Wednesday, August 15, 2018

කෙලවරක් නැති හෙවිල්ල















එම පුදුම ලෝකයට ගොස්බැලූවිට දැකගන්න ලැබුනේ හුගක් අය එහේමෙහේ දුවමින් ඉන්නා බවය
අසල සිටි එම ලෝකයේ කෙනෙකුගෙන් ඒ ගැන විමසා බැලුවෙමි

අර ගොල්ලො අර කොහෙද දුවන්නෙ
ඒ අය කෑම බීම බෙහෙත් ආදිය හොයන්න දුවනව
හො‍දයි අර අය
ඒ අය ඉන්න තැනක් හොයාගන්න දුවනව 
හොදයි අර අය
ඒ අය අදින්න ඇදුම් හොයාගන්න දුවනව

හොදයි  ඒව ඔක්කොම තියන අර අය කොහෙද දුවන්නෙ
ඒ අය තමන්ගෙ බලාපොරොත්තු හරියටම ඉටුකරන දෙයක් හොයාගෙන දුවනව
කවදහරි ලැබෙයි නේද
නැහැ ලෝකයෙ එහෙම දෙයක් කවදාවත් ලැබෙන්නෙ නැහැ

හොදයි  අර අය කොහෙද දුවන්නෙ
ඒ ගොල්ලො ලෝකයේ හරියටම සැප තියන තැනක්
හරියටම සැප ලැබෙන දෙයක් හොයාගන්න දුවනව
කවදහරි ලැබෙයි නේද
නැහැ ලෝකයෙ කවදාවත් එහෙම තැනක් එහෙම දෙයක් ලැබෙන්නෙ නැහැ

හොදයි  අර අය කොහෙද දුවන්නෙ
ඒ අය ලෝකයේ තියන වටින දෙයක් හොය හොයා දුවනව
කවදහරි ලැබෙයි නේද
නැහැ ලෝකයෙ එහෙම දෙයක් කවදාවත් ලැබෙන්නෙ නැහැ

මෝඩ කමට නිකම් දුවල රැවටෙනව විතරයි


Saturday, August 11, 2018

ස්ත්රිරෝගයට වලල්ල දාන ආකාරය කියා දුන් පසුව ගුඩ් මෝනින් ශබ්දය වෙනස්වීම








එම ස්ත්රී රෝගයට ප්රතිකාර වශයෙන් ඇග තුලට ආධාරක වලල්ලක් දැමිය යුතුවිය
 ඒ සදහා එම රෝගීන්ට රෝහලේ ලියා පදිංචිව පොරොත්තු ලේඛනයට අනුව අවස්ථාව‍ක් ලැබෙනතුරු බලාසිටින්නට සිදුව තිබින 
නමුත් එම සායනයේ සේවයට අලුතින් පැමිණි දොස්තර මහතාගේ පැමිණිමෙන් පසු එම පොරොත්තු ලේඛන වේගයෙන් අවසන් වන්නට විය එයට හේතුව සුලු වේලාවකින් නිවැරදි ප්රමාණයේ වලල්ල නිවැරදිව තෝරා කටයුතු කිරීමට ඔහු දැක්වූ දක්ෂතාවයයි මහු දැමු කිසිම වලල්ලක් නැවත සකස් කිරීමට
අවශ්‍ය නොවීය


 මෙය එම රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුලු සමස්ත කාර්යය මණ්ඩලයේ පුදුමයට හේතුවිය

මෙය මෙසේ ඉක්මනින් කිරීමට එක්වරම නිවැරදිව හරි වලල්ල තෝරන්නේ කෙසේදැයි දැනගන්නට ඔවුන් සැමදෙනාටම අවශ්‍ය විය
ඹවුන් එය එසේ කරන්නේ කෙසේදැයි  අලුතින් පැමිණි දොස්තර මහතාගෙන් ඇසූවිට ඹහු කීවේ එය හරි පහසු දෙයක් මම එයාගෙ කට දිහා බලල දැමිය යුතු වලල්ල ගැන අදහසක් ඇති කර ගන්නවා එච්චරයි යනුවෙනි
ඹහු පසුවදා උදෑසන සේවයට පැමිණිවිට රෝහලේ සේවය කල වෛද්‍යවරියන් හෙදියන් ආදී කාන්තාවන් පෙරදින වලදී මෙන්ම ඔහුට ගුඩ් මෝනින් කිවූ නමුත් එදින ඔවුන්ගේ ශබ්දයේ වෙනසක් විය 
එයට හේතුව ඔවුන් සෑම දෙනෙක්ම තොල් පුංචි කරමින් ගුඩ් මෝනින් කියූ බැවිනි


Saturday, August 4, 2018

බුද්ධාගම සහ බුද්ධ ධර්මය අතර වෙනස








බුද්ධාගම සහ බුද්ධ ධර්මය අතර වෙනස

මෙම බවුද්ධ රටෙහි බුද්ධාගම පැවැත්ම අත්‍යාවශ්‍ය දෙයකි
එයට හේතුව ඹ්නෑම රටක වැඩිදෙනා එතරම් ප්රඥ්ණාවන්තයින් නොවන බැවිනි
ප්රඥ්ණාවන්තයින් නොවන බවුද්ධයන්ගේ යහපත ස‍දහා බුද්ධාගම පැවැතීම අත්‍යාවශ්‍ය දෙයකි
මන්ද එවැනි අයගේ ජීවිත අරමුණක් වන්නේ එවැනි අයට පිලිසරණ වන්නේ මතුකාලයේ හෝ  ප්රඥ්ණාවන්තයෙක්වීම බැවිනි ඔවුන්ද මතු ප්රඥ්ණාවන්තයෙක්වීම සදහා සද්ධර්මය සහිත දේශයක උපත ලැබිය යුතුවේ සද්ධර්මය ඇසීමට තරම් නුවණ ඇතිවිය යුතුවේ සද්ධර්මය ප්රුගණ කිරීමට තරම් විවේක ඇති මූලික අවශ්‍යතා සපිරිනු සැපවත් ජාතියක උපත ලැබිය යුතුවේ එවැනි සැපවත් ජාතියක උත්පත්තිය ලැබීමට නම් පින් කලයුතුවේ බුද්ධාගම බොහෝවිට පුද්ගලයින් යොමුකරන්නේ පින්කිරීමටය පින්රැස්කිරීමටය
එබැවින් එවැනි බවුද්ධයන් පින්කම් කිරීමට වැදුම් පිදුම් කිරිමට  සමාදන්වන සිල් රැකීමට ආදියට යොමුකරවනු ලබයි බොහෝවිට අන්‍ය ආගමිකයන්ගේ සේම බුද්ධාගමිකයන්ගේද වැඩි වශයෙන් ඇත්තේ භක්තියයි  භක්තිය සහ ශ්රද්ධාව යනු එකක් නොව දෙකකි බුද්ධාගම අදහන්නන් හරියට පොඩි ලමයෙක් වැඩිහිටියෙක් විසින් කැදවාගෙනයනවා වැනිය එවිට අනවශ්‍ය මගතොට නෙගොස් ආරක්ෂිතව නිවැරදි දිශාවට යාමට එය උපකාරීවන බැවිනි  
පින්කිරීම සැමදෙනාටම අත්‍යාවශ්‍ය දෙයකි සසර සැප ලැබෙන්නේ පුණ්‍ය ශක්තිය නිසා බැවිනි පුණ්‍ය ශක්තිය ස්ථාවර දෙයක් නොවේ එය සැපවිපාක දෙමින් වැයවීයන දෙයකි එබැවින් සසර සැප කැමති අය නිරතුරුව පින්කිරීම පින් රැස්කර ගැනීම කලයුතුවේ පින්කිරීමට බවුද්ධයෙක්වීම අවශ්‍ය නැත අන්‍ය ආගමිකයින්ද පින්කම් කරති පින් රැස්කර ගනිති බුද්ධාගම මූලික වශයෙන් පින් රැස්කරගැනීමට මග පෙන්වයි බුද්ධාගම දෙව් මිනිස් ආදී සැපවත් ජාතීන්ට මතු වඩා නුවණැති ජාතීන් ලැබීමට මග පෙන්වයි
රටක බවුද්ධ සංස්කෘතිය මූලික වශයෙන් ආරක්ෂා කරන්නේ වෙන්නේ බුද්ධාගමිකයන් නිසාය බොහෝ පින්කම් කරන්නේ ඹවුන් විසින්ය
වැඩිවශයෙන් පෙරහර පැවැත්වීම් ආදී ආගමික උත්සව කරන්නේ ඹවුන් විසින්ය 
බුද්ධාගම සහ බුද්ධ ධර්මය අතර වෙනස්කම් රාශියක් ඇතත් වෙවැනි කෙටි ලිපියක සියල්ල සදහන් කල නොහැක
බුද්ධාගමිකයින් විසින් කරගතයුතු ප්රදාන කටයුත්තක් වන්නේ තමන්ගේ දහම් දැනුම වැඩිකරගෙන නුවණ වැඩිකර ගනිමින් බුද්ධධර්මකයින් බවට පත්වීමය

බුද්ධ ධර්මය සසර සැප විදීම සදහා නොවේ එය සසරින් මිදීම සදහාය නිවන් දැකීම සදහාය එය ප්රඥ්ණාවන්තයින් සදහාය මෙහි ප්රඥ්ණාවන්ත යනුවෙන් අදහස් කරන්නේ දැනුම නොවේ උපාධිධාරීන්වීම ආදිය නොවේ ඹවුන් යොමුවන්නේ පින් කිරීමට වඩා කුසල් කිරීමටය පින් සහ කුසල් යනු එකක් නොව දෙකකි නමුත් වරදවා වටහා නොගත යුතුය ඹවුන් පින් නොකරනවා නොවේ මවුන්ද නිරන්තරව පින් කල යුතුය පින් කරයි නමුත් ඹවුන් පින් රැස්කර ගැනීමට උනන්දු වන්නේ නැත මන්ද පින්ද පව්සේම සසර දික් කරන බැවිනි පව් දුකසේ සසර දික් කරන අතර පින් සැපසේ සසර දික් කරයි එබැවින් නිවන් දැකීමට කටයුතුකරන ප්රඥ්ණාවන්තයින් කරනු ලබන පින් කුසල්බවට හරවාගනු ලබයි බුද්ධ ධාර්මිකයන්ගේ වැඩි වශයෙන් ඇත්තේ භක්තිය නොව ශ්රද්ධාවයි භක්තිය සහ ශ්රද්ධාව යනු එකක් නොව දෙකකි
අපරටෙහි කුඩා ලමුන්ට බොහෝවිට උගන්වනුයේ බුද්ධාගමයි නමුත් ඹවුන් වැඩි වයසට පත්වනවිට ඹවුන්ට බුද්ධ ධර්මයද ඉගැන්විය යුතුව ඇත එවිට නුවණ ඇති අයට බුද්ධාගමිකයන් වන අතර බුද්ධධාර්මිකයන් වීමට එය හොද මග පෙන්වීමක් වන බැවිනි නමුත් එලෙස සිදු නොවීම රටෙහි ඇති අවාසනාවකි
බුද්ධාගම ප්රාදාන වශයෙන් නිවන් දැකීම අරමුණු නොකරයි

බුද්ධ ධර්මය ප්රදාන වශයෙන් නිවන් දැකීම අරමුණු කරයි බුද්ධ ධර්මය යනු නිර්වාණ මාර්ගයයි
එබැවින් නිර්වාණ අවබෝධය ලබන්නේ ප්රදාන වශයෙන් බුද්ධාගාමිකයෙක් නොව බුද්ධධර්මිකයෙකි
බුදුවරයන් වහන්සේලා විසින් සසර දුකින් පෙලෙන ලෝක සත්වයා  

කෙරෙහි අණුකම්පාවෙන් දේශණා කරන්නේ බුද්ධාගම නොව බුද්ධ ධර්මයයි

බුද්ධාගම යනු පසුකාලයේ අනුවණ අයගේ යහපත වෙනුවෙන් නිර්මාණය කරගත් දෙයකි එබැවින් ඒ අයගේ යහපත වෙනුවෙන් එය පැවැත්මද අවශ්‍යව ඇත
අප රටෙහි බොහෝවිට බුද්ධාගම අදහන අයට බුද්ධධාර්මිකයන් රුචි නැත බුද්ධ ධාර්මිකයන්ට බුද්ධාගාමිකයන් රුචි නැත මෙය ගිහියන් අතර පමණක් නොව භික්ෂූන් වහන්සේලා අතරද වෙයි රටෙහි නොයෙකුත් වාදවිවාද ඇතිවීමට මෙය හේතුවී ඇත
එබැවින් සැමදෙනා විසින් රටෙහි ඇති මෙම පරස්පරය තේරුම්ගෙන කටයුතු කිරීම අත්‍යාවශ්‍යව ඇත