Sunday, November 5, 2017
අනංමනං: සිංහල රාජ්යත්වයේ උරුමය
අනංමනං: සිංහල රාජ්යත්වයේ උරුමය: සිංහල ද්වීපය රාජ්යත්වයේ උරුමය සිංහල රාජ්යය කීපවාරයක්ම බුද්ධ ශාසනයට පූජාකර ඇත්තේය 1 දෙවන පෑතිස් රජ කි පූ 250 - 210 ලක් රජය ශ්රී මහා බොධ...
අනංමනං: නුවර හෝටලය - හිගුරක්ගොඩ
අනංමනං: නුවර හෝටලය - හිගුරක්ගොඩ: නුවර හෝටලය - හිගුරක්ගොඩ මතුගම කලාපයේ විදුහල්පතිවරුන්ගෙන් 1994 අධ්යාපන පරිපාලන විභාගය සමත්වුනේ මම විතරයි පත්වීම ලැබුනේ හිගුරක්ගොඩ ට ඉතින...
අනංමනං: උඩකැන්දවල සිරි සරණංකර හිමි
අනංමනං: උඩකැන්දවල සිරි සරණංකර හිමි: පූජ්ය උඩකැන්දවල සිරි සරණංකර හිමි - 1902 - 1966 1902 - 01- 07 උපන් දිනය ගිහිනම රං බණ්ඩා ගම හිරියාල උඩකැන්දවල 1916 පැවිදිවීම 1921 අප්...
අනංමනං: නව රජයක්
අනංමනං: නව රජයක්: නවීන ලෝකයේ රාජාණ්ඩු ක්රමය අසාර්ථකයි හොද රජවරු සොයා ගැනීමට අපහසු නිසා සමාජවාදී ක්රමය අසාර්ථකයි සැබෑ මිනිස් ස්වභාවය පුද්ගලික අයිතියට කැමතිබ...
ගම ගම්මඩු සහ තොවිල්පවිල්
ගම ගම්මඩු සහ තොවිල්පවිල්
ඉස්සර හැම දවසකම වගේ රෑට කොහේ හරි තොවිලෙක සද්ද ඇහෙනව මන්තර කියනව බෙර ගහනව අඩි හප්පනව පුහුල් කපනව ආවේශවෙලා නටනව මන්තර හුගක් ඒවයෙ දෙමල වචන තියෙනව පෝඩා පොහ් වා වා වගේ වචන තියනව එයින් තේරුම්ගන්න වෙන්නෙ මේවා ඉන්දියානු ආභාෂයෙන් මලයානු ආභාෂයෙන් ආපු ඒව වෙන්න ඹ්න බවයි තොවිල් උනත් එහෙම වෙන්න ඇති පත්තිනිදේවීත් ලංකාවෙ කෙනෙක් නොවෙයිලුනෙ ගම්මඩු වගේ ඒවත් එහෙම වෙන්න ඹ්න අතබලා සාත්තරකීම ජොතිෂය වගේ ඒවත් ඇවිත් තියෙන්නෙ ඉන්දියාවෙන් වෙන්න ඹ්න අපි පොඩිකාලෙ බලපු රේකාව චිත්තර පටියෙ අපූරුවට පෙන්නනව ඔය මිත්යා විශ්වාස නිසාවෙන විපත මේව හින්දු ශිව ආගම් අදහන බමුණන්ගෙන් ආපුව වෙන්න ඹ්න මේ හුගක් දේවල්වල තියෙන්නෙ මිනිසුන් අතර අදෘශ්ය මාන බලවේගයන් ගැන කියල බයක් ඇති කරල තමන්ට ඇතිවන ඇතිවන විවිධ ව්යසනයන්ට හේතු හොයන මිනිස්සුන්ට එම ව්යසනයන්ට හේතුව එම අමනුෂ්ය බලවේග බව තේරුම් කරල දීල එයින් එල ප්රයෝජන ගැනීම මේවයෙ ඇත්තකුත් තියෙන්න පුලුවන් ඒවුනත් මේ විශ්වාස අහෝසිවෙලා යනඑක හොදයි ඉස්සර මිනිස්සු කොච්චර බයද මිනී අලු වලට අපරාදෙ කියන්න බැහැ 86 – 90 කාලෙ ජේවීපී එකෙනුයි ආණ්ඩුවෙනුයි රටේ හැම තැනම මලමිනී දාල මිනී අලු හලල ඒ බය අහක් කරල දැම්ම ඉස්සර අපි ගොපල්ලට හරිම බයයි අපිට ගො කිව්වහම ඇති කථාවක් නොව ගද්ය කාව්යයක් වන අරණකට පෙම් බැද පොතෙත් මේ ගොපලු යකා ගැන සදහන් වෙනව නමුත් තොවිල්වල තියන අර සවුන්දර්ය ගතිය නම් හොදයි විනෝද වෙන්න අර බෙරකාරයත් එක්ක එහෙම කියන දෙබස් නියමයි එකිනෙකා අතර නොයෙකුත් තරහමරහ තියන ගමේ අයත් ගම් මඩුව බලන්න ආපුවහම එකට මුසුවෙලා විනෝදවෙනව ඒ කාලෙට ගමට ඇවිත් ගම්මඩුව ළග තාවකාලික කඩ අටෝ ගන්න අයගෙන් ගමේ නැති අරුමෝසම් බඩු ගන්නව බුන්දි කනව කඩල කනව කසඇටදාල සරුවත් බොනව ඒ සරුවත් වලට දාල දෙන අයිස් කැටේ උනත් පුංචි අපට වටිනව එහෙම ගමේ ගමේ අය මුහුවෙනකොට ගමේ අයගෙ තරහගති ඇරිල යනව එතකොට එයින් ගමේ සමගිය ඇතිවෙනව ගමට ශාන්තියක් වෙනව ඒව නැතිවුන එක පාඩුවක් ප්රජාතන්තරවාදයෙ චන්දෙ ආපු එකෙන්වුනේ ගමේ මිනිස්සු බේද බින්න වුන එකයි ඇයි පුලුවන්තරම් මිනිස්සු බිදවල ඡන්දගන්නනෙ හදන්නෙ ප්රජාතන්තරවාදය බූරුවන් විසින් නරියන්ට තමන්ගේ පාලනය භාරදීම වැනිය කියලත් සදහන් කිරීමක් තියනව කියන කවිවල යාදිනි වලින් ඇතිවන ශබ්ද තරංගවල ශක්තියක් තියනබව පිළිගන්න වෙනව හැබැයි ඒ ශක්තියෙන් යහපතක් වෙන්නෙ එය ඇති කරන්නෙ මෛත්රි කරුණාවෙන් නම් වෙන්න ඹ්න
ඉස්සර ගෙදරක තොවිලයක් තියනකොට ගෙදර පිරිසිදු කරල කලඑලි කරනව නෑදෑයො
ඹක්කොම වගේ රැස් වෙනව කථාබහ කරනව සෙනෙහෙ පානව උපදෙස් දෙනව ආවඩා ආයුබෝ වේවා
කියල අනුකම්පාවෙන් මෛත්තිරියෙන් සෙත් පතනව ඒව හරියට වටිනව කෙහෙල් බඩ කෑලි
හතක් උඩ ගොක්කොල වලින් පියුම් හතක් හදල
සත් වෙනි සනි දින අසුකර සත් නැකතද ගෙන පොරොන්දු
සත් කර්ණය වක් පන්තිය ගෙන හෝරා අකුරු බින්දු
නෙත් තුන ඉසිවර පැවසූ සත්තක බලයෙන් පසින්දු
සත් අඩියට කල අණ වින සෙත් කර කැපුවෙමි තීන්දු
වගේ කවි වචනෙන් වචනෙට තාලෙන් තාලෙට කියමින් ලස්සනට පිරුවට ඇදල ගෙජ්ජි සද්ද කර කර තාලෙට ගිරේ සද්ද කර කර පිලිවෙලට අඩිතියතියා කරුණා මෙත්සිත් පතුරවමින් සත් අඩියට දෙහිකපනකොට ඹය සුපර් ඩාන්ස් පරාදයි දෙමළ මන්තර මේ වැඩ වලට ගාව ගත්ත එකෙන් තමයි ඹක්කොම අවුල්වෙලා තියෙන්නෙ

Wednesday, October 11, 2017
අතීත මතක සටහන් - 2
අතීත මතක සටහන් - 2
අතීත මතක සටහන් - 1 සමග සම්බන්ධයි
ඉතින් මම ක්රිකට් ක්රීඩාව විශ්ව විද්යාලය නියෝජනය කරල තියෙන නිසා ඒකෙ හිටපු අයගෙ හැදුනුම්කම් තිබුන ඉතින් මම එක නිවාසාන්තර තරගයක් විදිහට නිවාසන්තර ක්රිකට් තරගත් දැම්ම වැඩේ නියමෙට හරිගියා ඉතින් පසුව ලෙදර් බෝල කණ්ඩායමක් පිහිටුවන්න කථා කරගත්ත ගමපුරා ඇවිදල සල්ලි එකතු කරල දෙන්න ලමයි කැමතිවුනා ඉතින් අපි කොටු කපන කාඩ් හදල දීල වැඩේ නීත්යානුකරල දුන්න කිව්ව වගේම සල්ලි එකතු කරගන්න පුලුවන් වුනා ඉතින් මමයි තවත් ගුරුවරයෙකුයි කොලඹ ගිහිල්ල අවශ්යය මෙට්න් එක පෑඩ් බැට් බෝල ග්ලවුස් වගේ ඔක්කොම ගෙනාව පිට්ටනිය පොඩියි ඒවුනත් ඒක මැද තණ නිල්ල හැදුව
ඹක්කොම කරල දවස් ගාණක් ප්රක්ටිස් කරල මිහිදු එකත් එක්ක මැච් එකකුත් ගැහුව ඒක තමයි මේ හරියෙ ගහපු පලමුවන ලෙදර් බෝල මැච් එක ඹය අතරෙ මම පේරාදෙණියෙ යාලුවො මගින් කොලඹ ක්රිකට් බෝර්ඩ් එක සම්බන්ධ කරවගෙන ඒකාලෙ හැටියට විශාල ආධාර මුදලක් ගන්න කටයුතු කරමිනුයි හිටියෙ ඔය අතරෙ ගුරු මණ්ඩලේ තවත් කෙනෙකුට මේකට ආසවෙලා ඹ්නවුනා අපි ගෙනාපු උපකරණ පාවිච්චි කරමින් දහසයෙන් පහල ටීම් එකක් එයාට හදා ගන්න එයාට ඕනවුනා අපිව කපාගෙන යන්න විවිධ ප්රශ්ණ ඇතිවුනා මම මිනිහට ඔක්කොම භාරදීල නිකං හිටිය
මතක තියාගන්න මේ හදුන්වගෙන යනව මේව ගැන ආයෙත් එනව
ඉතින් මේවනවිට ප්රින්සිපල් විතරක් නෙමෙයි මුලු ස්ටාප් එකම මට එකතුයි මම කිංග්ස්වුඩ් එකේ ඉදලම ලමුන්ගෙ පැහැදීම ලැබිල ගුරු සතුටින් මත්වෙලයි හිටියෙ අම්මට ඹ්න වෙලා තිබුන මාව පරිපාලන විභාගෙට පෙනී ඉන්න සලස්වන්න ඇප්ලිකේශන් එක දාන්නවත් මම කැමතිවුනේ නැහැ ලැබුන වෙනත් රැකියා වලට ගියෙත් නැහැ ඉතින් මම එන්න පරක්කු වුනොත් ප්රින්සිපල් ස්ටාප් මීටින් එක නවත්තගෙන ඉන්නව පොඩ්ඩක් සර් එනකං ඉම්මු කියල ගොඩක් අතඇරල ලියමු
ඉතින් මේ කාලෙ තමයි මේ ප්රදේශයට ආපු මුල්ම LP ගෑස් ටැංකිය ආවෙ විද්යාගාරයෙ ප්රයෝනයට ඉතින් ප්රින්සිපල් මට කිව්ව මෙය භාවිතයට ගන්න හැටි අපිට පෙන්නන්න කියල ඉතින් එයා මුලු ගුරු මණ්ඩලයම රැස් කරල ගෑස් පත්තුවෙනහැටි බලන්න කටයුතුකලා මමත් ඉතින් ඒ ගැන විස්තර කරල දැල්ලෙ දැලි නැති හැටි රස්නෙ වැඩිහැටි ආදිය ගැන වතුර බීකරයක් උණු කරවල එහෙම ඹක්කොටම ප්රදර්ශණය කලා එයට අමතරව ඉතින් මම මගේ විද්යා දැනුම පාවිච්චි කරල සෝඩියම් පොටෑසියම් ස්ටොන්ට්රියම් ආදිය දැල්ලට ඇල්ලුවහම ඒ ඒ ලෝහයන්ට අයිති වර්ණයන් ලැබෙන අයුරුත් පෙන්නල දුන්න ඒ මගේම මම මැග්නීසියම් ලෝහ පටියක් පත්තු කරල එහෙම වැඩි වැඩත් කරල පෙන්නුව
ඉතින් පාසල ගෙදර ඉදන් පයින්යන දුරින් නිසා මම නිවාඩු ගත්තෙ නැති තරම්
ඉතින් ඹහොම කාලය ගතවෙමින් ගියා
ඹය අතරෙ ඉතින් මේ ප්රදේශයට අාපු පළමුවන tv එක පාසලට ආව ඒක වර්ණ ටීවී එකක් ඒක එන්න තිබියදි මට කෙළඹ ගිහින් වැඩ මුලුවකටත් සහභාගිවෙන්න වුනා tv එක ඉදිරිපිට ලමයි දුරින් අර්ධ කවාකාරව වාඩිකරවන හැටි ආදිය ගැන ඉගෙන ගන්න ඉතින් ටීවී එක පාසලට ගෙනහල්ල සවිකලා හුගක් උස ඇන්ටෙනා එකක් සවිකලා දවස් දෙකක් විතර මහන්සි වෙන්න වුනා විදුලි බලය නැති නිසා ලොකු බැටරි දෙකක් සහිත බැටරි පද්ධතියකුත් ස්තාපිත කලා ඉතින් මට සිද්දවුනා ඒක පෙන්නන වැඩ කටයුතු එහෙම කරන්න ඇයි මගෙනෙ භාරකාරිත්වය දවසක් මම පන්තියෙ උගන්නමින් ඉන්නකොට පාසලට ආපු අධ්යාපන අධ්යක්ෂ කෙනෙකුට වර්ණ ටිවී බලන්න ආශා වෙලා මම කිව්ව මට දැන් එන්න බැහැ කියල ප්රින්සිපල් බැගෑපත්වුනා මූ ව නම් තරහකර ගන්න එපා කියල සමහර දවස්වල හවසට ඇවිත් මාව එක්ක යන පවුල් පිටින් ආපු ගමේ මිනිස්සුන්ට රෑ දොලහ විතර වෙනකල් ටීවී පෙන්නන්න වුනා ජනෙල් දොරවල් වහන්න වුනේ මට මේ සියල්ල මෙහෙමවුනේ විද්යා උසස්පෙල පන්ති පාසලේ ආරම්භ කිරීම නිසා පාසල 1AB තත්වයට පත්වීම නිසයි
තවම නියම හරියට ආවෙ නැහැ ආහම තේරෙයි අධ්යාපනයෙ හැටි
අදට ඇති ඉතිරිය පසුවට

Subscribe to:
Posts (Atom)