ඔබ අසා ඇති විද්‍යාඥයෙකුගේ නම කියන්න යයි කිවූ විට
සමාජයේ බොහෝ දෙනෙක් කියන්නේ ඇඑසේ නැතහොත් අයිසෙක් නිව්ටන් ලුවී
පාස්චර් රොබට් බොයිල් වැනි විද්‍යාඥයන්ගේ නම්ය
එහෙත් ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද යනුවෙන් ඇසුවොත් බොහෝ දෙනකු දෙන උත්තරයවන්නේ නැත යන්නයි
එහෙත් ලොකයේ
තාක්ෂණය මෙතරමි දියුණුවී ඇත්තේ ශ්‍රෙෂ්ඨ විද්‍යාඥයෙකු වන නිකොලා ටෙස්ලාගේ සොයාගැනීම් නිසාය
නිකොලා ටෙස්ලා උපත ලබා ඇත්තේ 1856 ජූනි 10 වනදා ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකය.
ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් තම පුතාවද පූජකයෙකු කිරීමට ඔහුට අවශ්‍යවී ඇත.
නමුත් ටෙස්ලාට අවශ්‍යවී ඇත්තේ
තාක්ෂණය ඉගෙනගැනීමටයි.
ඔහු මුලින්ම
කර ඇත්තේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධව රැකියාවකි
1884 දී ඔහු
ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇත
එහිදී ඔහු
විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයේ රැකියාව කර ඇත
එම සමාගමේ
කාර්යය වී ඇත්තේ එවකට සොයාගෙන තිබූ ඩී සී විදුලිය නොහොත් සරල ධාරා විදුලිය නිෂ්පාදනය
බෙදාහැරීම ආදියයි. D C විදුලිය වැඩි දුරට සම්ප්‍රෙශණය කරන්නට අසීරුවීම ඒ
සඳහා ආසන්නයෙන් විදුලි බලාගාර ඇතිකරන්නට සිදුවීම මහත
රැහැන් අවශ්‍යවීම ආදී කරුණු රාශියක් නිසා එය මිල අධික කාර්යයක් වී ඇත.
නිකොලා ටෙස්ලා තමන්ට වඩා දක්ෂයෙක්බව තේරුම්
ගෙන ඇති එඩිසන් එම පද්ධතිවල දෝෂ නිරාකරණය කිරීම සඳහා ඔහු යොදවාගෙන ඇත්තේ සැලකිය
යුතු මුදලක් ගෙවන බවට පොරොන්දු වෙමිනි නිකොලා ටෙස්ලා විසින් බොහෝ වෙහෙස මහන්සිවී එම
දෝෂ නිරාකරනය කරනු ලැබුවත් එඩිසන් විසින් එම මුදල ගෙවා නැත එහිදී
තමන් විසින් එසේ පොරොන්දුවූයේ විහි¿වටබවත් එය ඇමෙරිකානු කවටකමක් බවත් එඩිසන්
පවසා ඇත.
ඉන්පසු
ටෙස්ලා ඔහුගෙන් ඉවත්වී තමන්ගේම විද්‍යාගාරයක් ආරම්භකර ඇත.
ඉන්පසු එහි
කටයුතු කරමින් ඒ සී විදුලිය නොහොත් ප්‍රත්‍යාවර්ථ විදුලිය ලොවට හඳුන්වා දෙන්නේ
නිකොල අඩු වියදමකින්ලගින්
ලගින් විදුලි බලාගාර පිහිටුවනසිහින්
රැහැන් භාවිතා කිරීමට හැකිවීම එබැවින්
ඈත ප්‍රදේශ වලට විදුලිබලය ලබාදීමට හැකිවීම ආදිය නිසා එය ජනප්රියවී ඇත.
නයගරා ඇල්ල
ආශ්රයෙන් ලෝකයේ පලමුවන ජල විදුලි බලාගාරය පිහිටුවා ඇත්තේ නිකොලා ටෙස්ලා විසින් ය
නිකොලා ටෙස්ලාට Serbian, English, Czech, German, French, Hungarian, Italian
සහ Latin යන භාෂා
8ක් කතා කළ හැකිව තිබී ඇත.
ඔහුට පොතක් එක්වරක් කියවීමෙන් පසු නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් තිබී ඇත.
ඔහු නිදාගෙන ඇත්තේ දිනකට පැය දෙකක පමණ
කාලයක්බව සඳහන්ව ඇත.
ගුග්ලි එල්මෝ මාකෝනි විසින් ලොව
ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීම කර ඇත්තේ නිකොලා ටෙස්ලාගේ සොයාගැනීම් භාවිතා කරමිනි.
මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගෙන ඇත්තේ නිකොලා ටෙස්ලා විසින් 1917දීය.
නමුත් රේඩාර් සොයාගැනීමේ ගෞරවය හිමිව ඇත්තේ 1935දී එය අනාවරණය කල රොබට් වොට්සන් හටය.
ට්‍රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම් කර ඇත්තේ නිකොලා ටෙස්ලා විසින් ය.
දුරස්ථ පාලකය "රැහැන්
රහිත සන්නිවේදනය"නියෝන් ලයිට්"ෆ්ලොරොසන්ට් ලයිට් නොහොත් ටියුබ්
ලයිට්" AC මෝටරය
බ්ලෙන්ඩරයේ
ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ
AC මෝටර්ය
විද්‍යුත් චුම්බක ක්ෂේත්රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය රැහැන්
රහිත විදුලි සම්ප්‍රේෂණය ආදී සියල්ල ලොවට දායාද කර ඇත්තේ
නිකොලා ටෙස්ලා විසින් ය.
අභ්‍යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කර ඇති ලොව පළමු විද්‍යාඥයා නිකොලා ටෙස්ලාය.
ජල, සූර්ය, සුළං ඇතුළු පුර්ජනනීය බල ශක්තිය ලොවට හඳුන්වාදී
ඇත්තේ නිකොලා ටෙස්ලා විසින් ය.
ඔහුගේ සොයාගැනීම්
වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර 300ක් පමණ ඇතැයි සැලකේ රටවල් 26 කින් ඔහුට පේටන්ට් බලපත්‍ර 278ක් පමණ
දී ඇතැයි සඳහන්ව ඇත.
ඔහුට ප්රදානය කර ඇති
පදක්කම්
- Grand
Officer of the Order of St. Sava (Serbia, 1892)
- Elliott Cresson Medal (Franklin Institute, USA, 1894)[185]
- Grand
Cross of the Order of Prince Danilo I (Montenegro, 1895)[186]
- AIEE Edison Medal (Institute of Electrical and Electronics
Engineers, USA, 1917)[187]
- Grand
Cross of the Order of St. Sava (Yugoslavia, 1926)[188]
- Cross
Cross of the Order of the Yugoslav Crown (Yugoslavia, 1931)
- John Scott Medal (Franklin Institute & Philadelphia City Council, USA, 1934)[185]
- Grand
Cross of the Order of the White Lion (Czechoslovakia, 1937)[189]
- Medal of
the University of Paris (Paris, France, 1937)
- The Medal
of the University St. Clement of Ochrida (Sofia, Bulgaria, 1939 බව සඳහන්ව ඇත.
ඔහුගේ නමින් පාසලක් නම්කර ඇත.
ඔහු වෙනුවෙන් ගීත ප්‍රබන්ධය කර ඇත.
ඔහුගේ
නමින් නැව් නම්කර ඇත.
- SS Nikola
Tesla, a Liberty Ship laid down
31 August 1943, launched 25 September 1943, sold from government service
in 1947, and scrapped 1970
ඔහුගේ
නමින් දින වෙන්කර ඇත.
- Day of
Science, Serbia, 10 July[283]
- Day of
Nikola Tesla, Association of Teachers in Vojvodina, 4–10
July[284]
- Day of
Nikola Tesla, Niagara Falls, 10 July[285]
- Nikola
Tesla Day in Croatia, 10 July[286]
- Nikola
Tesla annual electric vehicle rally in Croatia[287]
චුම්භක ස්‍රාව ඝණත්වය මනින ඒකකය
වන්නේ ටෙස්ලාය
- Tesla, an
SI-derived unit of magnetic flux density (or magnetic inductivity)
ඔහුගේ නමින් ස්ථාන නම් කර ඇත.ඔහුගේ
නමින් පාරවල් 128ක් නම්කර ඇත.ඔහුගේ නමින් කුඩා ග්‍රහයෙක් නමුකර ඇත.
ඔහු
සම්බන්ධව තවත් තොරතුරු බොහෝය.උපයන මුදල් තවතවනව නිෂ්පාදන කිරීමට යොදවා ඇති බැවින්
ඔහු ධනවතකු වී නැත. ඔහු අවිවාහකව හෝටල් කාමරවල කුලී ගෙවමින් ජීවත්වී ඇත.කොපමණ දුක්
විඳින්නට ඇත්ද ඔහු වයස 86ක් පමණ
ජීවත්ව සිට 1943 දී අභාවයට පත්ව ඇත.
අනෙකුත් බොහෝ
විද්‍යාඥයන් ගැන සැවොම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන බොහෝ දෙනෙක් දන්නේ නැත. අපගේ පාසැල්
පෙළපොතක වත් ඔහු ගැන සඳහන්වන්නේ නැත.
එනමුත් අද දියුණුලෝකයේ ජීවත්වන සැවොම
ඔහුට ණයගැතිය.අප ද ඉගෙන ගන්නා කාලයේදී දැන සිටියේ විද්‍යුත් චුම්භක ස්‍රාව ඝණත්වය මනින S
I ඒකකය ටෙස්ලා බවය. ඔහු ගැන
තවත් තොරතුරු දැනගත්තේ අන්තර්ජාලය පරිහරණයෙනි.එයට හේතුව කිසිදු පෙලපොතක ඔහු ගැන සඳහන් නොවීමයි.
ඔහු ගැන කවියක් ලිවීමට
සිතෙයි. එය අසීරු කරුණකි එතරමි කරුණු ඇති බැවිනි. එහෙත් ලිපිය අලංකාරවීමට අසම්පූර්ණව
හෝඑවැනි කිසිවක් සටහන් කලයුතුවෙයි.
ඈත පිටිසරේ දුප්පත් ගම්බිම්
සැදෑ අදුරෙ තිබුනා
උපදිනු ටෙස්ලා දෙවියන් කීවිට
ආලෝකය ලැබුනා
From Wikipedia, the free encyclopedia