Thursday, June 21, 2018

දහඅටසන්නිය අතරතුර සුදු දෝනිගේ යෝනි ප්‍රශ් නය









ගුරුන්නාන්සේ ඔක්කොම මල් යහන් පිදේනි  තටු එහෙම හරි නේද හරි හරි 
එහෙනම් ගුරුන්නාන්සේ අපි මේ සන්නි යකුම ශාන්ති කර්මය පටන් ගනිමු හා හා ආවඩා ආයුබෝවේවා ගුන්ද ගත්ත ගතිත ගුන්ද ගුන්ද ගත්ත ගතිත ගුන්ද

හා දැන් ඔය ආතුරය තුනුරුවන් සිහිකරල දෙවියන්ගේ දේවාරක්ෂාවෙන් අදදින මේකරන යාගසෝම ශාන්තියෙන් තමන්ට වැලඳී තියෙන අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙසියතුනක් අතුරු අන්තරාවල් හිරු දුටු අඳුරු මෙන් දූරින්භූතවේවායි හිතාගෙන ඔය පැදුරෙ වාඩිවෙන්න
 ඒ එක්කම ඉතින්  ගුරුන්නාන්සේලා  මල් ආසනයෙ පහන් දැල්වීම එහෙම  කරල දහඅට සන්නියේ වැඩකටයුතු ආරම්භ කළා  පිදේනි තටු ආතුරයා ඉදිරියේ තබා කඩතුරාවකින් ආවරණයකරල  කුකුලවත්   පිදේනි තටු අසලින් තියල  දුම්මල දුම් අල්ලන අතරෙ තුනුරුවන් ප්‍රධානවවිෂ්ණු ,කතරගම නාථ ,පත්තිනි යන දෙවිවරුන්ට සතරවරම් දෙවියන්ට පහන් දල්වල  මල්අස්නට ආරාධනාකරල කෝල්මුර කවි මල් යහන් කවි කියමින්  නැටුම් නටමින්  දෙවියන් පුදන වැඩ පටන් ගත්ත ඉන්පසු යකුන්වෙනුවෙන් දිෂ්ඨි මන්ත්‍ර කියා අඬ ගැසීම පටන් ගත්ත .මේවෙලාවේදී බෙරකාර ගුරුන්නාන්සේලා ‘ ගුන්ද ගත්ත ගතිත ගුන්ද ගුන්ද ගත්ත ගතිත ගුන්ද ’තාලෙට එකසීරුවට බෙරවාදනය කරන්න වුනා

එහෙනම් දැන් ඔක්කොම වැඳගන්න උතුම් වූ බුදුසරණවේවා උතුම් වූ දම්සරණවේවා උතුම් වූ සඟසරණවේවා කලුකන්දදේසේ කලු කූට පරුවතේ කලු මාඉලුක් පඳුරේමුදුන්මල් රේණුවේ රන් කොතලේ කිරිකොතලේ රුදුරු විමානේ වැඩවාසස්ථානය කරන්නාවූ විජය රජ්ජුරුවන්ට ජාතකව කරඬුබානා බිසවගේ කුසෙන් උපන්මහබාගේ දෙවොල් බාගේ කෙලි පිදේනි ගැනීමට වරම් ගත්තාවූ සිද්ද කලු යක් දේවතාවන් වහන්සේලාගෙන් සියළු සිද්ධ සුනියන් දෙවි දේවතාවන් වහන්සේලාගෙන් අවසරය් ආරක්ෂාවය් තවදභූතනම් දෙකෙළක් යක්ෂයෝය.අභූත නම් දස කෙළක් යක්ෂයෝය.පිසාචනම් නවකෙළක් යක්ෂයෝය.මුනෙය්යනම් සත් කෙළක් යක්ෂයෝය.අරෝච නම්භූත යක්ෂ සෙනවියාය.සුචිරෝම නම් අභූත යක්ෂ සෙනවියාය මුනෙය්ය නම් අපස්මාර යක්ෂ සෙනවියාය.යනමේ සියල්ලන්ට අධිපති වන්නාවූ වෛශ්‍රවනදිව්‍ය රාජෝත්තමයානන්වහන්සේ සත්කෝටි සයානූ සත් බිම්බරක් යක්ෂ සේනාව පිරිවරාගෙන මහමෙර උතුරුදිග් භාගයෙහි වැඩවාසස්ථානය කරන්නේය.නොහොත් මේ යක්ෂ සේනාව අටකොන සොලොස් කොන වරම්ගෙන වාසභවනය කරන්නේය.”……. ගුන්ද ගත්ත ගතිත ගුන්ද ගුන්ද ගත්ත ගතිත ගුන්ද

එහෙම නට නටා ගිහින් ගුරුන්නාන්සේ කෙනෙක් පන්දමක් එහෙම  අතට ගෙන බෙරකාර ගුරුන්නාන්සේ සමග දෙපිට කැපෙන විහිලු සංවාද එහෙම කරන ගමන්  මගින් හැන්දෑසමයම නටමින්  ඒඅවසානයේ පන්දම් පද හත නටා ආතුර අඩව් අල්ලා සව්දම් සුරල් පද සභාවේ ප්‍රභූන් වෙනුවෙන් නටා තෑගි බෝගත් ගෙන හැන්දෑ සමයම ඉවර  කලා
.ඊට පස්සෙ ඉතින් මහ තේවතුර කියන  ප්‍රධාන තේපැන් සංග්‍රහයට වෙලාව ආව  ගුරුන්නාන්සේලාටය් ඇවිල්ල ඉන්න හැමෝටමය් තේවතුර දෙන්න පටන් ගත්ත  මේ වෙලාවේ මට තරමක මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් තිබුන හින්ද පැට්රෝල් ලාම්පුවල එලිය නොවැටෙන හරියෙ ටිකක් ඈතට ගිහින් ඒ අවශ්‍යතාවය ඉටුකරගෙන ඇවිත් තේ වතුර එකක් අරගෙන ඒක බොන්න පටන් ගත්ත
 වෙලාවේ පැදුරෙ මට ටිකක් ඉස්සරහින් වාඩිවෙලා හිටපු දොඩන්ගොඩ නැන්ද මහා සුසුමක් අරිමින් එයා ලගින් හිටපු නෙහෙරිහේනෙ බබිචන් ආච්ච්ට මම මේ දහඅට සන්නිය බලන්න ආවට ඉන්නේ හිතඑකලාසියකින් සතුටකින් නෙවෙය් මේ දවස්වල අපේ ගෙදරත් දහඅට සන්නිය නටනවා වගේ තමය් කියනවා මට ඇහුන අපි  ඉතින් ඒ දවස්වල ලොකු අයගේ ඕපාදුප කතා අහන එක අද්‍යාපන කටයුත්තක්  වගේ ඕනෑකමින් කල නිසා මමත් ඉතින් ඒ දෙන්නගෙ කතාව කන් යොමා අහන්න පටන් ගත්ත
මේ දවස්වල අපේ දෙවැනියා සුදු දෝනි හරියට කෑමක් බිමක් ගන්නේ නැතිව අඬනව සමහර වෙලාවට පස්ස පැත්ත අතින් වහගෙන අඬනව හුල්ලනවා ඒ අස්සේ අරය හැන්දෑවට බීගෙන ඇවිත් සුදු දෝනිට බනිනවා ඒ අතරේ අපේ පොඩි දුව මුණ හපුටු කරගෙන සැරෙන්සැරේ එක එක ඒවා කිය කියා සුදු දෝනිට බනිනවා ගෙදර වැඩ ඔක්කොම අවුල් ජාලයක් වෙලා
ඇයි
කාලෙකට පස්සේ අපේ සුදු දෝනිට මගුලක් ජෝඩුවෙලා  අරය දඟලන්නේ කොහොම හරි මේක කරලා සුදු දෝනිගෙන් නිදහස් වෙන්න පොඩි දුවට ඕන වෙලා තියෙන්නේ ඉක්මනට සුදු දෝනිගෙ මගුල  කරලා  එයා ලෑස්තිකරගෙන ඉන්න කොල්ල එක්ක  එයාගේ මගුල කර ගන්න මනමාලය හොදය් සුදු දෝනිට කැමතියි  ඒත් මේ මගුල කරන්න බැහැ
ඇයි
මනමාලය ඈත් යෝනියෙ
ඉතින් හොදය් නෙ
කොහොමද හොඳ වෙන්නෙ
සුදු දෝනි මී යෝනියෙනෙ
කිරිමෙල් වැඩ කරන්නද කියන්නෙ


6 comments:

  1. හප්පච්චියේ පළලයයි

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ මැහුම් ගහල බේරන්නත් ලේසි තැනක් නෙවෙය්නෙ

      Delete
  2. කෙල්ලට බය නැතුව මඟුල කරගන්න කියපං. ඔය ඇත්තු ඔක්කොම මීයොන්ට යටයි.

    ReplyDelete