Sunday, June 17, 2018

යසෝදරා සහ දේවදත්ත


 



යසෝදරා සහ දේවදත්ත

යසෝදරා වැනි කතා චිත්තරපටි වලට තෝරාගන්නේ ඇයි යන කරුණ ගැන  මුලින්ම ටිකක් සොයාබැලීම හොඳය  මෙම කතා පරම්පරා ගණනක් තිස්සේ මහත් බැතියෙන් යුක්තව බොදුබැති  ජනතාව අසා ඇති කතාය ජනතාව එය නැවතත් චිත්තරපටියකින් දැකීමට ආශාවෙය් එබැවින් ඔවුන් ඔද වැඩී ගිය පෙර බැතියෙන් යුක්තව අඹු දරු මුණුපුරන් සමග එය බැලීමට එය් මෙහිදී පරම්පරාගත මුල් කතාව භාවිත කරන්නේ  මුදලට ගිජුව  ධන වැද්දන් විසින් අටවනලද උගුලකට යෙදු ඇමක් වැන්නක් වශයෙනි එයට අමතරව මෙහි  දී  එම ජනතාවට  සිදුවන්නේ ඔවුන් විසින් පරම්පරා ගණනක් තිස්සේ මහත් බැතියෙන් යුක්තව අසා ඇති කතාව අසන්නට නොව එයට වෙනස් සරුවපිත්තල සමයං කතාවක් අසන්නටය එම කතා අසා  මෙතෙක් ඇතිකරගෙන තිබුන බැතිමත් භාවයත් හිතින් අයින් කරගෙන තුහ් නොදකින් කියා කෙලගසමින් රැවටී ආය්මත්නම් චිත්තරපටි බලන්නට එන්නේ නැහැ කියමින් ගෙදර එන්නටය
මෙහි පෙන්වන්නේ යසෝදරා චිත්තරපටිය පමණක් නොවේ  යසෝදරා සමග දේවදත්තගේ සංගබේදය කෙටි චිත්තරපටියද පෙන්වනු ලැබේ
මුල් කතාව නොදන්නා පිටරැටියෙක් මෙම චිත්තරපටිය බැලුවොත් ඔහුට වැඩිය මතක හිටිනු ඇත්තේ යසෝදරා කතාව නොව දේවදත්තගේ සංගබේදය කෙටි චිත්තරපටියේ කතාව වියහැක
චිත්තරපටි කතාව කියන්ට වෙන ආකාරයක්  නැති නිසාදෝ  මණිබඩු විකුණන කෝලමෙක් වැනි පොතේ ගුරෙක් ලවා කතාවේ බොහෝ ප්‍රමාණයක් කියවනු ලබය් එය වේදිකා නාට්ටය්ය කොටසක් සිනමාවට ගෙනාවා වැනි විකාරයකි
යසෝදරාගේ පතිභක්තිය ගැන කියන්න ගොස් දේවදත්තගේ සංගබේදය ගැන කියන්නේ ඇයි දැයි ප්රශ්න  යක් ඇත  එයට හේතුවන්නට ඇත්තේ ලංකාවේ අබෞද්යන් සහ විදේශික අබෞද්දයන් සතුටට පත්වන යමක් චිත්තර පටියේ තිබිය යුතුනිසා වන්නට ඇත  බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ දැහැමිබව ශාන්තබව එහිපෙන්වන්නේ නැත   එයට හේතුවන්නට ඇත්තේ මෙය ඉංග්‍රීසි උපශීර්ෂ දමා පිටරට මිනිසුන්ට පෙන්වනවිට ලකුණු ලැබෙන්නේ ත්‍යාග ලැබෙන්නේ එසේ බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ පහත්බව කලහකාරී බව පෙන්නුවිටවීම නිසා  වියහැක
යසෝදරාවත කවි ගායනය තනිකරම විලාපයකි අපේ ගැමිජනතාව එය ගයන ලයාන්චිතබව එයටවඩා බෙහෙවින් වැඩිය  
බෞද්ධයන්ට පුරුදු කතාවේ යසෝදරා දේවිය රාහුල කුමාරයාට බුදුරජාණන්වහන්සේ පෙන්වන්නේ සී මැදුරු කව්ලුවෙන් උන්වන්සේව  සජීවව පෙන්වමින් නරසිංහ ගතා කියමින් වූවත් මෙහි යසෝදරා දේවිය රාහුල කුමාරයාට බුදුරජාණන්වහන්සේ පෙන්වන්නේ පාසල් ගුරුවරියකමෙන් ලෑල්ලක චිත්‍ර අඳිමිනි
මෙවැනි කලා  නිර්මාණ කිරීමෙන් ඔවුන් විනාශකරන්නේ අඟනා බෞද්ධ සංස්‌කෘතියය්
කුලියට පත්තරවලට විචාර ලිපිලියන වන්දිභට්ටයන්ට එසේ  ලිපිලිවීම හැර වෙන කරන්නට දෙයක් නැතුවා වියහැක  තමන්ගේ රැකියාව ආරක්ෂා කරගන්නට අවශ්‍ය නිසා විය හැකිය   
කරන ලද කලා නිර්මාණයක් විවේචනය කරන්නට කාටවත් අය්තියක් නැතය් කියා ඇතත් එසේ කිව හැක්කේ කරනලද  නිර්මාණය තමන්ගේම නිර්මාණයක් නම්  පමණි
යසෝදරා කතාව හෝ වෙනත් ජනකතා චිත්‍රපටි කරුවන්ට අයිති කතා නොවේ
ඒවා වෙනස් කරන්නට තවත් කෙනෙකුට ඇති අයිතිය කුමක්ද  
කරුණාවෙන් කිවයුතු කරුණක් ඇත
චිත්‍රපටි හදනවානම් හදන්නට රටේ ඕනෑ තරම් කතා ඇත
මේ පරම්පරාගත ජාතක කතා ජනකතා වෙනස් කරමින් චිත්තරපටි හැදීමෙන් පුද්ගලයින් වැලකිය යුතුව ඇත
එය ඒවා හදන අයටත් රටටත් වැඩදායකය   

12 comments:

  1. යසෝදරා චිත්‍රපටය නැරඹුවෙමි. මෙවැන්නක් දැනුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්න පුළුවන් එහි ඇති වරදක් නැහැ සමහරවිට ගෙදර හදන පිරිසිදු පෝෂ්‍යදායී කෑම එකකට වඩා එක එක කොම්පැනි වලින් ගත් රසකාරක දාල හදල තියන කඩේ කෑමඑක අපට රසට දැනෙනවා

      Delete
  2. මෙතන තියෙන ප්‍රශ්නේ යසෝදරා කතාව ඇතුලේ සිනමා නිර්මාණයක් කරන්න බැරි කම නෙමේ .
    සුනිල් ආරියරත්න මහත්තයාගේ නොහැකියාව

    ඔහුගේ පත්තිනි කතාව, අලි කතාව මේ සියල්ල කිසිම වැදගම්මක් නැහැ . ඉතාම ප්‍රථමික මට්ටමේ නිරමාණ .
    හරියට රන්ජන් රාමනායකගේ චිත්‍රපට වගේ

    කරුමෙට කඩේ යන විචාරකයෝ එක ලියන්න බයයි
    දැන් සුනිල් මහත්තය හරියට සීතාම්බර පටසළු ඇදගත්තු රජ්ජුරුවෝ වගේ මට පෙනෙන්නේ

    අපි වගේ පොඩි උන්ට තමා පෙන්නේ එතුමා හෙළුවෙන් බව

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් සුනිල් ආරියරත්න මහත්මයා රටට සම්පතක් වුන කෙනෙක් දක්ෂ ගීත රචකයෙක් එහෙම වූනත් දැන් ඔහු වෙනස් වෙලා වගෙය් ඔබගේ චිත්තරපටි දැනුම ගැන සතුටුය් කොච්චර එකක්ද එහෙම අය අද කාලයේ ඉන්න එක අපි පොඩිකාලේ හිටිය ජයවිලාල් විලේගොඩ කියල චිත්තරපටි විචාරක මහත්මයෙක් ඔහු නැති අඩුපාඩුව මට අදටත් දැනෙනව

      Delete
  3. sunil ariyarathne yanne BMW ekeda.

    ReplyDelete
    Replies
    1. danne naha
      ehema yanawanam dan ekath madiwela ethi
      nathnam mewage chittarapati hadaiya

      Delete
  4. සුනිල් ආරියරත්න කියන්නේ බිස්නස් කාරයෙක් , නන්දාමාලිනි සමග පවන කැසට් එක කරපු තැන ඉඳලා පෙනුනේ ඔහුගේ තියෙන ව්‍යාපාරික දක්ෂතාවය. ඒ ව්‍යාපාර වලට අපේ රටේ මිනිස්සු හොඳ වෙළදපලක් හදල දුන්නා , මොකද ඔහු අලෙවි කලේ මිනිස්සුන්ගෙම දුක කඳුල, විපල්වීය අදහස් සහ අනෙකුත් සංවේදී හැගීම්. හරියට ඔය යසෝදරා කළා වගේ ,
    ‘අනුපමා’ (1978),‘සරුංගලේ’ (1979), ‘සිරිබෝ අයියා’ (1980), ‘සතර පෙර නිමිති’ (1981), ‘ක්‍රිස්තු චරිතය’ (1990), ‘සුදු සෙවණැලි’ (2003) ‘උප්පලවන්නා’ (2007)

    අනුපමා සහ සතර පෙරනිමිති බලලා නැති වුනාට සරුංගලය, සිරිබෝ අයියා වගේ චිත්‍රපටි එක්ක බලනකොට උප්පලවන්නා ඉඳල මේදක්වා කරපු හැම එකක්ම නිකම් සුනිල් ආරියරත්න නම සහ අතීත කතාව විකුණන තොරොම්බල් විතරයි. මේක හොඳට දකින්න පුළුවන් තවත් තැනක් තමා කුස පබා චිත්‍රපටිය.

    ReplyDelete
    Replies
    1. නෙලුම් කොලේ දාල බත් දෙනවා කිව්වහම පාරම්පරික විශ්වාසෙට මිනිස්සු එනව මෙතන කෙරෙන්නෙ හබරල කොළ නෙලුම්කොල හැඩයට කපල ඒකට බජිරි හාල් දාල දෙනව වගේ වැඩක් එතනින් නතර වෙන්නේ නැහැ අර නෙලුම්කොලේ ගැන මිනිස්සුන්ගෙ තියන බැතිමත්භාවයත් විනාශකරල දානව
      පාරම්පරික හර පද්දතියෙ පිහිටෙන් ඉන්න ගමන් ඒකෙ අත්තිවාරමත් කඩල දානව
      මෙතන තියන ප්‍රධාන ප්‍රශ්න යක් වන්නේ මේ පුවත්පත් වල චිත්තරපටි විචාර ලියන්න හරිහමන් කෙනෙක් නැතිකම පුදුම වැඩේ කියන්නෙ වෙන කෙනෙක් හරි විචාරයක් ලිව්වත් පලකරන්නෙම මේ වන්දිභට්ටයො ලියන එකමනෙ

      Delete
    2. තිස්ස ප්‍රේමසිරි දැන් විචාර ලියන්නේ නෑ නේද? ඉස්සර එයාගේ විචාර කියෙව්වම මට හිතුනේ චිත්‍රපටි කර්මාන්තය එක්කම තියෙන තරහකින් ලියනවද කියල සමහර විචාර දැක්කම. ඒත් එතැන තිත්ත ඇත්ත තිබ්බා .

      Delete
  5. තිස්ස ප්‍රේමසිරි කියල විචාරකයෙක් ගැන මට එච්චර සඳහනක් නැහැ මම හිතන්නේ නැහැ ඇත්ත කියන විචාරකයෙකුට අද පැවැත්මක් තියනවා කියල මේ රුපවාහිනී වල පෙන්නන දෙබස් කවපු තුට්ටු දෙකේ ගෑනු මිනිස්සුන්ගෙ රණ්ඩු කතා ආදිය බලල ඒ වගේම මේ වගේ ගරානා මාර්ක් චිත්‍රපටි බලල දැන් හුඟක් මිනිස්සුන්ට හොඳ චිත්තරපටියක් හඳුනාගන්න වත් එහෙම හඳුනාගන්න ඕනෑකමක් වත් නැහැ දැන් රටේ හුඟක් මිනිස්සු අවිවේකය් හුඟක් වෙලාවට හිතන්නේ සල්ලිය් ඉවරයක් ඇති වෙලාවක් හදාගන්නෙ කොහොමද වගේ කරුනුගැන විතරය් සිංහල චිත්‍රපටි ගැන මිනිස්සුන්ගේ තියෙන්නෙ අප්පිරියාවක් හැබැය් එහෙම වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට චිත්තරපටි එපා වෙලා නෙවෙය් රැවටිලා ඇතිවෙලා
    මම මේ පෝස්ට් එක ලිව්වට පස්සෙ දිනක පහුගියදා සනත් ගුණතිලක මහත්තය යසෝදරා චිත්තර පටිය ගැන ඉරිදා පත්තරේකට ලිපියක් ලියල තිබුන යාලු මිත්තරකම් හින්ද එයාට මේ චිත්තරපටියෙ අඩුපාඩු ගැන හරියටම ලියන්න බැරුව ඇති ඒ වුනත් සමහර තැන්වල ඇත්ත ලියල තිබුන ඒකේ ලියල තියනවා ‘අපේ මහාචාර්ය තුමාට හිසේ සිට කකුලෙ නියපොත්ත දක්වා ශුන්ගාරය තියනවා’ කියල නියමය් නේද එතකොට ඉතින් අනිත් රස වලට එච්චර ඉඩක් නැතිව ඇතිනේ ඉතින් කොහොමද අපි කිව්වට උසස් චිත්තරපටි හදන්නෙ
    ඒකෙ තව තැනක තියනවා ‘දෙව්දත්ගේ චරිතය මේකට එකතුකිරීමට යාමෙන් අර මුලික ඉලක්කය පොඩ්ඩක් එහාට ගියා කියලය් මට හිතුනේ’ කියල ඉතින් හරියටම හරිනේ කතාව
    තව තැනක ලියල තියනව ‘ එතුමා කියල තියනව උසස් ගනයේ කලාත්මක චිත්තර පටි නිර්මාණය කරන්න ලංකාවේ පිරිසක් ඉන්නවා මම ඒ ගණයට වැටෙන්නේ නැහැ කියල’ ඉතින් හරිනේ කතාව අපි නොදන්නවට මේක මේ කියල කරන වැඩක්නේ
    ඉතින් මේ සනත් ගුණතිලක මහත්තය මේ ලිපිය ලියනකන් හුඟක් මිනිස්සුත් ඒක දන්නේ නැතුව ඇති ඉතින් උසස් ගනයේ චිත්තර පටියක් බලන්න කියල මිනිස්සු මේක බලන්න ආවට එතුමා මොනව කරන්නද මෙන්න මෙතනදි තමය් සිනමා විචාරකයො ජනතාවට තමන්ගෙ යුතුකම ඉටු කරන්න ඕන උසස් ගනයේ කලාත්මක චිත්තර පටි නිර්මාණය නොකරන එතුමා තවත් මෙව්වා එකක් නිකුත්කර ඇත කියල පටන් ගත්ත නම් මිනිස්සු රැවටෙන එක අඩුවෙනව

    ReplyDelete