යසෝදරා වැනි කතා චිත්තරපටි වලට තෝරාගන්නේ ඇයි යන කරුණ ගැන
මුලින්ම ටිකක් සොයාබැලීම හොඳය මෙම කතා පරම්පරා ගණනක් තිස්සේ මහත් බැතියෙන් යුක්තව
බොදුබැති ජනතාව අසා ඇති කතාය ජනතාව එය නැවතත්
චිත්තරපටියකින් දැකීමට ආශාවෙය් එබැවින් ඔවුන් ඔද වැඩී ගිය පෙර බැතියෙන් යුක්තව අඹු
දරු මුණුපුරන් සමග එය බැලීමට එය් මෙහිදී පරම්පරාගත මුල් කතාව භාවිත කරන්නේ මුදලට ගිජුව ධන වැද්දන් විසින් අටවනලද උගුලකට යෙදු ඇමක් වැන්නක්
වශයෙනි එයට අමතරව මෙහි දී එම ජනතාවට සිදුවන්නේ ඔවුන් විසින් පරම්පරා ගණනක් තිස්සේ මහත්
බැතියෙන් යුක්තව අසා ඇති කතාව අසන්නට නොව එයට වෙනස් සරුවපිත්තල සමයං කතාවක්
අසන්නටය එම කතා අසා මෙතෙක් ඇතිකරගෙන තිබුන
බැතිමත් භාවයත් හිතින් අයින් කරගෙන තුහ් නොදකින් කියා කෙලගසමින් රැවටී ආය්මත්නම්
චිත්තරපටි බලන්නට එන්නේ නැහැ කියමින් ගෙදර එන්නටය
මෙහි පෙන්වන්නේ යසෝදරා චිත්තරපටිය පමණක් නොවේ යසෝදරා සමග දේවදත්තගේ සංගබේදය කෙටි චිත්තරපටියද
පෙන්වනු ලැබේ
මුල් කතාව නොදන්නා පිටරැටියෙක් මෙම චිත්තරපටිය බැලුවොත්
ඔහුට වැඩිය මතක හිටිනු ඇත්තේ යසෝදරා කතාව නොව දේවදත්තගේ සංගබේදය කෙටි චිත්තරපටියේ
කතාව වියහැක
චිත්තරපටි කතාව කියන්ට වෙන ආකාරයක් නැති නිසාදෝ මණිබඩු විකුණන කෝලමෙක් වැනි පොතේ ගුරෙක් ලවා කතාවේ
බොහෝ ප්‍රමාණයක් කියවනු ලබය් එය වේදිකා නාට්ටය්ය කොටසක් සිනමාවට ගෙනාවා වැනි
විකාරයකි
යසෝදරාගේ පතිභක්තිය ගැන කියන්න ගොස් දේවදත්තගේ සංගබේදය
ගැන කියන්නේ ඇයි දැයි ප්රශ්න යක් ඇත එයට හේතුවන්නට ඇත්තේ ලංකාවේ අබෞද්යන් සහ විදේශික
අබෞද්දයන් සතුටට පත්වන යමක් චිත්තර පටියේ තිබිය යුතුනිසා වන්නට ඇත බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ දැහැමිබව ශාන්තබව
එහිපෙන්වන්නේ නැත එයට හේතුවන්නට ඇත්තේ මෙය ඉංග්‍රීසි උපශීර්ෂ දමා
පිටරට මිනිසුන්ට පෙන්වනවිට ලකුණු ලැබෙන්නේ ත්‍යාග ලැබෙන්නේ එසේ බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ
පහත්බව කලහකාරී බව පෙන්නුවිටවීම නිසා වියහැක
යසෝදරාවත කවි ගායනය තනිකරම විලාපයකි අපේ ගැමිජනතාව එය
ගයන ලයාන්චිතබව එයටවඩා බෙහෙවින් වැඩිය
බෞද්ධයන්ට පුරුදු කතාවේ යසෝදරා දේවිය රාහුල කුමාරයාට
බුදුරජාණන්වහන්සේ පෙන්වන්නේ සී මැදුරු කව්ලුවෙන් උන්වන්සේව සජීවව පෙන්වමින් නරසිංහ
ගතා කියමින් වූවත් මෙහි යසෝදරා දේවිය රාහුල කුමාරයාට බුදුරජාණන්වහන්සේ පෙන්වන්නේ පාසල්
ගුරුවරියකමෙන් ලෑල්ලක චිත්‍ර අඳිමිනි
මෙවැනි කලා
නිර්මාණ කිරීමෙන් ඔවුන් විනාශකරන්නේ අඟනා බෞද්ධ සංස්‌කෘතියය්
කුලියට පත්තරවලට විචාර ලිපිලියන වන්දිභට්ටයන්ට එසේ ලිපිලිවීම හැර වෙන කරන්නට දෙයක්
නැතුවා වියහැක තමන්ගේ රැකියාව ආරක්ෂා කරගන්නට
අවශ්‍ය නිසා විය හැකිය
කරන ලද කලා නිර්මාණයක් විවේචනය කරන්නට කාටවත් අය්තියක්
නැතය් කියා ඇතත් එසේ කිව හැක්කේ කරනලද නිර්මාණය
තමන්ගේම නිර්මාණයක් නම් පමණි
යසෝදරා කතාව හෝ වෙනත් ජනකතා චිත්‍රපටි කරුවන්ට අයිති කතා
නොවේ
ඒවා වෙනස් කරන්නට තවත් කෙනෙකුට ඇති අයිතිය කුමක්ද
කරුණාවෙන් කිවයුතු කරුණක් ඇත
චිත්‍රපටි හදනවානම් හදන්නට රටේ ඕනෑ තරම් කතා ඇත
මේ පරම්පරාගත ජාතක කතා ජනකතා වෙනස් කරමින් චිත්තරපටි
හැදීමෙන් පුද්ගලයින් වැලකිය යුතුව ඇත
එය ඒවා හදන අයටත් රටටත් වැඩදායකය


