්‍ය පිරිසිදු වාතය ලැබෙන්නේ කෙසේද
මෙය පහසුවෙන් පිළිතුරු දියහැකි සරල ප්‍රශ්ණයක් නොවේ
මේ ගැන තරමක් දුරට සොයාබලමු
රූපයේ දැක්වෙන ආකාරයට පොලව යට ගුලක වෙසෙන සත්වයෙක් ගැන සිතමු
මුලදී හෑරූ ගුලෙහි ඇති වාතයේ ඔක්සිජන් වායුව තිබුනද එම සතා විසින් එය පරිභෝජනට ගැනීමෙන් පසු එය තුල ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වායුව  නැතිවේ එයට අමතරව සතා විසින් පිටකරන වාතයෙහි ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා එහි කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවේ කාබන් ඩයොක්සයිඩ් ශ්වසනයට උපකාර නොවේ
එබැවින් එම සතාට දිගටම එම ගුලෙහි  ජීවත් වන්නට නම් ගුලෙහි ඇති වාතය පිටත ඇති වාතය සමග සිදුවන අන්තර් වායු හුවමාරුව
අඛණ්ඩව සිදුවිය යුතුවේ
මෙය සිදුවන්නේ කෙසේද 

මෙය පහසුවෙන් පිළිතුරු දියහැකි සරල ප්‍රශ්ණයක් නොවේ

මෙයට පිළිතුරුදීම සඳහා ස්විස් ජාතික භෞතික විද්‍යාඥ ඩැනියෙල් බ’ර්නුලි (1700 – 1752 ) විසින්  තිරස්ව ප්‍රවාහයවන දුස්ස්‍රාවී නොවන තරලයක අභ්‍යන්තර පීඩනය සම්බන්ධව  කරනලද අනාවරණය අවශ්‍යවෙයි

නොහොත් තිරස්ව ප්‍රවාහයවන දුස්ස්‍රාවී නොවන තරලයක අභ්‍යන්තර පීඩනය සම්බන්ධව සිදුවන ස්වභාවධර්මයේ ස්වරූපය සම්බන්ධව කරනලද අනාවරණය අවශ්‍යවෙයි

එහිදී ඔහු විසින් අනාවරණය කරන ලද්දේ තිරස්ව ප්‍රවාහයවන දුස්ස්‍රාවී නොවන තරලයක අභ්‍යන්තර පීඩනය වෙනස්වන ආකාරය සම්බන්ධවය

එය ඔහු විසින් පහත දැක්වෙන ආකාරයට සමීකරණයකින්  ඉදිරිපත් කරන ලදී
මෙම සමීකරණය ගැන ඔබ උනන්දු නොවන්නේ නම් එය නිකමට කියවීම පමණක් ප්‍රමාණවත්ය

     P + ½ρV² + hρg  ꞊ constant

 මෙම සරල සමීකරණයෙන් දැක්වෙන්නේ තිරස්ව ප්‍රවාහයවන දුස්ස්‍රාවී නොවන තරලයක මෙම අගයන් තුනෙහි
එකතුව නියතයක් බවයි

මෙය බ’නුලි සමීකරණය යනුවෙන් හැඳින්වෙයි

      P - යනු තරලයේ පීඩනයයි
      ρ - යනු තරලයේ ඝනත්වයයි
      V - යනු තරලයේ ප්‍රවේගයයි
      H - යනු සම්මත මට්ටමේ සිට තරලයේ උසයි
      g - යනු ගුරුත්වජ ත්වරණයයි

 මෙම සමීකරණයට අනුව තරලයේ වේගය වැඩි වුවහොත් මුලු අගය නියතව පැවතීම සඳහා සිදුවියයුත්තේ කුමක්ද
 සිදුවිය යුත්තේ තරලයේ වේගය වැඩිවන තැන් වලදී එහි පීඩනය අඩුවීමයි

එබැවින් ඔහු විසින් කරනලද අනාවරණය වන්නේ තිරස්ව ප්‍රවාහයවන දුස්ස්‍රාවී නොවන තරලයක අභ්‍යන්තර පීඩනය එහි වේගය වැඩි ස්ථාන වලදී අඩුවන බවයි

නොහොත් දුස්ස්‍රාවී නොවන  යම් තරලයක් වේගයෙන් ගමන් කරනවිට එහි පීඩනය අඩු බවයි

ස්වභාවධර්මය  එය බවයි

වාතයද තරලයක් ලෙස ගතහැක

ඉන් පසුව ලෝකයේ සිටි බුද්ධිමත් දක්ෂ මිනිසුන් විසින් එම අනාවරණය භාවිතයෙන් විවිධ උපකරණ නිපදවනු
ලැබීය

ස්වභාවධර්මයේ විවිධ සංසිද්ධීන් පැහැදිලි කරනු ලැබීය

දැන් ඔබ කලයුත්තේ ඔබ භාවිතා කරන එම උපකරණ හඳුනා ගැනීමයි
මෙයින් පොලව යට ගුල් හාරාගෙන වාසය කරන සතුන්ට අවශ්‍ය පිරිසිදු වාතය ලැබෙන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමයි
මෙම නියමය භාවිතා කිරීමෙන් සාදා ඇති ඔබ  භාවිතා කරන උපකරණ වලින් එකක් හෝ හඳුන්වන්න